මහ බෝසතාණන් වහන්සේ ඡද්දන්ත නම් ඇත්රජ වූ කාලයේ දී වළක් කැණ සැඟවී සිට විෂ පෙවූ ඊයෙන් තමන් වහන්සේට විද්දා වූ පාපී පුරුෂයා හට මදකුදු නො කිපී “යහළුව, නුඹ කිනම් ප්‍රයෝජනයක් පිණිස කාගේ උවමනාවකට මා විද්දෙහි දැ?”යි ප්‍රිය වචනයෙන් අසා “කාශි රජු ගේ දේවියට ඔබ ගේ දළ වුවමනා වී මා එවන ලදැ’යි කී කල්හි සවනක් රැසින් බබලන තමන් වහන්සේගේ උතුම් දළ දෙක ද වැද්දාට පරිත්‍යාග කළ සේක.