76. පඤ්චමියගේ අර්ථයෙහි තො - ප්‍ර‍ත්‍යය

කෙරෙන් ’ යන අර්‍ථය ප්‍ර‍කාශ කිරීම සඳහා බොහෝ ශබ්දයන් කෙරෙන් තො - ප්‍ර‍ත්‍යය යොදනු ලැබේ. පඤ්චමියගේ ඒකවචන බහුවචන දෙක්හිම එය යෙදේ. ඒ ප්‍ර‍ත්‍යයෙන් යුත් පද නිපාත සංඛ්‍යාවට වැටෙත්.

පාලි වචනය

සිංහල තේරුම

පුරිසතො

පුරුෂයා කෙරෙන්, පුරුෂයන් කෙරෙන්

රුක්ඛතො

ගස හෝ ගස් කෙරෙන්

ගාමතො

ගමෙන්

ගෙහතො

ගෙයින්

නගරතො

නුවරින්

මාතිතො

මව කෙරෙන්

චොරතො

සොරා කෙරෙන්

අග්ගිතො

ගින්නෙන්

සබ්බතො

සියල්ල කෙරෙන්

පිතිතො

පියා කෙරෙන්


77. කර්මකාරකයෙහි සිද්ධ වූ කිතකපද මින් පෙර දක්වන ලදහ. කර්‍තෘ කාරකයෙහි සිද්ධවන කිතක පද ද ඇත්තාහ. එයින් ස්වල්පයක් මෙහි දැක්වේ.

පාලි වචනය

සිංහල තේරුම

පාලි වචනය

සිංහල තේරුම

ගත

ගිය; ගියාවූ

ඨිත

සිටි

ආගත

ආ; ආවාවූ

නිසින්න

හුන්

මත

මළාවූ

වුත්‍ථ

විසූ

භූත

වූ; සිදු වූ

කුද්ධ

කිපි, කිපුණු

සුත්ත

නිදාගත්

තිණ්ණ

එතර වූ

ඔතිණ්ණ

බැස්සා වූ

ආරුළ්හ

නැඟි; නැඟුණු

නහාත

නෑ; නෑවා වූ

 

 

අනු මාතෘකා
keyboard_arrow_rightඅභ්‍යාසය 31.