සංග්‍ර‍හ සතර

star_outline

පටිච්චසමුප්පාදාංග දොළොස සන්ධි වන ස්ථානයන් ගෙන් වෙන්කර ගන්නා කල්හි ධර්ම කොටස් සතරක් වේ. එයින් එක් කොටසක් එක් සමූහයකි. ඒ රාශි සතරට සංග්‍ර‍හ සතරය යි කියනු ලැබේ. එහි අවිජ්ජා සංඛාර දෙක පළමු වන රාශිය ය. විඤ්ඤාණ නාමරූප සළායතන ඵස්ස වේදනා යන අංග පස දෙවන රාශිය ය. තණ්හා උපාදාන භව යන තුන තුන්වන රාශිය යි. ජාති ජරාමරණ යන දෙක සතර වන රාශිය යි.