11. පශ්චාජ්ජාත විභඞ්ගය

star_outline

අබ්‍යාකතො අබ්‍යාකතස්ස යන්නෙහි කර්‍තෘපාඨයෙන් ව්‍යවස්ථාපන මනෝද්වාරාවර්ජනාදි පූර්‍වපූර්‍ව චිත්තයන් හා ඉපද ස්ථිතියට පැමිණෙන තිජචතුජකායයන්ට ප්‍රත්‍යයවන පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ කුසල් සිත් එක්විස්ස ය චෛතසික අටතිස ය යන ප්‍රත්‍යය ධර්‍මය ලැබේ. අකුසලො අබ්‍යාකතස්ස යන්නෙහි ද එසේ ම ය. අබ්‍යාකතො අබ්‍යාකතස්ස යන්නෙහි කර්‍තෘපාඨයෙන් ප්‍රතිසන්‍ධ්‍යාදි පූර්‍වපූර්‍ව චිත්තයන් හා ඉපද ස්ථිතියට පැමිණෙන ඒකජ ද්විජ තිජ චතුජ කායයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අරූපවිපාක වර්ජිත ප්‍රථමභවාඞ්ගාදි පශ්චිම පශ්චිම විපාකසිත් දෙතිස ය, ක්‍රියාසිත් විස්සය, චෛතසික අටතිස ය යන ප්‍රත්‍යයධර්‍මය ලැබේ. සම්ප්‍රදානපාඨයෙන් ප්‍රතිසන්‍ධ්‍යාදි පූර්‍වපූර්‍ව චිත්තයන් හා ඉපද ස්ථිතියට පැමිණි ඒකජ ද්විජ තිජ චතුජ කායයන් වූ ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. කරණපාඨයෙන් එක්වර ලැබෙන පච්ඡාජාත, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ශක්ති සතර අතුරෙන් පශ්චාජ්ජාතශක්තිය ලැබේ.

පශ්චාජ්ජාත විභඞ්ගය නිමි.