8. නිඃශ්‍රය මිශ්‍රකයේ සන්නය

star_outline

අන්‍යෝන්‍ය මිශ්‍රකයට අනතුරු ව නිඃශ්‍රය මිශ්‍රකය වදාළ සේක. එ ද සභාග ඝටනා වශයෙන් දෙවැදෑරුම් වේ. නිස්සයමූලක හේතු සභාගය ය, ආරම්මණ සභාගය ය, අධිපතිසභාගය ය, සහජාත සභාගය ය, අඤ්ඤමඤ්ඤසභාගය ය, උපනිස්සයසභාගය ය, පුරේජාතසභාගය ය, කම්මසභාගය ය, විපාක සභාගය ය, ආහාරසභාගය ය, ඉන්‍ද්‍රියසභාගය ය, ඣානසභාගය ය, මග්ගසභාගය ය, සම්පයුත්ත සභාගය ය, විප්පයුත්තසභාගය ය, අත්‍ථි සභාගය ය, අවිගතසභාගය යි සභාගවාර සතොළොසෙකි.

(1) එයින් නිස්සයමූලක හේතුසභාගයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධ සහේතුකචිත්තජරූප සහේතුකප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන හේතු සය - “නිස්සය පච්චයා හෙතුයා සත්ත”

(2) ආරම්මණසභාගයෙහි මනෝද්වාරාවර්ජන මරණාසන්නජවන තදාරම්මණයන්ට ප්‍රත්‍යය වන ච්‍යුතිචිත්තයෙන් සතොළොස්වන චිත්ය හා උපන් හෘදයවස්තුව වූ වස්ත්‍වාරම්මණප්‍රත්‍යය - “නිස්සය පච්චයා ආරම්මණෙ තීණි”

(3) අධිපතිසභාගයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධ සාධිපතිචිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන අධිපති ධර්‍ම තුන සතර අතුරෙන් එක එකක් වූ සහජාතාධිපති ප්‍රත්‍යය ය, ගරු කොට අරමුණු කරන ලෝභමූල මරණාසන්න ජවනයන්ට ප්‍රත්‍යය වන -පෙ- හෘදයවස්තුව වූ වස්ත්‍වාරම්මණප්‍රත්‍යය ය යන මොවුහු - “නිස්සය පච්චයා අධිපතියා අට්ඨ”

(4) සහජාතසභාගයෙහි සකල සහජාත ප්‍රත්‍යයධර්‍මයෝ - “නිස්සය පච්චයා සහජාතෙ නව”

(5) අඤ්ඤමඤ්ඤසභාගයෙහි සකල අන්‍යෝන්‍යප්‍රත්‍යය ධර්‍මයෝ - “නිස්සයපච්චයා අඤ්ඤමඤ්ඤෙ තීණි”

(6) උපනිස්සය සභාගයෙහි ගරු කොට අරමුණු කරන ලෝභමූල මරණාසන්න -පෙ- ගරු කළ යුතු හෘදයවස්තුව වූ වස්ත්‍වාරම්මණ ප්‍රත්‍යය “නිස්සයපච්චයා උපනිස්සයෙ එකං”

(7) පුරේජාතසභාගයෙහි පඤ්චවෝකාරභූමියෙහි අරූපවිපාක වර්ජිත සප්තවිඥානධාතූන්ට ප්‍රත්‍යය වන ෂට්වස්තු සඞ්ඛ්‍යාත පුරේජාත නිඃශ්‍රයප්‍රත්‍යය - “නිස්සයපච්චයා පුරෙජාතෙ තීණි”

(8) කම්මසභාගයෙහි සකල සහජාතකර්‍මප්‍රත්‍යය ධර්‍මයෝ - “නිස්සයපච්චයා කම්මෙ සත්ත”

(9) විපාකසභාගයෙහි සකල විපාකප්‍රත්‍යය ධර්‍මයෝ - “නිස්සය පච්චයා විපාකෙ එකං”

(10) ආහාරසභාගයෙහි සකල සහජාතාහාර ප්‍රත්‍යය ධර්‍මයෝ - “නිස්සයපච්චයා ආහාරෙ සත්ත”

(11) ඉන්‍ද්‍රියසභාගයෙහි සකල සහජාතේන්‍ද්‍රිය පුරේජාතින්‍ද්‍රිය ප්‍රත්‍යයධර්‍මයෝ - “නිස්සයපච්චයා ඉන්‍ද්‍රියෙ සත්ත”

(12) ඣානසභාගයෙහි සකල ධ්‍යානප්‍රත්‍යය ධර්‍මයෝ - “නිස්සය පච්චයා ඣානෙ සත්ත”

(13) මග්ගසභාගයෙහි සකල මාර්‍ගප්‍රත්‍යයධර්‍මයෝ - “නිස්සය පච්චයා මග්ගෙ සත්ත”

(14) සම්පයුත්තසභාගයෙහි සකල සම්ප්‍රයුක්තප්‍රත්‍යයධර්‍මයෝ - “නිස්සයපච්චයා සම්පයුත්තෙ තීණි”

(15) විප්පයුත්තසභාගයෙහි සකල සහජාතවිප්‍රයුක්ත පුරේජාත විප්‍රයුක්ත ධර්‍මයෝ - “නිස්සයපච්චයා විප්පයුත්තෙ පඤ්ච”

(16, 17) අත්‍ථිසභාගයෙහි සකල සහජාතනිඃශ්‍රය පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යයධර්‍මයෝ - “නිස්සයපච්චයා අත්‍ථියා තෙරස” අවිගතය ද එ සේ ය.

අනු මාතෘකා
keyboard_arrow_rightඝටනාstar_outline