ආහාරප්‍රත්‍යය විභඞ්ගයෙහි කුසලෙන කුසලයෙහි කර්‍තෘපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන කුසල්සිත් එක්විස්ස ය, චෙතෙසික අටතිස ය යන මොවුන් කෙරෙහි ඇති ඵස්ස චේතනා විඤ්ඤාණ යන නාමාහාර තුන ලැබේ. සම්ප්‍රදානපාඨයෙන් කුසල් සිත් එක්විස්ස ය චෛතසික අටතිස ය යන සම්ප්‍රයුක්තස්කන්‍ධ ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. කරණපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන නාමාහාරත්‍රයෙහි එක්වර සුදුසු පරිදි ලැබිය හැකි අධිපති, සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, කම්ම, ආහාර, ඉන්‍ද්‍රිය, සම්ප්‍රයුක්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති දශය අතුරෙන් ආහාර ශක්තිය ලැබේ.
කුසලෙන අබ්‍යාකතයෙහි කර්‍තෘපාඨයෙන් චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ කුසල් සිත් එක් විස්ස ය, චෛතසික අටතිස ය යන මොවුන් කෙරෙහි ඇති ඵස්ස, චේතනා, විඤ්ඤාණ යන නාමාහාරත්‍රය ලැබේ. සම්ප්‍රදානපාඨයෙන් කුසලචිත්තජරූපයෝ ලැබෙත්. කරණපාඨයෙන් එක්වර සුදුසු පරිදි ලැබෙන අධිපති, සහජාත, නිස්සය, කම්ම, ආහාර, ඉන්‍ද්‍රිය, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ශක්ති නවය අතුරෙන් ආහාරශක්තිය ලැබේ.
කුසලෙන කුසලාබ්‍යාකතවාරයෙහි කර්‍තෘපාඨයෙන් සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන්ට හා චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ කුසල් සිත් එක්විස්සය චෛතසික අටතිස ය යන මොවුන්ගේ ඵස්ස, චේතනා, විඤ්ඤාණ යන නාමහාරත්‍රය ලැබේ. සම්ප්‍රදානපාඨයෙන් කුසල්සිත් එක්විස්ස ය, චෛතසික අටතිස ය යන සම්ප්‍රයුක්තස්කන්‍ධයන් හා චිත්තජරූප වූ ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. කරණ පාඨයෙන් සුදුසු පරිදි එක්වර ලැබෙන අධිපති, සහජාත, නිස්සය, කම්ම, ආහාර, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සත අතුරෙන් ආහාරශක්තිය ලැබේ. කුශලපදයේ වාර තුන අනුව අකුසලපදයේ වාර තුන ද විස්තර කරනු.
අබ්‍යාකතෙන අබ්‍යාකත වාරයෙහි නාමාහාරයෙහි ප්‍රවෘත්ති කාලයෙහි කර්‍තෘපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ද සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූපයන්ට ද ප්‍රත්‍යය වන විපාක සිත් සතිස ය ක්‍රියා සිත් විස්සය චෛතසික අටතිසය යන සම්ප්‍රයුක්තස්කන්‍ධයන්හි ඇති නාමාහාර තුන වූ ප්‍රත්‍යය ධර්‍මය ලැබේ. සම්ප්‍රදානපාඨයෙන් විපාක සිත් සතිසය ක්‍රියා සිත් විස්සය චෛතසික අටතිසය යන සම්ප්‍රයුක්තස්කන්‍ධයන් හා චිත්තජ රූප වූ ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. කරණ පාඨයෙන් එක්වර සුදුසු පරිදි ලැබෙන අධිපති, සහජාත, නිස්සය, කම්ම, විපාක, ආහාර, ඉන්‍ද්‍රිය, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති අතුරෙන් ආහාර ශක්තිය ලැබේ. ප්‍රතිසන්‍ධි කාලයෙහි කර්‍තෘපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ටද සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා කෘතත්‍වාත් රූපයන්ට ද ප්‍රත්‍යය වන ප්‍රතිසන්‍ධි සිත් එකුන්විස්සෙහි හා චෛතසික පන්තිසෙහි ඇති නාමාහාරත්‍රය වූ ප්‍රත්‍යය ලැබේ. සම්ප්‍රදාන පාඨයෙන් ප්‍රතිසන්‍ධි සිත් එකුන්විස්සය චෛතසික පන්තිසය යන සම්ප්‍රයුක්තස්කන්‍ධයන් හා කෘතත්‍වාන්රූපයෝ ලැබෙත්. කරණපාඨයෙන් එක්වර සුදුසු පරිදි ලැබෙන සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, කම්ම, විපාක, ආහාර, ඉන්‍ද්‍රිය, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති අතුරෙන් ආහාර ශක්තිය ලැබේ.
රූපාහාරයෙහි කර්‍තෘපාඨයෙන් ඒක කලාපගත වූ ද නානා කලාප ගත වූ ද චතුසමුට්ඨානික රූපයන්ට ප්‍රත්‍යය වන ඔජාව වූ ප්‍රත්‍යය ලැබේ. සම්ප්‍රදානපාඨයෙන් චතුසමුට්ඨානික රූපයෝ ලැබෙත්. කරණ පාඨයෙන් එක්වර ලැබෙන ආහාර, අත්‍ථි, අවිගත යන ශක්තිතුනෙන් ආහාර ශක්තිය ලැබේ.