මාර්‍ගප්‍රත්‍යය විභඞ්ගයෙහි කුසලෙන කුසලයෙහි කර්‍තෘපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන පඤ්ඤා විතක්ක විරති විරිය සති ඒකග්ගතා යන මාර්‍ගාඞ්ග අට වූ ප්‍රත්‍යය ධර්‍මය ලැබේ. සම්ප්‍රදානපාඨයෙන් කුසල්සිත් එක්විස්ස ය චෛතසික අටතිස ය යන සම්ප්‍රයුක්තස්කන්‍ධ වූ ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. කරණපාඨයෙන් සුදුසු පරිදි එක්වර ලැබෙන හේතු, අධිපති, සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, ඉන්‍ද්‍රිය, ඣාන, මග්ග, සම්පයුත්ත, අත්‍ථි, අවිගත යන ශක්ති එකොළොස අතුරෙන් මාර්‍ගප්‍රත්‍යය ශක්තිය ලැබේ.
කුසලෙන අබ්‍යාකතයෙහි කර්‍තෘපාඨයෙන් චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන මාර්‍ගාඞ්ග අට ලැබේ. සම්ප්‍රදානපාඨයෙන් චිත්තජරූපයෝ ලැබෙත්. කරණපාඨයෙන් ඉහත කී ප්‍රත්‍යයශක්ති එකොළොසෙන් සම්ප්‍රයුක්තය හැර විප්‍රයුක්තය ඇතුළු කොට ප්‍රත්‍යයශක්ති එකොළොස අතුරෙන් මාර්‍ගශක්තිය ලැබේ.
කුසලාබ්‍යාකතපදාවසානවාරයෙහි කර්‍තෘපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන කුශලමාර්‍ගාඞ්ගයෝ ද සම්ප්‍රදානපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන් හා චිත්තජරූපයෝ ද කරණපාඨයෙන් සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත දෙකින් අන්‍යවූ ප්‍රත්‍යයශක්ති නවයෙන් මාර්‍ගශක්තිය ලැබෙත්. අකුශලපදයේ වාර තුන ද විස්තර කරනු. එහි ලැබෙන්නේ විතක්ක විරිය ඒකග්ගතා දිට්ඨි යන මාර්‍ගාඞ්ග සතර ය.
අබ්‍යාකතපදවාරයෙහි ප්‍රවෘත්තිකාලයෙහි කර්‍තෘපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ද සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූපයන්ට ද ප්‍රත්‍යය වන සහේතුකවිපාක එක්විස්සෙහි හා සහේතුක ක්‍රියා සතළොසෙහි ඇති මාර්‍ගාඞ්ග අට වූ ප්‍රත්‍යයධර්‍මය ලැබේ. සම්ප්‍රදානපාඨයෙන් සහේතුකවිපාක එක්විස්ස ය, සහේතුකක්‍රියා සතොළොස ය චෛතසික අටතිස ය යන සම්ප්‍රයුක්තස්කන්‍ධයන් හා චිත්තජරූපයෝ ලැබෙත්. කරණපාඨයෙන් ඉහත කී ප්‍රත්‍යය එකොළොස ය විපාක ප්‍රත්‍යය යන ප්‍රත්‍යයශක්ති දොළොස අතුරෙන් මාර්‍ග ශක්තිය ලැබේ. ප්‍රතිසන්‍ධිකාලයෙහි කර්‍තපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ද සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා කතෘත්‍වාත් රූපයන්ට ද ප්‍රත්‍යවන සහේතුක ප්‍රතිසන්‍ධි සතොළොසෙහි ඇති පඤ්ඤා විතක්ක විරිය සති ඒකග්ගතා යන මාර්‍ගාඞ්ගපඤ්චක ලැබේ. සම්ප්‍රදානපාඨයෙන් සහේතුක ප්‍රතිසන්‍ධි සතොළොසය චෛතසික පන්තිස ය යන සම්ප්‍රයුක්තස්කන්‍ධයන් හා කෘතත්‍වාත්රූපයෝ ලැබෙත්. කරණපාඨයෙන් සුදුසු පරිදි එක්වර ලැබෙන හේතු, සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක, ඉන්‍ද්‍රිය, ඣාන, මග්ග, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ශක්ති අතුරෙන් මාර්‍ගශක්තිය ලැබේ.
මග්ගවිභඞ්ගය නිමි.