9. [උපනිඃශ්‍රය මිශ්‍රකයේ] සන්නය

star_outline

නිඃශ්‍රයමිශ්‍රකයට අනතුරු ව උපනිඃශ්‍රයමිශ්‍රකය වදාළ සේක. එ ද සභාග ඝටනා වශයෙන් දෙවැදෑරුම් වේ. උපනිස්සයමූලක ආරම්මණසභාගය ය, අධිපතිසභාගය ය, අනන්තරසභාගය ය, සමනන්තර සභාගය ය, නිස්සය සභාගය ය, පුරේජාත සභාගය ය, ආසේවන සභාගය ය, කම්ම සභාගය ය, විප්පයුත්ත සභාගය ය, අත්‍ථි සභාගය ය, නත්‍ථි සභාගය ය, විගත සභාගය ය, අවිගත සභාගය යයි සභාගවාර තෙළෙසකි.

(1) එයින් උපනිස්සයමූලක ආරම්මණසභාගයෙහි සකලාරම්මණෝපනිඃශ්‍රය ප්‍රත්‍යය ධර්‍මයෝ - “උපනිස්සයපච්චයා ආරම්මණෙ සත්ත.”

(2) අධිපති සභාගයෙහි සකලාරම්මණාධිපතිප්‍රත්‍යය ධර්‍මයෝ - “උපනිස්සයපච්චයා අධිපතියා සත්ත.”

(3) අනන්තර සභාගයෙහි සකලානන්තරෝපනිඃශ්‍රය ප්‍රත්‍යය ධර්‍මයෝ - “උපනිස්සයපච්චයා අනන්තරෙ සත්ත.” සමනන්තරය ද එ සේ ය.

(5) නිස්සයසභාගයෙහි ගරු කොට අරමුණු කරන ලෝභ මූල මරණාසන්න -පෙ- ගරු කළ යුතු හෘදයවස්තුව වූ වස්ත්‍වාරම්මණප්‍රත්‍යය - “උපනිස්සය පච්චයා නිස්සයෙ එකං”

(6) පුරේජාතසභාගයෙහි ගරු කොට අරමුණු කරන ලෝභමූල සිත් අටට ප්‍රත්‍යය වන ඉෂ්ට නිෂ්පන්නරූප අටළොස වූ ආරම්මණපුරේජාත ප්‍රත්‍යය ධර්‍මයෝ - “උපනිස්සයපච්චයා පුරෙජාතෙ එකං”

(7) ආසේවනසභාගයෙහි සකලාසේවනප්‍රත්‍යය ධර්‍මයෝ - “උපනිස්සයපච්චයා ආසේවනෙ තීණි”

(8) කම්මසභාගයෙහි විපාකසිත් සතිසට ප්‍රත්‍යය වන බලවත් වූ කුශලාකුශල චේතනාවෝ - “උපනිස්සයපච්චයා කම්මෙ ද්වෙ”

(9) විප්පයුත්තසභාගයෙහි ගරු කොට අරමුණු කරන ලෝභමූල මරණාසන්න -පෙ- හෘදයවස්තුව වූ වස්ත්‍වාරම්මණ ප්‍රත්‍යය - “උපනිස්සයපච්චයා විප්පයුත්තෙ එකං”

(10) අත්‍ථි සභාගයෙහි ගරු කොට අරමුණු කරන ලෝභමූල සිත් අටට ප්‍රත්‍යය වන ඉෂ්ට නිෂ්පන්නරූප අටළොස - “උපනිස්සය පච්චයා අත්‍ථියා එකං”

(11. 12. 13.) නත්‍ථිසභාගයෙහි සකලානන්තරෝපනිඃශ්‍රය ප්‍රත්‍යය ධර්‍මයෝ - “උපනිස්සයපච්චයා නත්‍ථියා සත්ත” විගත සභාගය ද එ සේය. අවිගතසභාගය අත්‍ථිසභාගය මෙනි.

අනු මාතෘකා
keyboard_arrow_rightඝටනාstar_outline