4. “පුරිසො ගච්ඡති” (පුරුෂයා යේ)
යන්න වාක්‍යයෙකි. මෙහි පුරිසො නාම පදයකි. ගච්ඡති ක්‍රියා පදයකි.
“ පුරිසො” යන්නේ මුල හෙවත් ශබ්ද ප්‍රකෘතිය “පුරිස” යන්නයි. (අන්තයෙහි යෙදී තිබෙන ො හෙවත් ඔ යන්න විභක්තියෙන් ලැබුන එකකි.) පුරිස ශබ්දය යි කීමෙන් විභක්ති නො යෙදූ මුල් ශබ්දය අදහස් කරනු ලැබේ.
5. පාලි භාෂාවෙහි සියලු නාමයෝ:-
- පුල්ලිඞ්ග
- ඉත්‍ථිලිඞ්ග
- නපුංසකලිඞ්ග
යන ලිඟු තුනෙහි ඇතුළත් වෙති.
1. පුරුෂයන් හෝ පුරුෂාකාරය අඟවන්නාවූ ශබ්ද පුල්ලිඞ්ගයෙහි වේ. පුරිසො (=පුරුෂයා), වානරො (=වඳුරා), රුක්ඛො (=ගස) යනාදියයි.
2. ස්ත්‍රීන් හෝ ස්ත්‍රීස්වභාවය අඟවන්නාවූ ශබ්ද ඉත්‍ථිලිඞ්ගයෙහි වේ. වනිතා (=ස්ත්‍රී), මිගී (=මුවදෙන), ලතා (=වැල) යනාදියයි.
3. ස්ත්‍රීභාවය හෝ පුරුෂභාවය නො හඟවන ශබ්ද නපුංසකලිඞ්ගයෙහි වේ. ඵලං (=ගෙඩිය), රූපං (=රූපය) ධනං (=ධනය) යනාදිය යි.
6. මේ කියනලද්දේ සාමාන්‍ය ලක්‍ෂණයයි. ගෙට නමක් වූ ගෙහ ශබ්දය පුල්ලිංග නපුංසකලිංග දෙකෙහි වැටේ. එසේ ඒ ලිඟු දෙකෙහිද, පුල්ලිංග ඉත්‍ථිලිංග දෙකෙහිද, තුන් ලිඟුවෙහි ද වැටෙන ශබ්ද ඇත. ගලට නමක්වූ පාසාණ ශබ්දය පුල්ලිංගයෙහි වේ. ඊටම නමක්වූ සිලා ශබ්දය ඉත්‍ථිලිංගයෙහි වේ. එබැවින් මුලින් දක්වන ලද්දේ සාමාන්‍ය ලක්‍ෂණය බවත්, හැම තැන්හි එය නො යෙදෙන බවත් සැලකිය යුතු.