1 ඉක්බිති ඒ මහරජතුමා දිවා රෑ දෙකෙහිම අලස නොවී නුවණින් යුක්තව ලෝක ශාසනය දියුණු කරන කල්හි, ශ්‍රීමත් වූ ඒ නරේන්ද්‍රයා ඔටුනු පැළඳි 2 අටවැනි අවුරුද්දේදී රුහුණු රටේ වැසියෝ සියල්ලෝම එක්ව 3 ඉතා දරුණු වූ යම් යම් පාප කර්මයන්හි යෙදවූවෝ වී, නැවතත් 4 කැරලි ගසන්නට වූහ; ඔවුහු තියුණු විපතට පත් වූහ. ඒ පරාක්‍රමබාහු රජතුමා 5 ඒ පුවත අසා නැවතත් ඇමතිවරුන් සහිත මහා සේනාවක් එහි යවා, යට කී 6 සියලු ගම්වල ද නියම් ගම්වල ද පෙර පරිදිම නීතිය ක්‍රියාත්මක කරමින් බොහෝ යුද්ධ කොට, සතුරු සේනාව තම තේජස් නමැති ගින්නට දර කොට මුළු රුහුණු 7 රට වහාම කටු කොහොල් රහිත (සතුරන් රහිත) කළේය.
පසුව ඒ රාජාධිරාජයා ඔටුනු පැළඳි සොළොස් වෙනි වර්ෂයේදී මාවටු පටුන හා ඒකාබද්ධ වූ රටේ, 8 සියලු ආකාරයෙන්ම විනාශ වීමේ කාලය එළඹි ඒ රට වැසි කිසි ජන පිරිසක් 9 කැරලි ගසා, උතුම් යැයි සම්මත වූ යුද්ධයක් පැවැත්වූහ. ප්‍රඥා සම්පන්න වූ මහා රජතුමා විසිරී යන ලෙස සිවුරඟ සේනාව යවා පොළොව දූවිලි වන තෙක් සතුරන් විනාශ කරවීය.
10 සම්බුදු සසුන පවතින බැවින් ද, සමගි මිනිසුන්ගේ නිවසක් බැවින් ද ලංකා සහ රාමඤ්ඤ (බුරුම) යන 11 දේශයන් අතර කිසි කලෙක භේදයක් නොවීය. ලක්දිව අධිපති වූ රජ 12 දරුවෝ ද රාමඤ්ඤ දේශයේ ඊශ්වරයෝ (පාලකයෝ) ද යන මේ දෙපක්ෂයම සැබෑ දැක්මෙන් යුක්තව හැම කල්හිම පරම බෞද්ධයෝ වූහ. එහෙයින් දේශ දෙකෙහි 13 ම පූර්වික සියලු රජ දරුවෝ දැඩි සේ හටගත් විශ්වාසයෙන් යුක්තවම මිත්‍රශීලී වූහ; ඉතා වටිනා නොයෙක් තෑගි බෝග එකිනෙකා වෙත යවමින් බොහෝ කලක් නොකඩවා සමගි බව පවත්වා ගත්හ.
14 පරාක්‍රමබාහු මහරජතුමා සමඟත් රාමඤ්ඤ රටේ රජු පෙර රජුන් මෙන් දිගු කලක් පැවති සමගිය ආරක්ෂා කරගෙන සිටියේය. එහෙත් එක් 15 කලෙක නුවණ අඩු ඒ (රාමඤ්ඤ) රජතුමා, මේ ලක්දිවෙන් ගිය කේලාම් කියන්නා වූ කිසි දූතයෙකුගේ බස් අසා, තමන් වෙත ගිය 16 ලංකේශ්වරයාගේ දූතයන්ට පුරාණ සිරිත පරිදි දෙනු ලබන්නා වූ වැටුප් (සත්කාර) 17 නවතා දැමීය. බැහැර නොයෙක් තැන නොයෙක් දෙනා විසින් විකුණනු ලබන්නා වූ “ඇත්තු නොවිකිණිය යුත්තාහු ය” යැයි සම්මතයක් ද කරවීය. යම් 18 ඇත් කෙනෙක් රිදී සියයකට හෝ මිල තුන්දහසකට හෝ පෙර එහි 19 විකුණනු ලබන්නෝ නම්, ඔවුන් “දහස් දෙකකට හෝ දහස් තුනකට හෝ වික්ක යුත්තාහ” යි මෙසේ දුෂ්ට අදහස් ඇති ඒ රජ තෙමේ ගණන් සීමා තැබ්බවීය.
20 (මෙයින්) ගෙන යන පඬුරු පිණිස නැවක් පාසා එකා බැගින් දෙනු ලබන්නා වූ පුරාණ ඇත් පඬුර ද මුලිනුපුටා දැමීය. තමන් උදෙසා 21 එවන ලද රන්මුවා ලියුම් දකින විටත්, “දූත වූ මේ මිනිස්සු කම්බෝජ රට සඳහා ය” යි මෙසේ යම් කිසි (බොරු) බසක් කියා සියලු වස්තු උදුරා 23 ගෙන ලංකේශ්වරයාගේ දූතයන් කඳු රට බලකොටුවක සිරකර තැබුවේය.
24 ස්වකීය වූ තපස්වී නම් දූතයාහට ලංකේශ්වරයා විසින් කරන ලද සංග්‍රහ සියල්ල හැම ආකාරයෙන්ම අසමින් ම, ලංකේශ්වරයාගේ දූතයන් සතු වස්තු ද 25 ඇතුන් ද එසේම නැව් ද යන ඒ සියල්ල උදුරා ගෙන, නීති ක්‍රම නොදන්නා ඒ තෙමේ ඔවුන්ගේ පාදයන්හි බොහෝ සේ පීඩා කරවා (වධ දී) දිය ඇදීම පිණිස ද සිරගෙට යෙදවූයේ ය. එක් කලෙක කසුබ් 26 නම් වූ දඹදිව ප්‍රධානියෙකු විසින් රන් ලියුම් සහිත කොට එවන ලද්දා 27 වූ සරු වූ පඬුරු නවතා, ඒ මිනිසුන්ගේ ගොඩ බැස්ම ද වළක්වා, පසුව ඒ ලියුම් සහිත (පඬුරු) අවමන් සහගත කොට සිය පුරයට ගෙන්වූයේ ය.
28 ඉක්බිති හෙතෙම එක් කලෙක සිංහල දූතයන් කැඳවා, “මෙතැන් පටන් අපගේ රටට සිංහල දේශයෙන් නැව් නොඑවිය යුත්තාහ. ඉදින් ඔවුහු එවනු ලැබුවහොත්, ඉන්පසු මෙහි පැමිණි දූතයන් සියලු ආකාරයෙන් මරා දමනු ලැබේ; (එසේ මැරුවත්) තොපගේ වරදක් නැතැයි 29 මෙසේ ලියා දුන් පතක් දැන් අපට දියව්. ඉදින් නො දෙව් නම් තොපි සිය ගෙට 30 (රටට) යන්නට නොලබන්නාහුය” යි කීය. මෙසේ ඔවුන්ට තර්ජනය කොට 31 පසුව සිය රට එනු පිණිස ලියවා ඔවුන් අතින් පතක් ගත්තේය. වාගීශ්වර 32 නම් ආචාරීන් ද ධර්ම කීර්ති නම් පණ්ඩිතයා ද සිදුරු සහිත නැවකින් මුහුදේ පා කර හැරියේ ය. නැවත එක්කලෙක ඇතුන් මිල දී ගැනීම පිණිස 33 ලංකේශ්වරයා විසින් මෙහි එවන ලද පඬුරු හා බඩුත් දූතයන් අතින් 34 පැහැරගෙන, “ඇතුන් තුදුසක් (දහ හතරක්) තොපට දෙමු. රිදී මිල හෝ දෙමු ය” යි 35 මෙසේ කියා ඔවුන්ට කිසිවක් නොදෙන්නේ හුදෙක් බොරුම කීවේය. ඉක්බිති ලංකාධිපතීන් විසින් කාම්බෝජ රට බලා යවන ලද රජ කුමරියක් ද බලහත්කාරයෙන් උදුරා ගත්තේය.
36 පරාක්‍රම බාහු මහරජතුමා ඒ රජු විසින් අනේක ප්‍රකාරයෙන් කරවන ලද නින්දා සහගත ක්‍රියා අසා, අතිශයින් කිපුණු සිත් ඇත්තේ, “මුළු දඹදිවෙහි 37 කවර නම් රජෙක් මා අයත් දූතයන්ට මෙබඳු ක්‍රියාවක් කිරීම 38 පිණිස සමත් වේ ද?” යි මෙසේ කියා ඇමතියන් රැස් කොට, “අරිමද්දන රජු අල්වා ගැනීම හෝ මැරීම හෝ වහා කළ යුතුය” 39 යැයි ඒ තෙමේ කීවේය. එකල්හි ආදිත්‍ය ද්‍රවිඩාධිකාරී නම් ඇති එහි එක් ගණක මහා ඇමතියෙක් දෑත් බැඳගෙන, තෙමේ ම එහි යනු කැමැත්තේ රජුට මෙසේ කීය. “මේ ක්‍රියාවෙහි ප්‍රධාන වූ මහා 40 ඇමතියන් නොයොදවන සේක්වා. ඔබ වහන්සේලාගේ උපදේශ 41 මාර්ගයෙන් පිට නොයන්නා වූ, නියෝග ලැබුවා වූ, හුදකලා 42 වූ මට, ඉක්මවිය නොහැකි අනුශාසනා ඇත්තා වූ මාගේ ස්වාමියාගේ අනුශාසනාව නොපිරිහෙලා ඉටු කිරීම කිසි කලෙකත් බරක් නොවේ යැයි” කීය.
43 රජතුමා ඒ අසා පැහැදුණේ, යැවිය යුත්තා වූ සියලු ඒ භටයන් හා සේනාධිපතීන් ඔහුට පවරා දී වහා යන්නට අණ කළේ 44 ය. පසුව මහා යසස් ඇති ඒ රජතුමා, “නොයෙක් සිය ගණන් නැව් විශේෂයන් වහා සම්පාදනය කළ යුතුය” යි නියෝග කළේ ය. එකල්හි 45 මැනවින් පටන් ගන්නා ලද නැව් කර්මාන්තයෙන් පිරී ගියා වූ (ලක්දිව) 46 හාත්පස මුහුදුබඩ දේශය එක් කර්මාන්ත ශාලාවක් බඳු විය. පසුව පස් මසකින් ඒ සියලු නැව් කර්මාන්ත නිමවා දළුවක් නම් තොටට වහා රැස් 47 කරවීය.
ඒ රජතුමා අවුරුද්දකට ප්‍රමාණවත් වන සහල් ආදී මාර්ගෝපකරණ, 48 සන්නාහ, ආයුධ ආදී නොයෙක් යුද්ධෝපකරණ ද, තියුණු අග ඇති (ඊතල ආදිය) වළකනු පිණිස යකඩින් කළ සන්නාහ ද, නොයෙක් සිය ගණනින් 49 දහස් ගණනින් ගණන් කළ හැකි ගෝණ සමින් කළ සන්නාහ ද, විෂ පෙවූ 50 ඊතලවලින් හටගත් තියුණු තුවාල සුව කිරීම පිණිස ගව අං වල බහා ලන ලද බෙහෙත් ජාතීන් ද, නොයෙක් ජල ධාරාවන්හි විෂ මිශ්‍ර කරන 51 ලද ජලයේ විෂ නැති කිරීම පිණිස ඖෂධ ජාතීන් ද, 52 විෂ පෙවූ ඊතල ශරීරයේ ගැඹුරට වැදුණු විට උදුරා ගැනීමට අපහසු හෙයින් ඒවා පිටතට ඇදීමට යකඩ අඬු ද, එසේම තියුණු බුද්ධි ඇති වෛද්‍යවරුන් ද, සාත්තු සේවිකාවන් ද මහා රාජර්ධියෙන් යුක්ත වූ රජ තෙමේ අඩු නොකොට පිළියෙළ කළේ ය.
නොයෙක් දහස් ගණනින් ගණන් කළ හැකි ප්‍රබල භට සේනාවන් නැව්හි නංවා, සංවිධානයෙහි අසහාය පණ්ඩිත වූ ඒ මහීපාල තෙමේ 53 අනේක උපකරණවලින් පිරුණා වූ, මහා භටයන්ගෙන් සම්පූර්ණ වූ 54 සියලු නැව් දවසින්ම පිටත් කළේ ය. මුහුදු මැද සිටි ඒ නැව් රාශිය 55 ඉතා වේගයෙන් යන්නේ ගමන් ගත් දිවයිනක් සේ පෙනුණි. ඒ 56 නැව් අතරින් කිසිවක් විරුද්ධ වූ සුළඟින් අවහිර කරන ලද්දේ සමුද්‍රයේ දී ගිලී ගියේය; 57 සමහරක් නොදන්නා රටවලට පැමිණියේය. එක් නැවක නැංගා වූ ඉතා සමත් බොහෝ භටයෝ කාක දිවයිනට ගොඩ බැස්සෝ, එහි යුද්ධ කොට ඒ දිවයින් 58 වැසි නොයෙක් ජනයන් පණපිටින් අල්වා ගෙන එයින් ගෙනවුත් ලංකාධිරාජයාහට දැක්වූහ.
59 එකල්හි නැව් පහක නැංගවූ මහා බල ඇති යෝධයෝ රාමඤ්ඤ (බුරුම) 60 දේශයෙහි කුසුම් තොටට බැස්සාහ. කීර්ති නගර ගිරි ප්‍රධාන කොට ඇත්තා වූ ප්‍රබල වූ ඒ භටයෝ නැවෙන් ගොඩබට තොට පටන්, ඇඳ පැළඳ ගන්නා ලද කවච සහ ආයුධ ඇතිව, රාමඤ්ඤ වැසි නොයෙක් දහස් 61 ගණන් සේනාව භීෂණ යුද්ධයේදී මරමින්, මත් ඇතුන් සේ හාත්පස 62 පොල් ආදී නොයෙක් වෘක්ෂයන් සිඳිමින්, ගම්වලට ගිනි තබමින් රාජ්‍යයෙන් අඩක් විනාශ කළහ.
63 ආදිත්‍ය ද්‍රවිඩාධිකාරීන් විසින් මෙහෙයවන ලද නෞකාව 64 ද එම රට පප්පළා නම් තොටට ගොඩ බැස්සේය. එසේම දෙමළ 65 අධිකාරීන් ප්‍රධාන කොට ඇති ජනයෝ වෛරීන් විනාශ කරන්නා වූ ඝෝර වූ බිහිසුණු යුද්ධ කරමින්, ජීවත් වන 66 බොහෝ වූ ඒ (රාමඤ්ඤ) ජනයන් පණපිටින් අල්ලා ගනිමින් එකල්හි රාමඤ්ඤ නම් ඒ රට අතිශයින් කලඹා දැමූහ.
67 පසුව භීම වික්‍රම ඇති සිංහලයෝ නීති උල්ලංඝනය කළ නුවරට 68 ද වැද, ශස්ත්‍රයෙන් කර්කශ වූ රාමඤ්ඤ හිමියා මැරූහ. ඒ රට රාමඤ්ඤයන් මැඩ රජය තමන් අතට ගෙන, ඒ මහා වීරයෝ උතුම් වූ සුදු ඇතුන් පිට 69 නැගී, බිය පහව ගියෝ, ඒ නුවර පැදකුණු කරමින් පසුව ලංකේශ්වරයාගේ ආඥාවෙන් එහි අණබෙර කරවූහ.
70 එකල්හි රාමඤ්ඤ රට ජනයෝ භයින් කම්පා වූවාහු, අනික් ආරක්ෂා ස්ථානයක් 71 නොදන්නේ, සියල්ලෝ එක් රැස්ව මන්ත්‍රණය කොට, “මෙ තැන් පටන් අවුරුදු පතා අප අතින් කැමැත්තෙන් බදු පිණිස ඇතුන් ගෙන යා 72 යුත්තාහ. මෙසේ අපගේ වස්තු වර්ගය උදුරන්නේ වුවත්, ලක් මිහිපල් තෙමේ මෙවැනි වූ ඉතා ඉවසිය නොහැකි දේ යම් සේ නොකෙරේ නම්, එසේ 73 ඒ රජුට අනුශාසනා කරන්නා වූ, හැම කල්හි දයාබර වූ ස්වාමීන් වහන්සේලා (භික්ෂූන්) විසින් අපි සියල්ලෝම දයා කටයුත්තෙමු ය” යි මෙසේ 74 කියා, හසුන් ගත් අත් ඇති ස්වකීය දූතයන් ලක්දිව වැසි භික්ෂූන් වහන්සේලා වෙත වහා එවූහ. ඉක්බිති නිකායත්‍රය වාසී සංඝයා වහන්සේලාගේ වචනයෙන් මෘදු බවට පැමිණි ලක්දිව් රජතුමා හා (රාමඤ්ඤ රට වැසි) ඔවුහු හවුරුදු පතා 75 බොහෝ ඇතුන් එවන්නෝ, සත්‍ය ගිවිසුම් ඇතිව ලංකාධිපතියා හා නැවත සාමය ඇති කර ගත්හ.
76 ඉක්බිති මධුරා පුරයෙහි පරාක්‍රම නම් පාණ්ඩ්‍ය රජ තෙමේ, යුද්ධ කිරීමට කැමති වූ කුලශේඛර නම් 77 සතුරු රජු විසින් බලසෙන් සමග අවුත් 78 සිය පුරය වටලනු ලැබූ කල, දඹදිව තලයේ ශරණ යාමට සුදුසු අන් රජකු නොදැක, 79 “සරණාගතයන්ට පිහිට වන්නා වූ උතුමාණෙනි, සතුරු තේජස් ගින්නෙහි හුදකලා පළඟැටියෙක් බඳු මට ඔබගේ පා සඟල නමැති වජ්‍ර පංජරය (දියමන්ති කූඩුව) අතිශයින් පිහිට වේවා” යි මෙසේ කියා ලංකා නාථයා වෙත දූතයන් එවීය. ලංකේශ්වර තෙමේ 80 ඔවුන්ගේ බස් අසා, “අප සරණ පතා ආවවුන්ගේ ආපදා තොමෝ 81 ඉදින් බැහැර නොලනු ලැබේ නම්, අපගේ ඒ ‘පරාක්‍රමබාහු’ යන නම කෙසේ ගැලපේ ද? මා ඇසුරු කළ තැනැත්තා යම් කිසි සතුරෙකු විසින් මැඩ පැවැත්විය නොහැකිය. 82 සඳ ඇසුරු කළ හාවා මෘග සතුරෙකු වූ කවරෙකු විසින් මඬනා ලද්දේ ද? (එබැවින්) ලක්පුර දණ්ඩනාථය, කුලශේඛරයා මරා පාණ්ඩ්‍ය රජු සිය රටෙහි පිහිටුවා 83 එව” යි විධාන කළේය.
ඉක්බිති බබලන වික්‍රම ඇති, ලක්පුර (ලංකාපුර) නම් වූ, යුද්ධෝපාය දන්නා, 84 සතුරු මහ වනයට ලැව් ගින්නක් බඳු දණ්ඩනාථ තෙමේ “එසේය” යි රජුගේ 85 අණ මල් වඩමක් සේ හිසින් පිළිගෙන, යුද්ධයෙහි දක්ෂ වූ බොහෝ සාමන්තයන් පිරිවරා, යුද්ධයෙහි පැරදවිය නොහැකි මහ සෙන් පෙරටු කර 86 ගෙන නුවරින් පිටත්ව මාවටුපටුනට පැමිණියේය.
87 කුලශේඛර රජ තෙමේත් අඹු දරුවන් සහිත පාණ්ඩ්‍ය රජු මරා මධුරා නම් පුරය (පැහැර) ගත්තේ ය. මහරජතුමා විසින් ඒ පුවත දැක (අසා), “ඔහුගේ වංශයේ 88 උපන්නෙකුට වත් රජය ලබා දේවා” යි නියෝග කරන ලද්දා වූ 89 දණ්ඩනාථ තෙමේ මෙතෙර තල්විල් නම් තොටට ගියේ ය. නොයෙක් සිය ගණන් නැව්වලට මහා බල සෙන් නංවා (ඉන්) පිටත් ව මුහුදු පිට එක් 90 රෑ දවාලක් ගොස් (එහි) ගියේ, එතෙර සතුරු සෙන් සිටින බව දැක, සියලු 91 බල සන්නද්ධ කරවා, ඉතා ගැඹුරු දියේම නැව් නවතා එහිම (මුහුදට) බැස්සේය. 92 සියලු සේනාවගේ සන්නාහයන් තෙමෙන හෙයින්, ඒ තෙමේ එක් කඳවුරක් සඳහා සිය ගණන් සෙන් නංවා, ගොඩ සිටි දෙමළුන් විසින් (විදින ලද) 93 ඊතල වැසි වැටෙන කල්හි සමින් කළ සන්නාහයන් ඉදිරියෙහි තබා, 94 පාණ්ඩ්‍ය රටේ තලවිල් නම් තොටට ගොඩ බැස්සේය. තොටෙහි සිටි දෙමළුන් පලවා හැර, ඒ තොට ගෙන එහි කඳවුරු බැඳගත් මහා බල ඇත්තේ යුද්ධ හතරක් කළේය.
95 මඩවලත්ති රුක්කුනාඩාල්වාර් නම් වූ ද, එසේම කුඩය මුත්තුරා 96 රස නම් වූ ද, විල්ලාවාරායරාය නම් වූ ද, අංචුකොට්ටනාඩාල්වාර් 97 නම් වූ ද, නරසීහදේව නම් වූ ද යන මේ සාමන්ත රජුන් පස්දෙනා යුද පිණිස පැමිණි කල ඔවුන් සමග ද යුද්ධ කොට, බොහෝ දෙමළුන් මරා උන්ගේ 98 අසුන් ගෙන, මහ සෙන් පලවා හැර, යුද්ධ පහක් කොට රාමේශ්වරම ගත්තේ ය. එහි රැඳී සිටි හෙතෙම යුද්ධ නවයක් කොට, දස වැන්නෙහි 99 දී ශිලාමේඝය, නරතුංග බ්‍රහ්ම හා රායරය, ඉලංකියායරය, එසේම 100 අවුකොටටාරායරය, පලුදිය රායරය, පණසියරායරය යන සාමන්ත 101 රජුන් සදෙනා හා යට කී සාමන්ත රජුන් පස්දෙනා මහත් බල සෙන් ගෙන පැමිණි කල, (හේ ලංකානාථ) තෙමේ යුද්ධ කොට ජයට පැමිණ, බොහෝ අසුන් ගෙන දෙමළුන් මරවමින්, රාමේශ්වරම් පටන් සතර 102 ගව්වක් දුරින් මුහුදු දෙකට මැදිව පිහිටි කුන්දුකාල් නම් තැනට (ඒ රාමේශ්වරමෙන්) 103 ගියේ ය. බොහෝ දෙමළ සෙබළු බියෙන් පලාගොස් වනාන්තරවලට වැදුණාහ. පසුව ඔවුන් අල්වා ගෙන සමහරෙකු උල තැබ්බවීය.
104 “දෙමළුන් විසින් පූර්වයෙහි බිඳිනා ලද ලක්දිව සියලු සෑ (දාගැබ්) උන් ලවාම කරවිය යුතුය” යි ලංකාධිපති (රජු) විසින් අණ කළ කල, සමහරුන් 105 ලක්දිවට පමුණුවා රුවන්වැලි සෑයෙහි කර්මාන්ත කරවීය. ලංකේශ්වර 106 තෙමේ ද දෙමළුන් විසින් බිඳිනා ලද සෑය පෙරළා බඳවා අවසානයෙහි 107 කොත් පළඳවා පූජා පැවැත්වීමට ඇමතියන් හා පිරිවර කැටුව අනුරාධපුරයට ගියේ ය. ලක්දිව මහා භික්ෂු සංඝයා ද රැස් කරවීය. ඒ 108 සංඝයා හට සිවුපසයෙන් උපස්ථාන කරමින්, තුදුස්වක් පොහෝ දින පැමිණි කල නුවර බෙර හසුරුවා, “නුවර අලංකාර කෙරෙත්වා, ගඳ මල් ආදිය 109 ගෙන මහජන තෙමේ මහ සෑ තැනට හෙට පැමිණේවා” යි කියා, සියලු පූර්ව 110 රාජාභරණයන්ගෙන් හා මුතු මාලා, අංගද ආදී මහඟු අබරණින් දේවලීලාවෙන් සැරසෙන 111 ලද්දේ, දිවසරන් විලසින් මැනවින් සැරසුණු සිරුරු ඇති නොයෙක් සිය ගණන් අන්තඃපුර ස්ත්‍රීන් විසින් පෙරටු කරණ ලද්දේ, නන් අබරණ 112 වතින් විසිතුරු වෙසින් ලීලෝපේත වූ (ගමනින්) මහා පෙරහැර කළේය. සියොලඟ 113 පහන් පුදින් සෑය පුදන්නා වූ දිලිසෙන රන් සන්නාහ ඇති ඇතුන් සමූහයෙන් 114 හා ජන රාශි භාරයෙන් මැඩ පොළොවට තෙල් ගල්වන්නා සේ ද, 115 සත් සෙමෙර (චාමර) දස දිසාවෙහි වසන්නා මෙන් ද, නන් තුරු රැවින් 116 ගිරි ගුහා බිඳිනා සේ ද, සිරි සැපතින් ලෝ වැස්සන් නෙත් සතුටු 117 කඳුළු ගන්වමින්, කරඬු, කොඩි, කෙණ්ඩිකා, තල්වැට, කළස් ආදී ස්වර්ණ භාණ්ඩයන්ගේ රැසින් එතැන රන්වන් කරමින්, ඒ (රජ තෙමේ) රජ 118 මැදුරින් අවුත් ඡායාව වැඩෙන කල (සවස් වේලෙහි) සෑ මිදුලෙහි දෙව් රජ සිරින් සිට ගත්තේය.
119 නොයෙක් සිය ගණන් භික්ෂූහු ද පබළු පිළිකඩින් සෑය වට ලන්නවුන් සේ අවුදින් පිරිවැරූහ. රජ තෙමේ සෑ මතුයෙහි රන් 120 කොත තබා, මස්තකයෙහි සිටි හර මඬුලු (වළාකුළු) ඇති කෛලාශ කූටයේ ශ්‍රී විභූතිය ලෝකයාහට 121 දැක්වීය. එදින රජුගේ පහන් පූජාවෙන් දෝ, සෑයෙහි පිහිටි රන් කොතින් 122 දෝ නුවර රාත්‍රියක් නැත්තා සේ විය. මෙසේ පරාක්‍රමබාහු මහරජ තෙමේ සෑය පිළිබඳ මහ පෙරහැර කරවා පොළොන්නරු පුරවරට ම පැමිණියේ ය.
123 ඒ දණ්ඩනාථ තෙමේ එහි චිරස්ථිතිය (දිගු කල් පැවැත්ම) කැමැත්තෙන් කුන්දුකාල් නම් පෙදෙසෙහි ‘පරාක්‍රමපුර’ නම් වූ කඳවුරක් කරවීය. 124 දෙදහස් සාරසිය රියන් 125 දිගින් යුත්, උස් වූ පහන් මුවා (ගල්) පවුරු තුනක් හා දොරටුවක් හා චතුශ්ශාලාවක් ද කරවා, මුහුදින් මුහුදට දිය යම් සේ ගලා යේ ද එසේ 126 පරිඛාවක් (දිය අගලක්) ද කරවා, ඒ බලකොටුවෙහි වෙසෙමින් කඩක්කුඩිය නම් වූ ද, 127 චෝළ ගඟ නම් වූ ද යනාදී සාමන්ත රජුන් ද ගෙන්වීය. මෙසේ දවසින් දවස සිංහලයන්ගේ බල වැඩෙන කල, කුලශේඛර රජ තෙමේත් එයින් ම 128 උන් පලවා හැරීමට සුන්දර පඬුරායරය, පඩ්ය රායරය යන දෙදෙනා හා 129 අන්‍ය වූ බලවත් වූ බොහෝ සාමන්ත රජුන් නැවත ද මෙහෙයවීය. ලක්පුර 130 නම් (ප්‍රභූ රාජ) තෙමේ උන් හා යුද්ධ තුනක් කොට උන් පලවා හැර ‘වරුකොට්ට’ නම් ගම ගත්තේය. ඉන් පිටත්ව එම සාමන්ත රජුන් හා එක් වූ 131 ආළවන්දප්පෙරුමාල් නම් දෙමළා හා මහ යුද්ධ කොට ජයට පැමිණ 132 කොලුවුරු නම් ගම් හා මරුථුප නම් ගම ගත්තේ ය. ඒ දණ්ඩනාථ තෙමේ කුණ්ඩිය රට ද, කොලු ඌරු රට ද, මරව වර නම් භටයන් 133 වසඟ කළේය. වීරගංගයාගේ රටේ කුණප්පුය, නල්ලුරුය යනාදී වූ බොහෝ ගම් නියම්ගම් කොල්ලකා, මහා බල ඇත්තේ මාළවරායර නම් 134 වූ බලවත් සාමන්ත රජු ද, දෙමළ දහසුන් ද වසඟ කොට එහි විසීය.
135 ඉක්බිති ඒ තෙමේ එයින් පරාක්‍රමපුරයට ස්වකීය බල සේනාවට වැටුප් දීමේත්, විවේක ගැනීමේත් අදහසින් පෙරළා ආවේය. එමින් අතරමග මඩලි නම් ගම හුන්නා වූ ආළවන්දයා හා යුද්ධ කොට ඔහු මැරුවේය.
136 ඉක්බිති සිංහ වික්‍රම ඇති, යුද්ධයට දක්ෂ, මහා සේනා සම්පන්න වූ, යුද්ධෝපායෙහි පණ්ඩිත වූ බලවත් කුලශේඛර නම් රජ තෙමේ, බොහෝ 137 බල වාහන ඇති මහ ඇමතියනුදු මෙහෙයවා ඔහු දිනනු නොහැකි වූයේ, 138 තෙමේම යුද්ධ පිණිස නික්මුණේය. මාළව චක්‍රවර්තිය, මාළවරායරය, 139 පරිත්තික්කුණ්ඩරායරය, තොණ්ඩමානාරායරය, තුවර රට අධිපති 140 වේළාරය, වීරප්පෙර රායරය, සෙකු රායරාය, තිකලධරායරය, කරුමමලත්ත රාජරය, එසේම මනකුල රාජරය, පුංකොණ්ඩනාඩාල්වාරය, 141 කරඹ රායරය, වීරගංගය, වෙමුව රායරය, අලත්තුරුනඩාල්වාරය, මරත්නයරාජය තුන්දෙනා ය, කලවණ්ඩිය නාඩාළවාරය, කේරළසීහමුත්තරය යන මේ ආදී සාමන්ත රජ දරුවන් හා යට කියන ලද්දවුන් 142 ද ගෙන; පැරකුම් පාණ්ඩ්‍ය රජුගේ රටේ සෙසු බලසෙන් ද; මයිලන් 143 දෙදෙනාගේ කෝරළ දෙකෙහි සියලු බලසෙන් ද; තමා අයත් 144 ත්‍රිණවෙලි රජයෙහි සියලු බලසෙන් ද; නිච්චවීනෝදමානව රායරය, 145 පට්ටිරායරය, තුකුත්තරායරය, තොම්පිය රායරය, ආලවන්දපෙරුමාළය, 146 චෝළකෝනාරය, එසේම තංගිපේපෙරුමාළය, අලඛිය රායරය, 147 මාණාභරණ රජු ය, අවන්දිය රායරය, මුන්දිර රායරය, විට්ටාචර දෙමළය 148 යන මෙකී සාමන්ත රජුන් ද මහත් බල වාහනයන් ද ගෙන පරාක්‍රම පුරය වෙත අවුත්, “සිංහලයන්ගේ හිස් කපා රාමේශ්වරම් දෙවොලෙහි 149 මේ වර මාගේ දේව පූජාව වන්නේය” යි සිංහ ගර්ජනා කොට, එරුක් 150 කොට්ට නම් ගම ද ඉඩගළිස්සර නම් ගම ද කඳවුරු පිහිටුවීය.
151 පසුව පරාක්‍රම පුර නම් කඳවුර කොල්ලකෑමට කුලශේඛර තෙමේ 152 ගොඩින් ද, බොහෝ දෙනා නැව් නංවා මුහුදු පිටින් ද මහ සෙන් මෙහෙයවීය. 153 මෙසේ නොයෙක් දිගින් අවුත් මහා සේනා යුද්ධ කරන කල, සමුද්‍රයන් දෙදෙනෙකුගේ ඉවුර උතුරන්නා බඳු විය. ඉක්බිති ඒ ලංකාපුර (ප්‍රභූ රාජ) 154 තෙමේ මහා සේනා සන්නද්ධ කරවා කඳවුරින් නික්ම ඔවුන් හා 155 යුද්ධ කිරීමට පටන් ගත්තේය. ඉක්බිති ඒ දෙමළ සේනාව යුද්ධ කරමින් 156 මහ යුද්ධයේ දී භයංකර ප්‍රහාරයට ද නොඅඩු වූ ඊතල විදීමට ද ලක්ව වෙහෙසට පත්වූවා, සිය කඳවුරට පෙරළා ගියාය.
157 මෙසේ ම අවුදින් පනස් තුන් වරක් යුද්ධ කළාය. ඉක්බිති කුලශේඛර 158 රජ තෙමේ යුද්ධයක් යුද්ධයක් පාසා පරාජය දැක, තෙමේත් කඳවුරින් (නික්ම) යුද පිණිස බල සෙන් මෙහෙයවීය. ලංකාපුර නම් (ප්‍රභූ රාජ) 159 තෙමේ සියලු දොරටු හරවා, මහා පර්වතයක් සේ සිය සෙන් 160 ඉදිරි කොට ගෙන නික්මුණේ, යුද්ධ කොට බොහෝ දෙමළුන් මරා අසුන් ද ගෙන ජයට පැමිණ, ලුහුබඳිමින් කුරුම්බණ්ඩකලියට ගියේ ය. එහි කඳවුරක් කිරීමට පටන් ගත් කල, කුලශේඛර රජ තෙමේ යුද්ධයේ දී බිඳුණු ඒ මහා සේනාව ද එකතු කරවා, හරය කරගත් (ඉතා දක්ෂ) තමා හා සමාන වූ මහ සෙන් ද ගෙන, තෙමේම අවුත් ප්‍රති සතුරන්ට භය එලවමින් යුද්ධ කළේ ය.
161 කඩු නමැති මසුන් දහසක් විසින් ද, අශ්ව නමැති රළ සියයක් විසින් ද, 162 පදික සේනා ගංගාවන්ගේ ඇද හැලීමෙන් ද, බෙර හඬ නමැති ගිගුම් දීමෙන් ද 163 එකල මහ යුද්ධය පවත්නා කල, මහා වික්‍රම සම්පන්න සිංහලයෝ බාහු කසන (යුද වැදීමට ඇති ආශාව) දුරු කළෝ ය.
164 විල්ලව රායර නම් වූ තැනැත්තා ද චෝළ කෝනාර නම් වූ තැනැත්තා ද යාධව 165 රායර නම් වූවන් ද ඉතා විශාල බල ඇත්තා වූ සාමන්තයෙකු ද, නොයෙක් 166 සිය ගණන් භටයන් ද, සියලු රාජාමාත්‍යයන් ද අවසර දෙන මෙන් ඉල්ලා 167 පිටව ගියහ. යුද්ධයේ දී පලා යන්නා වූ ඔවුන් විසින් හුදෙක් තම වික්‍රමය පමණක් අත්හරින ලද්දේ නොවේ; ඔවුහු සිංහාසනය, ඡත්‍රය සහ අලංකාර ආභරණ ආදිය ද දමා ගියහ.
168 ලංකාපුර නම් වූ ප්‍රභූරාජ තෙමේ සතුරන් වූ කුලශේඛර රජු විසින් 169 වාසය කරන ලද හරික්කාවුර නම් බලකොටුවට ගොස් එය ගිනි තබ්බවා, 170 පසුව එය තමා යටතට ගෙන මද කලක් එහි වාසය කොට, එකල්හි ලංකාවිදු (ලංකාපුර) තෙමේ එයින් 171 පිටත්ව මණ්ඩලික ප්‍රදේශයට වැද, එයින් ද ගොස් ඉක්බිති දෙවියාපට්ටන නම් 172 ජනපදය ලුහුබඳවා අත්පත් කර ගත්තේ ය. එයින් සිරියවල යට ගොස් කොළුවන්කොට්ට නම් වූ ඒ බලකොටුවෙහි වසන්නා වූ බුද්ධ කඩ 173 රායර නම් වූ බලනායකයා යුද්ධයට සැරසුණු කල්හි, ඔහු හා දරුණු යුද්ධ කොට ඔහු පලවා හැරියේ ය. එසේම කුලශේඛර රජුගේ බොහෝ ඇමතියන් ද ඒ යුද්ධයේ දී පලවා හැර 174 ඒ බලකොටුව ද අත්පත් කර ගෙන මහ ගම් සත්විස්සක් ද (යටත් කර ගත්තේ ය).
ඉක්බිති ඒ දවැදනතික නම් ගම වෙසෙමින් බිහිසුණු පැරකුම් ඇති හේ තෙමේ කොටස බුක්කය යන 175 නම් ඇති දෙදෙනා ද, බමුණුගමය යන මෙහි වසන පණ්ඩාර දෙමළා ද, 176 චෝළ කෝනාර ද, යාථවරායර නම් සාමන්ත රජු ද, එසේම විල්ලව 177 රායර ද, කාලිංග රායර ද, සුන්දරපඩුරාය සහ නරසීහ දේව නම් දෙදෙනා ද, එසේම පඩ්ය රායර යන මොවුන් හා යුද්ධ කරමින් ඔවුන් ද බිඳ, 178 බොහෝ දෙමළුන් මරවා, බොහෝ අශ්වයන් ද ගෙන, සම්පූර්ණ වූ බල වාහන ඇත්තේ විය.
179 පසුව කුණ්ඩයන්නේක නම් වූ තැන වසන්නා වූ කණ්ඩයමුත්තු රායර ද, 180 එසේම කඩිල රායර ද, යාථව රායර යයි කියන සාමන්ත දෙමළ රජුන් 181 තුන්දෙනා ද වසඟ කොට, ඒ ස්ථානයෙහි වෙසෙමින් (උපාය) ස්ථාන දන්නා වූ හේ තෙමේ, 182 වික්‍රම චෝළපෙපර නම් බලකොටුවෙහි පණ්ඩි රායර, පඬිමණ්ඩල නාඩාල්වාරය, වීරමග රායර, කංගකොණ්ඩප්පෙරායර යන මොවුන් තුන්දෙනා ද, කාමන්දකොට්ට රටවැසියන් ද යන මේ සියල්ලන් මහා වීර තෙමේ එකල්හි වසඟ කොටගෙන මහා යුද්ධයක් කරනු කැමැත්තේ මරුථු කොට්ටයට ගියේ ය.
183 එහි ද චෝළකෝනාර ද, තොන්ද්‍රිය ද, එසේ ම අන්‍ය වූ සුත්තණ්ඩාර 184 සාමන්තයා ද, වීර ගංගර දෙමළා ද, එසේ ම කුත්තණ්ඩාර යන මේ ආදීන් හා මහා යුද්ධ කොට තොන්ද්‍රිය බලනායකයා එහි දී ජීවිතක්‍ෂයට පමුණුවා, 185 ඔවුන්ගේ අශ්වයන් ද ගෙන බොහෝ දෙමළුන් මරවා මත්තෙහි කංග 186 කොට්ටානය යයි ප්‍රසිද්ධ වූ බලකොටුව අත්පත් කර ගත්තේ ය. එයින් නික්ම පණිව 187 නම් තැන රැඳී සිටියේ, අළත්තුරු නාඩාල්වාර දෙදෙනා ද, පන්ද්‍රිය රායර ද, විල්ලවා රායර ද, චුල්ලකකුණ්ඩ රායර යන මොවුන් හා මහා යුද්ධ 188 කොට එහි දී ඔවුන් පරාජය කර පණිවකොට්ටය ගෙන, එතැනින් හැරී ඒ තෙමේ 189 කංගකොට්ටාන නම් තැනට ම පෙර සිටි පරිද්දෙන් අවුත්, එයින් 190 අණිවලක්කොට්ටාන නම් තැනට ගොස් අණිවලක්කොට්ටයට යුද්ධ පිණිස ගොස්, එහි ද ඛණ්ඩමාළව රායර ද, වීරගංගර දෙදෙනා ද, චෝළකෝනාර නම් දෙමළා ද යන මොවුන් හා මහා යුද්ධ 191 කොට ඒ සියල්ලන් බිඳ, බොහෝ දෙමළුන් මරවා, බොහෝ අශ්වයන් ද 192 ගෙන, ඒ බලකොටුව සහ නෙට්ටුරුව අත්පත් කර ගෙන තෙමේ එහි රැඳී සිටියේ ම, කුත්තාණ්ඩාර, වීරගංග, තංගිප්පෙරුමාල් යන බලනායකයන් හා ඔවුන් 193 ඇසුරු කළ නොයෙක් සිය ගණන් දෙමළුන් ද, එසේම ඉලකිය රායර, 194 අංචුකොට්ට රායර යන මොවුන් ද වසඟ කොට ගෙන, මිණි කොඩොල් ආදී ආභරණ ප්‍රසාද පිණිස දුන්නේ ය. ඉක්බිති ඉලංකි රායරයා හට “රාජ වෙසීභුජංග සිලාමේඝ” යයි යන ඔහු කැමති විරුද නාමය ද දුන්නේ ය.
195 මේ අතරතුරෙහි පරාක්‍රම පඬිරජුගේ දරුවා වූ, වීරපණ්ඩු කුමාරයා යයි 196 ප්‍රසිද්ධ වූ සැමට බාල කුමාරයා, පුත්‍ර භාර්යාවන් සහිතව මරණයට පත් වූ සතුරන්ගේ වසයට පැමිණි පියරජුගේ ජීවිතක්‍ෂයට පැමිණීම සිදු වූ කල්හි, එක්තරා 197 උපායකින් සතුරන් අතින් මිදී, භයින් යුක්තව නො අවුත් මලය නම් රටෙහි 198 රැඳී සිටින බව අසා, ඔහු වෙත දූතයන් යැවී ය. “මම මෙහි මහා යුද්ධයේ දී ඇමතියන් සහිත කුලශේඛර රජු නොයෙක් වර පරාජය කර දිනා, රාජ්‍යයෙන් 199 භාගයක් ගෙන, ප්‍රමාණයෙන් දෙතුන් ගව්වක් පමණ වූ මදුරාපුරයට 200 නුදුරු දේශයෙහි පැමිණ සිටියෙමි. අපගේ ස්වාමි තෙමේ ද තොපගේ 201 පියරජුට ආරක්ෂාව සලසනු කැමති වන්නේ, සතුරන් විසින් ඒ නරනායකයා නැසූ කල්හි ඒ පුවත අසා, ’මා සරණ ගියා වූ ඒ තෙමේ ඉදින් එසේ සතුරු රජු විසින් නසන ලද නම්, දැන් ඔහු ද මරා පරාක්‍රම පඬිරජුගේ ඒ රාජ්‍යය ඒ වංශයෙහි උපන්නා වූ කිසිවෙක් ඉදින් විද්‍යමාන නම් ඔහුටවත් 202 ගෙන දෙව’ යි අප මෙහෙයවූයේ ය. එහෙයින් සිතෙහි බියක් ඇති කර නොගෙන 203 වහා අවුත් පිය සන්තක වූ රාජ්‍යය අනුශාසනා කරව” යි සත්‍ය වූ 204 මෘදු වචන කියා යැවී ය. කුමාර තෙමේ ද ඒ වෘත්තාන්තය විවිධ වූ පරිද්දෙන් අසා කල් නො ගෙවා ඔහු වෙත එළඹියේ ය.
205 එකල්හි කිසිවක් නැති කුමරු පැමිණි බව කියා ලංකාපුර ප්‍රභූරාජ 206 තෙමේ මහරජු පිළිබඳ ලංකාවට පතක් යැවී ය. මහ රජ තෙමේ ඒ පුවත 207 විධි වූ පරිද්දෙන් දැන, භෝජනයට සුදුසු වූ ස්වර්ණමය හා රජතමය (රන් හා රිදී) නොයෙක් 208 බඳුන් ද, රන්මුවා රිදී මුවා බොහෝ වූ ප්‍රදීපාධාරයන් ද, මහාර්ඝ වූ තමන්ගේ වස්ත්‍ර බඳු වූ අඳිනට සුදුසු දෑ ද, කර්ණකුණ්ඩල හා මුතුවැල් ද, 209 රුවන් මුවා වළලු ද යන මේ ආදී භාණ්ඩයන් ගෙන, සතුටු වූ රජතෙමේ සතුටු 210 පඬුරු කොට යැවූ සේක. ඉක්බිති කුමාර තෙමේ ඉතා ආදරයෙන් ඒ පඬුරු සියල්ල රජු සිටින දිශාවට වැඳ භය සහිතව පිළිගත්තේ ය.
එකල්හි මහා බල ඇති ඒ ලංකාපුර තෙමේ මුණ්ඩික්කාර රජ, 211 ඛණ්ඩදේව මාළව රායර නම් තැනැත්තා ද සමඟ යුද්ධ කොට එතැනින් පලවා හැර, කීලංගල නම් වූ ද මේල මංගල නම් වූ ද යන දෙරටේ දෙමළුන් වසඟ කොට, 212 එහි වෙසෙමින් සිටියේ ය. පසුව වීර තෙමේ එකල්හි බියෙන් පරවශ වූ සිත් ඇතිව, 213 පහ වූ මානයෙන් යුතුව සරණ පිණිස ආවා වූ මාළව රායරයා 214 පූර්ව ස්ථානාන්තරයෙහි (පෙර තනතුරෙහි) පිහිටුවා, මුණ්ඩික්කාරයා ද පෙරළා දී, මංගල යන දෙරට ප්‍රධාන කොට මුණ්ඩනනංකොණ්ඩගත වූ ගෝකර්ණනාඩුවට නායක කොට, අණිවලක්කි කොට්ටයෙහි ලංකාපුර තෙමේ එකල විසී ය.
215 ඉක්බිති තෙමේ ම එයින් නික්ම ලුහුබඳවා නෙට්ටුරුවට වැද, 216 මානවීර මධුරාවෙහි වැසි සාමන්තයන් සමග ද, අලත්තුරු නාඩාල්වාර දෙදෙනා, කාලිංග රායර, කලිකාල රායර යන මොවුන් සමග ද මහා යුද්ධ කොට, බොහෝ දෙමළුන් හා කලිකාල රායරයාත් මරා, මහත් 217 බල ඇත්තේ ඒ මධුරාව අත්පත් කොට ගෙන, පසුව බොහෝ දෙමළුන් ද එසේම මුවරය නම් රායරයා ද කරුමමළුත්ත රායරයා ද තම වසයෙහි 218 පවත්වා ගෙන, බලවත් වූ හේ තෙමේ අලත්තුරු නාඩාලයාගේ දුර්ගයට ගොස් 219 කාලිංග රායර, චුල්ලකංකුඩ රායර යන මොවුන් හා මහා යුද්ධ කොට 220 ඉක්මවිය නොහැකි භීම වික්‍රම ඇත්තේ ඔවුන් එතනින් පලවා හැර, ප්‍රසිද්ධ ගම් කිහිපයකුත් 221 ගිනි තබ්බවා මහා වීර තෙමේ නැවතත් නෙට්ටුරුවට එළඹියේ ය.
222 එකල දකුණු දිගින් චුල්ලකංකුඩ රායර, අලත්තුරු නාඩාල්වාර 223 දෙදෙනා ය, මණ්ණාය රායර නම් වූ ය, පරිත්තික්කුණ්ඩියාර් නම් වූ ය, එසේම සෙංකුඩි රායර නම් වූ ය යන බල නායකයන් හා සංග්‍රාම විධානයෙහි දක්ෂ වූ අන්‍ය වූ බොහෝ වූ දෙමළු ද, කුලශේඛර රජුගේ 224 අභ්‍යන්තරික සාමන්ත වූ කාලිංග රායර තෙමේ ද, තෙන්නපල්ලව 225 රායර තෙමේ ද, ආළවන්දප්පෙරුමාල් තෙමේ ද යන මේ පැරදවිය නොහෙන්නෝ සිය සේනා සන්නද්ධ කොට නික්ම සහසික වූ 226 සිත් ඇත්තෝ පාතපත නම් තැනට එළඹියහ.
227 ඒ වාරයෙහි ඔවුහු සතුරු විජය පිණිස කරණ ලද නිශ්චය ඇති වූහ. 228 ඉක්බිති යුධ විධානයෙහි දක්‍ෂ ලංකාපුර තෙමේ ඒ විධාන අසා බොහෝ බලවාහන ඇති සාමන්තයන් එහි යැවී ය. ඔවුහු එහි ගොස් ඒ 229 බලකොටුව හාත්පසින් වටලා ගෙන, බලකොටුව වෙත තිබූ මහ ගම් විස්සක් ද දවා, පසුව ඒ පුවත් කියා ලංකාපුර නම් ප්‍රභූරාජයා වෙත, 230 “බලකොටුව පැහැර ගන්නමෝ ද? නොහොත් එසේ නො කරන්නමෝ ද?” යි දැනගනු පිණිස දූතයෙක් යැවූහ. 231 ඒ තෙමේ ඒ අසා නැවතත් මහා සේනාවක් යවා “බලකොටුව පැහැර ගනිව්” යි කියා හසුන් යැවී ය. එකල්හි ඔවුහු සියල්ලෝ ම ඔහු විසින් එවන ලද හසුන අසා 232 ඉතා බියකරු යුද්ධ කිරීමට පටන් ගත්හ. කල්පාන්ත වාත සක්‍ෂාභයක් (කල්පය අවසානයේ හමන සුළඟක්) බඳු වූ ඉවසිය නොහෙන මහා යුද්ධයක් එහි උභය සේනාවන් සම්බන්ධ වූයේ විය.
233 දහස් ගණන් දෙමළුන් ජීවිතක්ෂයට පමුණුවා එසේ ම 234 කුලශේඛර රජුගේ අභ්‍යන්තරික වූ තෙන්නප්පල්ලව රායර නම් 235 ඇමතියා ද මරා, ආළවන්දප්පෙරුමාල් බිය වී පලා ගිය කල, ඔහු නැගී අසු ද අනිකුත් බොහෝ අසුන් ද ගෙන, සිංහ වික්‍රම ඇති ඒ සිංහලයෝ වීරර් දේවියගේ මුව පියුම තුටු කරවමින් දෙමළ සෙන් බිඳ දැමූහ. පාතපත 236 නම් ඒ පෙදෙස අත්පත් කොට ගෙන එහි සිටි සේනාව ලංකාපුර තෙමේ පසුව තමා වෙතට ම ගෙන්වී ය.
පසුව ඒ ලංකාපුර තෙමේ අණිවලක්කි කොට්ට නම් තැනට 237 ගියේ ය. මාළව චක්‍රවර්තීහු ද අංචුකොට්ටයන් ද වසඟ කළේ ය. මෙසේ තොණ්ඩිය පාසය යන දෙරට ගෙන උතුරු දිග සතුරන් නැති කොට 238 සකස් කරනු පිණිස කුරුන්දංකුණ්ඩියට හේ තෙමේ ගියේ ය. එහි වළුඨිය 239 රායර නම් සාමන්ත රජු තමා වසයෙහි කොට ගෙන ඔහුට ස්වකීය පදවියත් ස්වර්ණ වළලු ආදියත් දී, ඉන් ද නික්ම නැවත තිරිවේකම්බම නම් 240 රටට ගොස්, එකල්හි එහි සිටි සිලාමෙඝ රායර, එසේ ම කණසි 241 රායර, අංචුකොට්ටනාඩාල්වාර යන සාමන්තයන් තමා වසයට 242 ගෙන, මොවුන් සියල්ලන්ට පෙර සෙයින් සතුටු පඬුරු දී, පුංකොට්ටනාඩාල්වාර නම් බලනායකයා ද තමා වසයෙහි පමුණුවා මොවුන් සියල්ලන්ට ද පෙර සෙයින් ප්‍රසාද දුන්නේ ය.
243 ඉක්බිති සත්‍ය වූ ප්‍රතිඥා ඇති මහා වීර තෙමේ තමාට වසඟ වන ලෙස 244 මාළව චක්‍රවර්තීන් වෙත හසුන් යවා, එහෙත් ඔහු තමා හමු නොවී 245 සෙන්පොන්මාරියට ගිය කල, ලංකාපුර තෙමේ සෙන්පොන්මාරි නම් 246 නුවර ගන්නා පිණිස තෙමේ ම එහි ගියේ ය. ඒ නුවර ගැනීමට පෙර ආවා වූ චෝළ සේනාවට වසර දෙකක් තිස්සේ එහි යුද්ධ කර හෝ එය අල්ලා ගැනීමට නොහැකි විය. එබඳු වූ යාමට දුෂ්කර වූ ඒ බලකොටුව සිංහ වික්‍රම ඇති ඒ සිංහලයෝ දිනාගේ අර්ධ භාගයක් (දින භාගයක්) කල් වුව ද පසු නො 247 කොට, පවුරු දෙක හා දොරටු සතර බිඳ, වෙන වෙනම ඇතුන් සෙයින් 248 දුර්ගය ඇතුළට වන්නාහ. එහි නොයෙක් සිය ගණන් දෙමළුන් මරා මෙසේ ඔවුහු සෙන්පොන්මාරි නම් වූ ඒ නුවර ක්ෂණයකින් පැහැර ගත්හ.
249 එකල්හි කල්ලර සේනාව ය, නැවත මරවරයෝ ය, එසේම ගෝළිමළයෝ ය, වැලි එසේම කුත්තවරයෝ ය, වල්ලක්කුත් තාර සේනාව 250 ය, එසේම ඌචෙන සේනාව ය යන පණස් දහස් සැට දහස් ගණනට 251 ගියා වූ ඉතා උදාර පරාක්‍රම ඇති දෙමළ මහා බලය, සිංහලයන් සිටි ඒ 252 බලකොටුව වටලා පසුව ඉතා බිහිසුණු තදබල යුද්ධයක් කිරීමට වහා පටන් ගත්හ. ඉක්බිති දකුණු දොරටුවෙහි දොර හැර දේවලංකාපුර නම් වූ ය, 253 එසේම සොර ලංකාගිරිය යන ඉක්මවිය නොහැකි වික්‍රම ඇති බලනායකයෝ සිය සේනාව සහිත වූවෝ දහස් ගණන් දෙමළුන් ජීවිතක්ෂයට පමුණුවා, ඒ දිගින් ආවා වූ ඉතා උග්‍ර වූ දෙමළ බලය ඇති 254 මුළක්, සිංහයන් සෙයින් සිංහ වික්‍රම ඇති ව බිඳ දැමූහ. ගෝකර්ණ 255 දණ්ඩනායක නම් වූ ද ලෝක කේසධාතු නම් වූ ද සේනාපතීහු ඒ 256 මොහොතෙහි ඒ දකුණු දොරින් නික්ම ගෙන සතුරන්ගේ බොහෝ භටයන් 257 රණබිමෙහි මරවා නසන ලදින් ඉතිරි වූ සියලු සතුරු බලසෙන් භග්න කළහ.
258 මහත් බල ඇති කීර්ති කේසධාතු නම් බලනායකයා ද, ජගද්වීජය නම් වූ ලංවිය නොහෙන එක් සාමන්තයෙක් ද යන වීරයෝ දෙදෙනා 259 උතුරු දොරින් බැහැරව දෙමළ යෝධයන් අතුරෙන් බොහෝ දෙනෙක් 260 ජීවිතක්ෂයට පමුණුවා දෙමළුන් අයත් බලසෙන් වහා බිඳ දැමූහ. මෙසේ 261 එදවස ම සිංහලයෝ ක්ෂණයක දී දෙමළුන් අයත් සියලු සේනා මරා ද පලවා ද බොහෝ අසුන් ගත්තාහ. දිනන ස්වභාව ඇති ඔවුහු ප්‍රසිද්ධ වූ බල 262 කොටුවට පෙරළා ආවෝ ය.
එකල්හි කුන්තවරයෝ ය, එසේම කල්ලර සේනා ය, ගෝළි 263 හළයන්ගේ සේනා ය, මරවරයන්ගේ සේනාව ය, වල්ලක්කුත් 264 තාර සේනා ය, එසේම ඌවවෙන පිරිස ය, ථලයුරු නාඩාල්වාරය, එසේම කාගයාරාය යන මේ දෙදෙනාගේ සේනා ය, එසේම 265 ථලයුරුනාඩු වාසීහු ය, කලහිනාඩුවෙහි සේනා ය, ථලයුනනාඩු වාසීහු ය, කාකන්නාඩු වාසීහු යයි යන මේ දෙමළ බලසෙන් හා සොළී දේශ සීමාවෙන් මොබ වොල්ලරු නම් ගම දක්වා මොබ රට වැසි සියල්ලන් 266 තමා වසයට ගෙන ආයේ ය. හේ තෙමේ පිළිවෙළින් මොවුන්ට ප්‍රසාද ද දුන්නේ ය. එකල්හි වෛශ්‍යයන් විසින් ද යොනුන් ද ගෙනෙන ලද 267 පඬුරු ගෙන, ඔවුහු ද බොහෝ ප්‍රසාද දීමෙන් සත්කාර කොට, පෙරළා සරණ පිණිස ආවා වූ මාළව චක්‍රවර්ති නම් බලනායකයාට 268 සෙන්පොන්මාරි නුවර දී ඔහු සිය පදවියෙහි තබා, එයින් පිටත්ව 269 තිරුවේකකම්බයට නැවත අවුත් ඉන් ද නික්ම කුරන්දංකුණ්ඩියට ආයේ ය.
270 එකල්හි බලවත් වූ කලවණ්ඩිනාඩාල්වාර් තෙමේ යුද්ධ කොට මාළව රායරයා කෙරෙන් මුණ්ඩික්කාරය පැහැර ගත්තේ ය. එසේ කළ කල්හි මාළව රායර තෙමේ අනික් සරණක් නොදක්නේ “මට ඔබ සරණ වුව මැනව” යි 271 ලංකාපුර දණ්ඩනාථයන් වෙත එළඹියේ ය. එකල නියෝජක වූ ලංකාපුර තෙමේ කේස ධාතු ය, ලෝක සම්මත වූ කීර්ති ය, ලෝකනාථ ය යන දෙදෙනා ය, ගෝකර්ණ දණ්ඩනාථය යන උතුම් වූ සාමන්තයන් කැඳවා 272 යුද්ධ කොට මුණ්ඩික්කාරය ගෙන නැවත ඔහුට ම දෙනු පිණිස නියෝග 273 කළේ ය. ඔවුහු එහි ගොස් දුරතික්‍රම යුද්ධ කොට කලවණ්ඩිය නාඩාල්වාර නම් වූ 274 ඔහු එයින් බැහැර කොට, බොහෝ දෙමළුන් මරා, මාළව රායරයන් නැවතත් යථා ස්ථානයෙහි තබා තිබූ, එයින් ලංකාපුර දණ්ඩනාථයන් වෙතට ම පෙරළා ආවෝ ය.
තව ද පුංකොණ්ඩනාඩාල්වාර නම් වූ අනික් 275 සාමන්තයෙක් තෙමේ සිරියවල නම් වූ තැනට අවුත් එහි වෙසෙමින්, 276 මාළව චක්‍රවර්තීන් හා මහා යුද්ධ කොට, ජයකොට්ටාන යයි ප්‍රසිද්ධ වූ 277 ගමට ඔහු පලවා හැර, තෙමේ එකෙණෙහි සෙන්පොන්මාරිය අත්පත් කොට 278 ගෙන ඇත. 279 එකල්හි ධීරයන් අතුරෙන් ප්‍රවර වූ ලංකාපුර තෙමේ ඒ ක්‍රියාව අසා තෙමේ එකෙණෙහි අණිලක්කී පුරයෙන් පිටත්ව සෙන්පොන්මාරි කොටුව ගන්නට තිරිවේකම්බයට ගියේ ය.
280 පසුව පුංකොණ්ඩනාඩාල්වාර් තෙමේ ඒ විධාන අසා භයින් සෙන්පොන්මාරි හැර එයින් 281 සිරියවලයට ම ගියේ ය. නැවත ලංකාපුර වීර තෙමේ සෙන්පොන්මාරියට 282 එළඹියේ ය. පුංකොණ්ඩනාඩාල්වාර තෙමේ ලංකාපුරයන්ගේ වසයෙහි 283 වන්නෙමැයි සිතා ආයේ නමුදු, තමා නො දක්වා නැවතත් සිරියවලයට ම ගියේ ය. ලංකාපුර තෙමේ ද සිරියවල නම් ගමට ගොස් හාත්පසින් ඉතා 284 බිහිසුණු යුද්ධ කරණට පටන් ගත්තේ ය. ඉක්බිති පුංකොණ්ඩනාඩාල්වාර් තෙමේ “ඉදින් මම ලබන ලද අභය ඇත්තෙම් නම් ඔබ වසයෙහි ඉන්නෙමි; 285 ඉදින් නැත්නම් මහා භය පරාධීන වූයෙම් එන්ට නොහැක්කෙමි” යි මෙසේ හසුන් යැවී ය. ඒ අසා ලංකාපුර තෙමේ “පහ වූ භය ඇතිව තෙමේ ම එව” යි පිළිහසුන් යැවී ය.
286 ඉක්බිති විගත සාරද ඇති ඒ තෙමේ සැබෑවෙන් සැබෑව ගළපන්නා වූ ලංකාපුර වීරයාගේ හස්නෙන් ඔහු වෙතට උපගත වී ය. 287 පසුව ලංකාපුර තෙමේ ඔහුට අනල්ප වූ ප්‍රසාද දී මාළව චක්‍රවර්තීහු ද 288 තමන් වෙත ගෙන්වා, දෙදෙනාට මිතුරු කොට, ඒ දෙදෙනා 289 යථාස්ථානයෙහි තබා මහා වීර වූ ඒ තෙමේ නෙට්ටුරුවට එළඹියේ ය. 290 විනාශ වූ වැව් දෙක ප්‍රකෘතිමත් කොට බැඳවී ය. එසේ ම ඒ තෙමේ සිරියවලයෙහි ද පෙරුම්පයල් හි ද වැව් දෙකක් බඳවා කෘෂිකර්ම කරවී ය.
291 කුලශේඛර භූපාල තෙමේ ත්‍රීණවෙලියෙහි බලසෙන් ද, තෙත් කොංගු ය වඩකොංගු ය යන දෙරට මයිනලගේ බලසෙන් ද රැස් කර, එසේ ම 292 සාමදානාදී නානා නය දන්නේ එකල්හි පක්ෂපාතීත්වය බිඳුවා තමා වසයට ආ බොහෝ දෙමළුන් ගෙන, සම්පන්න වාහන ඇත්තේ යුද්ධ පිණිස එන්ට ආරම්භ 293 කළේ ය. ඉක්බිති ප්‍රාඥ ලංකාපුර තෙමේ ඒ විධාන අසා දුෂ්ට නිග්‍රහ 294 කෘත්‍යය පිණිස ස්වාමිහුගේ අනුශාසනයෙහි පිහිටියේ, ශඨ බුද්ධි ඇති 295 ඒ දෙමළුන් සමූලඝාතනයෙන් මැරවී ය.
එකල්හි පිටිවහල් පිණිස පැරකුම්බා මහා රජු විසින් මෙහෙයන ලද ලෝකාතික්‍රාන්ත වික්‍රාන්ති 296 ඇති ජගද්වීජය නම් වූ නායක තෙමේ පාබල සේනා හා බොහෝ අශ්ව සේනාවන් විසින් අනුගත වූයේ, එතෙර වූ මහා මුහුදු ඇත්තේ, නො පසුබස්නා වීර්‍ය්‍ය ඇත්තේ අනිවක්කිලයට උපගත වී ය. 297 මහා යසස් ඇති ලංකාපුර තෙමේ නෙට්ටුරුවෙන් නික්ම අණිවක්කිලයට එළඹ, අලුතින් ආවා වූ ඔහු වැළඳගෙන සිහි කටයුතු වූ රම්‍ය වූ කතා කොට නිමවා, නැවතත් නෙට්ටුරුවට ම අවුත් පරාමර්ශනය කළේ ය.
298 හේ තෙමේ එයින් නික්ම මුන්ද්‍රණ්ණඩ යයි ප්‍රසිද්ධ වූ ස්ථානයකට 299 එළඹ, විශ්‍රැත වික්‍රම ඇත්තේ, ස්ථාන දන්නේ, එහි සිට කීළකොණ්ඩ නම් 300 තැන ද මංගල නම් තැන ද දෙමළුන් හා යුද්ධ කොට බොහෝ භටයන් 301 මරා, ජීවග්‍රාහයෙන් ගත යුතු වූ බොහෝ ස්වෛරීන් ගෙන, යුද්ධ භූමියෙහි 302 ඉතිරි වූ බොහෝ අසුන් ද ගෙන, එයින් ඔරිත්තියුරු තොණ්ඩමට ගොස් පුංකොණ්ඩනාඩාල්වාරය, සිලාමේඝරය, අංදුක්කොට්ට නාඩාල්වාරය 303 යන මොවුන් හා මහා යුද්ධ කොට භීම උද්දාම අතිශය වික්‍රමයෙන් යුක්ත වූයේ බොහෝ දෙමළුන් මරා එයින් සිරියවලට ගියේ ය. 304 තමා වසයට නොපැමිණි පුංකොණ්ඩනාඩාල්වාර් නම් බලනායකයාගේ දෙමහල් ප්‍රාසාදය හා කොටුව ගිනි ලවා තිරික්කානප්පෙර නම් තැනින් නික්ම ගියේ ය.
305 එකල්හි ජගද්විජය නායක තෙමේ අණිවක්කිලයෙන් නෙට්ටුරුවට 307 ගොස්, ඉන් ද නික්ම මානවීර නම් මධුරාව ද පත්තනල්ලුවට ද සොරණ්ඩකොට්ටය ද යන මේ දුර්ගම ගර්ගයන් බිඳ, නැවත නෙට්ටුරුවට ම පෙරළා අවුත් එහි වෙසෙමින් අලත්තුරුනාඩාල්වාරයන් හා 308 චුල්ලකංකුණ්ඩ රායරයා වසයට පැමිණවී ය. මහා බල ඇති වීර වූ හේ 309 තෙමේ කිසි කලෙක පත්තනල්ලුරුවට අවුත් එකල්හි ලංකාපුරයන් වෙත 310 “සිංහ නම් නදියට වහා ඔබ විසින් එන්ට යෙදෙයි. අවශ්‍යයෙන් දැක 311 කිය යුත්තක් විද්‍යමාන ය” යි අසුන් යැවී ය. එපවත් අසා ලංකාපුර තෙමේ 312 වහා ඉන් පිටත්ව මහා බල ඇත්තේ මගට පිළිපන්නේ ය.
313 තිරිප්පාලුරු යයි ප්‍රසිද්ධ වූ තැන්හි සිටි සතුරු සේනා තොමෝ සන්නාහ සන්නද්ධ ව ස්වකීය වූ බොහෝ අසුන් ගෙන අවුදින් අර්ධ 314 මාර්ගයෙහි ද බිහිසුණු යුද්ධ කිරීමට පටන් ගත්තී ය. යුද්ධකාමී වීර වූ 315 දේවලංකාපුර ආදීන් සමඟ ඒ වීරයෝ එහි දී ඒ මහා සෙන් විසුරුවන්නෝ, පතල සූර්‍ය්‍ය රශ්මීහු අඳුරු කඳ බිඳින්නා සෙයින් එකෙණෙහි ම බිඳ දැමූහ. මෙසේ 316 එකෙණෙහි ලංකාපුර තෙමේ තිරප්පාලුවට ගෙන කල්පාන්ත වන්නී බඳු පරාක්‍රම ඇත්තේ එහි ම වාසය කළේ ය. මන්ත්‍රණයෙහි කෝවිද 317 වූ ජගද්විජය නම් සාමන්ත තෙමේ ද යුද්ධ ශාස්ත්‍රයෙහි සමත් වූයේ 318 පන්නට්ට කොට්ට වාසී වූ දෙමළුන්ගේ මහා බලසෙන් යුද්ධාංගනයේ දී බිඳ, බලකොටුව අත්පත් කොට ගෙන එහි ම හුන්නේ ය.
319 ඉක්බිති කුලශේඛර රජ තෙමේ බලාත්කාර ක්‍රියා විශේෂයෙන් යුක්ත වූයේ, තුවාධිපති වේළාර නම් තැනැත්තා ද, තොණ්ඩමාන වර නම් තැනැත්තා ද, වීප්පෙ රායර බලනායකයා ද, එසේ ම නිගධ 320 රායර ය, කලවණ්ඩිය නාඩාල්වාර ය, එසේ ම කාංගය රායර ය යන සෙනෙවියන් 321 හැරගෙන ස්වකීය වූ බොහෝ භටයන් ද සන්නද්ධ කොට 322 ගෙන, යුද්ධ පිණිස බඳනා ලද කැසපට ඇත්තේ රංජිනා නුවරට ආයේ ය. බිහිසුණු පැරකුම් ඇති මහා සෙන් ඇති ඒ තෙමේ බියකරු ස්වකීය සේනාව ලංකාපුර නම් ප්‍රභූරාජයා හා යුද්ධ කරණට මෙහෙයවීය.
323 එකල්හි ලංකාපුර වීර තෙමේ විධානයෙහි පණ්ඩිත වූයේ ජගද්විජය නම් සාමන්ත රජහට 324 විධාන වූ පරිද්දෙන් ඒ විධිය කියන්නේ, “කුලශේඛර 325 මිහිපල්හු පලවීමට මට සහාය ව එක් දිගෙකින් යුද්ධ කරණට සේනා සන්නද්ධ කොට ගෙන තොප විසින් වහා පැමිණිය යුත්තේ ය” 326 කියා හසුන් යවා, එකෙණෙහි බලවත් වූ ස්වකීය සෙනඟ හරහා ගෙන එයින් පිටත්ව දෙමළුන් හා මහා යුද්ධ පැවැත්වී ය. ඒ දෙමළු එහි ඇසිල්ලක දී 327 බිඳුනෝ රාජිනා පුරයට පිවිස එහි කුඩා මහත් දොරටු ද ගෝපුරයන් ද වසාගෙන මිහිපල්හු සහිත දෙමළු ඇතුළත සිට ගත්හ.
328 එකල්හි පූර්වංගම වීර වූ ගෝකර්ණ දණ්ඩනායක තෙමේ ද, ලෝක 329 නම් කේශ ධාතු සාමන්ත තෙමේ ද, එසේ ම දේව ලංකාපුර සාමන්ත 330 තෙමේ ද යන මොවුහු එක්ව ගෙන බටහිර දොර පවුරු බිඳ හෙළන්ට 331 ද ගෝපුරයන් බිඳින්ට ද පටන් ගත්හ. දේවලංකාපුර තෙමේ ද ගෝකර්ණ 332 දණ්ඩනායක තෙමේ ද ප්‍රාකාරය හා දොරටුව බිඳ ඇතුළට වන්හ. ඉක්බිති 333 මහත් බල ඇති මානිලෝක නම් කේශ ධාතු තෙමේ “මම අනුන් ගිය මගින් නොයන්නෙමි” යි සිතා බොහෝ වීරයන් මරමින් බොහෝ අසුන් හෙලමින් දකුණු දොර බිඳගෙන ක්ෂණයකින් ඇතුල් විය.
334 එකල්හි අත්‍යර්ථයෙන් බියට පත් වූ සිත් ඇති ඒ කුලශේඛර රජ තෙමේ ඇඳි සිය වත්වලින් පවා අනීශ්වර වූයේ (තමා ඇඳි වස්ත්‍ර ගැන පවා සිහියක් නැතිව) නැඟෙනහිර දොර හැර දොරටුවෙන් බැහැර 335 ගොස්, කිසි හේතුවකින් සතුරන් අතින් මිදුණේ ය. ඒ සියල්ලෝ එහි දී 336 දෙමළුන්ගේ බොහෝ භටයන් මරා, බොහෝ අශ්වයන් ද බොහෝ වස්තු වර්ගය ද පැහැර ගෙන, පිළි හිස සිසාරන්නෝ, ඔබ මොබ පනින්නෝ, අත් පොළසන් දෙන්නෝ, සිනාසෙන්නෝ, ජගද්විජය නායක තෙමේ 337 ද අන්‍ය වීරයන් සමග රාජිනා පුරයට ප්‍රධාන්‍යයෙන් එළඹියෝ යි.
මෙසේ කළ පින් ඇත්තා වූ, තීක්ෂණ ප්‍රඥාවෙන් යුක්ත වූ, නීති හා ශික්ෂා ඇත්තා වූ, බිහිසුණු තෙද ඇති, නොලිහිල් ව්‍යායාම ඇත්තවුන්ගේ චිත්ත සංකල්පයෝ සරාකල්හි (ශරත් කාලයෙහි) පිරුණු මස සඳ (පුරහඳ) සෙයින් සමෘද්ධියට පැමිණෙති.
මෙතෙකින් හුදී ජන ප්‍රසාද සංවේග පිණිස කළ මහවංශයේ රාජිනා පුර ග්‍රහණ නිර්දේශ නම් වූ සැත්තෑ හයවෙනි අධියර නිමි.