ඉක්බිතිව ඒ රාජසිංහ රජුගේ පුත්‍ර වූ, ශ්‍රද්ධාව නමැති ගුණාභරණයෙන් යුක්ත වූ, රත්නත්‍රය කෙරෙහි ඉමහත් භක්තියෙන් (මත්වයෙන්) යුතු වූ විමලධර්මසූරිය නම් 1 කුමාරයා රජ බවට පත් වූයේය. ගුණ නමැති ආභරණයෙන් සැරසුණු ඒ නරේන්ද්‍රයා මදුරා පුරයෙන් පියරජු විසින් ගෙන්වා දෙන ලද රාජකන්‍යාව 2 අගමෙහෙසිය කොටගෙන, සතර සංග්‍රහ වස්තුවෙන් දැහැමින් සෙමින් හා සතුටින් ලංකා රාජ්‍යය පාලනය කළේය. රාජ්‍යාභිෂේකයට පැමිණියා වූ ඒ පෘථිවීශ්වරයා බුද්ධ ශාසනය කෙරෙහි බෙහෙවින් පැහැදුණේ, දළදා පූජා ආදී වූ සියලු පින්කම් නොයෙක් අයුරින් ආරම්භ කළේය. මුනීන්ද්‍රයන් වහන්සේගේ දළදා වහන්සේ උදෙසා මනෝහර වූ නොයෙක් 4 කර්මාන්තයන්ගෙන් මනාව බබළන්නා වූ තුන් මහල් ප්‍රාසාදයක් කරවා, 5 රිදී පෙති විසිපන්දහසකින් යුක්ත වූ මනරම් කරඬුවක් ද කරවූයේය. එය රනින් ආලේප 6 කොට නව රත්නයන් ද ඔබ්බා, රත්න චෛත්‍යයක් සමාන වූ ඒ මහා කරඬුවෙහි සර්වඥ දංෂ්ට්‍රා ධාතූන් වහන්සේ වැඩම කරවූයේය.
ඉන්පසු උපසම්පදාව ද කරවීමට සිතා, 7 පන්සියයක් පන්සියයක් වශයෙන් චීවර ආදී වූ යහපත් පිරිකර වෙන් වෙන් 8 වශයෙන් සූදානම් කොට, පඬුරු ආදිය සමඟ රාජ සන්දේශ ඇතුළු ඒ සියල්ල දී පණ්ඩිත වූ අමාත්‍යයෙකු රක්ඛංග දේශයට (අරකන් දේශයට) යැව්වේය. එහි සිට සන්තාන නම් ස්ථවිරයන් වහන්සේ ආදී කොට ඇති භික්ෂු සංඝයාට ආරාධනා කරවා, භික්ෂූන් 9 තිස්තුන් නමක් මෙහි ගෙන්වා ගත්තේය. උන්වහන්සේලා යහපත් වූ ශ්‍රීවර්ධන පුරයෙහි (මහනුවර) වාසය 10 කරවා, සිව්පසයෙන් සකස් කොට උපස්ථාන කරමින්, පෙර සිරිත් පරිදි 11 ගැටඹේ තොට (ගංතොට) උදකුක්ඛේප සීමාවෙහි මනාකොට ගෙයක් කරවා, එහි භික්ෂු සංඝයා වැඩම කරවා කුල පුත්‍රයන් තිස්තුන් දෙනෙකු උපසම්පන්න කරවා 12 බුද්ධ ශාසනය බැබළවූයේය.
තවද කුල පුත්‍රයන් පන්සිය විස්සක් ශ්‍රද්ධාවෙන් යුතුව සාමණේර පැවිදි භාවයෙහි 13 පිහිටුවා, බොහෝ වූ සිව්පසයෙන් උපස්ථාන කරමින් සද්ධර්මයෙහි 14 හික්මවා පුණ්‍ය රාශියක් ද රැස් කළේය. පයින් ගමන් කිරීමේ කුසලය ද මහත් යැයි 15 සිතා සමන්තකූට පර්වතයට (ශ්‍රී පාදයට) ද ගොස්, මැණික්, මුතු, පබළු ආදියෙන් ද 16 ස්වර්ණ රත්න භාණ්ඩයෙන් ද, නානා විධ වස්ත්‍රාදියෙන් ද මහත් වූ පූජා පවත්වමින් සත් දිනක් එහි වාසය කළේය. සමන්තකූට පර්වත 17 මස්තකයෙහි පිහිටියා වූ ඒ සර්වඥ පාද ලාංඡනය, රිදියෙන් කරන ලද මහත් වූ ඡත්‍රයකින් වසා මහා පූජා ද කළේය. දිනක් දිනක් පාසා ධර්ම 18 ශ්‍රවණය කරමින් ද, පෝයක් පාසා පෙහෙවස් රකිමින් ද, ඒ රජතුමා බොහෝ වූ 19 කුසල් කළේය. කුසල් කැමති වූ හෙතෙම මේ ආදී වූ 20 නොයෙක් ක්‍රමයෙන් රෑ දවල් අප්‍රමාද වූයේ නානා විධ වූ කුසල් කළේය.
ඒ නරේන්ද්‍ර තෙමේ මෙසේ ලෝක ශාසන සංග්‍රහ කොට විසි දෙවසරක් වාසය කර මරුවාට වසඟ වූයේය (මිය ගියේය). 21 දානාදී වූ නොයෙක් කුසලයන් කෙරෙහි දයා ඇත්තා වූ, අතිශයින් ධීර වූ හෙතෙම ලෝක නායක වූ මුනීශ්වරෝත්තමයන් වහන්සේගේ 22 උතුම් වූ ශාසනය මෙසේ ආදර සහිතව ම බැබළවූයේය. එබැවින් තොපි ද නිරන්තරයෙන් අප්‍රමාදව ශාසනය බබළවව්. ඉක්බිත්තෙන් ඒ 23 නරේන්ද්‍රයාණන්ගේ පුත්‍ර වූ ‘ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ’ නම් වූ කුමාර තෙම රජ වූයේය. ප්‍රජාවීර ගුණයන්ට මන්දිරයක් වැනි වූ නරේන්ද්‍රසිංහ 24 නම් වූ ඒ රජ තෙම ලංකා රාජ්‍යය ආරක්ෂා කරනු පිණිස මදුරා පුරයෙන් 25 රාජකන්‍යාවන් ගෙන්වා අගමෙහෙසියන් කොට, දානාදී පින්කම් හා දන්ත ධාතු පූජා ද දවසක් දවසක් පාසා කරන්නේ ම පුණ්‍යස්කන්ධයක් ද රැස් කළේය. පිය රජතුමාගේ කාලයෙහි උපසම්පදාව ලත් භික්ෂූන්ට 26 උපකාර කරන්නා වූ හෙතෙම, බොහෝ කුල පුත්‍රයන් පැවිදි කරවා ශ්‍රද්ධාවෙන් ශාසන සංග්‍රහ කළේය.
සර්වඥයන් වහන්සේ ජීවමාන කාලයෙහි ම කරවන ලද මහියංගන චෛත්‍යය වන්දනා කිරීම පිණිස මහ සෙනඟ සහිත වූ නරේන්ද්‍ර තෙම එහි වැඩම කර, 27 නානා විධ විචිත්‍ර වස්ත්‍රයෙන් එකල චෛත්‍යය පුදා, රිදී මල් හා රන් මලින් 28 ද, දියෙහි උපන්නා වූ ද බොහෝ නානා ප්‍රකාර සුගන්ධ පුෂ්පයෙන් හා 29 ඛාද්‍ය භෝජ්‍යාදියෙන් මහත් පූජා පවත්වා මහා පින් ද රැස් කළේය. 30 මහ සෙනඟ ගෙන එම මියුගුණු වෙහෙරට දෙවරක් වැඩම කර මහ පූජා 31 පැවැත්වීය. ඒ නරේන්ද්‍ර තෙම ශ්‍රද්ධාවෙන් දෙවරක් සමන්තකූට පර්වතයට (ශ්‍රී පාදයට) වැඩම කර පූජාත් කොට පුණ්‍ය රාශිය රැස් කර ගත්තේය. 32 මහ පිරිස් ගෙන මහනුවරින් නික්ම මහත් වූ අනුරාධපුරයට වැඩම කර මහ පූජා පැවැත්වූයේය. හෙතෙම සුගත චීවර ප්‍රමාණ වූ (බුදුරදුන්ගේ සිවුරේ ප්‍රමාණය ඇති) සිවුරක් 33 කරවා පූජා වස්තුවෙන් නොයෙක් අයුරින් සර්වඥ දංෂ්ට්‍රාව පිදුවේය. 34
මූල නගරයෙන් (මහනුවරින්) නුදුරු වූ සිත්කළු ගං ඉවුරෙහි (මහවැලි ගං ඉවුරේ) මහ පොල් උයනෙහි ‘කුණ්ඩසාලය’ යන නමැත්තා වූ ශාඛා නගරයක් කොට, වසන්නා වූ ඒ 35 නරේන්ද්‍ර තෙමේ එහි මනා කොට සෙනසුන් කරවා සාමණේරවරයන් 36 වාසය කරවා, දානාදී බොහෝ කුසල් දිනක් දිනක් පාසා කරන්නේ 37 පුස්තකයන් ද ලියවීය. තවද පියරජතුමා විසින් දන්තධාතූන් වහන්සේ උදෙසා 38 මහනුවර කරවන ලද මන්දිරය දිරා ගොස් තිබෙනු දැක, කම්පිත වූ සිත් ඇති ඒ නරේන්ද්‍ර තෙම දෙමහල් උතුම් ශුභ ප්‍රාසාදයක් කරවන්නේ, නානා විධ විචිත්‍ර කර්මයෙන් බබළන ද්වාරයෙන් යුක්ත කොට, රිදී පර්වතයක් (කෛලාශ කූටය) මෙන් 39 හුනු පිරියම් කිරීමෙන් බබළන ලෙස ද, තොටුපළෙන් අලංකෘත කොට ද එය කරවූයේය.
එම මාලක දෙකෙහි භිත්ති මතුයෙහි විදුර ජාතකය, ගුත්තිල ජාතකය, 40 උම්මග්ග ජාතකය, දධිවාහන ජාතකය, මහාකණ්හ ජාතකය, සුතනු ජාතකය, ඡද්දන්ත ජාතකය, 41 ධම්මධ්වජ ජාතකය, ධම්මපාල ජාතකය, මහාජනක ජාතකය, පදමාණවක ජාතකය, ධම්මසොණ්ඩක ජාතකය, මහානාරද කස්සප ජාතකය, මහාපදුම ජාතකය, තේලපත්ත ජාතකය, චුල්ලපදුම 42 ජාතකය, සත්තුභත්ත ජාතකය, අන්ධභූත ජාතකය, චම්පෙය්‍ය ජාතකය, සස ජාතකය, විසයහ ජාතකය, කුස ජාතකය, 43 සුතසෝම ජාතකය, තේමිය ජාතකය යන ජාතක ද, චුල්ලධනුර්ධර ජාතකය හා සච්චංකිර 44 ජාතකය ද, දුම්මේධ ජාතකය හා කාලිංගබෝධි ජාතකය ද, සීලව ජාතකය 45 හා එසේම මණ්ඩබ්බ ජාතකය ද, වෙස්සන්තර ජාතකය යන මේ 46 ජාතක දෙතිස විචිත්‍ර සිත්තමින් මොනවට කරවා නරේන්ද්‍ර තෙමේ 47 අප්‍රමාණ වූ පුණ්‍යස්කන්ධයක් රැස් කළේය. ඒ නුවර මැද මහා බෝධි වෘක්ෂය හා චෛත්‍යය ද, නාථ දේවාලය ද ඇතුළු කොට හාත්පසින් 48 ගලින් නිමවන ලද්දා වූ ඝන වූ උස් වූ හුනු පිරියම් කිරීමෙන් බබළන්නා වූ, 49 පුරඟනගේ ගෙල සැරසූ මුතුහරයක් මෙන් යහපත් වූ ප්‍රාකාරයක් ද කරවා කීර්ති දේහය පවත්වා ගත්තේය.
තමන්ගේ කාලයෙහි පැමිණි හෙරණ (සාමණේර) පැවිදි තැන් අතුරෙහි යමෙක් 50 ශීලාචාර ගුණයෙන් යුක්ත වූයේ ද, අප්‍රමාදයෙහි හැම කල්හි 51 ඇලුනේ ද, නොයෙක් ව්‍යාකරණයන්හි ද බුද්ධ වචනයන්හි ද දක්ෂ වූයේ ද, පණ්ඩිත වූයේ ද, ආගම ප්‍රකාශ කරන්නෙක් වූයේ ද, පරම දක්ෂ වූයේ ද, මහත් යසස් ඇති ගණාචාර්යවරයෙක් වූයේ ද, ආත්මාර්ථයෙහි ද පරාර්ථයෙහි 52 ද පරිත්‍යාග කරන ලද ජීවිත ඇත්තේ ද, ලංකාද්වීපයෙහි පවත්නා 53 බුද්ධ ශාසනය නමැති අහසෙහි චන්ද්‍රයා සේ ප්‍රකට වූයේ ද, ශ්‍රද්ධා ප්‍රඥාවන්ට මන්දිරයක් වූ, අප්‍රමාදයෙහි ඇලුනා වූ ඒ ‘සරණංකර’ නම් සාමණේරයාණන්ට, ඒ මිහිපති තෙම ධර්ම සංග්‍රහයෙන් හා ආමිස සංග්‍රහයෙන් නැවත 54 නැවත සංග්‍රහ කළේය. ලෝකයට අසහාය නායක වූ සර්වඥ වූ මුනීන්ද්‍රයන් 55 වහන්සේගේ ධාතූන් වැඩම කරවීම පිණිස එක් රියන් හමාරක් උස කරඬුවක් කරවා, ස්වර්ණයෙන් ද ආලේප කොට මැණික් ගල් සත්සියයක් ද බඳවා, 56 දිලිසෙන්නා වූ ඒ සධාතුක කරඬුව ද, නොයෙක් විධ වූ සද්ධර්ම පුස්තකයන් 57 ද ප්‍රදානය කොට කැප කළේය.
රජ තෙමේ චීවර ආදී ප්‍රත්‍යයන් ද, බොහෝ 58 කැපකරුවන් ද ඒ සරණංකර නම් සාමණේරයාණන්ට දානය කොට ආමිසයෙන් සංග්‍රහ කළේය. නරේෂ්වර තෙම සද්ධර්මය බොහෝ කල් පිහිටුවනු පිණිස යහපත් සේ ආරාධනා කොට, එකොළොස් 59 දහසක් ග්‍රන්ථයන්ගෙන් (ශ්ලෝකයන්ගෙන්) ප්‍රතිමණ්ඩිත වූ ‘සාරත්ථ සංග්‍රහ’ නම් වූ සද්ධර්ම ප්‍රකරණයක් ද, මහා බෝධිවංශයට සිංහල භාෂා අර්ථ වර්ණනාවක් ද, 60 පූර්ව කාලයෙහි ජම්බුද්‍රෝණිපුරයෙහි (දඹදෙණියෙහි) පරාක්‍රමබාහු නම් රජහු රජ කරන කල්හි 61 පස් පිරිවෙන් වාසීන්ට ප්‍රධාන වූ පණ්ඩිත වූ කුසලාර්ථී වූ ස්ථවිරයන් විසින් 62 ප්‍රතිපත්ති පුරන්නා වූ සියලු භික්ෂූන් මෙයින් නීරෝගී වෙත්වායි ආශංසනය කොට කරන ලද ‘භෛෂජ්‍ය මංජුසාවට’ අර්ථ වර්ණනාව (සන්නය) ද, ඒ නැණවත් වූ 63 පරිශුද්ධ සම්බෝධිය පතන්නා වූ සරණංකර නම් සාමණේරයාණන් ලවා කරවූයේය. ඒ පණ්ඩිත වූ නරේශ්වර තෙම මේ ආදී නොයෙක් පින්කම් කොට, තිස්තුන් වර්ෂයක් රාජ්‍යය කොට මරහු වසඟ විය.
ඒ නරේන්ද්‍ර තෙමේ අති රම්‍ය වූ ලංකාද්වීපයෙහි ඉතා උතුම් ඉසුරු ලබා, ඒ සියල්ල ද, ශරීරය ද, ස්වකීය ජනයන් හා සුහද මිතුරන් ද හැර (පරලොව) 64 ගියේ යැයි දැන, භවතුනි තොපි උතුම් වූ සර්වඥයන් වහන්සේගේ වචන අවවාද ධර්ම සිහි කොට, උතුම් වූ බෝධිය සහ ස්වර්ග සැප ලබා දෙන පුණ්‍ය කර්මයන් කරව්.
මෙතෙකින් හුදී ජනයාගේ ප්‍රසාදය හා සංවේගය පිණිස කළ මහාවංශයෙහි විමලධර්මාදී රාජ දීපන නම් වූ අනූ හත්වන පරිච්ඡේදය නිමි.