ඒ කීර්ති ශ්‍රී රාජසිංහ රජතෙමේ නිරන්තරයෙන් ආදර ඇත්තේ, සක්විති රජෙක් චක්‍රරත්නය පුදන්නාක් මෙන් 1 දළදා වහන්සේව පිදුවේය. හෙතෙම සමන්, සපු, දොඹ, කිණිහිර, දුනුකේ, නෙළුම්, මානෙල් ආදී 2 විවිධ වර්ගයේ මල්වලින් ද, සඳුන් සහ අගිල් ආදී වූ සුගන්ධයන්ගෙන් ද, නන් සුවඳැති 3 දුමින් ද, සකුරු සහ මී පැණි ආදියෙන් ද, යහපත් පුවක්, කපුරු, බුලත් සහ බෙහෙත් වර්ගවලින් ද පූජා පැවැත්වූයේය. 4 එමෙන්ම ඉතා මිහිරවත් වූ බත්, කැඳ, කැවිලි ආදී නන් වැදෑරුම් ආහාරයෙන් ද, යහපත් පැහැ 5 ඇති රඹ (කෙසෙල්), දඹ (ජම්බු) සහ පනා (කොස්), අඹ, බොරළු, දමුනුරයෙන් ද, තිඹිරි, නාරං සහ ප්‍රණීත වූ මනෝඥ තැඹිලි සහ කසපැනින් (කස පැන්) ද, මනා සේ ඉදුණු දෙළුම්වලින් 6 ද, ඉඳි, මිදි ආදී වූ නන් වැදෑරුම් පලතුරුවලින් ද, මිහිරි අල වර්ග ආදියෙන් සහ නොයෙක් බොඩ ජාතියෙන් ද, නොයෙක් ආකාරයෙන් වූ මේ ආදී පූජාවන්ගෙන් ද දළදා වහන්සේ පිදුවේය. 7 පංච තූර්ය නාදයෙන් ද, පෙර රජුන් පවත්වාගෙන ආ බොහෝ පූජාවන්ගෙන් සහ 8 අලුත් පූජාවන්ගෙන් ද දිනපතා දළදා වහන්සේ පුදා, පින් කැමති මහා 9 යසස් ඇති රජතෙමේ පින්රැස් වැඩියේ ම ය.
හෙතෙම වඩ වඩාත් පින් රැස් කරමින් රන් රිදියෙන් සහ මැණික් මුතුවලින් 10 ද, යහපත් වූ නන් විසිතුරු කර්මාන්තයෙන් බබළන්නා වූ බොහෝ වස්ත්‍රයන්ගෙන් ද, 11 (බඳනාලද) වියනින් සහ තිරයෙන් ද, සිවුරු සහ පිරිකරින් ද, නන් වැදෑරුම් ආභරණයන්ගෙන් ද, නොයෙක් ඇතුන්, අශ්වයින් ආදී මුලින් (සතුන්ගෙන්) සහ එසේම ගවයන් සහ මීවුන්ගෙන් ද 12 පූජා කොට, ආදර සහිත වූ ඒ නරේන්ද්‍ර තෙමේ දළදා වහන්සේට අභිවාදනය කළේය.
බුදුන්ගේ දළදා වහන්සේ බලා ඉතා පහන් වූ ඒ රජතෙමේ, පෙර රජු දවස කරවා 13 නිම නොකළ මැණික් කරඬුව කරවීමට සිතා, රන් (නික) හතක් අධික 14 කොට ඇති රන් දෙදහසකින් කරවන ලද, මැණික් වැනි මනහර වූ ඒ 15 කරඬු මුදුනෙහි ඉතා වටිනා උතුම් මහත් විදුරක් (දියමන්තියක්) මනා කොට බැඳවීය. පින් 16 කැමැති රජ තෙමේ, ප්‍රසාදය උපදවන, දැකුම් කටයුතු වූ අටසැක් (108) අධික වූ එක්සියයක් වර විදුරුමිණී (දියමන්ති) හා මනෝහර වූ එක් සැත්තෑවක් අධික 17 කොට ඇති එක් සියයක් (171) පුෂ්පරාග මිණිරුවන් ද බැඳවීය. තවද අසූපසක් අධික 18 කොට ඇති නිල්මිණියෙන් (නීල මාණික්‍යයෙන්) පන්සියයක් (585) ද, අටසිය අසූවක් අධික කොට 19 ඇති සාරදහසක් (4880) රත්මිණිවරුන් (රතු කැට) ද බැඳ, අටසැත්තෑවක් අධික කොට ඇති මුතු සත්සියයක් (768) ද බඳවා මාහැඟි කරඬුව නිම කළේය. 20 ඉක්බිති ඒ ඇතුළෙහි තබන පිණිස කරඬු දෙකක් කරවන්නේ, එහි ඉතා වටිනා උතුම් යහපත් 21 මිණි බඳවා, යසස් ඇති විමල දහම් සූරිය රජහු විසින් කරවන ලද මහත් 22 වූ කරඬුවෙහි ඒ රජ තෙමේ රන් ගාවා, මහා පූජා පවත්වමින් එහිම බුදුරජුන්ගේ දළදාව වැඩම කරවූයේය.
එම මහා ප්‍රඥා ඇති රජ තෙමේ බුදුන්ගේ දළදා වහන්සේ කෙරෙහි ඉතා පහන් වූයේ 23 ‘අකරබඩු’ නම් මහගම පූජා කළේය. රජතෙමේ ඒ ධාතු පෙළහරෙහිදී 24 ලංකා වාසීන්ට දළදා වහන්සේ දක්වනු පිණිස කරුණාවෙන් සිතා, මුළු 25 ශ්‍රී වර්‍ධන පුරය (සෙංකඩගල) මනාව පිරිසිදු කරවා, නන් විසිතුරු කර්මාන්තයෙන් ද, 26 පිළි තොරණින් ද, කෙසෙල් තොරණ පෙතීන් සහ තැඹිලි වල්ලු ආදියෙන් 27 ද, නොයෙක් ධජ පතාකයන්ගෙන් ද අතුරු නැතිව සරසවා මුළු ලංකාවේ ජනයා 28 එහි රැස් කරවූයේය.
මිහිපල් තෙමේ නන් ආභරණයෙන් සැරසී දෙව් රජකුගේ සිරියෙන් 29 බැබළුණේ, නන් වැදෑරුම් මහා පූජා පෙරටු කොටගෙන දළදා මැදුරට ගොස් 30 නොයෙක් ආකාරයෙන් පූජා කොට බිම පසඟ පිහිටුවා වැන්දේය. මෙසේ මහා පින් ඇති රජ තෙමේ බුදුන්ගේ දළදා ගෙයි ගෞරව ඇත්තේ වැඳ, දළදා වහන්සේ සහිත රන් පියුම 31 හස්ත පද්ම මස්තකයෙහි (දෑත් නමැති නෙළුම් මල මුදුනෙහි) වඩාගෙන ඒ දළදා ගෙයින් පිටත්ව ගියේය. රිදී කුඩයෙන් 32 සහ සෙමර මල් විජනියෙන් ද, රන් රිදී මලින් සහ ලද පස් මලින් ද, 33 නොයෙක් මිණි මුතුයෙන් සහ රන් රිදියෙන් ද, නන් විසිතුරු වස්ත්‍රයෙන් ද, නන් ආභරණයෙන් සහ නොයෙක් සුවඳ මලින් සහ බොහෝ වූ පහන් දුමින් ද, සක්, කස් තල ආදී වූ පසඟතුරු දානයේ මනා නාදයෙන් ද, නන් දහස් 34 සාධුකාර ධ්වනියෙන් ද, සයුරේ තරඟ වැල (රළ) සෙයින් කරනු ලබන පූජා පවත්නා කල්හි, මහා යසස් ඇතියේ සක් රුවන සහිත සක්විති රජකු 35 සෙයින් ගොස් විවිධ විචිත්‍ර අලංකාර වස්ත්‍රාදියෙන් සරසන ලද දෙව් 36 මණ්ඩපයක් බඳු වූ යහපත් ප්‍රවර මණ්ඩපයෙහි සිටියේය.
ජන ශ්‍රේෂ්ඨ 37 රජ තෙමේ, දේව සමූහයා විසින් පෙරටු කරන ලද දෙව් රජහු සෙයින් 38 කල්ප ලක්‍ෂ ගණනිනුත් ඉතා දුර්ලභ වූ යහපත් බුදුන්ගේ වර දළදාව 39 ජන සමූහයන්ට දක්වමින්, සියල්ලන් සතුටු කරවා කුසල් රැස් කරමින් 40 කරඬු ඇතුළට වැඩමවූයේ ය. මෙසේ ජීවමාන බුද්ධ දර්ශනය සෙයින් සර්වප්‍රකාරයෙන් ජන සමූහයා ද සතුටුව පින් රැස් වැඩූහ. 41 ජනයාහට හිත වැඩ සිදු කරන රාජ මහිමය ඇති, බුදු සසුන මනා කොට පිහිටුවීමෙන් හටගත් නන් වැදෑරුම් අපමණ පින් ඇති, රාජ කුලයට ආභරණයක් බඳු වූ, මනා ගුණයෙන් හෙබියා වූ රජ තෙමේ බොහෝ කාලයක් මුළුල්ලෙහි යහතින් දිනේවා! යහතින් දිනේවා! යහතින් දිනේවා!
42 පින් කැමති රජ තෙමේ මෙසේ නොයෙක් වර දළදාව දක්වා බොහෝ පින් රැස් කළේ ය. බුදු රජුන්ගේ දළදාව උදෙසා පෙර ලක්දිව රජවරුන් 43 විසින් පිදූ ගම් කෙත් මඳකුත් නොනසා, ඉතා පහන් වූයේ දවසක් පාසා මහා පූජා පවත්වමින් සිටියේය. හෙතෙම බොහෝ ඇතුන්, අසුන් ද එසේම ගෙරි, මී, 44 සරක් ද, සම්පූර්ණ මිනිසුන් සහිත ‘රදාතල’ නම් වූ එක් ගමක් ද, අනිකුත් 45 ‘මුතුගල’ නම් වූ මහ ගමක් ද පූජා කොට ඒ තෙමේ පුණ්‍ය සම්භාරය අත්පත් කළේය.
46 ශාසන විශුද්ධිය කැමති වූ ඒ තෙමේ, ලක්දිව් වරයෙහි පෙර භික්‍ෂූන් විද්‍යාමාන කල පැවිදි ලද්දා වූ සියලු සාමණේර (හෙරණ) වහන්සේලා අතුරෙන්, 47 පවට බිය ඇති සමහරු මනා සිල් සහ පිරිසිදු දිවි පැවැත්ම ඇතිව සද්ධර්මය කෙරෙහි ගෞරව 48 ඇත්තෝ වූහ. එහෙත් සමහරු පවින් බර වූ, දුස්සීල පාප ස්වභාව ඇතිව අඹු 49 දරුවන් ආදීන් රකිමින් ගිහි කටයුතුවල ඇලුනාහුය. ඔවුහු නැකැත්, වෙදකම් ආදී අයුතු 50 කටයුත්තෙහි යෙදුනාහුය. රජ තෙමේ එබඳු අලජ්ජීන්ගේ හැසිරීම් අසා 51 මනාව දැන, සත්පුරුෂ ලජ්ජි පක්‍ෂගතයන් අතුරෙන් පිරිසිදු ආජීව 52 ඇති, ආරණ්‍යවාසී වූ, බුදු සසුන් වැඩීම පිණිස කරන ලද උත්සාහ ඇති, 53 සිල්වත්, ගුණවත්, බහුශ්‍රැත වූ, ව්‍යාකරණයෙහි ද බුද්ධ වචනයෙහි ද විශාරද වූ, ‘සරණංකර’ නම් ප්‍රසිද්ධ ඒ සාමණේර වහන්සේ මැනවැයි සිතා ගත්තේය.
උන්වහන්සේගේ ආධාරයෙන් රජ තෙමේ ධර්මයට එකඟ වූ පරිදි විචාරමින් 54 දුස්සීලයන්ට නිග්‍රහ කොට, “මෙතැන් පටන් නැකැත්, වෙදකම් ආදී වූ අන්‍ය වූ ද අකර්තව්‍යයන් හැර, පැවිදි සියල්ලෝ හැම කල බුද්ධ වචනයන් ද පිළිවෙත් 55 කරන්ට” යි මනාව අවවාදයක් දෙවා, ඉතා පසුබැස්සා වූ සස්න 56 වඩනු කැමැති ඒ රජ තෙමේ ලජ්ජී භික්ෂූන්ට බලය දී නා නා උපායෙන් සස්නට සංග්‍රහ කළේ ය.
57 මුළු ලක්දිව උපසම්පන්න භික්‍ෂූන්ගේ අභාවයෙන් මුනි රජහුගේ සුවිමල් සස්න විනාශ වන්නේ යැයි කම්පිත වූ රජ තෙමේ, “මා වැනි 58 රජකු ලංකා රාජ්‍යය කරන කල බුද්ධ ශාසනයාගේ විනාශය සිදු වීම යුතු නො වන්නේ ය” යි 59 සිතා, පෙර රජු දවස භික්‍ෂූන් ගෙනෙන්නට ඒ ඒ තැනට 60 ඇමතියන් යවා එය ඉටු නොලත් හෙයින්, “ඒ ශාසන අභිවෘද්ධිය මම ම කරන්නෙමි” යි 61 සිතමින්, ජන ප්‍රධාන වූ මහ පින් ඇති රජ තෙමේ මහර්ෂි ශාසනයාගේ චිරස්ථිතිය ම කැමැති වෙමින් සිටියේය. හෙතෙම බුද්ධ පුත්‍රයන් ගෙන ඒම පිණිස, බුදුන් පිරිනිවි තැන් පටන් දෙදහස් දෙසිය අනූ තුන් වස (2293) පැමිණි කල, නොයෙක් ආකාර පඬුරින් හා නොයෙක් පූජා වස්තුයෙන් යුක්ත වූ උතුම් රාජ 62 සන්දේශ ද දී, (සියාම් දේශයෙහි) අයෝධ්‍යා පුරවරයට ඇමතියන් යැවීය.
මෙසේ ලංකා නායක තෙමේ බුදු සසුන් සුවිශෝධනය කරනු 63 කැමැත්තෙන් එහි දියුණුව ආරම්භ කළේ ය. ඒ ඇමතියෝ රාජ සන්දේශ ආදිය ගෙන මහ පෙරහරින් මහත් ගෞරවයෙන් පිටත් වූහ. 64 ලංකා ආරක්‍ෂාවෙහි නියුක්ත ඕලන්ද මිනිසුන් හා නැව් නැගී ගොස්, සියාම් 65 දේශයෙහි අයෝධ්‍යා පුරයට ඔවුන් පැමිණි කල, එරට රජ තෙමේ 66 රාජ සන්දේශ ආදිය පිළිගෙන විධි වූ පරිද්දෙන් ඇමතියන්ට ද කටයුතු 67 සංග්‍රහ මනාව කරවා උතුම් රාජ සන්දේශය බැලීය.
නුවණැති, 68 බුදු බවම පතමින් දස පෙරුම් පුරන්නා වූ, සස්න මනාව රක්නා වූ, ‘ධාර්මික’ නම් ඒ නරපති තෙමේ, ලක්දිව්හි බුදු සසුන් පිරිහුණු බව ආදී වූ සියලු පුවත් දැන වෙසෙසින්ම කම්පිත වූයේ, “මම වනාහි බුදු සසුන් 69 වැඩීම සඳහා උපස්තම්භක වන්නෙමි” යි සිතීය. ඒ රජ තෙමේ 70 සියාම් ජනපදයෙහි සඟරජු ආදී බොහෝ වූ බහුශ්‍රැත ධර්මධරයන්ට ද, 71 පැවිදිව බොහෝ කල් ගිය තෙරුන් ද, විනය දන්නා මහ තෙරුන් හා 72 ශාසන කෘත්‍යය කිරීමට සමත් තෙරුන් ද රැස් කොට මනාව විචාරා බැලුවේය. ඉක්බිති අල්පේච්ඡ, සන්තුෂ්ට ගුණයන්ට ආධාර වූ, ආචාර ශීලාදී ගුණයෙන් 73 යුක්ත ‘උපාලි’ ස්ථවිරයන් ප්‍රමුඛ අතිරේක දශ වර්ගයක සංඝයා ආරාධනා 74 කොට, ලක්දිව්හි නැති ධර්ම විනය පුස්තකයන් ද, රන් පිළිමයක් හා 75 උතුම් රන් පොතක් ද, ලක්දිව් මහරජාණන් කෙරෙහි පහන්ව උතුම් රාජ සන්දේශයක් හා නොයෙක් පඬුරු ද, අයෝධ්‍යා පුර රාජාමාත්‍යයන් ද දී, 76 වෙස්සන්තර රජු වැනි වූ ඒ රජ තෙමේ ලක්දිව් වර දළදා මැදුරට එවීය.
77 මෙසේ රන් පිළිම ආදිය සපයා යම් නැවක් එවන ලද්දේ ද, ඒ මහ නැව බොහෝ උපද්‍රව ඇති, අනේක භයින් ආකීර්ණ වූ 78 ගැඹුරු මුහුදේ උපද්‍රව රහිතවම අවුත් යහපත් උතුම් ලක්දිව්හි ත්‍රිකෝණමලය තොටට (වරායට) පැමිණියාය. ලංකාධිපති වූ ඒ මහ රජ තෙමේ 79 ඒ පුවත අසා ශ්‍රී වර්‍ධන පුරයෙහි (මහනුවර) සියලු නුවරුන් රැස් කරවා මහ සැණකෙළි 80 කරවමින්, පහන් රජ තෙමේ මහ මුහුද පටන් ශ්‍රී වර්‍ධන පුරය යම් තාක් ද 81 එතෙක් මාර්ගය ශුද්ධ කරවා ඒ ඒ තැන ආරාමයන් ද කරවීය.
ඒ ජනේන්ද්‍ර 82 තෙම මහ සෙනෙවි ආදී වූ ඇමතියන් ද යවා බුදුන් පිළිරූ හා දහම් පොත්, භික්ෂු සංඝයා ආදී සියල්ල යථා ක්‍රමයෙන් ගෙන්වා, මහත් 83 ගෞරවයෙන් හා මහත් පෙළහරින් ද දුරු මඟ ගෙවා, සමණළ ගලින් 84 වැටුනා වූ මහවැලි ගඟ වෙත පැමිණි කල, ශ්‍රී වර්‍ධන පුරාධිශ්වර පුණ්‍යකාමී 85 මහා යසස් ඇති ජන ශ්‍රේෂ්ඨ තෙමේ තෙරුවන් සඳහා පෙර ගමන් කිරීමෙන් උපදින 86 ඵලය කැමැත්තේ ම, ඇත් අස් ආදියෙන් හා බල සෙනගින් පෙරටු කරන ලද්දේ පෙර ගමන් කොට, ශ්‍රද්ධාවෙන් උතුම් වූ මහ තෙරුන් ආදී 87 මහ සංඝයා වැඳ එකෙණෙහි සතුටු විය. සමග සතුටු විය යුතු වූ කථාව 88 ද මනාව කොට නිමවා, තුණුරුවන් පෙරටු කොට ගෙන සිය පුරයට 89 අවුත්, පුෂ්පාරාමයෙහි (මල්වතු විහාරයෙහි) මනා තැනෙක කරවන ලද මනරම් වූ උළු සෙවිලි කළ 90 අලංකෘත සංඝාරාමයෙහි පසයෙන් උපස්ථාන කෙරෙමින්, දවස් 91 පතා සැප දුක් විචාරීමට ඇමතියන් ද නියෝග කළේ ය.
92 අයෝධ්‍යා පුරයෙන් ඒ මහ රජහු විසින් එවන ලද උත්තම රාජ සන්දේශ ආදිය ගෙන්වාගෙන ආවා වූ රාජදූතාදී ඇමතියන් සුදුසු තැන්හි වස්වා, ඇමතියන්ට කටයුතු සංග්‍රහ කරවීය. බුදුන් පිරිනිවි පසු දෙදහස් 93 දෙසිය අනූ නව වන (2299) ඒ අවුරුද්දෙහි ඇසළ මස පැමිණි පුර පසළොස්වක පොහෝ 94 දවස්හි, මහ බල ඇති ඒ මහිපති මනුජේන්ද්‍ර වූ මහ රජ තෙම 95 රාජානුභාවයෙන් යුක්ත වූයේ ම ආරාමයට වැද, එහි 96 මැද යහපත් පොහෝ ගෙයි මනාව අසුන් පනවා, ශීලාචාර ගුණයෙන් යුක්ත, තියුණු උපාය 97 දන්නා මහා ‘උපාලි’ තෙරුන් ද, සියලු සතුන්ගේ හිත වැඩෙහි ඇලුනු දෙවෙනි ‘අරියමුනි’ 98 තෙරුන් ද සංඝයා සමග වඩා ගෙනවුත් වැඩ හිඳුවා, උන්වහන්සේලා ලවාම ලකේන්ද්‍ර රජ තෙමේ එකල්හි මහ පෙළහර පවත්වමින් ලක්දිව්හි හෙරණුන් (සාමණේරයන්) අතුරෙන් ප්‍රධානයන්ට උපසම්පදාව දෙවීය.
99 එතැන් පටන් සද්ධර්ම ශබ්ද ශාස්ත්‍රයන්හි සමත් වූ හෙරණ පැවිදි ආදීන් ගෙන්වා උපසම්පදා දෙවමින්, එසේම අනුක්‍රමයෙන් උතුම් බුදු 100 සස්නෙහි පැවිදි උපසම්පදාවට සුදුස්සන් මනාව විචාරා ඔවුන්ට 101 මනාකොට පැවිදි උපසම්පදා දෙවා, ලක්දිව භික්‍ෂු සංඝයා බොහෝ වූ 102 කල, උන්වහන්සේලා අතුරෙන් ආගම පිළිවෙත් රැකීමෙහි නිති ආදර ඇති, සමත් වූ, ගුරු තන්හි තැබිය යුතු වහන්සේලා කවුරුන්දැයි විචාරා, අයෝධ්‍යයෙන් වැඩි සංඝයා කෙරෙහි හික්මෙනු පිණිස උන්වහන්සේලා මෙහෙයවීය.
103 බුදු සසුන් වැඩූ ඒ ලජ්ජී භික්‍ෂූන් අතුරෙන්, ලක්දිව බොහෝ කලක් 104 විනාශ මුඛයට පැමිණ තිබූ බුදු සසුන බබුළුවන්ටම යමෙක් තෙමේ බොහෝ 105 කාලයක් කළ උත්සාහය ඇත්තේ ද, යමෙක් තෙමේ අනලස් වූයේ රෑ දාවලෙහි බුදු සසුන් පිළිබඳ දහම් හා පිළිවෙත් නුවණ පමණින් හා බල 106 පමණින් බැබළවී ද, එසේම යම් යතිවරයෙක් තෙමේ අන්‍ය වූත් බොහෝ 107 ශිෂ්‍යයන් දහම් පිළිවෙත සකසා හික්මවා මෙහි සස්න බැබළවී ද, යමෙක් තෙමේ ස්වාර්ථයෙහිත් පරාර්ථයෙහිත් යෙදුනේ බුදු සසුන් කලක් පවත්වනු කැමැත්තේ ද, එසේම යමෙක් තෙමේ ශුද්ධාජීවයෙහි ඇලුනේ 108 ද, යමෙක් තෙමේ ලක්දිව්හි හිතකාමී සියලු බුද්ධ පුත්‍රයන්ට ගුණ, ශීල, ධූතාංග ආදියෙහිදී කැඩපතක් බඳු වී ද, යමෙක් සාමණේර කාලයෙහි 109 ‘සරණංකර’ නම් වී ද, උපසම්පදා වූ පසු ශීලාචාර සම්පන්න ඒ බුද්ධ පුත්‍රයන් වහන්සේව සංඝරාජ භාවයෙහි පිහිටුවීය.
ඉන්පසු උන්වහන්සේට අනුගත 110 භික්‍ෂූන් අතුරෙන් බුදු සසුන් කටයුත්තෙහි යමෙක් දක්‍ෂ නම්, එසේම යමෙක් සූපේසල නම්, විහාර දෙක්හි (මල්වතු සහ අස්ගිරි) වැසි එබඳු වහන්සේලා ද විචාරා බලා, 111 උන්වහන්සේලාට තනතුරු දී, බුදු සසුන් වඩන සියල්ලෝම සමගිව රෑ 112 දාවලෙහි නොමැලිව, විනය යම් සේ නම් ධර්මය යම් සේ නම් එසේම 113 කළ මැනවැයි නියම කොට, රජ තෙමේ බොහෝ සංග්‍රහ කොට කලක් පැවැත්ම පිණිස මෙසේ මනාව ලක් සසුන් බැබළවීය.
114 සියම් දේශයෙන් මෙහි පැමිණි රාජදූතාදීහු ද රාජ සන්දේශ ආදිය දී 115 රජු බැහැදුටහ. ලක්දිව්නා මහ රජ ඒ සියල්ල පිළිගෙන ප්‍රවර රාජ සන්දේශය 116 යහපත් සේ බලා පහන් රජ තෙම ඔවුන්ට සංග්‍රහ ද කළේ ය. තමා 117 සඳහාත් අනුන් සඳහාත් නැවත නැවත සසුන් වඩනු පිණිස කළ පින් 118 ඇති, දහම් කැමැති, සසුන් හොබවන යහපත් තැනැත්තේ, ආරාමයට පිවිස සඟ මැදට ගොස් සසුන් පැවැත්මට කරුණු නොයෙක් පරිද්දෙන් විචාරා, සසුන්ම බබුළුවන්ට සිතමින් රජ තෙමේ ප්‍රවර උපාලි මහ 119 තෙරුන් සකසා ආරාධනා කළේය. හෙතෙම දීඝ නිකායෙන් ද (දික්සගියෙන්), සංයුක්ත නිකායෙන් ද (සංයුක්සගියෙන්), 120 අනිකුත් සද්ධර්ම සංග්‍රහ ආදී නොයෙකුත් ග්‍රන්ථයෙන් ද, දස ප්‍රකාරයෙන් වූ 121 රාජ ධර්මයන් හා සිවු සඟරාවතුන් ද යන මේ ආදිය අසා උපන් සැදැහැ ඇති මහ ප්‍රඥා ඇත්තෙක් විය. හෙතෙම කටයුතු හා නොකටයුතු ද, පින් පව් ද, වරද හා නිවරද ද 122 දැන, නොකටයුතු පාප ධර්මයන් හා වරද දුරු කොට, කටයුතු දහම්හි සහ අනවද්‍යයෙහි (නිවැරදි දෙයෙහි) තමා යහපත් සේ පිහිටුවා ගත්තේය.
123 දවසක් දවසක් පාසා දානාදී නොයෙක් පින්කම් කරමින් මුළු නුවර පෙර (කීවාක්) සෙයින්ම අලංකාර කරවා, අයෝධ්‍යයෙන් ආ 124 ඇමතියන් ද, එසේම ලංකා වැසි සියල්ලන් ද, උපාලි මහතෙරුන් ආදී භික්‍ෂූන් ද, එසේම ලක්දිව් වැසි (නවක) භික්‍ෂූන් සහ සාමණේර ආදීහු ද, 125 සියල්ලන් රැස් කරවා ආදර සිහිත වූයේ, ඒ සියල්ලවුන්ගේ වැඩ සඳහාත් 126 හිත සුව සඳහාත් රාජාභරණ ආදී නොයෙක් පූජා වස්තුවෙන් පෙර සෙයින් සැණකෙළි පවත්වමින් දළදා වහන්සේ දැක්වීය.
127 මියුගුණු (මහියංගනය) සෑ ආදී වූ චෛත්‍යස්ථාන වඳිනු කැමැති රාජ දූතාදී 128 ඇමතියන් ද ලක්දිව්හි ඇමතියන් හා ඒ ඒ තැන්වල යවා, රිසි සේ වන්දවමින් 129 ඔවුන්ගේ කටයුතු හා සංග්‍රහ මනාව කරවා යැවීය. එසේම ප්‍රවර උපාලි තෙරුන් ආදී භික්‍ෂු සංඝයාටත් පූජා වස්තූන් දී ඇමතියන් ද මෙහෙයවා, 130 මියුගුණු ආදී ලක්දිව් උතුම් සොළොස් (මහ) ස්ථානයන් හා ශ්‍රී වර්‍ධන 131 පුරාදියෙහි චෛත්‍යයන් ද බඳවා, බද්ධසීමා කරවා භික්‍ෂූන්ගේ අභිවෘද්ධිය කැමැත්තේ පොහෝ ගෙවල් හා ආවාසයන් ද තන්හි තන්හි කරවීය.
132 භික්‍ෂු සංඝයා කෙරෙහි මනාව පහන් ඒ රජ තෙමේ තුන් අවුරුද්දක් 133 ඇතුළත ආරාම ද කරවා භික්‍ෂු සංඝයා වස්වා, වස් කාලයේ කටයුතු 134 උපකාර ද කරවා සදහමුත් අසා පොහෝ පෙහෙවස් විසීය. සංඝයා පවාරණය කළ කාලයෙහි නොයෙක් පිරිකරින් හා පිරිවර සිවුරෙන් 135 යුත් කඨින සිවුරු දුන්නේ ය. තුන් අවුරුද්ද ඇතුළත උතුම් වූ ඒ 136 සංඝයා කෙරෙහි සත්සියයක් (700) පමණ උපසම්පදා කරවමින්, ජන සමූහයා කෙරෙහි හිතකාරී රජ තෙමේ තුන් දහසක් (3000) පමණ කුලපුත්‍රයන්ට උතුම් හෙරණ පැවිදි (සාමණේර) බව ලබා දුන්නේය. 137 ලොවට වැඩදායක වූ ජනාධිපති රජ තෙමේ මෙසේ ශාසන අභිවෘද්ධිය කළේ ය. එහෙයින් සතුටු වූ සියලු බ්‍රහ්ම, සුර, අසුරයෝ ඒ මහීපතියා හට ශ්‍රී හා ආයු දෙත්වා!
138 ලොවට දියුණුව පිණිස බොහෝ උපකාර කර වූ, මනා ප්‍රඥා ඇති 139 (සියම්) දේශයේ ‘ධාර්මික’ නම් නරපති තෙමේ, බුදු බවම පතමින්, සීලාචාර ගුණයන්ට වාසභවන වූ, සැදැහැ ආදී ගුණයෙන් හෙබියා වූ මහා ‘විශුද්ධචාර්‍ය්‍ය’ 140 තෙරුන් ද, ගුණාකාර වූ තියුණු බුද්ධි ඇති ‘වරඤාණමුනි’ නම් අනු 141 තෙරුන් ද යන දෙදෙනා ප්‍රධාන කොට ඇති දශ වර්ගයකට අතිරේක සුපේසල සංඝයා, ඒ අයෝධ්‍යා පුරයෙන් ‘සූකර’ නම් සංවත්සරයෙහි ලක් 142 සසුන් වැඩුම් පිණිස නැවත ලක්දිවට එවූයේ ය. ඒ සංඝයා මෙහි 143 පැමිණි කල මහා යසස් ඇති ලක් රජ තෙමේ පෙර සෙයින් මහත් ගෞරවයෙන් නුවරට වඩා ගෙනවුත් මල්වතු වෙහෙර වස්වා, සාදරයෙන් 144 ම දවස් පතා නිති බත් ආදී සියල්ල පෙර යම් සේ දිනපතා දුන්නේ ද, පසුවත් එසේ ම දුන්නේ ය.
ප්‍රවර ඒ උපාලි මහා ස්ථවිර තෙමේ තුන් අවුරුද්දක් පුරා ශාස්තෘ ශාසනයේ අභිවෘද්ධිය පිණිස රෑ දාවලෙහි නොපමාවූ සේක් ම කටයුතු 145 කොට පින්රැස රැස් කළ කල්හි, උපන් නාසිකා රෝගයක් ඇතිව එයින් 146 ම ඉතා පීඩාවට පත් වූ සේක. ගිලන් බවට පැමිණි ඒ උතුම් මහ තෙරුන්ට 147 සිංහලාධිශ්වර මහ යසස් ඇති රජතෙමේ මනා කොට බෙහෙත් හා උපස්ථාන 148 කරවමින්, නැවත නැවත ආරාමයට ගොස් රෝගයෙන් බැගෑපත් මහ තෙරුන් 149 දැක කම්පිත සිත් ඇත්තේ, රෝගය අසාධ්‍ය යයි දැන පූජා වස්තුවෙන් නොයෙක් 150 පරිද්දෙන් බුද්ධ පූජා පවත්වා ප්‍රාප්ති දානය (පින් අනුමෝදන් කිරීම) ද දුන්නේය. පසුව කලුරිය කළා වූ තෙරුන් වහන්සේගේ ශරීරයත් මහඟු පිළී ගෙයක (වස්ත්‍රයෙන් කළ ගෘහයක) තබා, සකස් කොට මහ පෙළහරින් වඩා ගෙනවුත්, නොයෙක් පූජා විධානයන් පවත්වමින් ජන ශ්‍රේෂ්ඨ තෙමේ ආදාහන කෘත්‍යය කරවා පින් රැස් කළේ ය.
151 ලක්දිව බුද්ධ ශාසනයේ දියුණුව පිණිස දෙවරක්ම භික්ෂූන් වහන්සේලා මෙහි එවූ හෙයින් ද, 152 මුළු ලක්දිවම එකදු උපසම්පදා භික්ෂුවක්වත් නැති කල්හි සිය ගණන් භික්ෂූන් පහළ කරවීමෙන් ද, මෙහි නොයෙක් ධර්ම පුස්තක එවීමෙන් ද, 153 සියම් දේශයේ නායක වූ ධාර්මික නම් නරශ්‍රේෂ්ඨයා මුනි සසුන වැඩීමෙහි උපකාරකයෙකි යැයි රජතෙමේ දැන ගත්තේය. බොහෝ උපකාර කළ එබන්දෙකුට මම ද 154 කටයුතු යම් දෙයක් වේ නම් එය මැනවින් කරන්නෙමියි ඔහු සිතුවේය. 155 එසේ සිතා බුද්ධ දළදා වහන්සේගේ ආකෘතියක් ද, මහාර්ඝ මිණිරුවනකින් නෙළන ලද බුදු පිළිමයක් ද, 156 දකුණට කරකැවුණු සක් ආදී නානාප්‍රකාර බොහෝ පඬුරු ද, ශ්‍රේෂ්ඨ රාජ සන්දේශයක් ද දී ඇමතිවරුන් නියම කළේය. 157 සියරට බලා යාමට කැමති වූ භික්ෂූන් වහන්සේලාත් ඔවුන් සමඟ සියරට බලා යැවූයේය.
158 ඒ ඇමතිවරු ඒ සියලු පඬුරු මහත් ගෞරවයෙන් රැගෙන ගොස් 159 සියම් දේශයට පැමිණි කල, ධාර්මික රජතෙමේ ඉතා සතුටු සිත් ඇත්තේ විය. 160 හෙතෙම බුදු දළදා ලකුණු ආදිය බලා කැමති සේ බුදු දළදාව ලද්දෙකු සේම 161 පැහැදුණේ, දවස් පතා මහ පෙළහර කරවමින් රාජ සන්දේශයෙහි 162 සඳහන් වූ සසුන් වැඩීම ආදියෙහි පින්දීම් ආදී වූ බොහෝ වචනයන් අසා දැන ගත්තේය. 163 ලක් රජු හට පැහැද ලක්දිව නැති බොහෝ පොත් ද, ශ්‍රී පාද ලාංඡනයක් ද, මනරම් වූ දළදා වහන්සේට පූජා පිණිස රන්මය 164 කුඩයක් ද, රාජ පරිභෝගයට සුදුසු නානාප්‍රකාර දැකුම්කළු මනරම් පඬුරු ද, තමන් විසින් කරවන ලද උපසම්පදාදී සියලු පින්කම්හි 165 පින් ද දී, දෙරජුන්ගේ මිත්‍රත්වය තහවුරු කිරීමට සුදුසු කරුණු ප්‍රකාශ කොට ලියන ලද උතුම් රාජ සන්දේශයක් ද යන මේ සියල්ල දී ප්‍රවර වූ මනා ලක්දිවට එවීය.
166 මහත් යසස් ඇති ලක් රජතෙමේ ඒ සියල්ල ගෙන, සද්ධර්ම පුස්තක 167 සහ මුනි පා සලකුණු ආදිය දැක සතුටුව මහා පූජා ද, මහ පෙළහර ද 168 කරවා සියල්ලන්ට දැක්වීය. සන්දේශය බලා එහි ප්‍රකාශ වූ ලත් දේ සහ දුන් දේ ආදී 169 මිත්‍රත්ව බන්ධන ප්‍රකාශ වූ බොහෝ වචනයන් ද මැනවින් දැන, පින් අනුමෝදන් වීමෙන් හා අතිශය සොම්නසින් යුත් සිංහලාධිශ්වර තෙමේ, 170 “සසුන් වැඩීම ආදී වූ පින්කම්වලින් උපන් ඵල මේ ආත්මයේදීම 171 දිටිමි” යි ද, “මතු භවයෙහි මැනවින් විඳිය යුතු ඵලයෙහි 172 කවර කතා ද?” යි සිතා මෙසේ ත්‍රිවිධ රත්නය විෂයෙහි මැනවින් පැහැදුණේය. ඒ 173 මිහිපල් තෙමේ ආරාමයට වැද, දෙවෙනි වරට වැඩි මහතෙරුන් කෙරෙන් සද්ධර්මය හා උපසපන් භික්ෂූන් විශුද්ධාචාර්ය ආදී භික්ෂු සංඝයා කෙරෙහි 174 හික්මෙන්නට නියෝග කොට, අන්‍ය වූත් බොහෝ කුලපුත්‍රයන් ඒ තෙරුන් කෙරෙහි මැනවින් උපසම්පදා කරවීය.
175 ඒ ලක්වැසි භික්ෂූන් අතුරෙන් ගුණයෙන් හෙබි කිසිවෙක් මහා 176 විශුද්ධාචාර්ය නම් තෙරුන් වෙතින් නිවන් මග වූ ඒ විදර්ශනා ධූරය උගත්හ. සමහරු වරඥානමුනි නම් අනුතෙරුන් වෙත සද්ධර්ම විනය අර්ථයන් හා 177 ශබ්ද ශාස්ත්‍රය ද උගත්හ. මෙසේ ලංකේෂ්වර රජතෙමේ ධර්මයෙහි ද ප්‍රතිපත්තියෙහි ද ලංකා 178 භික්ෂූන් නියෝග කොට බුදු සසුන රැක්කේය. ඒ ලක්දිව වැසි භික්ෂූහු ද 179 ප්‍රමාද නොවී නුවණැතිව ශීලාචාර, ධූත ගුණ, අල්පේච්ඡතාව සහ ආර්ය වංශයන්හි යෙදුණාහු, මැලි නොවී, අලස නොවී බුදු සසුන්හි පිළිපදින්නෝව රෑ දාවල් 180 නොපමාව ග්‍රන්ථ ධූරය හා විදර්ශනා ධූරය ඇත්තෝ වූහ. සෙනසුන් දීම ආදියෙන් ඒ රජ තෙමේ උන්වහන්සේලාට සංග්‍රහ කළේය.
181 සියරට බලා වැඩීමට කැමති වූ, දෙවෙනි වරට සියම් දේශයෙන් මෙහි වැඩි 182 භික්ෂු සංඝයාත් ඒ රජ තෙමේ ඕලන්ද වෙළඳුන්ගේ උපකාරයෙන් වැඩමවීය. 183 ශ්‍රී වර්ධනපුරයෙන් නැගෙනහිර දිශාවේ ඉතා දුර නොවූ හොබනා තැනක, 184 මැනවින් පිහිටි ගලක් මත ගල් වඩුවන් ආදී දක්ෂ වූ කම්කරුවන් ලවා වඩු රියන් නවයක් 185 පමණ උස උතුම් බුද්ධ ප්‍රතිමාවක් මැනවින් කරවා, ඒ පිළිමය 186 රන් පටින් වස්වා, ජීවමාන බුදුන් බඳු ඒ බුදු රුව ඇතුළත් කොට උස් වූ ඝන වූ 187 මනා ගල් බිත්ති කරවා, මනහර ගල් ටැම් පිහිටුවා, උළු සෙවිලි කළ දෙමහල් ගෙයක් හා විශාල මළුවක් ද කරවා, දැකුම්කළු මහත් මන්දිරයක් ද කරවා, පවුරු 188 මඩු ආදිය ද මැනවින් කරවා, නානා විසිතුරු වස්ත්‍රයෙන් වියන් තිර බැඳ, ඊට 189 වටා තොරණ ද අතුරු නැති කොට බඳවා, නානා අලංකාරයෙන් නොයෙක් පරිද්දෙන් සරසා, නානා ධජ පතාකයන් ඒ ඒ තන්හි 190 නංවා, එහි නෙත් තබන පින්කම් දිනයෙහි පහන් දල්වා, පුන්කළස් තබ්බවා, 191 මංගල සම්මත විවිධ විධානයන් ද, එහි කටයුතු සියල්ල ද මැනවින් සකස් කරවා, එහි විසිතුරු සිත්කම් කළ ශිල්පීන්ට කැමති සේ වස්ත්‍රාභරණ ආදී බොහෝ 192 දෑ දී නොයෙක් පරිද්දෙන් ඔවුන් සතුටු කරවීය. ඉන්පසු සක්, කස තල ආදී 193 තූර්යයන්ගේ මහා හඬ මහා සාගර ඝෝෂාව මෙන් මනහර කොට පවත්වා, 194 මංගල සම්මත නැකැත් මොහොතක් ඇති මනා යැයි සිතෙන යහපත් දිනයක නෙත් තබ්බවා, මහ පෙළහර කරමින් නොයෙක් රිදී පාත්‍රා ද, බොහෝ 195 රිදී භාජන ද, මහාර්ඝ පිරිකර ද, ඉතා වටිනා තුන් සිවුරු ද, ධජ පතාක හා ධවල ඡත්‍ර ද, වල්විදුනා ද පූජා කර, මේ දේ මෙනෙහි කරමින් ජීවමාන බුදුන් හමුවෙහි සේ 196 විශේෂයෙන් පැහැදුණු රජ තෙමේ සිතා පින් කැමැත්තේ පිදුවේය. බොහෝ 197 වූ මිහිරි ආහාර, කැඳ, අවුළු ආදී නානා ආහාර ද, සකුරු, මී, බුලත්, හුණු, 198 කපුරු ආදිය ද, බෙහෙත්, සඳුන් ආදී නොයෙක් සුගන්ධයන් ද, දෑසමන්, 199 සපුමල් ආදී යහපත් මනරම් පුෂ්පයන් ද යන මේ ආදී සියලු පූජා වස්තූන් 200 පුදා, බුදු පිළිම කරවූවන් ආදීන්ට ඇතුන්, ගවයන් ආදී වූ සවිඤ්ඤාණක හා 201 අවිඤ්ඤාණක නානා වස්තූන් ප්‍රදානය කිරීමෙන් ඔවුන් සතුටු කළේය.
202 ධනයේ අසාර බව දැන එකල ඒ රජු ඒ විහාර පූජාවෙහි පරිත්‍යාග 203 කළ ධනය එකසිය පනහක් අධික වූ සොළොස් දහසක් (16,150ක්) විය. ඒ විහාරය මහත් වූ දැකුම්කළු වූ ද, හොබනා වූ ද මහවැලි ගඟ ඉවුරෙහි 204 මනරම් භූමි භාගයෙහි කළ හෙයින්ම ‘ගංගාරාමය’ යැයි ප්‍රසිද්ධ විය. රජු 205 විසින් කරවන ලද හෙයින් ‘රජමහ විහාර’ නම් විය. මෙසේ මනා කොට 206 කරන ලද සෞභාග්‍ය ශ්‍රීයෙන් යුක්ත ඒ විහාරයත් නුවරට පැමිණි සතුරෝ නැසූහ. රජ තෙමේ ඒ විහාරය මැනවින් පිළිසකරු කරවා, පූර්ව නේත්‍ර 207 පින්කම්හි සේම මහ පෙළහර කරවා, නේත්‍ර පින්කම් ද කරවා, චිත්‍ර ශිල්පීන් ආදීන්ට වස්ත්‍රාභරණ ආදී වස්තූන් අඩුවක් නැතිව දීමෙන් ද, 208 ජන ශ්‍රේෂ්ඨ තෙමේ නොයෙක් පූජා වස්තුවෙන් පුදා, ඒ වෙහෙර වෙත 209 මනරම් සඟරමකුත් කරවා, දහම්හි හා පිළිවෙත්හි යෙදුණු, නීති ගරුක, ආදර ඇති 210 භික්ෂු සංඝයා වස්වා, නොයෙක් පසයෙන් රත්නත්‍රයෙහි ආදර සහිත ඒ 211 තෙමේ උපකාර කරමින්, පෙර කී ක්‍රමයෙන්ම බුද්ධ පූජා පවත්වා, ධර්මය හා සංඝයාත් එකවිටම පුදා තමන්ටත් ලොවටත් පින් රැස වැඩුවේය. 212 කරවන ලද මනා දැකුම් ඇති සිත්කළු විහාරය නිමවා, එහිම 213 පවත්වන ලද අනල්ප වූ සියලු පූජා විධි ද, සංඝදාන ආදී වූ බොහෝ 214 පින්කම් කලක් පවත්වනු පිණිස මිහිපල් තෙමේ වෙහෙර සමීපයෙහි අරුප්පල යැයි නම් වූ එක් ගමක් ද, අන්‍ය වූත් බොහෝ ග්‍රාම ක්ෂේත්‍රයන් ද 215 යන මේවා සහ උයන් ද නියම කොට, මායාදුනු නම් රටේ ”මිනිසුන් සහිත දියගමය” යැයි නම් මහ ගමක් ද දී, එහිම සිත්කළු පර්වතයක අකුරු 216 කොටා ස්ථිර කොට පැවැත්වීය. මෙසේ ශ්‍රීධර වූ ගුණවත් වූ රාජාධිරාජ 217 තෙමේ ලද සම්පත්තියේ සාරය දන්නේ, බුද්ධ පූජා ද ප්‍රවර සංඝ පූජා ද මැනවින් කරවා, ශ්‍රද්ධාව ඇත්තේ නිරන්තරයෙන් සියලු පින් සාරය කර ගත්තේය. එහෙයින් තෙපි සියල්ලෝ ද නිරන්තරයෙන් අලස නොවූවෝ පින්කම් කරව්.
218 කුණ්ඩසාල නම් වූ යහපත් ශාඛා නගර වරයෙහි සිත්කළු වූ උයන්හි, ප්‍රාකාර මණ්ඩපයෙන් යුක්ත වූ යහපත් දැකුම් ඇති විහාරයක් 219 මැනවින් කරවා, සර්වඥ ධාතු පිහිටුවන ලද පිළිම ද කරවා, එහිම කොස්, අඹ, 220 පොල් ආදී පලතුරින් හෙබියා වූ අලුත් උයන් හා බොහෝ ගම් කෙත් 221 හා ආරාමයන් පුදා, ආහාර පූජා ආදී සියලු පූජා විධි ද පින් කැමති රජ තෙමේ දවස් පතා පැවැත්වීය.
222 සීතාවක නුවර රාජසිංහ යැයි ප්‍රසිද්ධ වූ යම් පවිටු රජෙක් තෙමේ පීතෘ ඝාතන කර්මය (පියා මැරීම) හා බුද්ධ ශාසන හානියක් කටයුතු බව නොදැන කෙළේ ද, 223 මිථ්‍යා දෘෂ්ටි ගෙන එම මිථ්‍යා දෘෂ්ටිකයන් කෙරෙහි භක්ති ඇත්තේ, සුමන 224 කූටයෙහි (ශ්‍රී පාදයෙහි) සම්බුදුන්ගේ උතුම් පාද සටහනෙහි උපදින ලාභය ගන්නට ඒ 225 මිසදිටුවන් යෙදවීය. එතැන් පටන් ඒ සියල්ල මිථ්‍යා දෘෂ්ටිකයෝ විනාශ කළෝය. මහ යසස් ඇති මහරජ තෙමේ ඒ පුවත අසා එය අයුක්තියක් යැයි සිතන්නේ, 226 බුදුන් කෙරෙහි ගෞරව ඇති ඒ තෙමේ “මෙතැන් පටන් කිසිසේත් එසේ 227 නොකෙරේවා” යි මිථ්‍යා දෘෂ්ටිකයන්ට අණ කොට, මැනවින් එහි කටයුතු වූ බොහෝ වූ පූජා විධිය පවත්වන්නට බුද්ධ පුත්‍රයන් (භික්ෂූන්) යොදවා, මිනිසුන් 228 සහිත වූ ඉතා සමෘද්ධ වූ කුට්ටාපිටිය නම් මහ ගම ද පුදවා, පා සලකුණෙහි 230 වැසි අව් වළකන්නටත් මස්තක ඡත්‍රයෙන් (කුඩයෙන්) හෙබියා වූ වියන් සහිත මඩුව කරවා, යදමින් බැඳ පූජා විධිය පවත්වා බොහෝ කුසල් රැස් කරමින්, 231 එහි උපදින ලාභයත් සස්නෙහිම යෙදවීය. මෙසේ අඥාන රජු විසින් උතුම් බුදුන් ගුණ නොදැන යමක් කරන ලද නම්, අපගේ සිංහලේන්ද්‍ර තෙමේ බුදුන්ගේ පුත් වූ නිමල් භික්ෂූන් යොදවා ප්‍රවර අමෘත දායක වූ බුද්ධ පූජාව පැවැත්වීය.
232 තවද වළගම්බා මහීනායක රජු විසින් කරවන ලදුව විනාශ බවට ගිය ප්‍රසිද්ධ මැදවෙල විහාරය හා එම විහාරය පිළිබඳ සෑය ද මැනවින් 233 කරවා, ශෘංගස්තල ගම ද පුදා, දවස් පතා එහි මැනවින් පූජා ද පවත්වා 234 අනාගතයේ යා හැකි වූ ඒ ස්වර්ග මාර්ගය ද හෙළි කළේය. දෙවනගල විහාරය 235 සතු රන්දෙණි නම් වූ පූර්වයෙහිම වෙන්ව තිබූ ගම, පින් කැමැති මහ 236 යසස් ඇති නරශ්‍රේෂ්ඨ තෙමේ ගල් අකුරු සටහනින් (සෙල් ලිපියෙන්) දැන පුදා පූජා 237 පැවැත්වීය. නරශ්‍රේෂ්ඨ තෙමේ මැද්දේපොල විහාරය කරවන්නට 238 සංඝරක්ෂිත වහන්සේට මැනවින් සංග්‍රහ කොට, සැතපෙන මහ පිළිම ආදිය කරවා නිම කළ කල මහ පෙළහර පවත්වා, එහි නේත්‍ර පින්කම් ද 239 කරවා, පූජා විධානය පවත්වන්නටත් මල්ගමු නම් ගම පුදවා දවස් පතා 240 මැනවින් පූජා පැවැත්වීය.
241 මෛත්‍රී මුණින්ද්‍රයන්ගේ අග්‍ර ශ්‍රාවක බව පතා ආ දුටුගැමුණු 242 රජු විසින් කරවන ලද මහත් වූ ඒ රිදී විහාරය (සම්බන්ධව), රජ තෙමේ සිද්ධත්ථ නම් 243 හෙරණුන් දෑ උපසම්පදා කරවා, ලකේන්ද්‍ර තෙමේ ඒ වහන්සේට හා උපෝසථාරාමවාසී සියලු බුද්ධ පුත්‍රයන්ටත් තනතුරු දී නොයෙක් 244 පරිද්දෙන් සංග්‍රහ කළේය. කලක් ජරාවාස වී තිබූ ඒ වෙහෙර කරවන්නටත් නොයෙක් කම්කරුවන් ද, බොහෝ සිත්තර ආදීන් ද, බුදු රුවෙහි 245 ආලේප කිරීමට යහපත් වර්ණ ඇති බොහෝ රන්, හස්ත කර්මාන්ත ආදී සියල්ල ද ලක්දිව 246 නරනා තෙමේ දුන්නේය. ඒ සියල්ල ලැබුවා වූ ඒ සිද්ධාර්ථ නම් යතිනා (හිමි) තෙමේ ද ජරා ජීර්ණ ආදී සියල්ල සකස් කොට බැහැර කොට, සෙල්මුවා ඝන තුඟු බිත්ති හා ගෙබිමෙන් බැහැර මඩුවත් හොබනා කොට කරවා, උඩ 247 ගලෙහිත් මාර යුද්ධය සහිත වූ බුදු පිළිරූ හා නොයෙක් මල් වැල් ආදිය ද මැනවින් සිත්කම් කරවා, යහපත් වූ හුනු, බදාම හා මැටියෙන් 248 සැතපෙන මහ පිළිරුවක් හා එසේම උන් සිටි බොහෝ මූර්ති ආදී 249 පිළිරූත් කරවා, ඇතුළු බිත්ති හොබනා දහසක් පමණ බුදු පිළිරූ 250 විසිතුරු සිත්තමින් මනා කොට කරවා, සැතපෙන මහ පිළිමයෙහි පා 251 මුල යථා ක්‍රමයෙන් බුද්ධෝපස්ථායක ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන්ගේ 252 රූපය ද, මෛත්‍රී බෝසතුන්ගේ ද, නාථ දේව වරයාගේ හා ගැමුණු රජුගේ ද හොබනා 253 රූ කරවා, පස් මහා බුදු රූ රනින් ආලේප ද කොට, නොයෙක් පරිද්දෙන් 254 ඇතුළත කටයුතු කම් කරවා, පිටත බිත්තියේ ද පූජා පිණිස ආවුන් වැනි මල් ගත් අත් ඇති හාස වර (සිනාමුසු) වූ දෙව් බඹ රූ පෙළ ද, දැකුම් කටයුතු සිත්කළු 255 මහත් තොරණ ද, දොර දෙපස සිංහ රූ දෙකක් ද, සෙසු බිත් ඇතුළත් අමනුෂ්‍ය රූපයෙන් ද කරවා, මියුගුණු සෑ ආදී උදම් වූ සොළොස් තැන ද, 256 257 සච්චබද්ධ පර්වතයෙහි විසිතුරු පාද සලකුණ ද, දස ප්‍රකාර පාරමී හා ත්‍රිවිධ 258 චරියා, පංච මහා පරිත්‍යාග ආදී ධර්ම ප්‍රකාශිත බොහෝ ජාතකයන් ද විසිතුරු 259 සිත්තමින් කරවීය. සිංහ පෙළ ය, ඇත් පෙළ ය, හංස පෙළ ය, මණ්ඩප 260 ය, එසේම නොයෙක් ආකාර ඇති මල් වැල් ය (ආදිය) කරවා, පසුව එම 261 ගල උඩ සිත්කළු ලෙන්හි දැකුම් කටයුතු යහපත් ප්‍රවර මහ පිළිම ගෙයක් 262 ද කරවා, සකස් කොට බොහෝ සිත්තම් ආදිය කරවා, එහි වැඩ උන් 263 හොබනා දිවමන් බුදුන් වැනි මහත් වූ දර්ශනීය වූ එම පිළිරුව හා දැලයෙහි මනා දැකුම් ඇති උසව සිටි පිළිම දෙකක් ද, මෛත්‍රී බෝසතුන්ගේත්, 264 උපුල්වන් දෙව් රජුගේත් පිළිරූ ද එහි කරවා, අන්‍ය වූ බොහෝ වූත් බුදු 265 පිළිරූ හා නොයෙක් සිය ගණන් රහත් රූ ද, එසේම සූවිසි බුදුන් ද, 266 බෝධි වෘක්ෂය ද, සියලු සූවිසි විවරණය ද, සොළොස් මහ තැන් ද, භූත රූප ආදිය ද, යහපත් වූ පංච ප්‍රකාර සංගීත ද, දැකුම් කටයුතු අන්‍ය වූත් 267 විසිතුරු සිත්තම් නොයෙක් පරිද්දෙන් කරවා, එහිම බුද්ධ ධාතූන් වඩා සෑයකුදු කරවා රන් කොතින් අලංකාර කළේය.
268 ඒ උතුම් මතුලෙනෙහි (උඩ ලෙනෙහි) පිළිම ගෙයක් ද, සැරියුත් මහ තෙරුන් වහන්සේ ආදී පන්සියයක් පිරිවර සහිතව වැඩ උන් පිළිමයක් ද දැකුම් කටයුතු ලෙස 269 කරවා, ඒ ඒ මිදුල්හි පවුරු හා මඩු ද, එසේම නොයෙක් කොටු ද, හිණි පෙති ද, ඒ ඒ තන්හි වෙනත් යහපත් කර්මාන්ත ද, බොහෝ වූ ජරාවාසයට 270 ගිය දෑ පිළියම් කිරීම් හා අලුත් බොහෝ දෑ ද, මනෝහර සියලු කර්මාන්තයන් 271 ද කරවා, එහි නේත්‍ර තබන පෙළහරෙහි රජු වස්ත්‍රාභරණ ආදී වූ බොහෝ දෑ ද දී ඇමැත්තන් එවූ කල, නානා තොරණ පෙළ අතුරු නැති කොට 272 සරසවා, එහි කටයුතු බොහෝ වූ අලංකාර ද කරවා, උතුම් මංගල විධි 273 ද කරවා, සකස් කොට මහ පෙළහර ද පවත්වා, යහපත් නැකැත් මුහුර්තයෙහි 274 එහි නේත්‍ර පින්කම් කොට, එතැන් පටන් මුළු රට වැසි බොහෝ 275 ජනයෝ ගොඩ ගමන් ගත් මුහුද සේ ඒ ඒ දිගින් අවුත් රැස් වූහ. 276 සියලු ජනයෝ එහි කරන ලද්දා වූ බොහෝ වූ රන්කම් ආදී නොයෙක් දෑ දැක ඉතා පහන් සිත් ඇත්තාහු, යමක ප්‍රාතිහාර්යයෙහි බුදුන් දුටුවා 277 සේ පහන් ඔද වැඩි සිත ඇත්තෝම සාධු නාද පෙරදැරි කොට මහ පුද පවත්වමින් ස්වර්ග මාර්ගය පිරිසිදු කළෝය.
278 ඒ වෙහෙර පෙළහරෙහි භික්ෂු සංඝයා නිමන්ත්‍රණය කොට, ඇතුළු 279 විහාර ගෙයි අසුන් පනවා සද්ධර්ම කථික භික්ෂූන් වඩා හිඳුවා, උන්වහන්සේලා ලවා මංගල සූත්‍ර ආදී ශ්‍රවණීය උතුම් දහම් දෙසවා, සකසා දහම් පුද පැවැත්වීය. දුටු ඇසූ සියලු ජනයෝ බුදුන් දැකීම ද, ධර්ම ශ්‍රවණය ද එකවරම ලැබ, එකල්හි ජීවමාන බුදුන්ගේ දහම් දෙසුමෙහි සෙයින් නොයෙක් පරිද්දෙන් මහත් ප්‍රීති ප්‍රමෝද ඇත්තෝ වූහ. දවස් පතා මෙබඳු විලාස ද දේශනා ලීලා ද දැක්වීය. බැහැර මළුවෙහිත් මනහර ගල් ටැම් හිඳුවා මඩුවක් තනවා අසුන් පනවා, මඩුව හාත්පස මහා ජනයා රැස් වූ කල පන්සිල් ආදී සිල්හි ඒ සියල්ලන් පිහිටුවා, දවස් පතා බොහෝ වූ දහම් අස්වා ධර්ම කථිකයන් නිමන්ත්‍රණය කොට නොයෙක් වර තුන්යම් රෑ දහම් ද සාදරයෙන් කියවීය. බුදුන් පිරිනිවී තැන් පටන් දෙදහස් තුන්සිය එක්වන අවුරුද්දෙහි රිදී විහාරය කරවා මහ පෙළහර කළේය.
ඒ වෙහෙරින් දකුණු දිග හොබනා සිත්කළු විසල් වූ ගල් තල මතුයෙහි කරන ලද, ඒ උතුම් සෑයක් නටබුන් වී පස් ගොඩක් සෙයින් තුබූයේ ප්‍රකාශයට ආයේය. එය කරවන්නට සායම්, හුණු, ගඩොල්, ගල් ආදිය ඒ ඒ අතින් රැස් කොට, සිත්කළු සතරැස් අඩිතාලම මනා කොට බඳවා, එහි ශ්‍රීමත් සම්බුදුන්ගේ ධාතු තබා දාගැබක් කරවමින්, ඒ වෙත ඉතා හොබනා භූමි භාගයෙක්හි සංඝයා පවරා යහපත් කොට බද්ධ සීමාවක් ද කරවා, පොහෝ ගෙවල් ආදිය ද, උළු සෙවිලි කිරීම් ආදිය ඇති සංඝාවාසයක් ද කරවමින්, හාත්පස භූමි භාගයෙහිත් නන් මල් තුරින් හා නොයෙක් මල් වැලින් ද, අනෙක ඵල වෘක්ෂ ආදියෙන් ද, සමලංකෘත වූ බොහෝ පොකුණින් යුත් මහ උයනක් ද කරවමින්, එහි සුපේසල බුද්ධ පුත්‍රයන් වස්වා උන්වහන්සේලා දහම්හි ද පිළිවෙත්හි ද මහත් ආදරයෙන් යෙදවූයේය. මෙසේ රාජ බලයෙන්ම කරවන ලද, මහරහතුන් විසින් සෙව්නා ලද ඒ ස්ථානය පූර්ව ලංකාධිපතියන් විසින් පිදූ පුවත් අසා, මහා යසස් ඇති රජ තෙමේ එසේම විහාර සීමාව ද නියම කොට පුදා, එහි සියලු පූජා විධිය ද බොහෝ වූ සංඝ දාන ආදිය ද වැඩි කොට පවත්වමින් පින් රැස් කළේය.
පුවක්, දොඹ, නා ආදී තුරු පෙළින් හෙබියා වූ, කෙළවරක් නැති සියලු ලිහිණියන් විසින් රැව් පිළිරැව් හඬ දෙන ලද, සිහිල් නිමල් සුදු අතළ ගලින් යුක්ත වූ, නොයෙක් මුව රංචු විසින් ගැවසී ගත්තා වූ දොළුගල්පව්ව වෙත, ‘වරාවල’ නම් වූ ඉතා සිත්කළු අරමෙහි රජු විසින් අනුදන්නා ලද ඇමතියෙකු විසින් බුදු පිළිම ගෙයක් කරන ලද්දේය. ස්වර්ණග්‍රාම මන්ත්‍රී (රන්ගම ඇමති) විසින් ගල් ටැම් හිඳුවා පොහෝ ගෙයක් කොට සංඝයා විෂයෙහි පුදන ලදී. ඒ තෙමේම ටැම් ආදී දාරු සම්භාර (දැව දඬු) එක් කොට එකල්හිම ඒ වෙහෙර බොහෝ ගෙවල් ද කරවීය. රජ තෙමේ එහි විසූ භික්ෂූන්ගේ සැම දා පස (සිව්පසය) පිණිස නොයෙක් ගම් කෙත් ආදිය පිදීය. එකල්හි නරශ්‍රේෂ්ඨ තෙමේ මේ සියල්ල කරවා පහන් සිත් ඇත්තේ ධර්ම රක්ෂිත මහ තෙරුන්ට (එය) පැමිණවීය (පූජා කළේය). මෙසේ රජ තෙමේ නන් වැදෑරුම් පින් රැස් කොට පන්තිස් වැනි අවුරුද්දෙහි මෙලොවින් කම් වූ පරිද්දෙන් (කර්මානුරූපව) ගියේය.
භෝගයෙහි ද දේහයෙහි ද අසාර බව සලකා නුවණැත්තෝ ආසාව ඉතා දුරු කොට හරිති. තෙපි තුණුරුවන්ම සේවනය කොට ලොකොත්තර ආදී සැප දෙන කුසල ම භජනය කරව් (රැස් කරව්).
මෙතෙකින් හුදී ජනයාගේ ප්‍රසාදය හා සංවේගය පිණිස කළ මහාවංශයේ ”කිත්තිසිරි රාජසීහ දීපන” නම් වූ සියවෙනි අදියර නිමි.