“ඡත්තේ සුගතෙ දත්වා සංඝෙ ගණවරුත්තමෙ
අට්ඨානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
-
සීතං උණ්හං න ජානාමි රජො ජල්ලං න ලිම්පති
අනුපද්දවො අනීතී ච හොමි අපචිතො සදා.
-
සුඛුමච්ඡවිකො හොමි විසදං හොති මානසං
ඡත්තසතසහස්සානි භවෙ සංසරතො මම.
-
සබ්බාලංකාර යුත්තානි තස්ස කම්මස්ස වාහසා
ඉමං ජාතිං ඨපෙත්වාන මත්ථකෙ ධාරයන්ති මෙ.”
බුදුන් වහන්සේට ද උත්තම වූ සංඝයා හට ද කුඩ පුදා මාගේ කර්මයට සුදුසු වූ ආනිසංස අටක් අනුභව කරමි. ශීතෝෂ්ණ දෙකින් පීඩා නො ලබමි. මාගේ ශරීරයේ කුණු නො ඇලෙයි. උපද්‍රව නැත්තේ වෙමි. අන්තරාය නැත්තේ වෙමි. හැම කල්හි අන්‍යයන් විසින් ගරු කරන ලද්දේ වෙමි. සියුම් සම ඇත්තේ වෙමි. මාගේ සිත පිරිසිදු වෙයි. කුඩ පූජා කිරීම වූ ඒ කර්මයේ බලයෙන් සසර සැරිසරන්නා වූ මාගේ හිස මත මේ ජාතියෙන් අන්‍ය ජාතීන්හි සර්වාලංකාරයෙන් යුක්ත වූ කුඩ ලක්ෂයක් දැරූහ.
රහත් වූ ජාතියේ උන්වහන්සේ ගේ හිස මත ඡත්‍රධාරණයක් නැති වූයේ අර්හත් ඵල සංඛ්‍යාත ඡත්‍රය දරන හෙයිනැයි කියා තිබේ.