ඝටනා

star_outline

සභාගයන්ට අනතුරු ව ගටනාවන් වදාළ සේක. ආරම්මණාධිපති ඝටනාව ය, සපුරේජාත අත්‍ථි අවිගත ඝටනාව ය, සනිස්සය පුරේජාත විප්පයුත්ත අත්‍ථි අවිගත ඝටනාව ය, අනන්තර සමනන්තර නත්‍ථි විගත ඝටනාව ය, ආසේවන ඝටනාව ය, කම්ම ඝටනාව ය: අනන්තර සමනන්තර නත්‍ථි විගත ඝටනාව යයි උපනිඃශ්‍රයප්‍රත්‍යය ඝටනා සතෙකි.

(1) එයින් ආරම්මණ අධිපති ඝටනාව මෙ සේ ය: සකලාරම්මණෝපනිඃශ්‍රය ප්‍රත්‍යය ධර්‍මයෝ - “උපනිස්සය ආරම්මණාධිපතී ති සත්ත”

(2) සපුරේජාත අත්‍ථි අවිගත ඝටනාව මෙසේ ය: ගරු කොට අරමුණු කරන ලෝභමූල සිත් අටට ප්‍රත්‍යය වන ගරු කළ යුතු වූ ඉෂ්ට නිෂ්පන්නරූප අටොළොස වූ ආරම්මණ පුරේජාත ප්‍රත්‍යය ධර්‍මයෝ “උපනිස්සය ආරම්මණාධිපති පුරෙජාත අත්‍ථි අවිගතන්ති එකං”

(3) සනිස්සය පුරේජාත විප්පයුත්ත අත්‍ථි අවිගත ඝටනාව මෙසේ ය: ගරු කොට අරමුණු කරන ලෝභමූල මරණාසන්න ජවන -පෙ- හෘදයවස්තුව වූ වස්ත්‍වාරම්මණප්‍රත්‍යය “උපනිස්සය ආරම්මණාධිපති නිස්සය පුරෙජාත විප්පයුත්ත අත්‍ථි අවිගතන්ති එකං”

(4) අනන්තර සමනන්තර නත්‍ථි විගත ඝටනාව මෙසේ ය: සකලානන්තරෝපනිඃශ්‍රය ප්‍රත්‍යය ධර්‍මයෝ - “උපනිස්සය අනන්තර සමනන්තර නත්‍ථි විගතන්ති සත්ත”

(5) ආසේවන ඝටනාව මෙසේ ය: සකලාසේවන ප්‍රත්‍යය ධර්‍මයෝ - “උපනිස්සය අනන්තර සමනන්තර ආසේවන නත්‍ථි විගතන්ති තීණි”

(6) කම්ම ඝටනාව මෙසේ ය: විපාක සිත් සතිසට ප්‍රත්‍යය වන බලවත් වූ කුශලාකුශල චේතනා සංඛ්‍යාත නානාක්‍ෂණික කර්‍ම ප්‍රත්‍යය ධර්‍මයෝ උපනිස්සය කම්මන්ති ද්වෙ.

(7) අනන්තර සමනන්තර නත්‍ථි විගත ඝටනාව මෙසේ ය. මාර්‍ගානන්තර ඵල සිත් සතරට ප්‍රත්‍යය වන මාර්‍ග චේතනා සතර “අනන්තර සමනන්තර කම්ම නත්‍ථි විගතන්ති එකං” මෙහි සභාගවාර තෙළෙසෙකි. ඝටනා සතකි.