නිස්සය විභඞ්ගයෙහි කුසලාකුසල දෙපදයේ වාර තුන සහජාතයෙහි මෙනි. අබ්‍යාකතපදවාරයෙහි පදාර්‍ථ සුගම ය. නිඃශ්‍රයප්‍රත්‍යය සහජාත පුරේජාතවශයෙන් දෙවැදෑරුම් වේ. සහජාත නිස්සය සහජාතය මෙනි. පුරේජාතනිස්සයයෙහි “අබ්‍යාකතො” යන කර්‍තෘපාඨයෙන් චක්‍ෂුර්විඥානද්වයයට ප්‍රත්‍යය වන මධ්‍යමායුෂ්ක චක්‍ෂුර්වස්තුවය -පෙ- කාය විඥානද්වයයට ප්‍රත්‍යවන මධ්‍යමායුෂ්ක කායවස්තුව ය, පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අරූපවිපාක ද්විපඤ්චවිඥානවර්ජිත ප්‍රථමභවාඞ්ගාදි පශ්චිම පශ්චිම වූ විපාකසිත් දෙවිස්ස ය ක්‍රියාසිත් විස්ස ය යන මොවුන්ට ප්‍රත්‍යය වන ප්‍රතිසන්‍ධ්‍යාදි පූර්‍ව පූර්‍ව චිත්තයන් හා උපදනා හෘදය වස්තුව ය, මරණාසන්න කාලයෙහි පඤ්චවෝකාර භවාඞ්ග පසළොස ය, ආවර්ජනද්වය ය, සම්ප්‍රත්‍යේෂණද්වය ය, සන්තීරණත්‍රය ය, ව්‍යවස්ථාපනය ය, මරණාසන්නජවන පස ය, තදාරම්මණ ය, චුතිය ය යන මොවුන්ට ප්‍රත්‍යය වන චුතිචිත්තයෙන් සතොළොස් වන චිත්තය හා උපන් හෘදය වස්තුව ය යන ප්‍රත්‍යය ධර්‍මයෝ ලැබෙත්. සම්ප්‍රදානපාඨයෙන් පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අරූපවිපාක වර්ජිත ප්‍රථමභවාඞ්ගාදි පශ්චිම පශ්චිම විපාකසිත් දෙතිසය, ක්‍රියාසිත් විස්ස ය යන ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. කරණපාඨයෙන් සුදුසු පරිදි එක්වර ලැබෙන නිස්සය, ආරම්මණ, පුරේජාත, ඉන්‍ද්‍රිය, විප්පයුත්ත. අර්‍ථ, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සත අතුරෙන් නිඃශ්‍රයශක්තිවිශේෂය ලැබේ. ස්කන්‍ධවාර අනූවෙකි. එනම් චක්ඛායතනයෙහි වාරපසළොසය, -පෙ- හෘදයවස්තුවෙහි වාර පසළොස ය යන මේවා ය.
කුසලපදාවසානවාරයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ පශ්චිම පශ්චිම කුසල් සිත් විස්සට ප්‍රත්‍යය වන ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජනාදි පූර්‍ව පූර්‍ව චිත්තයන් හා උපදනා හෘදයවස්තුවය, මරණාසන්න කුසල ජවන පසට ප්‍රත්‍යය වන චුතිචිත්තයෙන් සතළොස් වන චිත්තය හා උපදනා හෘදයවස්තුවය යන මොවුහු ලැබෙත්. සම්ප්‍රදානපාඨයෙන් පශ්චිම පශ්චිම කුසල් සිත් එක්විස්ස ලැබේ. කරණ පාඨයෙන් එක්වර සුදුසු පරිදි ලැබෙන නිස්සය, ආරම්මණ, පුරේජාත, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සය අතුරෙන් නිඃශ්‍රය ශක්තිය ලැබේ. ස්කන්‍ධවාර පසළොසෙකි.
අකුසලපදාවසානවාරයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ පශ්චිම පශ්චිම දොළොස් අකුසල චිත්තයන්ට ප්‍රත්‍යය වන ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජනාදි පූර්‍ව පූර්‍ව චිත්තයන් හා උපදනා හෘදයවස්තුව ය, මරණාසන්න අකුශල ජවන පසට ප්‍රත්‍යය වන චුතිචිත්තයෙන් සතළොස්වන චිත්තය හා උපදනා හෘදයවස්තුව ය යන ප්‍රත්‍යය ධර්‍මයෝ ලැබෙත්. සම්ප්‍රදානපාඨයෙන් පශ්චිම පශ්චිම අකුසල් සිත් දොළොස වූ ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. කරණපාඨයෙන් සුදුසු පරිදි එක්වර ලැබෙන නිස්සය, ආරම්මණ, ආරම්මණාධිපති, ආරම්මණූපනිස්සය, පුරේජාත, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති අට අතුරෙන් නිඃශ්‍රයශක්තිය ලැබේ.
කුසලාබ්‍යාකතපදවාරයෙහි කර්‍තෘපාඨයෙන් ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාරභූමියෙහි උපදනාඅවස්ථාවෙහි වූ කුසල සිත් එක් විස්සය චෛතසික අටතිසය යන අවයව නාමස්කන්‍ධයෝ ය, ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජනාදි පූර්‍වපූර්‍ව චිත්තයන් හා උපදනා හෘදයවස්තුව ය යන ප්‍රත්‍යය ධර්‍මයෝ ලැබෙත්. සම්ප්‍රදානපාඨයෙන් කුසල්සිත් එක් විස්සය චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධ වූ ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. කරණපාඨයෙන් එක්වර ලැබෙන නිස්සය, අත්‍ථි, අවිගත යන ශක්ති තුනෙන් නිඃශ්‍රයශක්තිය ලැබේ. අකුසලාබ්‍යාකතපදවාරය ද මේ ක්‍රමයෙන් විස්තර කරනු.
නිස්සය පච්චය විභඞ්ගය නිමි.