විපාකප්‍රත්‍යය විභඞ්ගයෙහි ඇත්තේ අබ්‍යාකතවාරය පමණකි. කර්‍තෘපාඨයෙන් ඔවුනොවුන්ට ද ඔවුනොවුන්ට හා චිත්තජරූපයන්ට ද ප්‍රත්‍යය වන විපාකසිත් සතිස ය, චෛතසික අටතිසය යන අවයව නාමස්කන්‍ධයන් වු ප්‍රත්‍යය ධර්‍මය ලැබේ. සම්ප්‍රදාන පාඨයෙන් විපාක සිත් සතිසය, චෛතසික අටතිසය යන අවයව නාමස්කන්‍ධයන් හා චිත්තජරූපයෝ ලැබෙත්. කරණපාඨයෙන් එක්වර සුදුසු පරිදි ලැබෙන සහජාත, නිස්සය, විපාක, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ශක්ති සය අතුරෙන් විපාකශක්තිය ලැබේ. ප්‍රතිසන්‍ධිකාලයෙහි කර්‍තෘපාඨයෙන් ඔවුනොවුන්ට ද ඔවුනොවුන්ට හා කෘතත්‍වාත් රූපයන්ට ද ප්‍රත්‍යය වන ප්‍රතිසන්‍ධි සිත් එකුන්විස්සය චෛතසික පන්තිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ලැබෙත්. සම්ප්‍රදානපාඨයෙන් ප්‍රතිසන්‍ධිසිත් එකුන්විස්ස ය චෛතසික පන්තිසය යන අවයව නාමස්කන්‍ධයන් හා කෘතත්‍වාත්රූපයෝ ද ලැබෙත්. කරණපාඨයෙන් එක්වර සුදුසු පරිදි ලැබෙන සහජාත අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති අතුරෙන් විපාකශක්තිය ලැබේ.
විපාක විභඞ්ගය නිමි.