විප්‍රයුත්ත විභඞ්ගයෙහි කුසලපදවාරය සහජාතවිප්‍රයුක්තය සහජාතය අනුව ද පශ්චාජ්ජාත විප්‍රයුක්තය පශ්චාජ්ජාතය අනුව ද විස්තර කරනු. අබ්‍යාකතෙන අබ්‍යාකතය ද සහජාත පුරේජාත පශ්චාජ්ජාත වශයෙන් තෙවැදෑරුම් වේ. එයින් සහජාතවිප්‍රයුක්තයෙහි ප්‍රවෘත්ති කාලයෙහි කර්‍තෘපාඨයෙන් චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අරූපවිපාක ද්විපඤ්චවිඥාන අර්‍හන්තච්‍යුති වර්ජිත විපාකසිත් දෙවිස්ස ය, ක්‍රියා සිත් විස්ස ය, චෛතසික අටතිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධ වූ ප්‍රත්‍යය ධර්‍මය ලැබේ. සම්ප්‍රදානපාඨයෙන් විපාක ක්‍රියාචිත්තජරූප වූ ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. කරණපාඨයෙන් එක්වර සුදුසු පරිදි ලැබෙන සහජාත, නිස්සය, විපාක, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ශක්ති සය අතුරෙන් විප්‍රයුක්තශක්තිය ලැබේ. ප්‍රතිසන්‍ධිකාලයෙහි කර්‍තෘපාඨයෙන් කතෘතත්‍වාත් රූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි පසළොස ය, චෛතසික පන්තිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ය, ඔවුනොවුන්ට ප්‍රත්‍ය්‍ය වන පඤ්චවෝකාරප්‍රතිසන්‍ධි පසළොස ය, චෛතසික පන්තිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් හා හෘදයවස්තුව ය යන ප්‍රත්‍යය ධර්‍මයෝ ලැබෙත්. සම්ප්‍රදානපාඨයෙන් පඤ්චවෝකාරප්‍රතිසන්‍ධි පසළොස ය චෛතසික පන්තිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් හා කෘතත්‍වාත් රූපයන් ද වූ ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. කරණපාඨයෙන් එක්වර සුදුසු පරිදි ලැබෙන සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක, විප්‍රයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්තීන් අතුරෙන් විප්‍රයුක්ත ශක්තිය ලැබේ. පුරේජාතවිප්පයුත්තය පුරේජාතය සේ විස්තර කරනු. පච්ඡාජාතවිප්පයුත්තය පච්ඡාජාතය අනුව විස්තර කරනු.
විප්පයුත්ත විභඞ්ගය නිමි.