66. යම්කිසි වාක්‍යයක කර්‍තෘ ඒකවචනයෙන් සිටී නම් ක්‍රියාව ද ඒකවචනයෙන් සිටියයුතු: කර්‍තෘපදය බහුවචනයෙන් සිටී නම් ක්‍රියාව ද බහුවචන වියයුතු: ඒ දෙතැන්හි කර්‍මය ඒකවචනයෙන් හෝ බහුවචනයෙන් සිටීමට බාධාවෙක් නැත.
67.
කර්‍තෘ හා
සම්බන්ධ වූ වි
ශේෂණ පදයක්
වේ නම් එය කර්‍තෘපදය හා ලිඞ්ගයෙන් ද විභක්තියෙන් ද වචනයෙන් ද
සමාන විය යුතුය. කර්‍මයට අයිති විශේෂණයක් වේ නම් එය කර්‍මපදයේ
ලිඞ්ග විභක්ති වචනවලින් යුක්ත වියයුතු.
ක්‍රියා
විශේෂණය බොහෝසේ නපුංසකලිඟු
ඒකවචනයෙන් සිටී. එය නිපාතයක් ද විය හැක. (51, 52, 54 යන අංකයන් ද
බැලියයුතු.)
උදාහරණ:
1. “පුරිසො රුක්ඛං ඡින්‍දති” යන තැන කර්‍තෘපදයත් ක්‍රියා පදයත් ඒකවචනයෙන් සිටිත්. කර්‍තෘපදය “පුරිසා” වී නම් ක්‍රියාව ද “ඡින්‍දන්ති” යි බහුවචනයෙන් සිටිය යුතුය. නමුත් “පුරිසො රුක්ඛෙ ඡින්‍දති” යි හෝ “පුරිසා රුක්ඛං ඡින්‍දන්ති” යි හෝ කර්‍මය කැමති සංඛ්‍යාවකින් [1] යෙදිය හැකිය.
2. බලවා පුරිසො මහන්තං රුක්ඛං ඵරසුනා සනිකං ඡින්‍දති යන තැන “බලවා” යන්න පුරුෂයාගේ විශේෂණයක් බැවින් පුල්ලිංගයෙන් ද ඒකවචනයෙන් හා ප්‍රථමා විභක්තියෙන් ද සිටී; “මහන්තං” යන්න වෘක්‍ෂයාගේ විශේෂණයක් බැවින් කර්‍මයට අයත් ලිංග විභක්ති සංඛ්‍යාවන් ගනී. “සනිකං” යන්න ක්‍රියාව කරන ආකාරය දක්වන බැවින් ක්‍රියාවිශේෂණයයි. “එරසුනා” (=පොරොවෙන්) යන්න ක්‍රියානිෂ්පාදනයට උපකාර වූ දෙයක් දක්වයි; එය ක්‍රියාවිස්තාරයෙහි ඇතුළත් කළයුතුය.
(22 වැනි අභ්‍යාසය බැලීමෙන් විශේෂණපදයන් කර්‍තෘ - කර්‍මයන්ගේ ලිංග - විභක්ති - සංඛ්‍යා ගෙන තිබෙන ආකාරය පැහැදිලි වේ.)
68. එක් කර්‍තෘපදයකට හෝ කර්‍මපදයකට විශේෂණපද
එකකට වැඩියෙන් යොදත හැකිය. එක් ක්‍රියාවකට සම්බන්ධවන විස්තාර පද ද
බොහෝ විය හැකිය.
“ධනවා බලවා පඤ්ඤවා පුරිසො මහන්තං දස්සනීයං ගෙහං කිණාති” යන වාක්‍යයෙහි ‘පුරිසො’ යන්නට විශේෂණ පද තුනක් ද ‘ගෙහං’ යන කර්‍මපදයට විශේෂණ දෙකක් ද වෙති.