පසුව රජතුමා, “සියලු ලක්දිව රාජ්‍යය අනුශාසනා කරන මට, දැන් ඒ ඒ තැන සංචාරය කරමින් සාදරයෙන් සිද්ධස්ථානයන් වැඳ පුදා ගෙන, මා රිසි වූ පරිද්දෙන් 2 දිනපතා පින්කම් කිරීමටත්, ලෝකෝපකාර කිරීමටත් සියලු ආකාරයෙන් උරුම ඇත්තේය. මාගේ අදහසට එකඟ වී පින් රැස් කිරීමටත්, ලෝකෝපකාර 3 කිරීමටත් කවර නම් ඇමතියෙකු සමත් වේ ද?” යැයි සිතුවේය.
ඉක්බිතිව රජු මෙසේ කල්පනා කළේය: “දේවප්‍රතිරාජ 4 නම් වූ මාගේ මේ ඇමති තෙමේ බුදුන් කෙරෙහි ද, ධර්මයෙහි ද, සංඝයා 5 කෙරෙහි ද පහන් වූ සිතින් යුක්තව දැන් ජීවත් වෙයි. බුදුබව පතා අධිෂ්ඨාන කරන්නා වූ මොහු විසින් පෙර සිටුවන ලද පොල් ගෙඩියකින් එකල තුන් ඇසකින් 6 පොල් පැල තුනක් පැන නැංගේය. මහා කරුණාබරිත වූ මේ තෙමේ, එක් දිළින්දෙකු 7 දැක තමාගේ අඹුදරුවන් හා සියලු සම්පත ඔහුට දී, ‘මම බුදුවන්නෙමි’ යි 8 ප්‍රාර්ථනා කළේය. එහෙයින් මේ තෙමේ මාගේ අදහස් මැනවින් හඳුනාගෙන ඒවා සම්පූර්ණ කරන්නේය.” මෙසේ සිතා රජතෙමේ ඔහු කැඳවා මේ මතු දැක්වෙන ආකාරයේ කරුණු කීයේය.
රජතුමා ඔහුට මෙසේ පැවසීය: “(පින් රැස් කිරීමට එරෙහිව) වසල ලෙස හැසිරෙන අනිෂ්ටමාරයා විසින් මවන ලද්දා 10 බඳු වූ පල්ලම් සහිත දුර්ග මාර්ගයන්ගෙන් ද, ජල දුර්ගයන්ගෙන් ද, ගිරි දුර්ගයන්ගෙන් ද සමන්කුළු (සමනොළ) යන්නා වූ 11 මාර්ගය ඒ ඒ තැන අවුරන ලද්දේය. ඉතා දුකසේ යා යුතු වූ එම මාර්ගය, මුනිඳුන්ගේ පා වැඳ පුණ්‍ය සම්පත් රැස් කිරීමට යන්නා වූ දහ අට දේශයක වාසය කරන සත්වයාට දුක් උපදවයි. එහෙයින් තෝ එය මනා වූ මාර්ගයක් කරව.”
තවද රජතුමා මෙසේ පැවසීය: “වැලි 12 අත්තනගලු නම් විහාරයෙහි, පූර්වයෙහි තමාගේ පින් තෙදින් අහසත් පොළොවත් ගුගුරුවා යම් තැනෙක මහා ඍද්ධි ඇති එක් මහා තෙර නමක් රහත් 13 බවට පැමිණි සේක් ද, එතැන උපතිස් රජු විසින් රන් උළු සෙවිලි කළ පස් මහල් ප්‍රාසාදයක් එකල කරවන ලද්දේය. ඒ ප්‍රාසාදය 14 කාලයාගේ ඇවෑමෙන් දිරාපත් වී දැන් ටැම් පමණක් ඉතිරිව පවතින්නේ යැයි මා 15 විසින් අසන ලදී. පින්වත, තෝ එයද මාගේ නමින් අලුත් කොට 16 තනවා දිය යුතුය. බෙන්තොට වෙහෙරෙහි නිශ්ශංක රජතුමා විසින් 17 ඵලෝද්‍යානයක් කරවන ලද්දේය. එසේම මාගේ නමින් පොල් ආදියෙන් සම්පූර්ණ වූ එක් මහ උයනක් රෝපණය කරව.” මෙලෙස කියා රජතුමා ඒ ඒ පින්කම්හි 18 ඔහුව යෙදවූයේය.
ඒ ඇමති තෙමේ ‘එසේය’ යි පිළිවදන් දී, එකල ගඟසිරිපුරට ගොස් එහි දී පළමු කොට මනා වූ සියලු ශරීර ලක්ෂණයන්ගෙන් යුතු සමන් දෙවි රුවක් කරවා, රන් රුවන් අබරණින් එය සිත්කළු කොට අලංකාර 19 කළේය. ඉන්පසුව සමන්කුළු යනු කැමැත්තේ, ඒ දේව ප්‍රතිමාව ද 20 පෙරහැර සමග රැගෙන, ඒ තෙමේ පිටත් වී බෝතල නම් ගමට ගොස් 21 එතැන් පටන් පාලම් ආදිය බැඳීමට පටන් ගත්තේය.
ඔහු කදෝ හොය මුවදොර පන්තිස් රියන් පමණ වූ පාලමක් ද, එම හොයේ ම තිස් රියන් දිගැති පාලමක් ද, එසේම උලපත ගම්හි සතිස් රියන් දිගැති පාලමක් ද 23 වශයෙන්, යම් සේ ඇතුන්, අශ්වයන්, ගවයන් හා මීවුන් ආදීන්ට යා හැකි වන්නේ ද, එසේ 24 ශක්තිමත් ලෙස එකල බැඳවීය. ඒ ඒ මහා පාලම් බැමි මත්තෙහි උස් වූ ටැම් ආදියෙන් හෙබියා වූ 25 සොඳුරු මහ ගෙවල් කරවා, ආරාධනා කොට බොහෝ භික්ෂූන් වහන්සේලා එක් 26 කරවා ඒ ඒ තන්හි දී ඒ භික්ෂූන්ට මහ දන් දී මහ පුද පැවැත්වීය.
සෙසු තැන්හි නොයෙක් පරිද්දෙන් අම්බලම් කරවා, එසේම පාලම් 27 තනවා, පියගැට පෙළ තබ්බවා, මහා වනය කප්පවා මහා මාර්ගය 28 කරවා, අවසානයේ සමන් කුළට ගොස් ශ්‍රී පාද ලාංඡනය වැඳ, ශ්‍රී පාද චෛත්‍යය අංගන 29 භූමියෙහි සමන් දෙවි රුව පිහිටුවා, ඒ තෙමේ ශ්‍රී පාද මණ්ඩපය ද කරවීය. මහා නුවණ 30 ඇති ඒ තෙමේ ඒ හාත්පස පවුරු ද බඳවා, ඉන් මත්තෙහි ඒ මණ්ඩපය මහා 31 යකඩ දම්වැල්වලින් යට සිටුවන ලද ටැම්හි දැඩි කොට බඳවා, එයින් පසු සිරිපතුලට පහන් 32 ආදියෙන් තුන් දිනක් පූජා පවත්වමින්, තමාගේ මස්තකයෙන් ද සුවඳ තෙල් පහනක් 33 ගෙන සිය හිමි මහරජතුමාගේ නමින් වඳිමින්, ඒ ශ්‍රී පාදය හාත්පස පැදකුණු 34 කොට මුළු රැය පහන් වන තුරු පැවැත්වීය.
මේ සියලු ප්‍රවෘත්තියත් ආදියෙහි 35 පටන් පිළිවෙළින් ඉතා උස් වූ ගල් ටැඹෙක ලියවා, පසුව ඒ ටැඹ පරාක්‍රමබාහු මහාරාජාධිරාජයාගේ කීර්ති ස්තම්භයක් සෙයින් සතුටින් ඒ තෙමේ එහි පිහිටුවීය. පරිපූර්ණ වූ බලාපොරොත්තු ඇති ඒ තෙමේ, පසුව ඒ සියලු විස්තර රජතුමාට දූතයන් මාර්ගයෙන් දන්වා යැවීය.
ඉක්බිති ඒ තෙමේ අත්තනගලු වෙහෙරට ගොස් රජතුමා විසින් කියන ලද 37 නියමයෙන් බොහෝ ධනය වියදම් කොට උස් වූ කොත් ඇති තෙමහල් පහයක් 38 කරවා, ප්‍රඥා සම්පන්න අනොමදස්සී නම් මාහිමියන්ට ඒ පහය පූජා කර, පසුව 39 උන්වහන්සේට මහරජතුමාගේ නියෝගයෙන් දන් වැට ද (නිරන්තර දානය ද) තබ්බවා ශිලා ලේඛනයකුත් 40 කරවීය.
ඉක්බිති මහා ඇමති තෙමේ බෙන්තොට පටුනට ගොස් කාළි නදී 41 මුවදොර අසූ රියන් මහා පාලමක් ද, කෙහෙල්සෙන් ගම්හි සියක් යටි (වඩු රියන්) මහා 42 පාලමක් ද, සල්ගමු ගඟේ සතළිස් යටි පාලමක් ද, සල්රුක් අසල එකසිය 43 පණස් රියන් පාලමක් ද වශයෙන්, පාලම් නොමැතිව යා නොහැකි වූ ඒ ඒ තැන්හි පාලම් බඳවා, එසේම බොහෝ වූ ආරාම හා ධර්මශාලා ආදිය කරවා මහා දන් 44 හා පූජා පැවැත්වීය.
ඉක්බිති රජුගේ මහා ඇමති තෙමේ බෙන්තොට වෙහෙර පටන් 45 කළුගංතොට දක්වා යොදුනක් පුළුල් ඇති භූමියෙහි, පරාක්‍රමබාහු නමින් ප්‍රසිද්ධ 46 කොට මහා සෙවණ ඇති, ඵලයෙන් පිරී ගිය හරිත වර්ණ මහා පොල් උයනක් කරවීය. ඒ ඒ රටවල කපු කැටීම්, රෙදි වියමන් ආදී වූ සියලු කර්මාන්ත කරවා, එක් 47 දවසකින්ම නිමවා මහා යසස් ඇත්තේ, මහාර්ඝ වූ විසි හයක් කඨින චීවර භික්ෂු සංඝයාට දී මහත් පූජාවක් ද කරවීය. ඒ තෙමේ මෙසේ ම දානාදිය 48 දෙමින් ඒ ඒ තැන හැසිරෙමින් නැවත හැටක් කඨින චීවර ද භික්ෂු සංඝයාට දුන්නේය.
ඉක්බිති ඒ තෙමේ මාදෙල් ගස් නම් මහා වනය මුල් සහිතව සියල්ල 50 සිඳ දමා, එහි තුන් මහල් වූ එක් පිළිම ගෙයක් ද, බෝධියක් ද, චෛත්‍යයක් ද, ආරාමයක් ද යන මේවා පවුරු වළල්ලෙන් වට කරන ලද්දක් ලෙස කරවා, රජතුමාගේ නමින් මහා 51 පූජාවක් ද කරවීය. රාජනප නම් ඇත්තේ (ඇමතිවරයා), එසේම මහ පින් කොට පෙරළා 52 අවුත් ඒ සියල්ල රජතුමාට දැන්වීය.
ඉක්බිති ඒ රජ තෙමේත් ඔහු කෙරෙහි හටගත් මහා කරුණා ඇත්තේ, මාදෙල් ගස් නම් ගම ආදී වූ 53 බොහෝ වූ ඔහු විසින් කරවන ලද ගම්, ඔහුගේ ම කුල සන්තක (පරම්පරාවට අයිති දේපළ) කොට 54 දී, පසුවත් ඔහුව කැඳවාගෙන ධාතු මන්දිරයට ගොස් සඟ මැද මෙසේ ප්‍රකාශ කළේය: “මාගේ මේ 55 ඇමති උතුමා තුණුරුවන් කෙරෙහි ද, මා කෙරෙහි ද හැම කල්හි පහන් 56 සිත් ඇත්තේය. එහෙයින් මේ තෙමේ බුදුන්ට හා රජුටත් හිතවත් බව සෙවනය කිරීමෙහි (ඇසුරු කිරීමෙහි) තත්පර වූයේ, ප්‍රිය ද මන වඩන්නේ ද වෙයි. එහෙයින් 57 මම ද ඉතා ප්‍රිය වස්තුවක් ලෙස දළදා වහන්සේට මොහුව පුදමි” යි කියා, අඹුදරුවන් සහිත ඒ ඇමති උතුමා බුදුන්ගේ දළදාවට පූජා කළේය.
මෙසේ එතැන් පටන් ඒ මධ්‍යම ලෝකපාල තෙමේ (රජතුමා), උතුම් 58 දේවප්‍රතිරාජ නම් වූ ඔහු ලවා ම නන් වැදෑරුම් මාහැඟි පූජා වස්තුවෙන් ලෝ වැස්සා විසින් පුදන ලද තෙරුවන් නිරන්තරයෙන් පිදවීය.
මෙතෙකින් හුදී ජනයා ප්‍රසාද සංවේග පිණිස කළ මහවස ‘විවිධ කුසල කාරාපන’ නම් වූ අසූ හය වෙනි පරිච්ඡේදය නිමි.