නිවන් තතු දැක්වෙන ගාථා පෙළක්

(සළායතන වග්ග සංයුත්තයේ දේවදහ වර්ගයේ රූපාරාම සූත්‍රයෙන්)

(1) රූපා සද්දා රසා ගන්ධා ඵස්සා ධම්මා ච කේවලා,

ඉට්ඨා කන්තා මනාපා ච යාචත්ථිති පවුච්චති.

-

(2) සදේවකස්ස ලෝකස්ස ඒතේ වෝ සුඛසම්මතා,

යත්ථ චේතේ නිරුජ්ඣන්ති තං තේසං දුක්ඛසම්මතං.

-

(3) සුඛන්ති දිට්ඨමරියේහි සක්කායස්ස නිරෝධනං,

පච්චනීකමිදං හෝති සබ්බලෝකේක පස්සතං.

-

(4) යං පරේ සුඛතෝ ආහු තදරියා ආහු දුක්ඛතෝ,

යං පරේ දුක්ඛතෝ ආහු තදරියා සුඛතෝ විදූ.

-

(5) පස්ස ධම්මං දුරාජානං සම්මුළ්හෙත්ථ අවිද්දසු,

නිවුතානං තමෝ හෝති අන්ධකාරෝ අපස්සතං.

-

(6) සතඤ්ච විවටං හෝති ආලෝකෝ පස්සතා මිව,

සන්තිකේ න විජානන්ති මගා ධම්මස්ස අකෝවිදා.

-

(7) භවරාගපරේතේහි භවරාගානුසාරිහී,

මාරධෙය්‍යානුපන්නේහි නායං ධම්මෝ සුසම්බුධෝ.

-

(8) කෝනු අඤ්ඤත්‍ර‍ මරියේහි පදං සම්බුද්ධමරහති,

යං පදං සම්මදඤ්ඤාය පරිනිබ්බන්ති අනාසවා.

ගාථාවල තේරුම :-

1-2. ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ රූපයෝ ද ශබ්දයෝ ද රසයෝ ද ගන්ධයෝ ද ස්ප්‍ර‍ෂ්ටව්‍යයෝ ද යම් පමණ ඇතය යි කියනු ලැබේ ද, ඒ සකල රූප ශබ්දාදීහු දෙවියන් සහිත ලෝකයා විසින් සැපය යි සම්මත කරන ලද්දාහුය. යම් තැනෙක්හි ඒ රූප ශබ්දාදීහු නිරුද්ධ වෙත් ද එය ඔවුන් දුක ය යි සම්මත කරන ලද්දේ ය.

3. ආර්‍ය්‍යයන් විසින් පඤ්චස්කන්ධයාගේ නිරෝධය සැපය වශයෙන් දක්නා ලදී. ඒ දර්ශනයට සකල ලෝකය ම විරුද්ධය. (මක්නිසා ද? ආර්‍ය්‍යයන් විසින් අනිත්‍ය දුඃඛ අනාත්ම වශයෙන් දක්නා පඤ්චස්කන්ධය ලෝකයා විසින් නිත්‍ය සුඛ සුභ වශයෙන් දක්නා හෙයිනි.)

4. යම් ඒ පඤ්චස්කන්ධයක් අන්‍යයෝ සැපය යි කියත් ද ඒ පඤ්චස්කන්ධය ආර්‍ය්‍යයෝ දුකකැයි කියති. යම් පඤ්චස්කන්ධ නිරෝධයක් අන්‍යයෝ දුකකැයි කියත් ද ආර්‍ය්‍යයෝ ඒ නිරෝධය විමුක්ති සුඛය යි දනිත්.

5. දැකීමට දුෂ්කරවූ නිර්‍වාණ ධර්මය බලව. බාලයෝ ඒ නිර්‍වාණ ධර්‍මයෙහි මුළාවූවෝ වෙති. කෙලෙසුන් ගෙන් වැසුනවුන්ට නිවන හෝ ආර්‍ය්‍යයන්ගේ නිර්වාණ දර්ශනය හෝ නො දන්නවුන්ට නිවනත් ආර්‍ය්‍යයන් ගේ නිර්වාණ දර්ශනයත් අන්ධකාරයෙකි.

6. ප්‍ර‍ඥා දර්ශනයෙන් බලන්නා වූ සත්පුරුෂයනට ආලෝකයක් මෙන් ඒ නිර්වාණය විවෘතය. ධර්මය නො දන්නා බැවින් මෘගයන් බඳු ජනයෝ ළඟ ම ඇත්තා වූ ද නිවන නො දනිති.

7. භව රාගයෙන් ස්පර්ශ කරන ලද්දා වූ භව රාගය අනුව යන්නා වූ ත්‍රෛභූමක වෘත්ත සංඛ්‍යාත මාරයා ගේ වාසස්ථානයට පැමිණ ඉන්නා වූ සත්ත්වයන් විසින් මේ නිර්වාණ ධර්ම ලෙහෙසියෙන් අවබෝධ කළ හැක්කේ නො වේ.

8. යම් නිර්වාණ ධර්මයක් මනා කොට නුවණින් දැන රහත්හු පිරිනිවෙත් ද ඒ නිර්වාණය ආර්‍ය්‍යයන් හැර අන් කවරෙක් අවබෝධ කිරීමට සමත් වෙත් ද? (නොවේම ය.)