73. කර්‍මකාරකයෙහි සිද්ධ වූ කිතක (නාම) පද

කර්ම කාරකයෙහි ක්‍රියා පමණක් නොව නාම පද ද සිද්ධ වෙති. ඒවා කිතක පදයන්හි ඇතුළත් වෙති. ඒවා සිද්ධ වන ආකාරය දෙවෙනි පොතෙහි දැක්වේ. මෙහි උදාහරණ ස්වල්පයක් දක්වනු ලැබේ.

පාලි වචනය

සිංහල තේරුම

පාලි වචනය

සිංහල තේරුම

භුත්ත

අනුභවකළ

දට්ඨ

ඩසිනලද

පක්ක

පිසනලද, පිසූ

ඛාදිත

කනලද

වුත්ත

කී, කියනලද

හට

ගෙනයනලද

වන්‍දිත

වඳිනලද

ආහට

ගෙනෙනලද

පූජිත

පුදනලද

නීත

ගෙනයනලද

භින්න

බිඳුණු, බිඳිනලද

පහට

ගසනලද, පහරදෙනලද

සුත

අසනලද, ඇසූ

ඤාත

දන්නාලද, දත්

දින්න

දෙනලද, දුන්

ඡින්න

කපනලද, කැපූ


මේ දැක්වූ සියලු පද අතීතාර්‍ථයෙහි වෙති. වර්‍තමානාර්‍ථයෙහි කර්‍ම කාරකයෙහි සිද්ධපද නම්:-

පාලි වචනය

සිංහල තේරුම

භුඤ්ජියමාන

අනුභව කරනු ලබන

ආහරීයමාන

ගෙනඑනු ලබන

නීයමාන

ගෙනයනු ලබන

පහරියමාන

පහරදෙනු ලබන

වුච්චමාන

කියනු ලබන

පච්චමාන

පිසනු ලබන

වන්දියමාන

වඳිනු ලබන

දීයමාන

දෙනු ලබන ආදියයි.

පාලි වචනය

සිංහල තේරුම

පාලි වචනය

සිංහල තේරුම

වන්දිතබ්බ

වැන්දයුතු

කාතබ්බ

කළයුතු

පචිතබ්බ

පිසියයුතු

භුඤ්ජිතබ්බ

අනුභව කළ යුතු

දාතබ්බ

දියයුතු

හරිතබ්බ

ගෙනයායුතු

දෙසෙතබ්බ

දෙසියයුතු

ඡින්දිතබ්බ

කැපියයුතු

ආදිය කර්මකාරකයෙහි සිදු වූ කාලත්‍ර‍යම ප්‍ර‍කාශ කරන කිතක පදයෝයි.

අනු මාතෘකා
keyboard_arrow_rightඅභ්‍යාසය 29.