70. රාජ්‍ය දානය

star_outline
මලය රට ආක්‍රමණය කිරීමේ සැලසුම

1 ඉක්බිති (පැරකුම්බා) රජතුමා තමන්ගේ මහා සේනාව ද, 2 ධන ධාන්‍ය ඇතුළු සම්පත්තිය ද, සියලු යුද්ධ උපකරණ ද දෙස බලා, “සිංහලද්වීපය 3 තමා සතු කරගෙන දඹදිව යටත් කර ගැනීම දුෂ්කර නොවෙයි” යයි සිතා රාජ්‍යය තහවුරු කර ගැනීමට 4 පටන් ගත්තේය. නොයෙක් පර්වත දුර්ග ඇති බැවින් ද, දරුණු සතුන්ගෙන් ඇති බිය නිසා ද, ඉතා අමාරුවෙන් බැසිය යුතු වූ, අන්‍ය මනුෂ්‍යයන්ගේ ගමන් බිමන් රහිත වූ, තනි පුද්ගලයෙකුට යා හැකි අඩි පාරවල්වලින් යා යුතු වූ, අතිශයින් බියකරු වූ, මිනිසුන් කකා 5 ජීවත් වන්නා වූ කිඹුලන් සහිත ගැඹුරු ජලයෙන් ගහන වූ මහා මලය රට (කඳුකර ප්‍රදේශය) ගැන රජු කල්පනා කළේය. 6 ඔහු යටිකඩ සහ දුම්බර ප්‍රදේශ පාලනය කළ ගජබා රජුගේ ‘රක්ඛ’ නම් දණ්ඩනායක ඇමතියා ළඟට කැඳවා, උසස් ලෙස සංග්‍රහ කර, ඔහු ලවා මලය දේශය ලබා දෙන ලෙස ඔහුට නියෝග කළේය.

7 එකල්හි ඒ ප්‍රදේශවාසීහු ඒ පුවත අසා, “දණ්ඩනාථයා ආ කල්හි ඔහුව මරන්නෙමු” යයි සාකච්ඡා කළෝය. දණ්ඩනාථ තෙමේ ද ඒ 8 අසා, වහා අවුත් යුද්ධ කොට ඒ සතුරන් පලවා හැර දුම්බර රට අල්ලා ගත්තේය. 9 ඉක්බිති ඔහු යටිකඩ ප්‍රදේශයෙහි යුද්ධ පවත්වා සතුරන් පලවා හැර එහි 10 සිටි සාමන්තයාගේ හිස ගත්තේය. තල්කෙත නම් ගමෙහි දෙවරක් යුද්ධ කොට නාපාණ නම් ගමෙහි ද එසේම යුද්ධ දෙකක් කළේය. රන්දෙනි 11 නම් ගමෙහි ද, රඹුක්වැල්ල නම් ගමෙහි ද, දෙමටපාතෙලෙහි ද එක එක 12 යුද්ධය බැගින් සිදු කොට, ඒ ඒ තැන්වල විසූ සියලු සතුරන් විනාශ කර, මහා බල 13 ඇත්තා වූ ඔහු යටිකඩ නම් රට අල්ලා ගත්තේය.

මලය රටෙහි තවදුරටත් කෙරුණු සටන්

ඉන්පසු එහි සේනාව සමග තම බාල 14 සොහොයුරා රඳවා, ඉදිරි කටයුතු විමසන පිණිස ඔහු රජු වෙත ගියේය. එකල්හි ඒ සහෝදරයා ප්‍රධාන කොට ඇත්තා වූ යෝධ 15 භටයෝ පිටත්ව ගොස් සතුරන් හා යුද්ධ කොට නිල්ගල නම් රට ගත්හ. දණ්ඩනාථ 16 තෙමේ නැවත අවුත් සයකෙත් නම් තැන ද, රත්බඳුම් නම් තැන ද, එසේම දුනුවිල ද එක එක බැගින් යුද්ධ කොට, සතුරන් මරා, අල්ලා ගන්නා ලද ඒ නිල්ගල නම් රට අතිශයින් තහවුරු කළේය.

17 ඉක්බිති ඔහු බලවත් වූ ඔත්තුරාමල්ලකයා සමග ද, 18 දුනුවඩුලුනාවන් සමග ද දෙවරක් යුද්ධ කොට හිණිකෙත් නම් රට ගෙන, සතුරු බිය පහ කොට ඔත්තුරාමල්ලක ආදීන් තමාගේ වසඟයට ගත්තේය. 19 එකල්හි රජතුමා රක්ඛ නම් දණ්ඩනායකයන් කැඳවා 20 ‘කේසධාතු’ නම් තනතුර ද මහා සම්පත් ද දී රජරට අල්ලා ගැනීමට මැදවග ප්‍රදේශයට 21 යැවීය. ඔහු ද නිල්ගිරට ගොස් සේනා සන්නද්ධ කොට, එතැනින් මහා සේනාවක් ගෙන වෑවල නම් ප්‍රදේශයෙහි ද, එසේම මැදවග ද 22 යුද්ධ කොට ජය ලැබීය. ගජබා නම් රජු ඒ පුවත අසා ඔහු හා යුද්ධ 23 කිරීමට මහා සේනාවක් යැවීය. කේසධාතු නම් ඇමති තෙමේ ඒ දැන 24 ශක්තිමත් වූ සේනා වාහන ඇතිව ඒ සතුරු සේනාව බිඳ මැදවග නම් රට අල්ලා ගත්තේය.

25 ලොකජිත්වාණ නමැත්තා ද, රක්ඛ ලංකාධිනායක නම් ඇමති තෙමේ ද සේනා සන්නද්ධ කරගෙන, සිංහ වික්‍රම ඇත්තා වූ ඔවුහු 26 ගොස් හුකිත්ති ලංකාධිනායක නම් තැනැත්තා සමග යුද්ධ කොට, ඔහුව විනාශ කර රෙරුපල්ලි නම් රට තමන් සතු කර ගත්තෝය. 28 රජතුමා කෝසකවගෙහි සිටි සමත්මල නමැත්තා ප්‍රිය වචනයෙන් තමන්ට යටත් කරගෙන, ඔහුට මහා සම්පත් දී, එකල්හි යුද්ධ උපකරණ 29 සහ මහත් වූ සේනාව ද යවා කොස්වග ප්‍රදේශය අල්ලා ගැනීමට යෙදවීය. සමණමල්ලක 30 නම් තැනැත්තා ද, ඔත්තුරාමල්ලක ආදීහු ද සතුරු සේනාව හා යුද්ධ කොට යුද්ධයේදී බොහෝ දෙනෙකු නැසූහ. හිස්සුන්බෝ නම් ස්ථානයෙහි මහා යුද්ධයක් කොට බල ඇත්තෝ ඒ කොස්වග නම් ස්ථානය අල්ලා ගත්හ. 31 මෙසේ ඒ රටවැසියන්ගෙන් ඇති වූ අවුල් සහිත වූ ඒ මලය රට මැනවින් නිරවුල් කොට, 32 සිය පුරයෙහි වසන්නා වූ ඒ රජතුමා උයන් කෙළි සහ දිය කෙළියෙන් ද, නෘත්‍ය ගීත ආදියෙන් ද දවස් යවමින් රාජ ධර්මය අනුව කටයුතු කරන්නේ, විරුද්ධ 33 රජවරුන් මැඩපැවැත්වීම පිණිස ද, උත්සාහය වැඩීම පිණිස ද, සොරුන් මැඩලීම පිණිස ද එකල්හි මුව දඩයමේ ගියේය.

රජුගේ වික්‍රමාන්විත මුව දඩයම

34 ඉක්බිති රජතුමා එක් දිනක ඇමති පිරිවර ජනයා සහිතව මෙහෙසිය සමග මුව දඩයම පිණිස ගියේය. මුවන් ඇතුළු වූ ලකුණු ඇත්තා වූ එක් මහ වනයක් දැක, ඒ ශ්‍රේෂ්ඨ රජතුමා මෙහෙසිය 35 එක් විවෘත ස්ථානයක හිඳුවා, හෙල්ල අතින් ගත් වැද්දන් ලවා ද 36 මුව දැල්වලින් ද ඒ වනය අවුරුවා ඒ තුළ ඝෝෂා කරවීය. 37 එහි ඇත් පැටවෙකු තරම් විශාල වූ ගෝණෙක් ඒ භයානක ඝෝෂාව අසා, 38 වන ලැහැබෙන් පිටත්ව බියෙන් තැති ගෙන ඔබ මොබ බලමින් දුවන්නේ, පර්වත දුර්ගවලින් වැටෙමින්, ගිරි කඳුරැලි පනිමින්, ගස් අතු බිඳිමින්, 39 දැල් වැල් අදිමින්, වන ලැහැබ් සුනුවිසුනු කරමින්, එලූ දැල් ඉරාගෙන, හමු හමු 40 වූ මිනිසුන් බිය ගන්වා පන්නමින්, සුළඟට බඳු වේගවත් ගමන් ඇත්තේ, 41 මෙහෙසිය සිටි දෙසට දිව ආවේය. දුවන්නා වූ ඔහුව දැක සියලු ජනයෝ බියෙන් මිරිකී මෙහෙසිය හා රජු හැර ඒ ඒ අත පලා ගියෝය.

43 භයානක වූ ගෝණා දැක රජතුමා උගේ ඉදිරියට දිව ගොස් තර්ජනය කළේය. 44 පහර ලත් ඒ සතා රජුට අන්නට හිස නැමූ කල්හි අං දෙක ගිලිහී රජුගේ පාමුල වැටුණේය. ලද පහර හේතුවෙන් හඬනා මෘගයාගේ හඬ අසා නැවතී, 45 ඒ ඒ දෙසින් රැස්ව ඇමතියෝ ද, වැද්දෝ ද, හැට්ට ලන ඇමතියන් හා 46 කරණවෑමි ආදීහු ද, අං දෙක සහ සිංහ වික්‍රම ඇත්තා වූ රජු දැක හටගත්තා වූ විස්මය ඇතිව, විශේෂයෙන් සතුටු වූවෝ, ඒ වනය ස්තුති ඝෝෂාවෙන් එකම කෝලාහලයක් කළෝය. රජුගේ වික්‍රමයේ විශේෂය ද, මහා පින් ඇති බව ද, 47 ශූර බව හා වීර බව ද එකල්හි බෙහෙවින් වර්ණනා කොට, ඔවුහු අං යුවළ ගෙන රජු පිරිවරා, දෙව් නුවරක් සේ සාදන 48 ලද පුරයට ගොස්, විස්මය උපදවන්නා වූ ඒ පුවත මහා ඇමතිවරුන්ට 49 දන්වා ඒ අං යුවළ සියල්ලන්ට දැක්වූහ.

රැස්වූ මහා ඇමතියෝ ඒ 50 අද්භූතය අසා විස්මපත් සිත් ඇත්තෝ ආශ්චර්යය ප්‍රකාශ කළහ. “අහෝ, මහානුභාව ඇත්තා වූ මොහු ඉදින් ජම්බුද්වීපයෙහි උපන්නේ නම්, 51 ඒකාන්තයෙන්ම සක්විති රජ වන්නේය. 52 නොඉක්මවිය හැකි වික්‍රම ඇති ඒ ධීරයා” යනාදී ස්තුති යුක්ත වචනයෙන් නැවත නැවත වර්ණනා කොට, ඉක්බිති ඒ අං යුවළෙහි අකුරු ලියවා භාණ්ඩාගාරයෙහි තැබ්බවූහ. 53 එය අද දක්වා පවතී.

ගජබා රජු විදේශිකයන් ගෙන්වීම සහ පැරකුම්බා රජුගේ ප්‍රතිචාරය

54 එකල්හි “ගජබා රජතුමා දේශාන්තරයෙන් මිසදිටු ගත් 55 රජ කුමරුවන් ගෙන්වා රජරට සතුරන් සහිත කළේය” යි (පැරකුම්බා) රජ 56 තෙමේ අසා, “මා වැනි ප්‍රඥාව, පින සහ සෘද්ධි වික්‍රම විශේෂයක් ඇත්තෙකු විද්‍යාමාන කල්හි මෙසේ කළේ නොවේ ද?” යි අතිශයින් කලකිරුණු සිත් ඇත්තේ, 57 රජරටත් අල්ලා ගැනීම පිණිස දණ්ඩනායකයන් යෙදවීය.

යුද්ධය පිණිස උපදෙස් 58 දෙන්නා වූ ‘කොටල්ලශාස්ත්‍ර’ නම් යුද්ධ විද්‍යාව පිළිබඳ ග්‍රන්ථය මනා කොට බලා, ස්වකීය බුද්ධියෙන් ද කල්පනා කොට, දේශයට හා කාලයට අනුරූප වන පරිද්දෙන් යුද්ධ විධියෙහි දක්ෂ වූයේ, යුද්ධ උපාය ලියා සාමන්තයන්ට යවා, 59 “මේ උපදේශයෙන් රේඛා මාත්‍රයක්වත් (ඉරක් තරම්වත්) වෙනස් වී කිසියම් ක්‍රියාවක් කරති යි නොසිතව (නොකරව්)” යි නියෝග 60 කළේය. ඒ සියල්ලෝම රජුගේ බස හිසින් පිළිගෙන මහා බල ඇත්තෝ යුද්ධ පවත්වන්නට ආරම්භ කළෝය.

දෙපිරිස අතර දරුණු සටන්

61 ගජබා රජුගේ සමෘද්ධිමත් වූ වාහන ඇත්තා වූ, යුද්ධයෙහි දක්ෂ වූ ‘කොබ්බා’ නම් ඡත්‍ර ග්‍රාහක ප්‍රධානයෙක් විය. ඔහු මල්ලවාලන නම් ගමෙහි ඉතා ස්ථිර බල 62 කොටුවක් කොට සතුරන් වළක්වන පිණිස එහි බොහෝ කලක් විසීය. වැලිකෙත් නම් බලකොටුවෙහි සිටියා වූ මලරොයර නම් ඇමති 63 තෙමේ යුද්ධ කොට ඔහුව බැහැර කළේය; ඔහුගේ ඒ දුර්ගය ද අල්ලා ගත්තේය. ඒ වීර තෙමේ එයින් නික්ම මහා සේනාව විසින් පෙරටු කරන ලද්දේ, නැව් මගින් 64 දිය පිට මුතු ආකරය වෙත ගොස්, බල ඇත්තේ එහි සිටි දණ්ඩනාථයා 65 සමග දිය මැද මහා යුද්ධයක් පැවැත්විය. සතුරාගේ බල බිඳුණේය. එකල්හි එහි දරුණු වූ දෙවෙනි යුද්ධයක් ද පවත්වා නොයෙක් දහස් ගණන් ජනයන් 66 යමයා කරා යැවීය. නබ්බා නම් කේසධාතු නායකයා මොනරුවැව දී ද, 67 නීලගල්ලක නම් සාමන්ත තෙමේ කටියා ගමට අවුත් බොහෝ සතුරන් මැරීය.

69 ගජබා රජුගේම කලාවැව නම් ගමෙහි ගෝකර්ණික නගරගිරි 70 දණ්ඩනාථයයි ප්‍රසිද්ධ වූ, ශූර වූ, උදාර ගුණයෙන් යුක්ත වූ, රථ බල වාහන සහිත, 71 දක්ෂ වූ, සිය හිමියාහට පක්ෂපාතී වූ මන්ත්‍රියෙක් ඇත. පැරකුම් රජුගේ රක්ඛ දීවාන නම් අමාත්‍ය තෙමේ ගෝණගම් නම් ස්ථානයේ දී 72 යුද්ධ කොට ඔහුව පැරදවීය. සේනා සන්නද්ධ කොට පිලවිට නම් දුර්ගයෙහි ද, 73 දඹකොලෙහි ද, විදුරා වැව්හි ද, නදී වැව්හි ද, පල්ලිකා වැව් නම් තන්හි ද, එසේම කල්ලහල්ලිකයෙහි ද යන සෑම තන්හිම වෙන් වෙන් වශයෙන් 74 යුද්ධ කොට පරාජයට පැමිණියේය.

“පෙර රජු සමග ද යුද්ධ කොට පැමිණි ජය ඇති මාගේ ඒ සේනාව දැන් විපරීතව, පැරකුම්බා රජුගේ 75 රාජ්‍ය සීමාවෙහි සාමන්තයන් දෙතුන් දෙනෙකු හා වෙන් වෙන් වශයෙන් 76 යුද්ධ කොට පරාජයට පැමිණියාය. සේනානායකයෝ ද මළහ. දැන් යුද්ධ 77 කිරීමට නොහැකිය” යි සිතා (ගෝකර්ණික නගරගිරි) සියලු පුවත් ගජබා රජහට කියා යැවීය. 78 ඒ ගජබා රජතුමා ඒ සියල්ල අසා ඇමතියන් හා සාකච්ඡා 79 කරන්නේ මේ වචනය කීවේය: “මින් පෙර අපගේ පරාජයක් 80 නොඇසුවෙමු, දැන් පරාජයට පැමිණියෙමු, අපට මහත් හානි විය. මාගේ ඇමතියන් අතුරෙන් මහත් බල පරාක්‍රම ඇති ඔහු ද නොයෙක් වර 81 යුද්ධ කොට පරාජයට පැමිණියේය. ඉදින් නැවතත් ඔහුට හානියක් වී නම් මට යහපත් නොවේ.” මෙසේ ඔහු ඇමතියන් සමග මන්ත්‍රණය කොට බොහෝ ධනය ද, සේනාවන් ද, සේනා නායකයන් ද, 82 බිඳිය නොහැකි සන්නාහයන් ද සාදා ඔහු වෙත යැවීය.

රක්ඛ ලංකාධිනාථගේ ජයග්‍රහණ

83 එකල්හි රජු විසින් එවන ලද සේනාව ද, තමන්ගේ පෙර සේනාව 84 ද, රටවැසි සේනාව ද වහා සූදානම් කර නැවතත් සෙනපතියා (රක්ඛ දීවාන) සමග මහා යුද්ධ 85 පැවැත්වීය. එහි යුද්ධයේදී ඔහුගේ බොහෝ මනුෂ්‍යයෝ වැටුණහ; ඇවිද ගියහ; වනයට ද පිවිසියහ. බේරී ගිය අයෙක් නැතැයි කිය යුතු තත්ත්වයට 86 පැමිණියෝය. යාන වාහන හා ඡත්‍ර දමා ඔහු (ගෝකර්ණික) ද වනයට වැදුණේය. එතැන් පටන් යුද්ධයන්හි සිත හැර දමා, හෙතෙම කලාවැව දුර්ගය ශක්තිමත් කරගෙන 87 එහි විසීය.

සුර අඹවන නම් රටෙහි පිහිටුවන ලද්දා වූ ඇමතියෝ එතැනින් 88 දනව්වා නම් ස්ථානයට ගොස් සතුරු සේනා මැරූහ. 89 බෝගම්වර රටෙහි යොදන ලද සේනා නායකයෝ ලංකාගිරි 90 නම් ස්ථානයට ගොස් එහි විසූ සතුරන් වැනසූහ. මිහිඳු නගරගිරි ආදී 91 සේනානායකයන් මල්ලවායාන නම් රටටම යුද්ධ කිරීමට නැවත යැවූහ. බල ඇත්තෝ එහි ගොස් සතුරන් පසු බස්වා, ඇතුළු වී ඒ රට ගෙන 92 අතිශයින් තහවුරු කළෝය. ඒ සියල්ලෝ එතැනින් නික්ම දිය පිටින් නොයෙක් නැව් සිය ගණනින් ගොස් යුද්ධ පවත්වා, එහි සිටි 93 දණ්ඩනායකයා ද, ඔහුගේ සේනාව ද, රට ද, මුතු ද ගෙන මුතු සියල්ල තම රජතුමාට යැවූහ.

94 ඉක්බිති ඒ රජතුමා පිලවසු නම් ස්ථානයෙහි දුර්ගයක් කරවා එහි යෝධයන් හා සේනාධිපතීන් නැවැත්වූහ. ගජබා රජ තෙමේ 95 ඒ පුවත අසා ඇමතියන් සමග මන්ත්‍රණය කොට සේනාව යවන්නට 96 පටන් ගත්තේය. විධාන දන්නා වූ පැරකුම්බා රජ තෙමේ ඒ දැන ලංකානාථ 97 නම් ඇමතියා දනව්වා නම් රටට යැවීය. ගජබා රජ තෙමේ ඒ පුවත අසා සෙනග රැස් කොට, සේනාව දෙකොටසකට බෙදා, සන්නද්ධ 98 සන්නාහ ආයුධ ඇත්තා වූ සේනාව දනව්වා නම් තැනට ද, පිලවසු නම් 99 දුර්ගයට ද දෙපසින් යැවීය. රක්ඛ ලංකාධිනාථ නම් ඇමති තෙමේ ද මහා සේනාව පෙරටු කොට පර සතුරන් වනසනු පිණිස එතැනින් අඹවනයට ගොස්, සතුරු සේනාව සමග බුබුල නම් ගමෙහි යුද්ධ කොට බොහෝ සතුරන් සුනු විසුනු කොට සතුරු සේනාව පලවා හැරියේය.

ගරිල්ලා උපක්‍රම සහ බලකොටු සටන්

100 එකල්හි රටවැසි ජනයෝ කඩා හෙලූ ගස්වලින් ද, කටු සහිත 101 වැල්වලින් ද මාර්ගයන් දුෂ්කර කළෝය. මාර්ගයෙහි සැඟවුණා වූ 102 ස්වරූපයෙන් සිට එකල යුද්ධ පැවැත්වූහ. එකල සතුරන් නැසීමෙහි 103 කළ නිශ්චය ඇත්තා වූ ලංකා නම් ඇමති තෙමේ, ඔවුන් දිසාවන්හි 104 ලුහුබඳිමින්, ආවරණයන් සිඳිමින්, තැනින් තැන මහ යුද්ධ කරමින් 105 දනව්වට ගියේය. හේ තෙමේ පැරකුම්බා රජුගේ උපදෙස් අනුසාරයෙන් ඒ දනව්ව අල්ලා ගෙන එහි බලකොටුවක් සාදාගෙන විසීය. එකල්හි ගජබා රජ තෙමේ දේවලංකාධිනායක නම් ඇමතියා ද දාඨභාර නම් ඇමතියා ද ඔහුව පරාජය කරනු පිණිස යැවීය.

ඉක්බිති ඒ ලංකාධිනාථ තෙමේ ද ඔවුන් හා මහා යුද්ධ කොට 106 ඔවුන් පලවා හැර යගාල්ල නම් ප්‍රදේශය ගත්තේය. ගජබා රජ තෙමේ ද 107 ඇළිසර නම් රටෙහි තම සේනාව නැවත යුද්ධ කිරීමට යැවීය. ඒ 108 ලංකාධිනාථ තෙමේ ද නික්ම ඔවුන් සමග යුද්ධ කොට කිසිවෙක් පණ පිටින් අල්ලා ගෙන තළාගොඩ අල්ලා ගත්තේය. එකල්හි ගජබා රජ 109 තෙමේ සාමදානයෙන් ඔහුව වසඟ කරනු කැමැත්තෙන්, මහා වටිනා රුවන් 110 ද, ආභරණ ද, කොමු පිළි සහ කෞශේය පිළි (සේද වස්ත්‍ර) ආදී නානාවිධ වස්ත්‍ර ද යන 111 බොහෝ තෑගි බෝග ගෙන දූතයන් විහාරයට පමුණුවා, ඒ පඬුරු ද දූතයන් ද සිය හිමියා (ලංකාධිනාථ) කරා යැවීය. රජ තෙමේ (ලංකාධිනාථ) ද ඒ දැක සතුටු වූයේ ඒ සියලු 112 ධනය ද මහා වටිනා පඬුරු ද නැවත ඔහුටම (ගජබා රජුට) යැවීය. ලංකාධිනායක තෙමේ 113 තළාගොඩ බලකොටුවෙන් නික්ම ගඟ අසල ඇළිගම බලකොටුවෙහි එකල විසීය.

ඇළිගම බලකොටුව සහ මහා පාලම

114 නැවත ගජබා රජ තෙමේ සිකා දණ්ඩනායක ආදී වූ යුද්ධකරුවන් වූ 115 මහා භටයන් ඔහු හා යුද්ධ කිරීමට යැවීය. සමෘද්ධිමත් වූ බල වාහන ඇත්තා 116 වූ ඒ සියල්ලෝ නික්ම ඒ බලකොටුව වටලා ඊතල වැස්සක් වැස්වූහ. 117 රක්ඛ ලංකාධිනාථ ඇමතියාගේ ආයුධ සන්නද්ධ වූ කිසියම් යෝධ 118 පිරිසක් දොරකඩ සිට බියකරු වූ යුද්ධයක් කළෝය. දොරටු අට්ටාල ඇසුරු කොට විසූ දුනුවායන් ආදී යෝධයෝ ඊතල, තෝමර, හෙල්ල යන ආයුධවලින් 119 බොහෝ වූ සතුරන් වැනසූහ. මෙපරිද්දෙන් මහත් උත්සාහවත් වූ ඒ 120 මහා භටයෝ තුන් දිනක් නිරතුරුවම මහා යුද්ධ පැවැත්වූහ. සතුරන් නැසීමෙහි තත්පර වූ ගජබා රජුගේ යෝධයෝ බලකොටුවෙහි මහ 121 දොරටු බිඳීමට පටන් ගත්හ.

එකල්හි ලංකාධිනාථ තෙමේ ද, ඔහුගේ යෝධයෝ ද නික්මුණාහ; ගඟින් එතෙර දක්වා යුද්ධ කරමින් සතුරන් මැරූහ. 122 ඉක්බිති ගංගා ජලය සතුරන්ගේ ලෙයින් බොර කොට බොහෝ 123 සේනා නායකයන් පණ පිටින් ද ගත්හ. යුද්ධයෙහි ගත් ජය ඇත්තා වූ 124 රක්ඛ ලංකාධිනායක තෙමේ සිය බලකොටුවෙහි මහත් විජයග්‍රාහී සැණකෙළි පවත්වමින්, සතුරු ඇමතියන්ගේ හිස් ද, ඡත්‍ර, යාන, ආයුධයන් ද, පණ පිටින් ගන්නා ලද්දවුන් ද සිය හිමියා වෙත යැවූයේය.

ඉක්බිති රජ තෙමේ දේව නම් සෙනෙවියා කැඳවා, රක්ඛ ලංකාධිනාථයන් විසින් කරන ලද සියල්ල කියා, “ගජබා රජ තෙමේ 125 බල හානිය අසා ඒ දණ්ඩනායකයන් අල්ලා ගැනීම පිණිස ඒකාන්තයෙන් මහා 126 සේනාවක් එවන්නේය” යි සිතා, මහා යසස් ඇති සෙනෙවියා ගජබා රජුට විරුද්ධව 127 මහා යුද්ධ කිරීම පිණිස ගිරිබා රටට යැවීය. ඒ මහා නුවණැත්තේ 128 ගොස් සියලු සේනාව සූදානම් කරවා, කලාවැව ගං ඉවුරේ බලකොටුවක් කරවාගෙන එහි වසමින්, රජුගේ නියෝගයෙන් කලාවැව නදියෙහි ඇතුන්, අශ්වයන්, 129 රිය සහ පාබල සේනාවන් විසින් යා හැකි වූ, අතිශයින් සිත්කළු, යහපත් 130 ඇණවලින් සම්බන්ධ කරන ලද, දෙසියයක් රියන් දිග වූ, විසි රියන් පළල වූ, අතිශයින් 131 තහවුරු වූ පාලමක් (හෙයක්) එකල්හි දණ්ඩෙන් කරවීය.

ඒ සෙනෙවි තෙමේ යම්කිසි සාමන්ත කෙනෙකුන් එහි සිටුවා, නික්ම ඒ ඒ තන්හි මහ යුද්ධ පවත්වන්නේ, පැමිණි ජය ඇත්තේ, ගොස් අංගමු ස්ථානයෙහි සතුරු සේනාව හා යුද්ධ කිරීම 132 පිණිස බලකොටුවක් කොට එහි විසීය. එකල ඒ අසා සතුරු සේනාව ද සෙනෙවියා වළකනු පිණිස සෙන්ගම බිඳිය නොහැකි බලකොටුවක් 133 ගත්තේය. සතුරෝ නැවතත් දෙවරක් යුද්ධ කොට පරාජයට 134 පැමිණ මන්‍යාගම බලකොටුවක් කරගෙන විසූහ. සෙනෙවි 135 තෙමේ එතැනින් ගොස් මන්‍යාගම් බලකොටුව ගත්තේය. එසේම 136 මිතාගම බලකොටුව ද, ඌරුගමු බලකොටුව ද ගත්තේය. ඒ බලකොටුවල නවකම් කරවා, සියලු බලකොටු සුන් නොකොට ඇමතියන් තබා, එහි සෙනෙවි තෙමේ තෙරිගමෙහි ද බලකොටුවක් කරවා එතැන්හි 137 යෝධයයි සම්මත වූ බල සහිත ඇමතියන් නැවැත්වීය.

අනුරාධපුර සටන සහ ජයග්‍රහණ

139 එකල්හි ගජබා රජතුමා රාමනීලගිරි නම් වූ තම සාමන්තයා ද තවත් බොහෝ සේනා නායකයන් ද ඔහු වැළැක්වීම පිණිස පිටත් කර යැවීය. 140 සේනා වාහන සහිත වූ ඒ සියල්ලෝ ද මැනවින් සන්නද්ධ වී තෙරිගම අසල කඳවුරු බැඳ ගත්හ. ඉන්පසු ඒ දෙපිරිසේම සේනාවෝ වේගයෙන් ක්‍රියාත්මක වී උදෑසන පටන් සවස් කාලය දක්වා මහා සංග්‍රාමයක් පැවැත්වූහ.

141 ඉක්බිති නීලගිරි නම් සෙනෙවි තෙම ද ශූරයන් යැයි සම්මත වූ ඔහුගේ යෝධයෝ ද තම සේනාව පසු බසිනු දැක, ආයුධ සන්නද්ධව මහ යෝධයන් බිම හෙළමින් ද සතුරන්ට බිය උපදවමින් ද ඇත් රැලකට වැදුණු සිංහයන් මෙන් සේනා මැදට පිවිසියහ. 142-143 සෙනෙවියාගේ යුද්ධයෙන් පසුබට නොවූ විරුද්ධ පක්ෂයේ යෝධයෝ ද හාත්පසින් පැතිර ගොස්, රාමනීලගිරි නම් සාමන්ත අමාත්‍යවරයා ද බොහෝ සේනාධිපතියන් ද යුධ පිටියේදීම මරා දමා, කඩක්කුඩ නම් මහා යෝධයා සහ තවත් බොහෝ යෝධයන් පණපිටින් අල්ලා ගත්හ.

145 එකල්හි ඒ යුද්ධයෙන් ජයග්‍රහණය ලැබූ (පරාක්‍රමබාහු රජුගේ) සේනාපති තෙම, 146 පණපිටින් අල්ලා ගන්නා ලද ඒ මිනිසුන්ව, තම ස්වාමියා වූ පරාක්‍රමබාහු මහ රජතුමා වෙත සුවසේ වසනු පිණිස යැවීය. 147-148 එකල්හි පණ්ඩිත වූ පැරකුම්බා රජතුමා තමා අසල සිටි මහින්ද නගරගිරි නම් දණ්ඩනාථයා කැඳවා, ඒ ඇමතිවරුන්ගේ වික්‍රමාන්විත ක්‍රියාවන් ඔහුට පැවසුවේය.

149 එය අසා හටගත් අභිමානයෙන් යුතුව සතුරන් මැඩලන්නා වූ ඔහු, “මම ගොස් වහාම අනුරාධපුරය අත්පත් කර ගෙන ඔබට දෙන්නෙමි” යි ප්‍රතිඥා දී, මහ සෙනඟක් රැගෙන ගොස් ඩෙබරබෑමාණ නම් ස්ථානයේදී මහා යුද්ධයක් කළේය. 150-152 මහා කීර්ති ඇති හෙතෙම සියාමහන්තකුද්දාල නම් ගමේදී ද, තිසා වැව අසලදී ද, අනුරාධපුරය සමීපයේදී ද දරුණු යුද්ධ පවත්වමින් සතුරන් පරදවා, සේනා සමූහයා විසින් පිරිවරන ලදුව අනුරාධපුරය අත්පත් කර ගත්තේය.

153 ඉක්බිති ගජබාහු නරේන්ද්‍රයා ඒ පුවත අසා මූලික ඇමතිවරුන් සහිත වූ නොයෙක් සෙනෙවියන්ව (සටනට) යැවීය. 154 යුද්ධය පිණිස සන්නද්ධ වූ ඒ සියල්ලෝ නගරය හාත්පසින් මහා ආරක්ෂක වළලු යොදා ජන සංචාරය වැළැක්වූහ. එකල්හි දේව නම් සෙනෙවි තෙම ඒ පුවත අසා, නගරය තුළ සිර කරන ලද දණ්ඩනාථයන් මුදා ගැනීම පිණිස වහා ගොස්, 155-156 සියාමහන්තකුද්දාල නම් ගමේදී නැවත යුද්ධ කොට අතරමගදී භයානක වූ සටන් තුනක් සිදු කරවීය.

157 මලවාරායර තෙම ඒ අසා තම බලකොටුවෙන් නික්ම අතරමගදී දෙවරක් යුද්ධ කොට පැමිණියේය. 158-159 සේනාපතීන්ගේ නියෝගයෙන් ඔහු එක් දොරටුවකින් ගොස් අනුරාධපුරය සමීපයේදී සතුරු සේනා සමග සටන් කළේය; සෙනෙවි තෙම ද ඒ ඒ තැන්හි මහා යුද්ධ කොට ගොස් අනුරාධපුරය අසලදී යුද්ධය ආරම්භ කළේය. 160 මහා බල ඇති මිහිඳු නම් දණ්ඩනාථ තෙම ඒ අසා අනුරාධපුර නගරයෙන් වහා පිටත්ව, 161 පසමිතුරන් විනාශ කරමින් මාර්ගයේ තිබූ බොහෝ බාධක බලහත්කාරයෙන් බිඳ දමමින් සේනාපතීන් වෙතම පැමිණියේය.

162 සේනානාථයන්ගේ සේනාව ද ඔහුගේ සේනාව ද එකතු වී සතුරු සේනාව හා යුද්ධ කොට සතුරන් නැවත පලවා හැරියහ. 163 ඒ සේනාපති තෙම නැවත පැමිණ සියාමහන්තකුද්දාල නම් ස්ථානයේ ශක්තිමත් කඳවුරක් බැඳ එහි වාසය කළේය.

ඇලිසර රට සහ අවට බලකොටු අත්පත් කර ගැනීම

164 එකල්හි පරාක්‍රමබාහු නරේන්ද්‍රයා මායාගේහ නම් සේනාධිපති ඇමතියා කැඳවා ඇලිසර ප්‍රදේශයේ යුද්ධ කිරීමට යෙදවීය. 165 වීර පුරුෂයන් සමග සතුටින් එතැනින් පිටත්ව ගිය ඔහු කලල්කැලිගම බලකොටු බැඳ වාසය කොට, ඇලිසර දෙසට යමින් නන්දාමුලක නම් ගම් බලකොටුවේදී තුන් වරක් යුද්ධ කොට ඒ දුර්ගය තමා සතු කර ගත්තේය. 166-167 ඉක්බිති ඔහු කදුරුගම බලකොටුව නැවත අල්ලාගෙන, කිරාවි නම් ගමේ පිහිටි බලකොටුව ද යුද්ධ කොට අල්ලා ගත්තේය.

167-168 ගජබා රජුගේ සේනාව ද යුද්ධ කරනු පිණිස පැමිණ විලාන නම් ස්ථානයේ බලකොටුවක් තනා එහි විසීය. එකල්හි ඉක්මිය නොහැකි වික්‍රම ඇති ඒ පැරකුම්බා නිරිඳු තෙම නාලන්දාවේ කඳවුරු බැඳ එහි වෙසෙමින් ඒ පුවත ඇසුවේය. 169-170 එවිට රජතුමා උමං බිඳීමෙහි දක්ෂ වූ සොරුන් දෙතුන් සියයක් රහසින් යවා, තියුණු අග ඇති මුව අං රැගෙන මධ්‍යම රාත්‍රියේ ගොස් ඒ බලකොටු බැම්ම හාරා අල්ලා ගන්නා ලෙස නියෝග කළේය.

171 මායාගේහ නම් ප්‍රධානියා ද ඒ උපදෙස් අනුව යමින් ඒ බලකොටුව බිඳ දමා එහි සිටි පසමිතුරන් අල්ලා ගත්තේය. 172 ඔහු නැවත මැටිවැව් නම් ස්ථානයේ බලකොටුව ද අල්ලාගෙන, උඩුකිරුවා සහ යටිකිරුවා නම් ස්ථානවල වූ බලකොටු දෙක ද අල්ලා ගත්තේය. 173 නාසින් නම් ගමේ බලකොටුව බිඳ දමා එය අත්පත් කර ගනිමින් ඔහු ඇලිසර රට තමන්ගේ අතට ගත්තේය.

පොළොන්නරුව දෙසට ගමන

174 එකල්හි විධානයෙහි දක්ෂ වූ නරේන්ද්‍ර තෙම පොළොන්නරුව වහාම අත්පත් කර ගැනීම පිණිස සාමන්ත අමාත්‍යවරුන් යෙදවීය. 175-177 රක්ඛ ලංකාධිනාථ තෙම ද සුඛජීවිතපුස්තකී තෙම ද තළායන බලකොටුවෙන් වේගයෙන් පිටත්ව මග දෙපස රැක සිටි සතුරු සේනා සමග යුද්ධ කරමින්, රජකම සතම්බාධ නම් ස්ථානයේදී යුද්ධ කොට, මිලාන නම් කෙත් බිම අසලදී ද යුද්ධ කොට එතැනින් ගියෝ කෙත මැදදී ද යුද්ධ කොට බොහෝ සතුරන් මැරූහ.

178-180 ඉන් ඔබ්බෙහි සතුරන් ලුහුබඳිමින් දරගල නම් ස්ථානයට පැමිණ එහිදී ද යුද්ධ කොට ජය ලබා, එතැනින් ගොස් මහබල නම් ගමේ බලකොටුව බලහත්කාරයෙන් බිඳ දමා එහි සිටි පසමිතුරන් විනාශ කොට ඔවුහු ඒ බලකොටුවෙහි විසූහ.

181 රුහුණු රටට අධිපති වූ මාණාභරණ නම් රජතෙම ගජබා රජුගේ සාමන්තයන් හා නොයෙක් ආකාරයෙන් යුද්ධ කොට පරාජයට හා පිරිහීමට පත්ව සිටියේය. 182-183 එකල්හි යුද්ධය කෙරෙහි බැඳුනු ආශාව සහ බිඳුණු උත්සාහය ඇතිව, තුන් නිකායේ භික්ෂූන් වහන්සේලා ද සමග ඔහු වාසය කළේය. “පැරකුම් රජුගේ මහ බල ඇති සාමන්තයෝ ඒ ගජබා රජු හා යුද්ධ කොට සටනක් පාසා සතුරන් මරා ජය ගත්තෝය” යැයි අසා මාණාභරණ රජු මෙසේ සිතුවේය.

184-187 “මහත් වූ භෝග සම්පත් ඇති පරාක්‍රමබාහු නම් ඒ රජ තෙම දැන් වහා ඒකාන්තයෙන්ම සියලු රජරට අත්පත් කර ගන්නේය. ඒ නරේන්ද්‍රයා විසින් රජරට ගත් කල්හි නියත වශයෙන්ම මට රුහුණු රටේ විසීමට නොහැකි වනු ඇත. එබැවින් ගජබා රජු හා ඇති මිත්‍රත්වය අත්හැර පරාක්‍රමබාහු රජු හා මිත්‍ර වීම යහපත්ය.” 188 ඉක්බිති ඔහු පරාක්‍රමබාහු නරේන්ද්‍රයා හා මිත්‍ර සන්ථවයක් ඇති කරගෙන වෙසෙමින්, දෙරට වැසි බලවත් සේනාවන් සන්නද්ධ කරවාගෙන සොබර නම් ගමෙහි කඳවුරක් බැන්දේය.

උපාය මාර්ග සහ කාලගුණ බාධා

189-191 එ සමයෙහි පරාක්‍රමබාහු නරේන්ද්‍ර තෙම විශේෂ වූ වික්‍රමයක් කිරීමට කැමතිව, ඒ ඒ තැන්වල සිටින සාමන්තයන්ට නොදන්වාම, “මා සමග වැඩුනු යෝධයන් සමග පොළොන්නරුවට ගොස් යුද්ධ කොට, දොරටු, මුර අටලු සහ පිටත දොරටු බිඳ දමා ඇතුළු වී ගජබා රජු අල්ලා ගන්නෙම් නම් යහපතැ” යි සිතුවේය.

192-194 ඉක්බිති නුවණැති ඒ රජතුමා අඹ වනයෙහි සිටි මායාගේහ අදිනායකයා කැඳවා, තමන් සිතූ කටයුත්ත ඔහුට පවසා, වෙනත් කාර්යයක ස්වරූපයක් පෙන්වමින් අඹ වනයට ගොස් එතැනින් පොළොන්නරුවට ඇතුළු වීම පිණිස ඔහුට රහසිගතව මෙසේ කීවේය: “මම සර්වඥයන් වහන්සේට උදාරතර වූ පූජාවක් කරවනු කැමැත්තෙමි. බුදුන් පුදනු පිණිස පූජාවට සුදුසු උපකරණ ද, සක් ද, මහත් ශබ්ද ඇති පංච තූර්ය නාද සහ චාමර ද, සේසත් සහ ධජ පතාක ද මා වෙත එවනු මැනවි. ස්වාමීහු ද මෙහි අවුත් මාගේ මේ පූජාව බලා වදාරත්වා යි සඳහන් කර හසුනක් මා වෙත එවන්න.”

198 හෙතෙම එතැනින් අඹ වනයට ගොස් කී පරිදිම පූජාව පිළියෙළ කොට රජු වෙත හසුනක් යැවීය. 199-200 එකල්හි මහ යසස් ඇති රජතුමා ඒ දැක සතුටු වී ඇමතියන් මැද හිඳගෙන ඒ සංදේශය කියවා, මහත් වූ නොයෙක් ආකාරයේ සියලු පූජා උපකරණ ඔහුට යවා, තමන් ද එහි යනු කැමති බව ඇමතියන්ට ප්‍රකාශ කළේය.

201-202 ඉක්බිති නරේන්ද්‍රයාණන්ගේ අභිප්‍රාය දත් ප්‍රධාන අමාත්‍ය තෙම, නගරගිරි නම් වූ තම සහෝදරයාට ඒ පුවත කියා දූතයෙකු යැවීය. 203 ඔහු ද ඒ පුවත අසා මොනරවැවෙන් පිටත්ව සේනාව රැගෙන වහාම නරේන්ද්‍රයාණන් වෙත ගියේය. 204-206 “කුමක් පිණිස පැමිණියෙහිද?” යි විමසූ කල්හි, “ස්වාමීන් විසින් සිතන ලද්ද දැන පැමිණියෙමි” යි කියා මෙසේ ද කීවේය: “අප වැනි දාසයන් සිටීමේ ප්‍රයෝජනය නම් හුදෙක් පසමිතුරු රජුන් විනාශ කර දැමීමයි. එහෙයින් මමම ගොස් සමෘද්ධිමත් සේනා වාහන ඇති ගජබා රජු අල්ලාගෙන ඔබ වහන්සේට පාවා දෙන්නෙමි.” මෙසේ කියා රජුගේ සාමන්ත අමාත්‍ය තෙම යන්නට අවසර ඉල්ලුවේය.

207 එය දැක අභිමානවත් වූ මායාගේහ අධිපති තෙම ද, කීර්ති ලංකාධිනාථ තෙම ද, බලවත් වූ බොහෝ සාමන්තයෝ ද “මම පළමුව යමි, මම පළමුව යමි” යි කියමින් අවසර ඉල්ලූහ. ඉක්බිති යුද්ධෝපායෙහි දක්ෂ වූ මහීපාල (රජ) තෙම යුද්ධ උපාය මාර්ග පැහැදිලි කර දී යුද්ධ කිරීමට යෝධයන් යැවීය. 208-209 සේනා වාහන සහිත වූ ඒ සියල්ලෝ පිටත්ව ගොස් නාලන්දාවට නුදුරු තැනක කඳවුරු බැඳ ගත්හ.

210 එකල්හි මහා මේඝයක් නැගී ජල ධාරාවන්ගෙන් හාත්පස පොළොව බිඳ දමන්නාක් මෙන් වසින්නට පටන් ගත්තේය. එවිට සත්‍ය ගුණයෙහි ඇලුනා වූ ස්වාමී තෙම මේඝය දැක සේනාව තෙමෙතැයි සැකයෙන්, 211-212 “ඉදින් මාගේ රාජ්‍ය සාධනය බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය පිණිසම වන්නේ නම් නොවසීවා!” යි අධිෂ්ඨාන කරමින් සත්‍ය ක්‍රියාවක් කළේය. එවිට මේඝය (සේනාව ඇති තැනට නොවැසී) එසේ නැවතුණේය.

213-214 තවද එකල්හි ජලය පිරී ගිය හෙයින්, ඇඹුල්, බත්, කෙසෙල් පතුරු ආදී ජලයේ පාවෙන ද්‍රව්‍ය එක් කොට සිදුරු විද, ජලයෙන් නොතෙමෙන සේ සකසා ගන්නා ලද දහස් ගණන් උණ දඬු ආදිය යාත්‍රා ලෙස යෙදවීය. 215-216 ඉක්බිත්තෙන් මිහිඳු නම් ඇමති තෙම මහා සේනාව රැගෙන පිටත්ව, පසමිතුරන් මරා ලහුල් නම් ගමේ බලකොටුව අල්ලා ගත්තේය.

පොළොන්නරුව වටලෑම

217-218 එකල්හි ලංකානාථ නම් ඇමති තෙම ද ඒ පුවත අසා වහා පිටත්ව ගොස් හත්තන නම් ගමේ බලකොටුව අල්ලාගෙන සතුරන් ද මැරවීය. 219 ඉක්බිති මායාගේහ අධිනාථ තෙම ද ඒ අසා මහත් සේනා ඇතිව වහා පිටත්ව කඩිගමට පැමිණියේය. 220 ගජබා රජුගේ ඒ සිව් රඟ සේනාව කඩිගමු පටු මාර්ගයේදී තුන් පැත්තකින් වට කරන ලදී.

221 එකල්හි ලංකාධිනායකයාගේ පුත් ලංකාපුර නම් මහා යෝධ තෙම කඩිගමු දොරටුව අසල තදබදයට මැදිවී, තුන් දෙසින් පැමිණි සියලු සේනාව එක් දෙසකට තල්ලු කරමින්, ඇත් රැලක් මැදට පැමිණි සිංහයෙකු මෙන් මහා යෝධයන් ලුහුබැන්දේය. 222-223 ඉක්බිති ලංකාධිනාථ ආදී වූ සේනාධිපතියෝ ගජබා රජුගේ මහා සේනාව මරවා කොණ්ඩගුලික කේදාර නම් ස්ථානයට පැමිණියෝය. බිඳී ගිය ගජබා රජුගේ සේනාව පොළොන්නරුවට පසුබැස ආවේය.

ගජබා රජුගේ අභිමානය සහ පරාජය

224 ඒ ගජබාහු නරේන්ද්‍ර තෙම (පසුබැස) එන්නා වූ මහා සේනාව දැක, හටගත් අභිමානයෙන් යුතුව දැඩි ලෙස මෙසේ සිතුවේය: “යම් කලක මාගේ පිය රජතුමා දෙවියන් අතරට ගියේ ද (මිය ගියේ ද), 225-227 යම් කලක පිය උරුමයෙන් ලත් රාජ්‍යයේ මැනවින් පිහිටා නොසිටියේ ද, එකල්හි කීර්ති ශ්‍රී මේඝ සහ ශ්‍රී වල්ලභ යන නම් ඇති රජ දරුවෝ (මාගේ මාමාවරු) දෙදිසාවෙන් පැමිණ යුද්ධ කරන්නෙමු යැයි ආවෝය. නමුත් ඔවුහු මාගේ ජය කොඩිය දැකීමටවත් සමත් නොවී පලා ගියහ. එතැන් පටන් ඔවුහු දිවි ඇති තෙක් යුද්ධ කිරීමේ ආශාව අත්හැරියෝය.

228-230 දැන් වනාහි මම රජරට තුළ මැනවින් බලයට පැමිණ සිටිමි. මා සතුව සම්පූර්ණ වූ සිව් රඟ සේනාව ද ඇත. බල වාහන සන්නද්ධ කොට යුද්ධ කිරීම පිණිස මා පිටත් වූ කල්හි, මාගේ රණ බෙර හඬ ඇසීමට කවර නම් රජෙක් සමත් වේද?” ගජබා රජ තෙම මෙසේ අභිමානයෙන් උඩඟු වී සේනාව සූදානම් කිරීමට මාලිගාව ඇතුළත සිටි අමාත්‍යයන්ට නියෝග කළේය. 231-232 ඇමතියෝ මැනවින් සන්නාහ ලා සරසන ලද ඇතුන් ද, අසුන් ද, යුද්ධයෙහි දක්ෂ වූ දස ආකාරයකින් යුද්ධය පිණිස සන්නද්ධ වූ මහා යෝධයන් ඇති සේනාවන් ද, එසේම කේරළ, කර්ණාට, ද්‍රවිඩ ආදී භටයන් ද ක්ෂණයකින් මැනවින් සූදානම් කොට රජුට දැන්වූහ.

233 ඒ ගජබා රජ තෙම මහත් වූ සේනාවකින් යුක්තව පුලස්ති පුරවරයෙන් (පොළොන්නරුවෙන්) පිටත්ව සිකවියල නම් ස්ථානයට පැමිණියේය. 234 රක්ඛ ලංකාධිනාථ නම් සේනාධිපතීන් ප්‍රමුඛ කොට ඇති සේනාධිපතිවරු ඒ ගජබා රජු හා යුද්ධ කළහ. ඒ මහා වීරයෝ ඇතුන් ද පලවා හැර හස්ත්‍යාරෝහකයන් ආදීන් ද බිම හෙළූහ. 235 සේනා සහිත වූ ඒ නරේන්ද්‍රයාව පලවා හැරියහ.

236 ඒ රජ තෙම වහා සිය නුවරට වැදී දොර අගුල් දමාගෙන අනුරායෙහි (නගර අභ්‍යන්තරයෙහි) සැඟවුණේය. එකල්හි රජු ලුහුබැඳ ආ ඒ යෝධයෝ ද එක්ව පොළොන්නරුව හාත්පසින් වටලා ගත්හ. 237 ඉක්බිත්තෙන් පවුරු, මුර අටලු සහ දොරටු බිඳ දැමීමට පටන් ගත්හ. 238 පුරයෙහි යොදවා සිටි ඔත්තුකාර පුරුෂයෝ (චර පුරුෂයෝ) දොරවල් හැර දැමූහ.

239 සුවසේම නුවරට ඇතුළු වී ගජබා රජුව පණපිටින් අල්ලාගෙන ප්‍රාසාදය තුළට ඇතුළු කරවූහ. 240 චෝලගංග නම් කුමාරයා ද එසේම වික්‍රමබාහු නම් කුමාරයා ද යන රාජ පුත්‍රයන් දෙදෙනා බැඳ දඟ ගෙයි දැමූහ.

241 ඉක්බිත්තෙන් ඇමතියෝ ඒ පුවත රජතුමාට සැලකොට යැවූහ. විචාර බුද්ධියෙන් පොහොසත් වූ නුවණැති ඒ රජ තෙම එය අසා, “යම් තාක් යහපත් නැකැත් යෝගයක් උදා වී ඔවුනොවුන් හමුවීම සිදු වේ ද, ඒ තාක් කල් අප කෙරෙහි සැක බිය දුරු කොට විසිය යුතුය” යි පවසා, 242-244 තමා පරිභෝග කළ වටිනා වස්ත්‍ර ද, සුවඳවත් ආභරණයක් ද ගජබා නරේන්ද්‍රයාට යැවීය. ඉක්බිත්තෙන් සාමන්තයෝ ද මණ්ඩලේශ්වරයෝ ද එක්ව සාකච්ඡා කොට රජතුමා වෙත මෙසේ පිළිතුරු හසුන් යැවූහ: “(ගජබා) මිහිපල්හු...”

සඟ රුවනෙහි මැදිහත් වීම සහ සාමය

332 එකල්හි ඒ බස් අසා ඒ භික්ෂූහු කරුණාවෙන් කම්පිත වූ සිත් ඇතිව ගිරිතළාවට ගොස් පැරකුම්බා නිරිඳුන් දැක, පිළිසඳර කථා කොට, පැමිණි කාරණය රජු විසින් විමසන ලද්දාහු ඔහුට සමගි කිරීමේ වචන මෙසේ වදාළහ:

333-334 “දයාවෙහි ඇලුනා වූ ඒ භාග්‍යවත් සර්වඥයන් වහන්සේ බොහෝ සේ නොයෙක් සූත්‍රයන්හි අරගල කිරීමේ දොස් සහ මිතුරු බවෙහි ආනිශංස දැක්වූ සේක. යළිත් ඒ (ගජබා) නරනිඳුන්ට පුත්‍රයෙකු හෝ සහෝදරයෙකු හෝ නැත; වැලිත් සිටින්නේ ඔහු එකෙකි; මහලු බැවින් තෙමේ මරුවාගේ මුවදොර සිටින්නේය. 335-336 ලෝක ශාසනයේ අභිවෘද්ධිය හේතු කොටගෙන රාජ්‍ය සාධනය වේ නම්, භවතුන්ගේ ඒ ප්‍රතිඥාව ද නොබෝ කලකින්ම සමෘද්ධිමත් වේ. එහෙයින් භික්ෂු සංඝයාගේ වචනයට ගරු කරන්නා වූ ඔබ විසින් සටන් අත්හැර සිය රට යා යුත්තේය.” (යන මේ කථාවයි).

මෙසේ පරාක්‍රමබාහු නරේශ්වර තෙම සංඝයාගේ බස් අසා, අතිශයින් දුකසේ ලබා ගත්තා වූ රාජ්‍යය ගජබාහු නරේන්ද්‍රයාට දී සිය රටටම ගියේය. ඒ නරනිඳුගේ කරුණා භාවය ආශ්චර්ය ජනකය.

මෙතෙකින් හුදී ජනයාගේ ප්‍රසාදය හා සංවේගය පිණිස කළ මහවංශයේ ‘රජ්ජදාන’ (රාජ්‍යය දීම) නම් වූ හැත්තෑවෙනි පරිච්ඡේදය නිමි.