74. කාරිත හෙවත් හෙත්වර්ථපද

star_outline

‘කරවයි, පිසවයි’ ආදියෙහි පෙනෙන අන්‍යයකු ලවා කරවීම කාරිත නම් වේ.

ධාතුවටත් විභක්ති ප්‍ර‍ත්‍යයටත් අතරෙහි එ - අය - ආපෙ - ආපය යන කොටස්වලින් එකක් යොදා ධාතුවේ මුලින්ම තිබෙන (බැඳි අකුරකට පූර්‍ව නො වූ) ස්වරයට වෘද්ධිකිරීමෙන් කාරිතපද සෑදිය යුතුය. ‘කරොති’ යන ශුද්ධක්‍රියාපදයෙන් කාරෙති, කාරයති, කාරාපෙති, කාරාපයති යි කාරිතපද සතරක් සෑදෙති, ඒ සතරෙන්ම “ කරවයි ” යන අර්ථය කියවේ.

තවත් උදාහරණ:-

පාලි වචනය

සිංහල තේරුම

පාලි වචනය

සිංහල තේරුම

පාචෙති

පිසවයි

දාපෙති

දෙවයි

නහාපෙති

නාවයි

ගණ්හාපෙති

ගන්වයි

භොජෙති

අනුභව කරවයි

ආහාරාපෙති

ගෙන්වයි

නිසීදාපෙති

හිඳුවයි

හරාපෙති

ඉවත් කරවයි, ගෙණයන්නට සලස්වයි

සයාපෙති

නිදිකරවයි

 


75. මේ පොතේ 13 වෙනි අංකයෙහි දැක්වූ පාලෙති ආදී චුරාදිගණික ක්‍රියාපද කාරෙති ආදි කාරිත පදයන්ට සමානව පෙනෙත්. එ - අය දෙක යෙදී තිබෙතත් ඒවා කාරිත නොවෙති. ඒ පදයන්ගේ කාරිතපද සෑදිය යුත්තේ ආපෙ, ආපය දෙක පමණක් යෙදීමෙනි.

උදාහරණ:-

පාලි වචනය

සිංහල තේරුම

චොරාපෙති, චොරාපයති

සොරකම් කරවයි

මාරාපෙති, මාරාපයති

මරවයි

දෙසාපෙති, දෙසාපයති

දේශනා කරවයි

පාතාපෙති, පාතාපයති

හෙළවයි

ඨපාපෙති, ඨපාපයති

තබ්බවයි

යොජාපෙති, යොජාපයති

යොදවයි

අනු මාතෘකා
keyboard_arrow_rightඅභ්‍යාසය 30.star_outline