කර්‍මකාරක ක්‍රියා PASSIVE VOICE

69.  කර්‍තෘකාරකයෙහි කර්‍තෘ උක්ත වෙයි. එහි කර්‍තෘ ප්‍ර‍ථමා විභක්තියෙන් සිටී. කර්‍මය කර්‍ම විභක්තියෙන් හෙවත් දුතියාවෙන් සිටියි.

මීට ඉහතින් දක්වන ලද සියලු වාක්‍යයෝ කර්‍තෘ කාරකයෙහි ම වූ හ.

කර්‍මකාරකයෙහි කර්‍මය උක්ත වෙයි. එබැවින් එහි කර්‍මය ප්‍ර‍ථමා විභක්තියෙන් සිටී. කර්‍තෘ තෙම කර්‍තෘ විභක්තියෙන් හෙවත් තතියාවෙන් සිටී.

“දාසො ඔදනං පචති” යන කර්‍තෘකාරක වාක්‍යය කර්‍ම කාරකයට පෙරළුෑ විට දාසෙන ඔදනො පච්චති (=දාසයා විසින් බතතෙම පිසනු ලැබේ) යි සිටී. එහි ‘දාසෙන’ යන්න අනුක්ත කර්‍තෘ යි. ‘ඔදනො’ උක්තකර්‍මයයි. එය පඨමාවෙන් සිටී. ‘පච්චති’ යන්න කර්‍මකාරකයෙහි පඨම පුරිස - ඒකවචනයයි. කර්‍මකාරකයෙහි කර්‍මය ප්‍ර‍ධාන බැවින් කර්‍මපදයට අයත් සංඛ්‍යාව හෙවත් ඒක වචනය හෝ බහුවචනය ක්‍රියාවට ද ලැබේ. “දාසෙහි ඔදනො පච්චති” යි කර්‍තෘපදය බහුවචනයෙන් සිටියත් මෙහිදී ක්‍රියාව එය නො සලකා කර්‍මපදය බලාගෙන ඒකවචනයෙන් සිටී.


70.
  වර්‍තමාන කාලයෙහි පච - ධාතුවගේ රූප මෙසේයි:

පුරුෂය

වචනය

අනුක්ත කර්තෘ

උක්ත කර්මය

ක්‍රියාව

පඨම පුරිස

එක වචන

(තෙන, තයා, මයා....)

(සො ඔදනො)

පච්චති

බහු වචන

(තෙන, තයා, මයා....)

(තෙ ඔදනා)

පච්චන්ති

මජ්ඣිම පුරිස

එක වචන

(තෙන, තයා, මයා....)

(ත්‍වං ඔදනො) 

පච්චසි

බහු වචන

(තෙන, තයා, මයා....)

(තුම්හෙ ඔදනා)

පච්චථ.

උත්තම පුරිස

එක වචන

(තෙන, තයා, මයා....)

(අහං ඔදනො)

පච්චාමි

බහු වචන

(තෙන, තයා, මයා....)

(මයං ඔදනා)

පච්චාම.

අර්‍ථ:-

පුරුෂය

වචනය

අනුක්ත කර්තෘ

උක්ත කර්මය

ක්‍රියාව

පඨම පුරිස

එක වචන

(ඔහු විසින්, නුඹ විසින්, මා විසින්....)

(ඒ බතතෙම)

පිසනු ලැබේ.

බහු වචන

(ඔහු විසින්, නුඹ විසින්, මා විසින්....)

(ඒ බත් තුමූ)

පිසනු ලැබෙත්.

මජ්ඣිම පුරිස

එක වචන

(ඔහු විසින්, නුඹ විසින්, මා විසින්....)

(බත වූ තෝ)

පිසනු ලැබෙහි.

බහු වචන

(ඔහු විසින්, නුඹ විසින්, මා විසින්....)

(බත් වූ තොපි)

පිසනු ලැබෙහු.

උත්තම පුරිස

එක වචන

(ඔහු විසින්, නුඹ විසින්, මා විසින්....)

(බත වූ මම)

පිසනු ලැබෙමි.

බහු වචන

(ඔහු විසින්, නුඹ විසින්, මා විසින්....)

(බත් වූ අපි)

පිසනු ලැබෙමු.



සංලක්‍ෂ්‍යය:

මෙහි ‘සො ඔදනො’ යනාදීහු කර්‍මපද වෙති. මේ ක්‍රියාපද සයට ම ‘දාසයා විසින්’ කියා හෝ ‘දාසයන් විසින්’ කියා හෝ ‘උඹ විසින්’ කියා හෝ ‘මා විසින්’ ‘අප විසින්’ ‘තොප විසින්’ කියා හෝ ‘අරක්කැමියන් විසින්’ කියා හෝ තතියාවෙහිවූ අන්කිසි වචනයක් හෝ කර්‍තෘ වශයෙන් යෙදිය හැක. කර්‍තෘ ඒකවචනයෙන් සිටියත් බහුවචනයෙන් සිටියත් පඨම පුරිසාදි කොයි පුරුෂයෙන් සිටියත් මෙහිදී ක්‍රියාව ඒ ගැන නොසලකා කර්‍මයාගේ ඒක-බහුවචනය ද පුරුෂය ද ගනී.


71.
කර්‍මකාරක ක්‍රියා සම්පාදනය කරනු ලබන්නේ ධාතුවටත් විභක්ති ප්‍ර‍ත්‍යයටත් අතරෙහි - ප්‍ර‍ත්‍යයක් යෙදීමෙනි. ඒ - ප්‍ර‍ත්‍යය යෙදෙනවිට බොහෝසේ ඊට මුලින් - කාරයක් ද යෙදේ.

මේ - ප්‍ර‍ත්‍යය නොයෙක්විට ධාත්‍වන්තයෙහි තිබෙන ව්‍යඤ්ජනය හා සමාන රූපයට පැමිණේ. ‘පච + ය + ති’ යි තිබුණු තැන ධාත්‍වන්ත අකාරය ලොප්වී ‘පච්‍යති’ යි සිටිවිට යකාරයට චකාරවීමෙන් පච්චති යි සෑදේ. එසේ පූර්‍වරූපයට නො පැමිණ පචීයති ආදී වශයෙන් ද පද සෑදෙති.


72.
- ප්‍ර‍ත්‍යය විකාරයට නො පැමිණ සෑදෙන කර්‍මකාරක පදයන්ට උදාහරණ මෙසේයි:-


ප පූර්‍ව හර ධාතුව

පුරුෂය

වචනය

අනුක්ත කර්තෘ

උක්ත කර්මය

ක්‍රියාව

පඨම පුරිස

එක වචන

(චොරෙන)

(සො)

පහරීයති

බහු වචන

(චොරෙන)

(තෙ)

පහරීයන්ති

මජ්ඣිම පුරිස

එක වචන

(චොරෙන)

(ත්‍වං)

පහරීයසි

බහු වචන

(චොරෙන)

(තුම්හෙ)

පහරීයථ

උත්තම පුරිස

එක වචන

(චොරෙන)

(අහං)

පහරීයාමි

බහු වචන

(චොරෙන)

(මයං)

පහරීයාම


අර්‍ථ:-

පුරුෂය

වචනය

අනුක්ත කර්තෘ

උක්ත කර්මය

ක්‍රියාව

පඨම පුරිස

එක වචන

(සොරා විසින්)

(හෙතෙම)

ගසනු ලැබේ.

බහු වචන

(සොරා විසින්)

(ඔවුහු)

ගසනු ලැබෙත්

මජ්ඣිම පුරිස

එක වචන

(සොරා විසින්)

(තෝ)

ගසනු ලැබෙහි

බහු වචන

(සොරා විසින්)

(තෙපි)

ගසනු ලැබෙහු

උත්තම පුරිස

එක වචන

(සොරා විසින්)

(මම)

ගසනු ලැබෙමි

බහු වචන

(සොරා විසින්)

(අපි)

ගසනු ලැබෙමු

පාලි වචනය

සිංහල තේරුම

පාලි වචනය

සිංහල තේරුම

කරීයති

කරනු ලැබේ,

 සාදනු ලැබේ

දීයති

දෙනු ලැබේ

කසීයති

සීසානු ලැබේ

මාරීයති

මරනු ලැබේ

ගණ්හීයති

ගනු ලැබේ

භාසීයති

කියනු ලැබේ

හරීයති

ගෙනයනු ලැබේ

ධොවීයති

සෝදනු ලැබේ

ආහරීයති

ගෙනෙනු ලැබේ

දෙසීයති

දෙසනු ලැබේ

කිණීයති

මිළට ගනු ලැබේ

වන්දීයති

වඳිනු ලැබේ

වික්කිණීයති

විකුණනු ලැබේ

රක්ඛීයති

රකිනු ලැබ‍ෙ

භුඤ්ජීයති

අනුභවකරනු ලැබේ

ආකඩ්ඪීයති

අදිනු ලැබේ

බන්ධීයති

බඳිනු ලැබේ.

 

 

මේ ආදීහු පහරීයති යන්න මෙන් වරනැගෙත්.

අනු මාතෘකා
keyboard_arrow_rightඅභ්‍යාසය 28.