අභිෂේක ලැබූ, විවිධ උපායයන්හි දක්‍ෂ වූ පරාක්‍රමබාහු ලංකේශ්වර තෙමේ ලංකාද්වීප තලය නිරවුල් කොට රාජ්‍යය ලබා ගැනීමේ ප්‍රධාන ඵලය ලෙස සලකන ලද, ගරු කොට සලකන ලද බුද්ධ ශාසනයේ දියුණුව ඇති කිරීමට කැමති විය. ”සඟසතු 2 ගම්වල වෙසෙන සංඝයාගේ ස්වභාවය අඹුදරුවන් පෝෂණය කිරීම පමණකි. එයින් අන්‍ය වූ 3 ශීලයක් ඔවුන්ට නැත්තේමය” යනුවෙන් ද, සමඟි වූ විනය කර්ම තබා එකිනෙකා දැකීම පවා රුචි නොකරන සුසිල්වත් ඇතැම් භික්ෂූන් ද දැක, 4 බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය පිණිස පළමුව ශාසන ශුද්ධිය ද, තුන් නිකායේ භික්ෂූන්ගේ සමගිය ද කරවීමට ඔහු කැමති විය. එබැවින් ධර්මාශෝක මහ රජු 5 මොග්ගලිපුත්ත තිස්ස තෙරුන් ප්‍රධාන කොට ගත්තාක් මෙන්, ත්‍රිපිටකධර වූ, විශාරද වූ, විශේෂයෙන් විනය දන්නා වූ, තෙර වංශයට අසහාය 6 පහනක් වැනි වූ, පැවිදි වී බොහෝ කල් ගත කළ මහා කාශ්‍යප නම් 7 මහා ස්ථවිරයන් වහන්සේ ප්‍රධාන කොට ගෙන, අනුරාධපුරවාසී වූ ශිෂ්‍යයන් සහිත 8 ඤාණපාල නම් ස්ථවිරයන් ද, සපරගමු වැසි භික්ෂූන් ද, මොග්ගල්ලාන 9 ස්ථවිරයන් සහිත වූ නාගෙන්ද්‍ර පල්ලියෙහි ස්ථවිරයන් ද, යුවරජ රටවැසි 10 අන්‍ය වූ සියලු භික්ෂූන් ද, ගලතුරුමුල විහාරවාසී නන්ද නම් ස්ථවිරෝත්තමයන් ප්‍රමුඛ කොට රුහුණු රට තුන් නිකායවාසී භික්ෂූන් ද පොළොන්නරුවට කැඳවූයේය.
ඉක්බිති පෘථිවීශ්වරයා ඔවුනොවුන්ගේ සමගිය ඇති කරනු පිණිස මහා විහාරවාසී භික්ෂූන්ට ආයාචනා කළේය. අලජ්ජින්ගේ (ලජ්ජා නැත්තවුන්ගේ) බලවත් බව නිසා ද, බොහෝ කල් විවිධ ලෙස භේද වී සිටි නිසා ද එකල බොහෝ 11 භික්ෂූහු සාමග්‍රිය නොඉවසූහ. 12 ඇතැම් කෙනෙක් විදෙස් රටවලට යාමට ද, 13 ඇතැම් කෙනෙක් සිවුරු හැරීමට ද පටන් ගත්හ. ඇතැම් කෙනෙක් විනිශ්චය සභාවෙහි හිඳීමට ද අකමැති වූහ.
ඉක්බිති ඉතා දුක සේ සංසිඳවිය යුතු වූ මහා අධිකරණය (විනය පරීක්ෂණය) පටන් ගත්හ. එකල එම සමගි කිරීම මහමෙර එසවීම මෙන් වැටහිණි. ඡන්දයෙන් (කැමැත්තෙන්) හටගත් 14 මමත්වයක් නැත්තා වූ, ස්ථිර වූ ආරම්භ ඇති, ධාර්මික වූ ඒ පෘථිවීශ්වර 15 තෙමේ ඒ භික්ෂූන් අස්වසා ඉතා දුක සේ එකඟ කරවා ගත්තේය. ඉක්බිතිව උපනුපන් 16 අධිකරණයන් සමථයකට පත් කරනු පිණිස මහා කාශ්‍යප ස්ථවිරයන් ප්‍රධාන වූ භික්ෂූන් ලවා විනිශ්චය කරවීය.
විනිශ්චය භාරගැනීමෙහිලා ත්‍රිපිටකධර ආචාර්යවරුන් සමඟ තමන් සමීපයේ සිටිමින් පිළියම් කළ හැක්කවුන් ධර්මය වූ පරිද්දෙන් පිරිසිදු බවෙහි පිහිටුවා මහා විහාරවාසී වූ සියලු භික්ෂූන් සමගි කළේය. 17 හෙතෙමේ දුස්සීලයන් “ලාභ බලාපොරොත්තුවෙන් ශාසනය නොනසත්වා” යි කියා මහ 18 තනතුරු දී සිවුරු හැරවූයේය. 19 මෙසේ මහා විහාරයම මහෝත්සාහයෙන් පිරිසිදු කොට, වට්ටගාමිණී 20 අභය මහ රජතුමාගේ කාලයේ පටන් වෙන්ව ගියා වූ 21 අභයගිරි විහාරවාසී භික්ෂූන් ද, මහසෙන් රජු දවස පටන් වෙන්ව ගිය, වෛතුල්‍ය පිටකාදී අශුද්ධ වචනයම බුද්ධ වචනය යැයි ප්‍රකාශ කරන්නා වූ, 22 ප්‍රතිපත්තියෙන් ඉවත් වූ ජේතවන විහාරයට අයත් භික්ෂූන් ද, කිසිදු අඩුවක් නැති 23 ගුණයෙන් යුක්ත වූ මහා විහාරවාසී භික්ෂූන් සමඟ, මැණික් හා වීදුරු ගල් 24 මෙන් සමගි කිරීමට ආරම්භ කළේය. සීලාදී සාර ගුණයෙන් ශුන්‍ය වූ ඔවුහු මහා සංඝයාගේ ද, නරේන්ද්‍රෝත්තමයාගේ ද තේජස කරණකොටගෙන බුද්ධ ශාසනයෙහි ඇල්මට නොපැමිණියෝය.
එසේ වුවත් ධාර්මික වූ 25 රජතුමා විනය කර්ම දන්නන් ලවා විචාරණය කරවද්දී, ප්‍රකෘති භාවයෙන් (නියම සිල්වත් භාවයෙන්) යුක්ත වූ එකම උපසපන් නමක් හෝ නොලද්දේය. එකල බොහෝ 26 භික්ෂූන් සාමණේර භාවයට පත් කරවූයේය. දුස්සීලයන් ලවා සිවුරු හරවා මහ තනතුරු දුන්නේය. මෙසේ ඒ මහ රජතෙමේ මහෝත්සාහයෙන් 27 බොහෝ කලකින් ශුද්ධිය හා සාමග්‍රිය සම්පාදනය කොට සංඝයා බුද්ධ 28 කාලයෙහි මෙන් පැවැත්වූයේය. අවුරුද්දක් පාසා මහා ගංගා තීරය සමීපයට පමුණුවා, එහි උයනෙහි වස්වා, අමාත්‍යයන් සහිතව 29 උපස්ථාන කරමින්, ගඟ මැද අතිශයින් නිශ්චල කොට නැව් තබ්බවා, 30 එහි මනෝහර වූ බෙදීම් සහිත මණ්ඩපයක් කරවා, මාහැඟි සිවුරු ද නොයෙක් 31 පිරිකර ද ලබා දී මහා ප්‍රඥා ඇති හෙතෙම උපසම්පදා කර්මය කරවූයේය.
මෙසේ බොහෝ වූ නොයෙක් සිය ගණන් භික්ෂූන්ගේ සැප 32 විහරණයට යෝග්‍ය වූ මහා විහාරයන් කරවීමට කැමති වූ ඒ මහ රජතෙමේ ජේතවන විහාර සම්පත්තිය ප්‍රත්‍යක්ෂ කොට දක්වන්නාක් මෙන් 33 ජේතවන නම් මහා විහාරයක් කරවූයේය. එහි ආශ්‍රමස්ථානවාසී වූ දැඩි සිල් ඇති ස්ථවිරයන්ට මාහැඟි වූ තුන් මහල් පහ (ප්‍රාසාද) අටක් කරවූයේය. 34 ශාරිපුත්‍ර නම් ස්ථිර ශීලයෙන් යුක්ත වූ ස්ථවිරයන් වහන්සේට ද සඳලු සහිත උඩුමහල් ඇති ගබ් ගෙවලින් යුක්ත වූ බබළන්නා වූ මහා ප්‍රාසාදයක් කරවූයේය. 35 ප්‍රතිමා රූපයන්ගෙන් යුක්ත වූ පර්වතයන් මෙන්, 36 කිසිවකු හා සමාන නොවූ සැත්තෑවක් පමණ තෙමහල් ප්‍රතිමා මන්දිරයන් ද කරවූයේය. 37 පන් සැත්තෑවක් පිරිවෙන් පිණිස රම්‍ය ලක්‍ෂණ ඇති දෙමහල් දීර්ඝ ප්‍රාසාදයන් එපමණම කරවූයේය.
සුළු පහ එක්සිය සැත්තෑ 38 අටක් ද, දොරකොටු සූ තිසක් ද, පුස්තකාලය දෙකක් ද, කුළු ගෙවල් හා 39 ගුහාවක් ද, මල්කම් ලියකමින් යුත් බඹ රූප ආදියෙන් යුතු ශාලාවන් හා බොහෝ වූ ගබඩා ගෙවල් ද කරවූයේය. උළුකම් හා සුණු කර්මයෙන් නිම කරන ලද්දා වූ, 40 නේත්‍ර රසායනය බඳු වූ, ත්‍රිවංක ප්‍රතිමා ස්වාමීන් වහන්සේ සඳහා ත්‍රිවංක 41 ප්‍රතිමා ගෘහයක් ද, සිහ කවුළුවලින් හා කණු ආදී රූප පෙළින් බබළන්නා වූ, 42 නා නා දැල් කවුළු වලින් හා බොහෝ පේකඩවලින් ද සිත්කළු වූ ටැම් බිතු 43 ආදියෙන් සැදුම් ලත් මනා වූ සම්පූර්ණ ගල්මුවා වෘත්ත (වටදාගෙයක් බඳු) දන්තධාතු මන්දිරයක් ද කරවූයේය. 44 ධර්මශාලා තුනක් හා එක් චෛත්‍යයක් ද, දිගු සක්මන් මළු අටක් ද, දිගු පුළුල් වූ එක් බොජුන් හලක් ද, උළු සෙවිලි කරන ලද අසූපහක් 45 ගිනිහල් ගෙවල් ද, වැසිකිළි එක්සිය සැත්තෑ අටක් ද කරවූයේය.
භික්ෂූන්ගේ අභ්‍යන්තර මලය (කෙලෙස්) ශාසන ශුද්ධියෙන් පිරිසිදු කොට පිටත මලය (කිළිටි) ද ශුද්ධ කරනු පිණිස, බොහෝ සෙයින් ග්‍රීෂ්ම කාලයෙහි නහනු පිණිස වට නාන 46 කොටුවය, ගුහා නාන කොටුවය, පියුම් නම් නාන කොටුවය, භද්‍ර නම් 47 නාන කොටුවය යනාදී ටැම්, පියගැට, පේකඩ ආදියෙන් සැදුම් ලත් 48 ගල්මුවා වූ නාන කොටු අටක් කරවූයේය. මහ රජතෙමේ එහි 49 බොහෝ වූ ප්‍රාකාර ද බැඳවූයේය. මෙසේ ජේතවන විහාරයෙහි 50 සියලුම ගෙවල් පන්සිය විස්සක් විය. ක්ෂත්‍රිය තෙමේ නොයෙක් පිරිකර ද එහි සංඝයාට ලබා දී නොවස්වා ආළාහණ පිරිවෙන එහි කරවූයේය.
එහි 51 ස්ථවිරයන් වහන්සේ පිණිස ඉතා දුර නොවීම ආදී සියලු අංගයෙන් 52 සමන්විත වූ, මනා යයි සම්මත, ඉතා සිත්කළු සඳලුතල ඇති, නානාවිධ 53 උතුම් ගැබ් ගෙවල් ඇති, කුළු ගෙවලින් හෙබියා වූ තෙමහල් පහයක් කරවූයේය. දිගු පහ සතළිසක් ද, එපමණ වැසිකිළි ද, සුළුපහ අටක් ද, දොරකොටු සයක් ද, ගිනිහල් ගෙවල් සූ තිසක් ද, අතිශයින් මහත් වූ 54 ප්‍රාසාද දෙකක් ද, සුභද්‍ර නම් චෛත්‍යයක් ද, රූපවතී නම් චෛත්‍යයක් ද කරවූයේය. 55 මාලා කර්ම, ලතා කර්ම හා දේව බ්‍රහ්මයන්ගේ මනෝහර 56 රූප ඇත්තා වූ කූටාගාර, ගුහා, ගර්භ ශාලා මන්දිරවලින් අලංකාර වූ, යම් ප්‍රතිමා මන්දිරයෙක්හි ‘ලංකා තිලකය’ යන අර්ථවත් නාමයකුත් වී ද, මනහර පස්මහල් වූ ඒ පිළිම ගෙය ද කරවීය. ඒ පිළිම ගෙයි ජීවමාන සර්වඥයන් වහන්සේගේ ප්‍රමාණයෙන් යුක්ත වූ ලංකා තිලක නම් නේත්‍ර රසායන වූ හිටි පිළිමයක් ද කරවූයේය. 58 නොයෙක් කුළු 59 ගෙවලින් ද, ගබඩා ගෙවලින් ද, එසේම මැදිරි ගෙවලින් ද යුක්ත වූ බද්ධසීමා ප්‍රාසාද නම් වූ දොළොස් මහල් පොහෝ ගෙයක් කරවූයේය.
එහි සීමා බන්ධනය කරවනු පිණිස අමාත්‍යයන් සහිතව අන්තඃපුර 60 ජනයා සහිත වූ, මහා සේනා වාහන ඇති, නන් බරණින් සැදි ඒ රජතෙමේ ශක්‍ර දේවේන්ද්‍ර විලාසයෙන් ඒ වෙහෙරට පැමිණියේය. 61 මහා කාශ්‍යප ස්ථවිර ප්‍රමුඛ වූ මහා සංඝයා විසින් මෙහෙයවන ලද්දේ, මංගල 62 ස්තුති ගීතිකාවෙන් හා තූර්ය නාදයෙන් ද, සාධුකාර නිනාදයෙන් සිව් දෙස 63 පුරවමින්, ස්වර්ණාදීන් කරන ලද කළස් හා සුමුගු ද, බොහෝ වූ ධ්වජයන් ද, 64 ඡත්‍රයන් ද දරන්නා වූ ජනයන් විසින් පිරිවරා ගන්නා ලද්දේ, මහත් වූ සැණකෙළි පවත්නා කල්හි මගුලැතුන් යොදන ලද්දා වූ රන් නගුල අල්වාගෙන 65 භූමිපාල තෙමේ සී මං (සීමා ලකුණු කිරීමේ ඉර) වැඩියේය. ඒ සංඝයා එහි පෙර බඳින ලද සීමාවන් හා සම්බන්ධ වූ දෝෂ දුරු කරනු පිණිස ප්‍රථම කොට නොයෙක් තැන සිටියේ සීමා සමූහණනය (පෙර සීමා ඉවත් කිරීම) කොට, නරේන්ද්‍රයන්ගේ සී මං (නගුල් පහර) අනුසාරයෙන් හාත්පස නිමිති කීර්තනය කොට, සකල සම්පත්තියෙන් යුක්ත වූ කර්ම වාක්‍යයෙන් ඛණ්ඩ සීමා තුනක් හා එක් මහා සීමාවක් 67 මනාකොට බන්ධනය කළේය.
68 පස් රියන් යටියෙන් ලංකාතිලක ගෙය පටන් සූසාළිසය, එකුන්පනසය, අටතිසය, සතිසය, පන්සතිසය, සත්පණසය, සතළිස්පහය, සැටසය යටියෙක යන දුර ඇති තන්හි පිළිවෙළින් පෙරදිග 69 ආදී අට දිගුන්හි නිමිති ගල් පිහිටවූහ. දකුණු දිග්භාගයෙහි පිහිටි නිමිත්ත 70 පාෂාණය ගොපලු පව්වෙන් අටපණස් යටියක දුර ඇත්තේය. උතුරු දිග යම් නිමිති ගලක් පිහිටියේ ද එය විද්‍යාධර ගුහාවෙන් පනස් යටියක දුරය. ඒ පාෂාණයෝ මහා සීමා සම්බන්ධ නිමිත්ත 71 භාවයට පැමිණියහ. බද්ධසීමා ප්‍රාසාදයෙහි පසළොස් යටක් හා තෙළෙස් 72 යටක් තන්හි දිගින් හා පුළුලින් ද බද්ධසීමාව විය. ඛණ්ඩ සීමා 73 නම් වූ මාළකයෙහි දිගින් පසළොස් යටියෙක් ද පුළුලින් යෂ්ටි සයක් 74 තන්හි ද සීමාව බඳින ලද්දීය. එසේම ස්ථවිරයන් වහන්සේගේ 75 ප්‍රාසාදයෙහි බද්ධසීමාව දිගින් අටළොස් රියනක් ද පුළුලින් විසි රියනක් ද බඳින ලදී. ඒ විහාරය පිරිකර සමඟ භික්ෂූන්ට දුන්නේය.
එසේම නරේෂ්වර තෙමේ පශ්චිමාරාමය කරවූයේය. එහි දෙවිස්සක් 76 පමණ පිරිවෙන්හි එපමණ දෙමහල් දීර්ඝ ශාලාවෝ ද, ගිනිහල් විස්සක් ද, 77 දෙමහල් සුළුපහ එක් විස්සක් ද, එසේම වැසිකිළි පන්තියක් ද, සක්මන් මළු දෙකක් ද, එක් ධර්ම ශාලාවක් ද, දොරටු කොටු දශයක් ද වූහ. පරිෂ්කාර 78 සහිත වූ ඒ විහාරය ද භික්ෂූන්ට දුන්නේය. එසේම නරේෂ්වර තෙමේ මහා චෛත්‍යයට ආසන්න තන්හි පර්වතය බිඳුවා එහි උත්තරාරාමය 79 කරවූයේය.
සියලු කර්මයන් දක්වා විද්‍යාධර ගුහාව ද, වැඩහුන් පිළිම ලෙනක් 80 ද, හොත් පිළිම ගුහාවක් දැයි මෙසේ පිළිම ලෙන් තුනක් ද දක්‍ෂ වූ 81 ශිල්පීන් ලවා කරවූයේය. පඬි රජය (පාණ්ඩ්‍ය දේශය) ගෙන ඒ රටින් ගෙනෙන ලද 82 දෙමළුන් ලවාත් කරවූ බැවින් ‘දෙමළ සෑය’ යි නම් ලත්, එක් දහස් තුන්සිය රියන් විශාල වූ, සියලු ථූපයන්ට මහත් වූ, දෙවෙනි කෛලාශය හා සමාන වූ 83 මහා සෑයක් රහතුන්ගේ සෘද්ධියක් ද, දේව වර්ගයක් ද නැතිව මහත් වූ රාජ සෘද්ධියෙන්ම කරවූයේය.
එසේම රාජවෙසීභුජංග නම් වූ ශාඛා නගරයෙහි යතීන්ගේ සිත් 84 පිනවන්නා වූ ඉසිපතන නම් විහාරයක් කරවූයේය. 85 ඒ විහාරයෙහි එක් දාගැබක් ද, තුන් මහල් පිළිම ගෙයක් ද, එහි සිතියමින් බැබළෙන මා හැඟි 86 පිළිම තුනක් ද, ප්‍රසාද එලවන්නා වූ කර්මාන්තයෙන් යුක්ත වූ දෙමහල් පහයක් 87 ද, දිගු පහ දෙකක් ද, දොරකොටු සතරක් ද, සුළුපහ අටක් ද, ධර්ම ශාලාවක් හා චක්‍රමණ මාලකයක් (සක්මන් මළුවක්) ද, එසේම ගිනිහල් අටක් ද, වැසිකිළි සයක් ද, රම්‍ය වූ සර්වශෛලමය (ගල්) වූ එක් නාන කොටුවක් ද, එකම සීමා පවුරු 88 වළල්ලක් ද, සඟසතු උයනක් ද විය.
එසේම සිංහපුර නම් වූ ශාඛා නගරයෙහි සිංහ වික්‍රම ඇති 89 පෘථිවීශ්වර තෙම කුසිනාරා නම් විහාරයක් කරවූයේය. එහි ද දාගැබක් ද, 90 තුන් මහල් ප්‍රතිමා මන්දිර තුනක් ද, දීර්ඝ ප්‍රාසාද සයක් ද, ධර්ම ශාලාවක් හා සක්මන් මළුවක් ද, සුළුපහ සොළසක් ද, දොරකොටු තුනක් ද, වැසිකිළි 91 එකොළොසක් ද, ගිනිහල් සයක් ද වූහ.
පරාක්‍රමබාහු නරේන්ද්‍ර තෙම විජිත නම් ශාඛා පුරයෙහි වේළුවන නම් 92 වෙහෙරක් ද කරවූයේය. එහි මනෝඥ වූ පිළිම හා සිතියම් බබළන 93 තුන් මහල් පිළිම ගෙවල් තුනක් ද, දාගැබක් ද, සක්මන් මළුවක් ද, දෙමහල් 94 පහයක් ද, දොර කොටු සතරක් ද, දිගු පහ තුනක් ද, සුළුපහ අටක් ද, එක් 95 බොජුන් හලක් ද, එසේම එක් ධර්ම ශාලාවක් ද, ගිනිහල් සතරක් ද, 96 වැසිකිළි දොළසක් ද වූයේය. ඒ මනුජේන්ද්‍ර තෙම ගව්වක් ගව්වක් පාසා මනෝඥ ප්‍රතිමා මන්දිරයන් හා දොරකොටු, පවුරු, දම්හලින් යුක්ත වූ 97 ගාවුත විහාරයන් ද කරවූයේය.
විවේක කාමී වූ සියලු ධූතාංගධර 98 භික්ෂූන්ගේ සැප විහරණය පිණිස කපිල නම් විහාරයක් කරවූයේය. එහි මහාර්ඝ වූ දෙමහල් පහයක් ද, දීර්ඝ චක්‍රමණයක් ද, දීර්ඝ ප්‍රාසාද 99 සතරක් හා දෙමහල් පහ සතරක් වේ. නානා ප්‍රකාර විචිත්‍ර 100 කර්මාන්තයෙන් යුක්ත වූ, කුළු ගෙවල් ආදියෙන් හෙබියා වූ, ගිජිලිහිණියකු බඳු ගෙයක් ද කපිල නම් තපස්වීන්ට කරවන ලද්දේය. සුළු පහ 101 සතරක් ද, වැසිකිළි තුනක් දැයි පිරිකර සහිත වූ ඒ විහාරයන් ද භික්ෂූන්ට දුන්නේය.
අනුරාධපුරයෙහි ද පූර්වයෙහි දෙමළුන් විසින් නසන ලද, දුෂ්කර හෙයින් නොයෙක් රජුන් විසින් නොකරවන ලද්දා වූ විහාරයන් කරවනු පිණිස එක් ඇමතියෙක් යවා, එක්සිය විසි රියන් උස් වූ 102 රුවන්වැලිසෑය කොට නිමවා, එක්සිය සතළිස් රියන් උස් වූ අභයගිරි 103 නම් සෑය ද, එක්සිය සැට රියන් උස් වූ ජේතවන සෑය ද, අසූ රියන් උස් වූ මිරිසවැටි මහ සෑය ද යන මේ පෙර දෙමළුන් විසින් පලන ලද්දා වූ, මහ රුකින් වැසුණු, වලසුන් දිවියන් නිබඳ සෙවනය ලද්දා වූ, ගඩොල් හා මැටි 104 පිඩු කරණකොට ගෙන දුක සේ යා යුතු, ජාගල (වල් බිහිවූ) භූමි ප්‍රදේශ ඇත්තා වූ 105 තුන් සෑයත්, වනය සිඳුවා මනාකොට බඳවා සුණුකම් ද කරවා සෑමළු 106 ශුද්ධ කරවූයේය.
එක් එක් පසෙකින් සියක් රියන් වූ, සියක් රියන් විශාල වූ, උසින් එපමණ වූ, සොළීන් විසින් නසන ලද්දා වූ ලෝවාමහපාය, 107 එක් දහස් සසියයක් ගල් ටැම් පිහිටුවා, නොයෙක් සිය ගණන් ගබ් ගෙවලින් හා උතුම් කුළු ගෙවලින්, සිව් මැදුරු කවුළු පෙළින් ද අලංකෘත වූ, 108 නොයෙක් මහල් ඇති, අතිශයින් විස්මය එලවන්නා වූ කර්මාන්ත ඇති කොට නරේෂ්වර තෙම කරවූයේය. 109 සැටක් මහපා ඇති ‘ශෙපර්ණී පුෂ්ප’ නම් වූ මහා ප්‍රාසාදය, ‘මහේන්ද්‍ර සේන’ නම් ප්‍රාසාදය, 110 බොහෝ වූ සීමා ප්‍රාකාරයන් ද, පිරිවෙන් ද කරවූයේය. දන්හලක් ද කරවා දන්වැට තැබ්බවිය. ථූපාරාමාදී පරණ පිරිවෙන්හි ඛණ්ඩපුල්ල ප්‍රතිසංස්කරණයත් (කැඩී බිඳී ගිය තැන් පිළිසකරු කිරීම) කරවූයේය. 111 හේ තෙමේ සෑගිරියෙහි (මිහින්තලයෙහි) ද සූසැටක් දාගැබ් කරවීය. පුරාණ වාසයන්හි (විහාරවල) සුන්බුන් තැන් ද පිළිසකර කරවීය.
මෙසේ විශුද්ධ බුද්ධිමත් වූවෝ මහත් සම්පතෙහි පිහිටා ද පුණ්‍ය ක්‍රියාව එකම රසය (සතුට) කොට ඇත්තෝ වෙත් යයි දැන, ලෝකයෙහි කවර නම් පණ්ඩිත ජනයෙක් තෙම සියලු සැප ලබා දෙන්නා වූ පුණ්‍ය ක්‍රියාවෙහි ප්‍රමාදයට පැමිණේ ද? 112
මෙතෙකින් හුදී ජනයාගේ ප්‍රසාදය හා සංවේගය පිණිස කළ මහාවංශයේ ‘විහාර කාරාපණ’ නම් වූ හැත්තෑ අට වෙනි අධියර නිමි.