නැවත එක් දිනෙක පරාක්‍රමබාහු කුමාරයා රථයකට නැගී 1 තමා අනුව යන පිරිස් පිරිවරාගෙන රාජ වීථියෙහි ගමන් කළේ ය. එකෙනෙහිම විලොව් බිඳගත්, දරුණු වූ, 2 දුටු දුටුවන් අනිමින් යන, කොපුල් තලයේ වැටෙන රත් පැහැති ඇස් ඇති මී ගවයෙක් ඔහු ඉදිරියට ආවේ ය. තමන් දෙසට මුහුණ ලා එන ඌ දැක රථය ගෙන යන්නෝ ද, කුමාරයා සමඟ එක්ව ගිය සෙසු මිනිස්සු ද බියෙන් තැතිගෙන වහා පලා ගියහ. එකල 3 වීර වූ රාජ කුමාරයා, “මොවුන් මෙන් දිවීම මට කිසිසේත් ඔබින ක්‍රියාවක් නොවේ ය” 4 යැයි සිතා, සැක නැතිව පහ වූ බිය ඇතිව වහා ඌ ඉදිරියට පැන ගැඹුරු වූ සිංහනාදයකින් ඌට තර්ජනය කරමින් කතා කළේ ය. ඒ මී ගවයා 5 එම සිංහනාදය අසමින් ම බියට පත්ව ආපසු හැරී, තමා ඉදිරියට හමු වූ මිනිසුන්ට අනිමින් සහ 6 හෙළමින් දිව ගියේ ය. යමෙක් ඒ ආශ්චර්යය සියැසින් දුටුවේ ද, එසේම යමෙක් ඒ ගැන ඇසුවේ ද, ඒ 7 සියල්ලෝ ම විස්මයට පත්ව, “මේ තේජස් ඇති බවක් බලව! මොහුගේ ප්‍රගල්භභාවයක් බලව! මොහුගේ පුණ්‍ය මහිමයක් බලව!” යැයි කියමින් ස්තූති පූර්වක වචන පැවසූහ. 8
ගජබා රජතුමා ද ජනයා විසින් වර්ණනා කරනු ලබන කුමාරයාගේ වික්‍රමාදී ගුණ ඇසුරු කළ කීර්තිය අසා, “මේ කුමාරයා අන්‍යයන් හා සමාන නොවන උග්‍ර 9 තේජසින් හා භයානක වූ වික්‍රමයෙන් යුක්ත මහා පුරුෂයෙක්ම ය” යැයි සිතා 10 ඔහු කෙරෙහි සැක උපදවා ගත්තේ ය. එකල මහීපාල පුත්‍ර වූ පරාක්‍රමබාහු කුමරු, ගජබා රජුට තමා කෙරෙහි උපන් ඒ දුෂ්ට වූ සැක සිතුවිලි දැන මෙසේ සිතුවේ ය. 11 “ඉදින් මම මෙහිම වෙසෙමින් මේ රජය අත්පත් කරගන්නේ නම්, හුදෙක් බැම එසවීම පමණකින් එය සිදු කළ හැකිය. එහෙත් එසේ කළ හොත්, මාගේ ප්‍රතාපය ද, අතිශය වූ වික්‍රමය ද, බාහු බලය ද 12 ලෝකයෙහි ප්‍රසිද්ධියට නොයයි. යුද්ධ ක්‍රීඩා කිරීමේ කුතුහලය නිසා මිස 13 මාගේ අතිශය වූ තේජස වැඩීමට බාහු බලය හා කඩු බලය හැර වෙනත් ශාන්තියක් නොවන්නේ මැයි. 14
එහෙයින් සිය රටට ගොස් රණ කෙළියෙන් ම සතුරන් මිරිකා දමා, ඇමතියන් සහිත වූ 15 මේ රජුව පණපිටින් අල්ලා ගෙන, මාගේ පියා වූ කිත්සිරිමේ රජු ද මේ නුවරට 16 ගෙන්වා ගෙන, ඔහු මත පවරනු ලබන රාජ්‍යාභිෂේකය නමැති ජලයෙන්, පියවරුන් තුන් දෙනාගේම පරාජය නමැති කිලිටු බව ඉදින් මම පිරිසිදු කෙළෙම් නම්, එසේ කළ කල්හි මාගේ තේජස 17 දඹදිව පුරා ද පැතිරෙන්නේ ය” යි අධිෂ්ඨාන කර ගත්තේය. ඉක්බිතිව නුවර ආරක්ෂාවට සේනාව යොදවා ඇති ආකාරය ද, පිටතට යා හැකි මාර්ග ද, නුවරින් පිටවීමට ඇති මාර්ග ද, ස්වකීය 18 ඔත්තුකරුවන්ට යාමට සුදුසු මග ද, නොයෙක් මාර්ග විස්තර ද දන්නා ඒ කුමාරයා, ඒ පිළිබඳ තොරතුරු වැද්දන්ගෙන් මැනවින් තහවුරු කර ගෙන, තමා ද දඩ කෙළියේ යන මුවාවෙන් 19 නුවර අවට වනාන්තරයේ ඇවිදිමින් විවිධ සලකුණු තැබීම් ආදී උපක්‍රම මගින් නොයෙක් ප්‍රධාන මාර්ග හා අතුරු මාර්ග දැන ගත්තේ ය. 20
“සුදුසු කාලය ඉක්ම ගිය කල්හි කාලයා විසින් ම එහි රසය උරා බොන්නේ ය (කාර්යය නිෂ්ඵල වන්නේය)” යන පැරණි කියමන මෙනෙහි කරමින් 21, එකල පටන් ස්වකීය රටට යාමට කැමති වූ කුමාරයා, තමා කැටුව ආ මිනිසුන්ව 22 ‘දනව්වා’ නම් ස්ථානයෙහි රැස් වීමට වේලාවක් නියම කොට, බොහෝ සෙයින් පළමු කොට පිටත් කර හැරියේ ය. මෙතෙක් කල් මෙහි විසූ මම නොදන්වා නික්ම යාම 23 මාගේ පුරුෂ කමට තරම් නොවේ යැයි සිතා, පසුව සන්ධ්‍යා කාලයෙහි 24 ආභරණවලින් මැනවින් සැරසී ගජබා රජු වෙත එළඹ සිටියේ ය. 25 නොයෙක් කෙළි සතුටු ඇති සැන්දෑ කාලය පැමිණි කල්හි, මද සිනහවක් පෙරටු කොට ගෙන විහිළුවක් කරන ආකාරයෙන් මේ වචන කීවේ ය: “යුව රජ රටට 26 ගොස් පියාණන් දැක නැවත මෙහි ඒමට අදම මා විසින් යා යුතු ය” යි කීහ. ඒ ගජබා රජතෙමේ ඒ බස් අසමින්, කුමරුගේ ස්වභාවය දැනගැනීමට අසමත් වූ මෝඩ නුවණින් යුක්ත වූයේ, 27 “තමාගේ නිවසට යාම සඳහා මේ කරුණ කියන ලද්දේ යැයි” සිතා, “තොප සිතන ලද අර්ථය වහාම සිද්ධ වේවා” යි පෙරටු කොට සුබ වචන කී ය. 28
ඒ රජු වෙත සිටි උතුම් බ්‍රාහ්මණයෙක් ද එකෙණෙහිම මංගල කටයුතු හා සම්බන්ධ වූ 29 අර්ථ ලාභය පිණිස ද, ක්ෂේමභාවය පිණිස ද, විජයග්‍රහණය පිණිස ද, සතුරු 30 පක්ෂය විනාශ වීම පිණිස ද, බොහෝ දියුණුව දැකීමට ද සුදුසු වූ ආශිර්වාදාත්මක වචන 31 එසේම කීවේ ය. කුමාරයා ද ඒ බස් අසා “මට පිටත් වීමට හොබනා නැකත මේම ය” යි සිතා යමින් සිය නිවසට පැමිණියේ ය. 32
පසුව උදාර වූ පින් හා 33 ප්‍රඥා ඇති ඒ රාජ කුමාරයා නොයෙක් ආකාරයෙන් ශුභ නිමිති දකිමින් සහ අසමින් නිවසින් නික්මුණේ ය. විනෝද ක්‍රීඩාවෙන් ‘රාමකල’ නම් ඇතා පසුපස දුවන්නා 34 සේ වීථිය දිගේ යමින් රාත්‍රී කාලයේ නුවරින් පිටත් විය. සඳ එළිය ඇති රාත්‍රියේ යෙමින් සිටින විට, රුක් මුලෙක හිඳ විඩාව සංසිඳුවා ගනිමින් සිටි මිනිසකු දැක, ඒ කුමාරයා “පින්වත, 35 තෝ කවරෙක් වෙහි ද?” යි විමසා, ඔහු මගියකු බව දැන වේගයෙන් සහ 36 උස් හඬින්, “කුමන කරුණකින් තෝ මා දන්නෙහි ද?” යැයි මේ වචන කී ය. හෙතෙමේ ද බියෙන් ගල් ගැසී නිහඬව සිටියේ ය. එවිට “පරාක්‍රමබාහු ආදිපාදවරයා යයි මට කියති, තෝ කිසිසේත් බියපත් නොවේවා” යි පවසා වහා ඔහු සනසා, ආදරය 37 ද කොට, “එම්බල, තා මෙහි දී දැකීම මට මහත් ලාභයක් විය; තෝ 38 දැන්ම වහා කඳවුරට ගොස් ’පැරකුම්බා කුමරු සිය රටට යනු මා 39 විසින් දකින ලද්දේ ය’ යන මේ පුවත කියව” යි කියා වහා ඔහු පිටත් කර යැවීය. 40
“මා පසුව ලුහුබඳින සේනාවක් කිමෙක් හෝ ඇද්දෝ නැද්දෝ හෝ” යි 41 ඉඳිවඩමන් වැව අසල සිට බලා, පසුව එළවන බල සේනාවක් නොදැක, 42 කුමාරයා එතැනින් ‘ඛාණපද්දා’ සහ ‘උද’ නම් ස්ථානයට යාමට පිටත් විය. එහිදී රළු වූ මහත් නිය ඇති, බියකරු කන් ඇති, හිරි වැටී යන හඬින් යුත් බිහිසුණු වැලහින්නක්, 43 පැටවුන් ද සහිතව මහ වනය මැදදී කුමරු ඉදිරියට පැන්නා ය. ඇයව කඩුවෙන් පහර දී දෙකට වන සේ කපා, පිට පයින් 44 පහර දී පැටවුන් ද දුරට විසි කොට, බියෙන් වනයට පලා යන තමන් සමඟ ආ පිරිස කැඳවාගෙන, බිය දුරු කළ කුමාරයා ඉදිරියට ගියේ ය. මත්තෙහි ගල්කඩක් පසු කරමින් යන විට, අතිශයින් 45 ගොරහැඩි හඬින් කෑ ගසන ඉතා බිහිසුණු ඌරෙකු ද රළ පහරක් සේ ඉදිරියට එනු දැක ඌව ද එසේ ම මරා දැමුවේ ය. 46
ඉන් ඔබ්බට යමින් ‘දෙමළිය ගල’ නම් තැනට පැමිණි විට, 47 ‘ඕපතාමික’ නම් ගමේ වැසියන්, අලුයම් කාලයේ කිසි කටයුත්තක් සඳහා කඩු ගත් අතින් යුක්තව යනු දැක, “මට පෙරාතුව මොවුන් මෙහි පැමිණ ඇත” යි 48 සිතා, වේගයෙන් කඩුවෙන් පළිහට පහර දී ශබ්ද නගා, “දුෂ්ටයන් මරන්නෙමැ” යි රළු වචන කියමින්, ඒ කුමාරයා මුවන් මැදට පනින සිංහයෙකු මෙන් ඔවුන් මැදට පැන්නේ ය. දැඩි ලෙස බියට පත් ඔවුහු අත තිබූ ආයුධ බිම දමා මහා වනයට පලා ගියහ. 49
ඉක්බිති රාජ කුමාරයා එහි හාත්පස බලමින් සිටින විට, ඒ පලා ගිය මිනිසුන්ගෙන් ප්‍රපාතයකට වැටුණු එකෙක් දැක, ඔහු ප්‍රපාතයෙන් ගොඩට ගෙන, 50 “තොපි කවුරු ද?” යි විමසීය. ඔහුගේ කටින් සත්‍ය තොරතුරු දැනගත්, කරුණාවෙන් යුක්ත වූ ඒ කුමාරයා, “තොපි කොයිනුත් බිය හැර 51 සිය අවි ආයුධ ගනිව්” යැයි කියා තමාගේ ගමන ඔවුන් හට කෙළින්ම ප්‍රකාශ කොට, මඟලගමුව සමීපයෙහි රැස්ව සිටි භටයන් දැක “කියන ලද සලකුණු පරිද්දෙන් පැමිණි අය වෙති” යි 52 සතුටු විය. මොවුන් විසින් පිරිවරා ගන්නා ලද හෙතෙමේ ‘දනව්වා’ නම් තැනට ගොස් එහි කලින් පැමිණ සිටි තමාගේ පිරිස හා එකතු විය. 53
මුව දඩයම් ආදී නොයෙක් ක්‍රීඩා විනෝදයෙහි තත්පර වූ ඒ ස්වාමි දරුවා, 54 ඒ මිනිසුන් සමඟ කිහිප දවසක් එහි විසී ය. එකල කිත්සිරිමේ රජ තෙමේ, තමා පාලනය කරන මිනිසුන් විසින් එවන ලද ලියුම් පතකින් තම පුතු එහි 55 පැමිණි බව දැන, “කලක් සතුරන් වෙත විසූ හෙතෙමේ යම් කිසිදු උපද්‍රවයකට 56 නොපැමිණ සතුරන් අතින් දුකසේ මිදුණේ ය” යි සතුටු වූයේ ය. 57 “එම්බල, මාගේ ශෝකය දුරු කරන පුතුන් මාගේ මරණයට පෙරාතුව වහා මෙහි 58 කැඳවාගෙන විත් දක්වව්” යැයි පස් මෙහෙකරු වර්ගයාගේ ප්‍රධාන යැයි සම්මත 59 මිනිසුන් අත පඬුරු ද සහිතව සිය අතින් ලියූ ලිපි දී යැවී ය. කුමාරයා ද පැමිණි මිනිසුන් ද, එවූ පඬුරු ද දැක පියාණන් දැකීමට කැමති වී එතැනින් ‘විගම’ට ගියේ ය. 60
එකල ඒ කිත්සිරිමේ රජ තෙමේ පුතු එහි නතර වී සිටින බව අසා, 61 “කල් ගෙවීම නොකොට ඒ තෙමේ කැඳවාගෙන ආ යුතුය” යි කියා කූඨාරාදි සභා නායකයන් ද පස් පිරිවෙන්වල මුල් වැසි තෙරුන් වහන්සේලා ද යැවී ය. ඒ කුමාරයා ඔවුන්ගෙන් තොරතුරු හා පිය රජුගේ පුවත් අසා, “යහපත් නැකතකින් 62 නික්මෙන්නෙමි. තොපිත් මා සමඟ යා යුතුය” යි කියා, රම්‍ය වූ ගංගා, දිය ඇලි වැටෙන තැන් ආදියෙහි නොයෙක් ආකාරයේ ක්‍රීඩාවෙන් එහි ම වෙසෙමින් කිහිප දවසක් ගත කළේ ය. 63
සභාපතියා ආදී ඇමතිවරුන් දැකීම සඳහා ඒ ඒ දෙසින් පැමිණි භටයින් දැක, 64 කුමරු අනුව යන්නෝ ද කුමරු හා එක්ව ගෙන, රජු කෙරෙහි පෙර 65 කළ අපරාධ මෙනෙහි කරමින් බියෙන් සහ සැකයෙන් වසඟ කරන ලද්දෝ වූහ. “නොයෙක් තැනින් මෙහි බොහෝ භටයෝ රැස් වෙති. 66 ඇමැත්තන්ගේ ද මොවුන්ගේ ද සිත්හි ඇති අදහස දැනගත නොහැක; රැස් වූ මොවුහු සියල්ලෝ හාත්පසින් වටලා අප මැදි කොට ගෙන ඒ ඒ තැන 67 සිටියෝ ය” යි මෙසේ ඔවුනොවුන් කතා කරමින්, එකල විමතියට පත්වූවෝ මේ පුවත රාජ කුමාරයාට ද දැන්වූහ. 68
“මේ සියලු අධමයෝ හැම කල්හි වූ පරිදි සර්ව ප්‍රකාරයෙන් ම 69 නොසලකා, බිය නොවිය යුතු කාරණයෙහි අතිශයින් බිය දක්නා සුල්ලෝ ය. සභාපතියා දැකීමට මෙහි රැස් වූ ගම්වැසි සේනාව දකින මොවුහු, මා 70 ඉදිරියෙහි බැගෑපත් වදන් කියති” යි ඒ කුමාර තෙම කිපී ඔවුන්ට මෙබඳු 71 වචන කී ය. එසේ වුවත් ඔවුහු (ඇමතිවරු සහ සේනාව) ක්‍රමයෙන් ඒ ඒ අතට පලා ගියහ. කුමාරයා ද ඒ පුවත දැන, “නොයෙක් තැන මාගේ වික්‍රමය ද, එසේම බොහෝ සේ 72 මා විසින් කළ ස්වකීයයන් ආරක්ෂා කිරීම ද දකින්නා වූ මේ නීචයන්ගේ සහජයෙන් එන බිය පහව නොයයි. මොවුන්ගේ මෙහි සිටීම හෝ පහව 73 යාම හෝ මට කුමක් කරන්නේ ද? මෙහි සිටි කල්හි කවර නම් ජනයන් කොයි කලෙකත් කුමක් සිතන්නේ දැ?” යි සිතා එහි වෙසෙමින් මඳ කලක් ගත කළේ ය. 74
රත්නාවලී රාජනිය තොමෝ පුතු එහි සිටි බව ද, රජු විසින් 75 යවන ලද පිරිස ඔවුන් කැටිව නොඑන බව ද අසා, “පුතු නොඅවුත් මෙසේ 76 කල් ගෙවීම කරනු ලබන විට, රජුගේ සිතට ඉදින් දුකක් ඇති වී නම් එය සුදුසු නොවන්නේ ය” යි සිතා, 77 “මම ම ගොස් සිය පුතු වහාම රජු වෙත ගෙනවිත් 78 දක්වන්නෙමි” යි වහා රුහුණින් අවුත් ‘සක්නාතලි’ (සංඛනායක්‍ථලි) නම් නුවරට ගොස්, 79 සාදරයෙන් රජු දැක, සමඟ සතුටු විය යුතු කථා නොයෙක් පරිද්දෙන් 80 කොට නිමවා, රජු වෙත තමන් ආ පුවත පවසා සිටියාය. ඕ තොමෝ ඒ නුවරින් ‘විල්ගම’ට ගොස් එහි පිවිස, පුතු ද, නායක තෙරවරුන් ද, සභා නායකයා ද 81 යන මොවුන් සාදරයෙන් දැක, කටයුතු දේ ගැන මොවුන් හා මැනවින් සාකච්ඡා කොට, “සෑම ආකාරයෙන්ම මෙහි ප්‍රමාද වීම නුසුදුසු ය” යි 82 පවසා, ඒ කුමාරයා කැඳවාගෙන ‘බදලත්‍ථලිය’ට අවුත්, එහි වසන දේව සෙනෙවියා සමඟ ‘සක්නාතලි’ නුවරට ගොස් පිය රජු හට දැක්වූවා ය. 83
පසුව කිත්සිරිමේ රජ තෙමේ පුතු දැක හටගත් ප්‍රේම ඇත්තේ, එ කල්හි ප්‍රධාන ඇමතියන් ඉදිරියෙහි මෙසේ කීයේ ය: 84 “ඔබලාත් මාත් මෙහි කවුරු වෙනුවෙන් සේවය කරද්ද? අවසාන කටයුතු හෝ කරද්ද?” යි විමසා, “මා සිත තුබූ ශෝක හුල අද උදුරන ලද්දේ ය. දැන් තෙපි මටම 85 ලාභයයි නොසිතව්; මේ තෙමේ තොප සියල්ලගේත් පුණ්‍යෝදය නොවේ ද? මෙතැන් පටන් තෙපි සියල්ලෝම කුමරු අනුව පවතිව් ය” යි කියා ඒ සිය පුතු ඔවුන්ට පවරා දුන්නේ ය. 86
ඇමතියන් ඒ කුමරුගේ අණෙහි සාදරයෙන් කටයුතු කරන අතරතුර, ඒ කිත්සිරිමේ නම් රජ කලුරිය කළේ ය. දන්නා ලද ශාස්ත්‍රාගම ඇති, 87 ධීර වූ ඒ කුමාර තෙමේ එකල්හි පියාගේ මරණින් හටගත් ශෝක වේගයට වසඟ නොවී, මහා ඇමති ආදී රට වැස්සන් අස්වසා, පියාගේ 88 ආදාහන කෘත්‍යයන් තත්වානුරූපව කොට නිමවා, ඒ ඒ දනව්වෙහි ද එරට සීමායෙහි ද තමා විසින් හදා වඩා ගන්නා ලද දැඩි භක්තිය ඇති ඇමතියන් යෙදවීය. 89
පසුව ක්ෂත්‍රිය ධර්මයෙහි පණ්ඩිත වූයේ, හොබනා නැකතකින් මහාදිපාද 90 පදවි පට බැඳීමේ මහෝත්සවයෙහි ලංකාවට අලංකාරයක් බඳු වූයේ, සියලු ආභරණයෙන් 91 සැරසී, බලවත් වූයේ, දක්ෂයන්ට අග්‍ර වූයේ, ඇතෙකු පිට නැඟී නොයෙක් අලංකාරයෙන් හා නොයෙක් පරිද්දෙන් සරහන ලද්දා වූ බල සේනාවෙන් 92 පිරී ඉතිරී ගිය නුවර, සුර රජු සුරපුර ප්‍රදක්ෂිණා කරන්නා සේ ප්‍රදක්ෂිණා කළේ ය. එකල 93 මහණ බමුණු ආදීන්ගේ දිළිඳු බව නැමැති ගිනි පරම්පරාව මහත් වූ 94 ධන වර්ෂාවෙන් නිවා දමා ශාන්තිය පැමිණවීය. ඒ තෙම පසුව ගජබා රජුටත්, 95 මාණාභරණ රජුටත් ඒ පුවත කියන්නට සිය දූතයන් යැවී ය. 96
උතුම් ගුණයෙන් අනේක සාමන්ත රජවරුන්ගේ සිත් ගත්, මැනවින් කම්පනය කළ සතුරන් ඇති, පැමිණෙන ලද තියුණු තෙද ඇති ඒ මහාදිපාද තෙමේ, සකල ලෝක කුහරය ව්‍යාප්ත වූ කීර්තිය වස්තු කොට ඇත්තේ, සොඳුරු වූ නොයෙක් පැවතුම් ඇතිව ඒ නුවර විසුවේ ය.
මෙතෙකින් හුදී ජනයාගේ ප්‍රසාදය හා සංවේගය පිණිස කළ මහාවංශයේ ‘මහාදිපාද මහෝත්සව’ නම් වූ සැට සත්වන පරිච්ඡේදය නිමි.