“තුම්බකෙ ච කරණ්ඩෙ ච දත්වා බුද්ධෙ ගණුත්තමෙ
දසානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම
-
සදා ගුත්තො සුඛසමංගී මහා යසවා තථා ගතී.
විපත්ති විගතො සුඛුමාලෝ සබ්බීති පරිවජ්ජිතො
-
විපුලෙ ච ගුණෙ ලාභී සමාව චරණා මම
සුවිවජ්ජිත උබ්බෙගො තුම්බකෙ ච කරණ්ඩකෙ
-
ලභාමි චතුරො වණ්ණෙ හත්ථස්ස රතනානි ච,
තානි මෙ න විනස්සන්ති තුම්බදානෙ ඉදං ඵලං”
(මේ ගාථා වල අර්ථ විමසිය යුතුය)
බුදුනට ද මහ සඟනට ද මහා සැළි හා කරඬු ද පුදා කර්මයට අනුරූප වූ අනුසස් දසයක් ලබමි. හැම කල්හි ආරක්ෂා ඇත්තේ වෙමි. සැපයෙන් යුක්තවෙමි. මහත් යසස් ඇත්තේ වෙමි. විපත් නැත්තේ වෙමි. සියුමැලි වෙමි. සියලු අන්තරායයන්ගෙන් මිදුණේ වෙමි. මහත් ගුණ ඇත්තේ වෙමි. බිය නැත්තේ වෙමි. වර්ණ සතර ඇති මහා සැළි හා කරඬු ලබමි. හස්ත්‍යශ්ව රථයන් ලබමි. මාගේ ඒ වස්තූහු නො නැසෙයි. මෙය මහසැළි දීමේ ඵලය ය.