හේතුමූලක සහජාතසභාගයෙහි ඔවුනොවුන්ට ද ඔවුනොවුන්ට හා චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ද ප්‍රත්‍යය වන හේතු ෂට්කයෙන් අන්‍ය වූ සකලප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, ඔවුනොවුන්ට හා උපාදායරූපයන්ට ප්‍රත්‍යය වන මහා භූතයෝය, ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන හේතූන්ගෙන් අන්‍ය වූ පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධ හෘදයවස්තූහු ය යන සහජාත ප්‍රත්‍ය ධර්‍මයෝ සහජාත ප්‍රත්‍යය වී හේතු ප්‍රත්‍යය නො වන බැවින් හේතුප්‍රත්‍යය බැහැර කෙරෙති. එ බැවින් ඒ ධර්‍මයෝ පච්චනීයානුලෝමයෙහි ‘න හෙතුපච්චයා සහජාතෙ නව’ යි වදාරන ලදහ. වාර නවය සහජාත විභඞ්ගයෙහි මෙන් හේතූන් බැහැර කොට විස්තර කරනු.
හේතුප්‍රත්‍යය වී සහජාත ප්‍රත්‍යය නො වන ධර්‍මයක් නැත්තේ ය. එ බැවින් අනුලෝම පච්චනීයයෙහි “හෙතුපච්චයා න සහජාතෙ” යනාදිය නො වදාළ සේක.
කාමසිත් සිවුපනස ය අභිඥා දෙසිත ය විඤ්ඤාණඤ්චායතන සිත් තුන ය නේවසඤ්ඤානාසඤ්ඤායතන සිත් තුන ය ලෝකෝත්තර සිත් අට ය යන මොවුන්ට ප්‍රත්‍යය වන එකුන් අනූ චිත්තය ය චෛතසික දෙපනස ය රූප අටවිස්ස ය නිවන ය යන ආරම්මණ ප්‍රත්‍යය ය, අනන්තරෝප ප්‍රකෘතෝපනිඃශ්‍රය ප්‍රත්‍යය ය, වස්තුපුරේජාතප්‍රත්‍යය ය පශ්චාජ්ජාත ප්‍රත්‍යය ය, නානාක්‍ෂණික කර්‍මප්‍රත්‍යය ය, රූපාහාර ප්‍රත්‍යය ය රූපජීවිතේන්‍ද්‍රියප්‍රත්‍යය ය යන මේ ප්‍රත්‍යයෝ අට දෙන හේතු සහජාත ප්‍රත්‍යය දෙකම නො වෙති. එබැවින් පච්චනීයයෙහි “න හෙතුපච්චයා න සහජාතෙ එකාදසා” යි වදාළ සේක. (වාර එකොළොස පච්චයුද්ධාරපච්චනීයේ දී දත හැකි වන්නේය.)
සම්ප්‍රයුක්තස්කන්‍ධ සහේතුක චිත්තජරූප සහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන හේතු සය හේතු සහජාත ප්‍රත්‍යය දෙක ම වන ධර්‍මයෝ ය. එබැවින් ඒ ධර්‍මයෝ මේ අනුලෝමයෙහි “හෙතුපච්චයා සහජාතෙ සත්ත” යි වදාරන ලදහ. වාර සත හේතු විභඞ්ගයෙහි මෙන් විස්තර කරනු.