පහත පෙනෙන වාක්‍යයන්හි කර්‍තෘ කර්‍මාදීන්ට විශේෂණ පද එක බැගින් හෝ ඊට වැඩි ගණනක් හෝ යෙදිය යුතු:-
- පුරිසො රුක්ඛං ඡින්‍දති.
- ගොණා තිණං ඛාදන්ති.
- භූපති නගරං මාපෙති (=මවයි, සාදවයි.)
- පක්ඛිනො රුක්ඛෙ නිසීදන්ති.
- පිතා වනං ගමිස්සති.
- කස්සකා ඛෙත්තං කසිංසු.
- භික්ඛවො ධම්මං දෙසෙසුං.
- මයං අනුරාධපුරං ගමිස්සාම.
- වනිතායො පදුමානි ආහරන්ති.
- භාතුනො පුත්තො උග්ගණ්හාති.
- ධීතරො නදියං නහායන්ති.
- භාතා උය්‍යානං ගච්ඡති.
- සීහා වනෙ මිගෙ මාරෙන්ති.
- කඤ්ඤායො චෙතියං වන්‍දන්ති.
සෙත - රත්තාදි ගුණනාම ද එක-ද්වි ආදි සංඛ්‍යානාම සර්‍ව නාම ද ක්‍රම සංඛ්‍යා ශබ්ද ද මිශ්‍රක්‍රියාපද ද ඡට්ඨි විභක්තියෙන් යුත් පද ද විශේෂණ වශයෙන් යෙදිය හැකි බව සැලකියයුතු:
“ගමෙන් පිටත කුඹුරෙහි ගොනා සිටියේය.”
යන වාක්‍යයෙහි මුල්පද තුන ම ක්‍රියාපද විස්තාරයට ඇතුළත් වෙති. (ක්‍රියාවිශේෂණ ක්‍රියාවිස්තාර දෙකේ මඳ වෙනසක් තිබේ. එය පසුව විස්තර වෙනවා ඇත.) එබැවින් වාක්‍යයක් විශාල කිරීමේදී කරණ - අවධි - ආධාර විභක්තිවලින් යුත් වචන ද යොදන්නට පුරුදු කළයුතු.