සභාගයන්ට අනතුරුව ඝටනාවන් වදාළ සේක. එහි මිස්සක ඝටනා ය, පකිණ්ණක ඝටනා ය, සහජාත ඝටනා ය යි ඝටනා තුන් කොටසකි. අත්‍ථි අවිගත ඝටනාව ය, සාධිපති ඝටනාව ය, සඉන්‍ද්‍රිය ඝටනාව ය, සවිප්පයුත්ත ඝටනාව ය, සාධිපතිවිප්පයුත්ත ඝටනාව ය, සඉන්‍ද්‍රිය විප්පයුත්ත ඝටනාව ය යි මිශ්‍රක ඝටනා සයෙකි.
(1) එයින් අත්‍ථි අවිගත ඝටනාව මෙ සේ ය. සකලසහජාතනිඃශ්‍රය පුරේජාතනිඃශ්‍රය ප්‍රත්‍යය ධර්‍මයෝ - “නිස්සය අත්‍ථි අවිගතන්ති තෙරස”
(2) සාධිපති ඝටනාව මෙසේ ය. සකල සහජාතාධිපති ප්‍රත්‍යය ධර්‍මයෝ ය, ගරු කොට අරමුණු කරන ලෝභමූල මරණාසන්නජවන පසට -පෙ- හෘදයවස්තුව වූ වස්ත්‍වාරම්මණප්‍රත්‍යය ය යන මොවුහු “නිස්සය අධිපති අත්‍ථි අවිගතන්ති අට්ඨ”
(3) සඉන්‍ද්‍රියඝටනාව මෙ සේ ය. සකල සහජාතේන්‍ද්‍රිය පුරේජාතේන්‍ද්‍රිය ප්‍රත්‍යය ධර්‍මයෝ - “නිස්සය ඉන්‍ද්‍රිය අත්‍ථි අවිගතන්ති සත්ත”
(4) සවිප්පයුත්තඝටනාව මෙ සේ ය. සකල සහජාතනිඃශ්‍රය පුරේජාතනිඃශ්‍රය ප්‍රත්‍යය ධර්‍මයෝ - “නිස්සය විප්පයුත්ත අත්‍ථි අවිගතන්ති පඤ්ච.
(5) සාධිපතිවිප්පයුත්තඝටනාව මෙ සේ ය. සාධිපතිචිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන අධිපතිධර්‍ම තුන සතර අතුරෙන් එක එකක් වූ සහජාතාධිපතිප්‍රත්‍යය ය, ගරු කොට අරමුණු කරන ලෝභමූල මරණාසන්න ජවන -පෙ- හෘදයවස්තුව වූ වස්ත්‍වාරම්මණප්‍රත්‍යය ය යන මොවුහු “නිස්සය අධිපති විප්පයුත්ත අත්‍ති අවිගතන්ති චත්තාරි”
(6) සඉන්‍ද්‍රිය විප්පයුත්තඝටනාව මෙ සේ ය. චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන නාමේන්‍ද්‍රියධර්‍ම අට වූ සහජාතේන්‍ද්‍රිය ප්‍රත්‍යය - “නිස්සය ඉන්‍ද්‍රිය විප්පයුත්ත අත්‍ථි අවිගතන්ති තීණි”
පුරේජාතවිප්පයුත්ත අත්‍ථි අවිගත ඝටනාව ය, සාරම්මණඝටනාව ය, සාරම්මණාධිපති උපනිස්සය ඝටනාව ය, සඉන්‍ද්‍රියඝටනාව ය යි ප්‍රකීර්‍ණක ඝටනා සතරෙකි.
(1) පුරේජාතවිප්පයුත්ත අත්‍ථි අවිගත ඝටනාව මෙ සේ ය. සකලපුරේජාතනිඃශ්‍රය ප්‍රත්‍යධර්‍මයෝ - “නිස්සය පුරෙජාත විප්පයුත්ත අත්‍ථි අවිගතන්ති තීණි”
(2) සාරම්මණඝටනාව මෙ සේ ය. මනෝද්වාරාවර්ජන මරණාසන්නජවන තදාරම්මණයන්ට ප්‍රත්‍යය වන ච්‍යුතිචිත්තයෙන් සතොළොස් වන චිත්තය හා උපන් හෘදයවස්තුව වූ වස්ත්‍වාරම්මණ ප්‍රත්‍යය - “නිස්සය ආරම්මණ පුරෙජාත විප්පයුත්ත අත්‍ථි අවිගතන්ති එකං”
(3) සාරම්මණ අධිපති උපනිස්සය ඝටනාව මෙ සේ ය. ගරු කොට අරමුණු කරන ලෝභමූල මරණාසන්නජවන -පෙ- ගරු කළ යුතු හෘදයවස්තුව වූ වස්ත්‍වාරම්මණප්‍රත්‍යය - “නිස්සය ආරම්මණ අධිපති උපනිස්සය පුරෙජාත විප්පයුත්ත අත්‍ථි අවිගතන්ති එකං,”
(4) සඉන්‍ද්‍රියඝටනාව මෙ සේ ය. පඤ්චවිඥානයන්ට ප්‍රත්‍යය වන පඤ්චවස්තුසඞ්ඛ්‍යාත පුරේජාතේන්‍ද්‍රිය ප්‍රත්‍යය - “නිස්සය පුරෙජාත විප්පයුත්ත අත්‍ථි අවිගතන්ති එකං”
ප්‍රකීර්‍ණකඝටනාවන්ට අනතුරු ව සහජාත ඝටනාවන් වදාළ සේක. (ඝටනා දසය සහජාත ප්‍රත්‍යයෙහි මෙන් විස්තර කරනු.) මෙහි සභාගවාර සතොළොසකි. ඝටනා විස්සකි.