සිවි රට අරිෂ්ට පුරයේ රජකළ සිවි මහරජාණෝ නගරද්වාර සතර ය, නුවර මැද ය, රාජ භවන සමීපය ය යන ස්ථාන සයෙහි මහා දැන් සැල් සයක් කරවා දිනකට ලක්ෂ සය බැගින් වැය කෙරෙමින් දුගී, මගී යාචකාදීන්ට දන් දුන්හ. රජතුමා පොහෝ දිනයන්හි දන් සැල් බලා ඇවිදින්නේ ය. එතුමා එක් පසළොස්වක් පොහෝ දිනක උදෑසන රාජ පර්‍ය්‍යංකයෙහි හිඳ, සිතනුයේ “මා විසින් බාහිර වස්තුන් ගෙන් නුදුන් දෙයක් නැත. බාහිර වස්තු දානය ම මට ප්‍රමාණ නොවන්නේය. මා විසින් ආධ්‍යාත්මික වස්තු ද දිය යුතු ය. මාගෙන් ආධ්‍යාත්මික වස්තුවක් ඉල්ලන්නට ප්‍රතිග්‍රාහකයෙකු පැමිණිය හොත් යෙහෙක, ඇසක් වුවත් ඉල්ලන කෙනෙකු පැමිණියහොත් මම මාගේ ඇස් උපුටා දෙමි’ය යි සිතා ගත්තේය.
රජතුමාගේ සිතිවිල්ල සක් දෙවිඳුට පෙනී “මේ රජු ඉටාගත් සැටියට ම එය ඉටු කිරීමටත් සමත් වේදැයි විමසන්නෙමි” යි සිතා සිවි රජු දන් සැල් බැලීමට යන මඟ මහලු බමුණු වෙසින් සිට ඇස් ඉල්ලීය. සිවි රජතුමා තමා කළ අධිෂ්ඨානය කඩ නො කොට බමුණා රජ මාලිගයට ගෙන්වා තමාගේ නෙත් උපුටවා බමුණාට දුන්නේය. (විස්තර ජාතක අටුවාවෙන් බලනු)