1 ඒ මහා යසස් ඇති නරේන්ද්‍රයන් මෙසේ රාජ්‍ය කරන කල්හි, 2 ජයවර්ධනපුර ආදී වූ මුහුදු බඩ පිහිටි ඒ ඒ ප්‍රදේශයන්හි, සූර්ය වංශයෙහි උපන් රජවරුන් අතරෙන්, 3 ජනාධිපති වූ මායාදුන්නේ නම් තේජස් ඇති එක් නරේන්ද්‍රයෙක් විය. 4 ඔහුට රාජසිංහ යැයි ප්‍රසිද්ධ වූ, ඉතා කෲර වූ පුත් කුමාරයෙක් විය. මහා මෝඩයෙකු වූ ඒ තෙමේ, පියා සමඟ ගොස් ඒ ඒ තැන යුද්ධ කොට ජය ගත්තේ ය. 5 පසුව නපුරු අදහස් ඇත්තා වූ හෙතෙම, තමාගේ පියාව ද සිය අතින් ම මරා දමා රාජ්‍යය පැහැර ගත්තේ ය.
සීතාවක 6 නුවර රාජසිංහ යැයි ප්‍රසිද්ධ වූ, ස්වල්ප කාලයක් බුද්ධ ශාසනය කෙරෙහි පැහැදී කුසල් කරන්නා වූ ඒ රජ තෙමේ, එක් දිනෙක දන් දී බියට පත්ව, “මා විසින් කරන ලද පිතෘ ඝාතක කර්මය (පියා මැරීමේ පාපය) කෙසේ නැති කර ගනිම් ද?” යි මහා තෙරුන් වහන්සේලාගෙන් විචාළේ ය. 7 එකල්හි විශාරද වූ ස්ථවිරයන් වහන්සේලා, මෝඩ බුද්ධියක් ඇති ඔහුට ධර්මය දේශනා කළ නමුත්, ඔහුගේ දුෂ්ට වූ සිත සතුටු කිරීමට නොහැකි වූ හ. උන්වහන්සේලා වදාළ “කරන ලද පාපය 8 නැති කළ නොහැකිය” යන වචනය ඇසූ රජු, දණ්ඩකින් පහර දෙන ලද 9 නයෙකු මෙන් එකෙණෙහි කිපුණේ ය.
ඉන්පසු ඔහු ශිව භක්තිකයන් කැඳවා ඒ ගැන විමසූ විට, එම පාපය නැති කළ “හැකිය” 10 යි ඔවුන් කී වචනය අමෘතයක් මෙන් අසා, ඇඟේ අළු ගාගෙන ශිව භක්තිය වැළඳ ගත්තේ ය. 11 හෙතෙම බුද්ධ ශාසනය විනාශ කරමින් ද, භික්ෂූන් වහන්සේලා මරවමින් ද, ධර්ම පුස්තක දවමින් ද, ආරාමයන් කඩා බිඳ දමමින් ද ස්වර්ග මාර්ගය වසා දැමුවේ ය. සංසාරයට කටුවක් වැනි වූ ඒ තෙමේ 12 මිත්‍යා දෘෂ්ටිය ගත්තේ ය. සමනළ කන්දේ (සමන්තකූටයෙහි) උපදින සියලු ලාභයන් ලබා ගැනීම පිණිස, 13 එහි පාපී වූ මිත්‍යා දෘෂ්ටික තවුසන්ව යෙදවූයේ ය.
මෙසේ ඒ අධර්මිෂ්ඨ වූ අඥාන 14 තෙමේ, ගත යුතු දේ නොදැන, නොගත යුතු දේ ගෙන මහත් වූ දුකක් ලබා ගත්තේ ය. 15 එකල රාජ බිය හේතු කොට ගෙන භික්ෂූන් වහන්සේලා සිවුරු හැර ගිහි වූ හ. ඔවුන් අතුරෙන් සංසාර බිය දන්නා වූ අය ඒ ඒ තැන පලා ගියෝ ය. 16 හෙතෙම මුළු ලොවට හිත වූ, අතිශයින් නිර්මල වූ බුද්ධ ශාසනය 17 විනාශ කොට, තමාගේ පෙර පිනේ බලයෙන් මෙහි රාජ්‍යය කළේ ය. ආඥා බලයෙන් යුක්ත වූ ඒ පාපිෂ්ඨයා මුළු ලංකා තලය ම තමාට යටත් කොට ගෙන රජකම් කළේ ය.
18 මෙසේ රාජ බලයෙන් යුක්ත වූ ඒ රජ තෙමේ, සිය ආඥා බලය පෙන්වා සියලු අකුසල් රැස් කොට මාරයාගේ හස්තයට (මරණයට) පත් විය. මෙසේ පාපී වූ මිත්‍යා දෘෂ්ටි සහ මෝහයට වසඟ වීමේ දෝෂයන් දැන, බිය වී, සියලු ප්‍රමාදයන්ගෙන් තොරව බොහෝ කුසල් වැඩ සිදු කෙරෙත්වා.
මෙහි තුබූ ප්‍රමාණයෙන් සත්පුරුෂ ජනයාගේ ප්‍රසාදය හා සංවේගය පිණිස කරන ලද මහාවංශයෙහි, ‘මායාදුන්නේ මහාරාජාදී දීපන’ නම් වූ අනූ තුන් වන පරිච්ඡේදය නිම විය.