පුරේජාතවිභඞ්ගයෙහි අබ්‍යාකතො අබ්‍යාකතස්ස යන්නෙහි පදාර්‍ථ: ආරම්මණපුරෙජාතං, ආරම්මණපුරේජාතය: වත්‍ථුපුරෙජාතං. වත්‍ථුපුරේජාතයයි (පුරේජාතය දෙවැදෑරුම් වේ.) ආරම්මණපුරෙජාතං, (එයින්) ආරම්මණපුරේජාතය (මෙසේය) සෙස්ස සුගම ය.
කර්‍තෘපාඨයෙන් චක්‍ෂුර්විඥානද්වයයට ප්‍රත්‍යය වන වර්‍තමාන රූපාරම්මණය ය, -පෙ- කායවිඥානද්වයයට ප්‍රත්‍යය වන වර්‍තමාන ස්ප්‍රෂ්ටව්‍යාරම්මණය ය, මනෝධාතුත්‍රයට ප්‍රත්‍යය වන වර්‍තමාන පඤ්චාරම්මණය ය, මනෝද්වාරාවර්ජනය ය කාමක්‍රියාජවන නවයය තදාරම්මණ එකොළොස ය යන මොවුන්ට ප්‍රත්‍යය වන වර්‍තමාන නිෂ්පන්නරූප අටොළොස ය. දිබ්බචක්ඛු ක්‍රියා අභිඤ්ඤාවට ප්‍රත්‍යය වන දූර ප්‍රතිච්ඡන්න ස්නිග්ධ සූක්‍ෂම වර්‍තමාන රූපාරම්මණය ය, දිබ්බසෝත ක්‍රියා අභිඤ්ඤාවට ප්‍රත්‍යය වන දූර ප්‍රතිච්ඡන්න ස්නිග්ධ සූක්‍ෂම වර්‍තමාන ශබ්දාරම්මණය ය යන ප්‍රත්‍යය ධර්‍මයෝ ලැබෙත්. සම්ප්‍රදානපාඨයෙන් කාමවිපාක තෙවිස්ස ය කාමක්‍රියා එකොළොස ය, දිබ්බචක්ඛු දිබ්බසෝත ක්‍රියා අභිඤ්ඤා දෙක ය විරති, අප්‍රමාණය වර්ජිත චෛතසික තෙතිස ය යන ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. කරණපාඨයෙන් එක්වර සුදුසු පරිදි ලැබෙන ආරම්මණ, නිස්සය, පුරේජාත, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්තිය සය අතුරෙන් පුරේජාත ශක්තිය ලැබේ. අනුවාදය ආරම්මණප්‍රත්‍යය අනුව විස්තර කරනු. වස්තුපුරේජාතයා ගේවශයෙන් අභිධෙය පුරේජාත නිස්සයෙහි මෙන් ගත යුතු ය.
අබ්‍යාකතො කුසලස්ස යන වාරයෙහි ආරම්මණපුරේජාත වශයෙන් කර්‍තෘපාඨයෙන් මහාකුසල් අටට ප්‍රත්‍යය වන වර්‍තමාන නිෂ්පන්නරූප අටොළොස ය, දිබ්බචක්ඛු කුසලාභිඤ්ඤාවට ප්‍රත්‍යය වන දූර ප්‍රතිච්ඡන්න ස්නිග්ධ සූක්‍ෂම වර්‍තමාන රූපාරම්මණය ය, දිබ්බසෝත කුසලාභිඤ්ඤාවට ප්‍රත්‍යය වන දූර ප්‍රතිච්ඡන්න ස්නිග්ධ සූක්‍ෂම වර්‍තමාන ශබ්දාරම්මණය ය යන ප්‍රත්‍යයධර්‍මයෝ ලැබෙත්. සම්ප්‍රදානපාඨයෙන් මහාකුසල් අටය දිබ්බචක්ඛු දිබ්බසෝත කුසලාභිඤ්ඤාය, විරති අප්‍රමාණ්‍ය වර්ජිත චෛතසික තෙතිස ය යන ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. කරණපාඨයෙන් එක්වර සුදුසු පරිදි ලැබෙන ආරම්මණ නිස්සය පුරේජාත විප්පයුත්ත අත්‍ථි අවිගත යන ශක්ති සය අතුරෙන් පුරේජාත ශක්තිය ලැබේ. වස්තු පුරේජාත වශයෙන් අභිධෙය වස්තුපුරේජාත නිස්සයෙහි මෙනි.
අබ්‍යාකතො අකුසලස්ස යන්නෙහි ආරම්මණපුරේජාත වශයෙන් කර්‍තෘපාඨයෙන් වර්‍තමාන නිෂ්පන්නරූප අටළොස ලැබේ. සම්ප්‍රදානපාඨයෙන් අකුසල් සිත් දොළොස හා චෛතසික සත්විස්ස ලැබේ. කරණපාඨයෙන් එක්වර සුදුසු පරිදි ලැබෙන ආරම්මණ සභාග ප්‍රත්‍යය ශක්ති අටෙන් ආරම්මණපුරේජාත ශක්තිවිශේෂය ලැබේ. වස්තුපුරේජාතවශයෙන් අභිධෙය පුරේජාත නිස්සයෙහි මෙනි.
පුරේජාත විභඞ්ගය නිමි.