ධ්‍යාන ප්‍රත්‍යය විභඞ්ගයෙහි කුසලෙන කුසලයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන කුසල් සිත් එක්විස්සය චෛතසික අටතිස ය යන මොවුන් කෙරෙහි ඇති විතක්ක, විචාර, පීති, ඒකග්ගතා, වේදනා යන ධ්‍යානාඞ්ගධර්‍මයෝ ලැබෙත්. සම්ප්‍රදානපාඨයෙන් කුසල් සිත් එක් විස්සය චෛතසික අටතිස ය යන සම්ප්‍රයුක්තස්කන්‍ධ වූ ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. කරණපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, ඉන්‍ද්‍රිය, ඣාන, මග්ග, සම්පයුක්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති නවය අතුරෙන් ධ්‍යානශක්තිය ලැබේ.
කුසලෙන අබ්‍යාකතයෙහි චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ කුසල්සිත් එක්විස්ස ය චෛතසික අටතිසය යන මොවුන් කෙරෙහි ඇති ධ්‍යානාඞ්ග පස වූ ප්‍රත්‍යයධර්‍මය ලැබේ. සම්ප්‍රදානපාඨයෙන් කුශලචිත්තජරූප වූ ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. කරණපාඨයෙන් එක් වර සුදුසු පරිදි ලැබෙන සහජාත, නිස්සය, ඉන්‍ද්‍රිය, ඣාන, මග්ග, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති අට අතුරෙන් ධ්‍යානසඞ්ඛ්‍යාත ශක්ති විශේෂය ලැබේ.
කුසලෙන කුසලාබ්‍යාකතයෙහි කර්‍තෘපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ කුසල්සිත් එක්විස්ස ය චෛතසික අටතිස ය යන මොවුන් කෙරෙහි ඇති ධ්‍යානාඞ්ග පස වූ ප්‍රත්‍යධර්‍මය ලැබේ. සම්ප්‍රදානපාඨයෙන් කුසල් සිත් එක්විස්ස ය චෛතසික අටතිසය යන සම්ප්‍රයුක්තස්කන්‍ධයන් හා කුසලචිත්තජරූප ද වූ ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. කරණපාඨයෙන් සහජාත, නිස්සය, ඉන්‍ද්‍රිය, ඣාන, මග්ග, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යයශක්ති සත අතුරෙන් ධ්‍යාන ශක්තිය ලැබේ. අකුසලපදයේ වාරතුන ද එසේ විස්තර කරනු.
අබ්‍යාකතපදවාරයෙහි ප්‍රවෘත්තිකාලයේ කර්‍තෘපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ද සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූපයන්ට ද ප්‍රත්‍යය වන ද්විපඤ්චවිඥාන වර්ජිත විපාකසිත් සවිස්ස ය. ක්‍රියාසිත් විස්ස ය චෛතසික අටතිසය යන මොවුන් කෙරෙහි ඇති ධ්‍යානාඞ්ගධර්‍ම පස වූ ප්‍රත්‍යය ලැබේ. සම්ප්‍රදානපාඨයෙන් ද්විපඤ්චවිඥාන වර්ජිත විපාකසිත් සවිස්සය ක්‍රියාසිත් විස්සය චෛතසික අටතිසය යන සම්ප්‍රයුක්තස්කන්‍ධ හා චිත්තජරූප ද වූ ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. කරණපාඨයෙන් එක්වර සුදුසු පරිදි ලැබෙන සහජාත, නිස්සය, විපාක, ඉන්‍ද්‍රිය, ඣාන, මග්ග, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යයශක්ති අතුරෙන් ධ්‍යානශක්තිය ලැබේ. ප්‍රතිසන්‍ධි කාලයෙහි කර්‍තෘපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ද සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා කෘතත්‍වාත්රූපයන්ට ද ප්‍රත්‍යය වන ප්‍රතිසන්‍ධිසිත් එකුන්විස්ස ය චෛතසික පන්තිසය ය මොවුන් කෙරෙහි ඇති ධයානාඞ්ගධර්‍ම පස වූ ප්‍රත්‍යය ලැබේ. සම්ප්‍රදානපාඨයෙන් ප්‍රතිසන්‍ධිසිත් එකුන්විස්ස ය චෛතසික පන්තිසය යන සම්ප්‍රයුක්තස්කන්‍ධයන් හා කෘතත්‍වාත් රූප ද වූ ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. කරණපාඨයෙන් ධ්‍යානශක්තිය ලැබේ.
ධ්‍යාන විභඞ්ගය නිමි.