සම්ප්‍රයුක්ත විභඞ්ගයෙහි කුසලාකුසල දෙවාරය සහජාතයෙහි මෙනි. අබ්‍යාකතපද වාරයෙහි ප්‍රවෘත්තිකාලයෙහි කර්‍තෘපාඨයෙන් ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන විපාකසිත් සතිස ය ක්‍රියාසිත් විස්ස ය චෛතසික අටතිසය යන අවයව නාමස්කන්‍ධ වූ ප්‍රත්‍යයධර්‍මය ලැබේ. සම්ප්‍රදානපාඨයෙන් විපාකසිත් සතිස ය ක්‍රියාසිත් විස්ස ය චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධ වූ ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. කරණපාඨයෙන් සුදුසු පරිදි එක්වර ලැබෙන සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක, සම්ප්‍රයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යයශක්ති සත අතුරෙන් සම්ප්‍රයුක්ත ශක්තිය ලැබේ. ප්‍රතිසන්‍ධිකාලයෙහි කියන ලද පරිදි ප්‍රතිසන්‍ධිසිත් එකුන්විස්ස ගෙන විස්තර කරනු.
සම්ප්‍රයුක්තවිභඞ්ගය නිමි.