ඝටනා

star_outline

සභාගයන්ට අනතුරුව ඝටනාවන් වදාළ සේක. මෙහි මිස්සකඝටනාය, පකිණ්ණකඝටනාය, සහජාත ඝටනාය යි ඝටනා තුන් කොටසෙකි. අත්‍ථි අවිගත ඝටනාවය, සනිස්සය ඝටනාවය සාධිපතිනිස්සයඝටනාවය, සනිස්සය ඉන්‍ද්‍රියඝටනාව යයි මිශ්‍රක ඝටනා සතරෙකි.

1. එයින් අත්‍ථි අවිගතඝටනාව මෙසේ ය: සකල සහජාත විප්‍රයුක්ත පුරේජාත විප්‍රයුක්ත පශ්චාජ්ජාත විප්‍රයුක්ත ප්‍රත්‍යය ධර්‍මයෝ “විප්පයුත්ත අත්‍ථි අවිගතන්ති පඤ්ච”

2. සනිස්සයඝටනාව මෙසේ ය, සකල සහජාත විප්‍රයුක්ත පුරේජාත විප්‍රයුක්ත ප්‍රත්‍යය ධර්‍මයෝ - “විප්පයුත්ත නිස්සය අත්‍ථි අවිගතන්ති පඤ්ච”

3. සාධිපති නිස්සය ඝටනාව මෙසේ ය: සාධිපති චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන අධිපති ධර්‍ම තුන සතර අතුරෙන් එක එකක් වූ සහජාතාධිපති ප්‍රත්‍යයය, ගරුකොට අරමුණු කරන ලෝභමූල මරණාසන්නජවනයන්ට ප්‍රත්‍යය වන ගරු කළ යුතු හෘදය වස්තුව වූ වස්ත්‍වාරම්මණ ප්‍රත්‍යය ය යන මොවුහු “විප්පයුත්ත අධිපති නිස්සය අත්‍ථි අවිගතන්ති චත්තාරි”

4. සනිස්සය ඉන්‍ද්‍රිය ඝටනාව මෙසේ ය: චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍ය්‍ය වන නාමේන්‍ද්‍රිය ධර්‍ම අට වූ සහජාතේන්‍ද්‍රිය ප්‍රත්‍යය ය, පඤ්චවිඥාන ධාතූන්ට ප්‍රත්‍යය වන පඤ්චවස්තු සඞ්ඛ්‍යාත පුරේජාතේන්‍ද්‍රිය ප්‍රත්‍යය යන මොව්හු “විප්පයුත්ත නිස්සය අත්‍ථි අවිගතන්ති තීණි”

මිස්සකඝටනා නිමි.

පච්ඡාජාත අත්‍ථි අවිගත ඝටනාව ය, නිස්සය පුරේජාත අත්‍ථි අවිගත ඝටනාවය. සාරම්මණ ඝටනාව ය, සාරම්මණාධිපති උපනිස්සය ඝටනාව ය, ස ඉන්‍ද්‍රිය ඝටනාව යයි ප්‍රකීර්‍ණක ඝටනා පසෙකි.

1. එහි පච්ඡාජාත අත්‍ථි අවිගත ඝටනාව මෙසේය: සකල පශ්චාජ්ජාත ප්‍රත්‍යය ධර්‍මයෝ “විප්පයුත්ත පච්ඡාජාත අත්‍ථි අවිගතන්ති තීණි”

2. නිස්සය පුරේජාත අත්‍ථි අවිගත ඝටනාව මෙසේය: සකල පුරේජාත විප්‍රයුක්ත ප්‍රත්‍යය ධර්‍මයෝ: “විප්පයුත්ත නිස්සය පුරෙජාත අත්‍ථි අවිගතන්ති තීණි”

3. සාරම්මණඝටනාව මෙසේය: මනෝද්වාරාවජ්ජන මරණාසන්න -පෙ- හෘදයවස්තුව වූ වස්ත්‍වාරම්මණ ප්‍රත්‍යය “විප්පයුත්ත ආරම්මණ නිස්සය පුරෙජාත අත්‍ථි අවිගතන්ති තීණි”

4. සාරම්මණාධිපති උපනිස්සය ඝටනාව මෙසේ ය: ගරු කොට අරමුණු කරන ලෝභමූල මරණාසන්න ජවනයන්ට ප්‍රත්‍යය වන -පෙ- වස්ත්‍වාරම්මණප්‍රත්‍යය “විප්පයුත්ත ආරම්මණාධිපති නිස්සය උපනිස්සය පුරේජාත අත්‍ථි අවිගතන්ති එකං”

5. සඉන්‍ද්‍රිය ඝටනාව මෙසේය: පඤ්චවිඥාන ධාතූන්ට ප්‍රත්‍යය වන පඤ්චවස්තූහු: “විප්පයුත්ත නිස්සය පුරෙජාත ඉන්‍ද්‍රිය අත්‍ථි අවිගතන්ති එකං”

ප්‍රකීර්‍ණක ඝටනා නිමි.

අවිපාක සවිපාක වශයෙන් සහජාත ඝටනා දෙකොටසෙකි. එහි සබ්බට්ඨානික ඝටනාවය, ස අඤ්ඤමඤ්ඤ ඝටනාව යයි අවිපාක ඝටනා දෙකකි. (1) එයින් සබ්බට්ඨානිඝටනාව මෙසේ ය: සකල සහජාත විප්‍රයුක්ත ප්‍රත්‍යය: “විප්පයුත්ත සහජාත නිස්සය අත්‍ථි අවිගතන්ති තීණි” (2) ස අඤ්ඤමඤ්ඤ ඝටනාව මෙසේ ය: ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන සකල ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ: “විප්පයුත්ත සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය අත්‍ථි අවිගතන්ති එකං”

සබ්බට්ඨානික ඝටනාවය, සඅඤ්ඤමඤ්ඤ ඝටනාව යයි සවිපාක ඝටනා දෙකකි. (1) සබ්බට්ඨානික ඝටනාව මෙසේය: චිත්තජ රූප ප්‍රතිසන්‍ධි කර්‍ම රූපයන්ට ප්‍රත්‍යය වන විපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, හෘදයවස්තුවට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝය යන මොවුහු “විප්පයුත්ත සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය විපාක අත්‍ථි අවිගතන්ති එකං” (2) සඅඤ්ඤමඤ්ඤ ඝටනාව මෙසේ ය: හෘදයවස්තුවට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ “විප්පයුත්ත සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය විපාක අත්‍ථි අවිගතන්ති එකං”

සහජාත ඝටනා සතර නිමි.

මෙහි සභාගවාර සතොළොසකි. මිස්සක ඝටනා සතරය, පකිණ්ණක ඝටනා පසය, සහජාත ඝටනා සතරය යි ඝටනා තෙළෙසකි.