56. වික්‍රමබාහු ඇතුළු සය රාජක වෘත්තාන්තය

star_outline
වික්‍රමබාහු රජු සහ යුද්ධ සූදානම

එකල සියලු සිංහලයෝ රාජ කුමාරයාට ‘විකුම්බා’ (වික්‍රමබාහු) යන නම තබා සාදරයෙන් ඔහුගේ අණට කීකරු වූහ. ඒ රජතුමා දෙමළ සේනාව විනාශ කිරීමට නොයෙක් 2 අයුරින් වස්තුව රැස් කොට, සේවකයන්ට සුදුසු පරිදි සංග්‍රහ කරමින් ආභරණ, ඔටුනු, සේසත් සහ සිංහාසන ආදිය කරවූයේය.

ඉක්බිති ඇමතිවරුන් 3 විසින් අභිෂේක මංගල්‍යය පවත්වන ලෙස ආයාචනා කරන ලද කල්හි, “රජරට ප්‍රදේශය නැවත ලබා ගැනීම යම්තාක් කල් සිදු නොවේ 4 ද, එතෙක් මා විසින් ඒ සේසත් එසවීමෙන් ඇති ඵලය කුමක්ද?” යැයි පවසා රජතුමා අභිෂේකය නැවැත්වීය. මහත් බල ඇති ඒ ක්ෂත්‍රිය තෙමේ ලක්ෂයක් පමණ ජනයා එක් 5 කොට යුද්ධය ආරම්භ කරන කාලයෙහි වාත රෝගයකින් දැඩි සේ පීඩාවට පත් විය.

“මේ යුද්ධයට සුදුසු කල් නොවේය” යැයි සිතූ හෙතෙම, රාජ්‍යත්වයෙන් දොළොස් වැනි අවුරුද්දෙහි වහා 6 දෙව්ලොව ගොස් දෙවියන් හා එක් විය.

කීර්ති සහ මහාලාන කීර්ති රජවරු

එකල්හි සෙනෙවිරත් ධුරය දැරූ ‘කීර්ති’ නම් ඇමති තෙමේ රජකම කෙරෙහි ආශාව 7 ඇත්තේ, අට දවසක් මුළුල්ලෙහි සිය අණසක පැවැත්වූයේය. එවිට මහත් බල ඇති ’මහාලාන 8 කීර්ති’ නම් තැනැත්තේ ඔහුව මරවා, රාජාභිෂේකයට පැමිණ රුහුණු රට පාලනය කළේය. හෙතෙම රාජ්‍යත්වයෙන් තුන්වන අවුරුද්දෙහි සොළී යුද්ධයේදී පරාජයට පත් වූයේ 9, “දැන් ඉතින් පරාජය නිසැකය” යැයි සිතා සිය අතින්ම සිය හිස කපාගෙන මිය ගියේය.

එකල්හි ඒ 10 දෙමළ සේනාව රජුගේ ඔටුනු ආදී සාරවත් වස්තූන් එක්රැස් කොට සොළී රජු වෙත යැවූහ.

පාණ්ඩ්‍ය සහ අයෝධ්‍යා කුමාරවරුන්ගේ පාලනය

‘විකුම්පඬි’ (වික්‍රම පාණ්ඩ්‍ය) යැයි ප්‍රසිද්ධ රජ කුමරෙක් එකල සොළීන්ට ඇති බියෙන් සිය රට හැර දඹදිව වාසය කරමින් සිටියේය. හෙතෙම ලංකාවේ තොරතුරු දැනගෙන රුහුණු ප්‍රදේශයට අවුත් 11 කළුතොට වාසය කරමින් වසරක් රාජ්‍යය කළේය.

එකල අයෝධ්‍යා පුරයෙන් පැමිණි, රාම ගෝත්‍රයෙහි උපන් 12 ‘ජගත්පාල’ නමින් ප්‍රසිද්ධ රාජ පුත්‍රයෙක්, ඒ විකුම්පඬි රජු රණබිමේදී මරවා දැමුවේය. මහා බල ඇති ඒ ජගත්පාල තෙමේ සතර 13 අවුරුද්දක් රුහුණු රටේ රජකම කළේය. පසුව සොළීහු ඔහු ද රණබිමෙහි මරා දමා, ඔහුගේ දියණියන් 14 සහ බිසව ද, සියලු සාරවත් ධනය ද සොළී රටට යැවූහ.

ඉක්බිති පාණ්ඩ්‍ය රජුගේ 15 පුත් වූ ‘පැරකුම්’ (පරාක්‍රම පාණ්ඩ්‍ය) නම් රජ තෙමේ දෙවසරක් රාජ්‍යය කළේය. සොළීහු යුද්ධ 16 කොට ඔහු ද මරා දැමූහ.

අනිත්‍යතාව පිළිබඳ පාඩම

අතිශයින් ලෝභ බලයෙන් යටපත් වූ මේ සියලු රජවරු විගසින්ම විනාශයට පත් වූහ. එහෙයින් නුවණැත්තා හැම කල්හිම සංසාරයේ ස්වභාවය මෙසේ යැයි දැන තෘෂ්ණාව ක්ෂය කිරීමෙහිම ඇලුම් කළ යුතුය.

මෙතෙකින් “සුජනයාගේ ප්‍රසාදය හා සංවේගය පිණිස කරන ලද” මහාවංශයේ ‘ෂඩ් රාජක’ (සය රජුන්ගේ කතාව) නම් වූ පනස් හයවන පරිච්ඡේදය නිම විය.