1. භාෂාවෙහි අකුරු
අ ආ ඉ ඊ උ ඌ එ ඔ
ක ඛ ග ඝ ඞ
ච ඡ ජ ඣ ඤ.
ට ඨ ඩ ඪ ණ
ත ථ ද ධ න.
ප ඵ බ භ ම.
ය ර ල ව ස හ ළ අං
යි සතළිස් එක් දෙනෙකි.
2. මෙහි මුලින් දැක්වූ අකුරු අට තනිව ශබ්ද කළ හැකි බැවින් සර (හෙවත් ප්‍රාණාක්‍ෂර) නම් වේ. ඉතිරි තිස් තුන තනිව (හෙවත් ස්වරයක සම්බන්ධය නැතිව) ශබ්ද නොකළහැකි බැවින් ව්‍යඤ්ජන (හෙවත් ගාත්‍රාක්‍ෂර) නම් වේ.
මේ ව්‍යඤ්ජනයන්ගේ මුල් රූප නම් “ක්, ග්” ආදීහුයි. එසේ ලිවූ විට කීම අපහසු බැවින් ප්‍රාණාක්‍ෂරයක් වූ අ - යන්න හා එක්කොට “ක, ග” ආදී වශයෙන් ලියනු ලැබේ.
3. එ -ඔ දෙක සිංහල හෝඩියේ ඒ - ඕ දෙක මෙන් දීර්ඝ කොට කිය යුතුයි. එහෙත් බැඳි අකුරුවලට මුලින් සිටි ඒ අකුරු දෙක බොහෝවිට සිංහල හෝඩියේ එ - ඔ දෙක මෙන් හ්‍රස්ව කොට කියනු ලැබේ.
උදාහරණ:- ඛෙත්තං, සෙට්ඨි, එත්‍ථ, ඔක්කමති, ඔට්ඨො, යොත්තං
පාලියෙහි එ - ඔ දෙක බොහෝසේම ඒ - ඕ මෙන් දීර්ඝව කියවෙන නමුත් එසේ දීර්ඝ ලකුණු සහිතව නො ලියනු ලැබේ. මොග්ගල්ලායන නම් පාලි ව්‍යාකරණයෙහි වනාහි “එ - ඒ - ඔ - ඕ” යන අකුරු සතර ම පාලියෙහි ඇතැයි ද, එබැවින් අකුරු හතළිස් තුනකැයි ද කියන ලදී. අක්‍ෂර විභාගය පිළිබඳ වැඩි විස්තර සඳහා දෙවැනි පොත බැලිය යුතු.