1 ඒ කඩොලැතුන් වනාහි බලයෙන් ද, ලක්ෂණයෙන් ද, රූපයෙන් ද, තේජසින් හා වේගයෙන් ද, ගුණ යහපත්කමින් ද අග්‍ර වූයේ, මහත් වූ ශරීර ඇත්තේ විය. 2 එකල්හි ගාමිණී කුමාරයාට නන්දිමිත්‍ර ය, සුරනිමිල ය, මහාසෝණ ය, ගෝඨයිම්බර ය, ථේරපුත්තාභය ය, 3 භරණ ය, වේළුසුමන ය, එසේම ඛඤ්ජදේව ය, ඵුස්සදේව ය, ලභියවසභ ය යන මහා බල ඇති මේ දස මහා යෝධයෝ පහළ වූහ.
4 එළාල රජුගේ මිත්‍ර නම් සෙනෙවියෙක් විය. නැගෙනහිර දිග සිතුල්පව්ව සමීපයෙහි වූ කර්මාන්ත ගමක, ඒ සෙනෙවියාගේ බෑණනුවන් වූ පුතෙක් විය. 5 හෙතෙම කොපුවක බහාලූ රහස් පෙදෙස් ඇත්තෙක් විය (පුරුෂ නිමිත්ත ශරීරය තුළ සැඟවී පිහිටියේය). ඔහුට තම මාමාගේ නම වූ ‘මිත්‍ර’ යන නම තබන ලදී. 6 බඩගා යන වයසේ වූ, ඉතා ළාබාල ඒ කුමරුවා ඉඟටියෙහි වරපටකින් බැඳ ඇඹරුම් ගලක බඳින ලද්දේය. 7 හෙතෙම බිම බඩගා යන කල්හි, ඒ ඇඹරුම් ගල ද ඇදගෙන ගොස් එළිපත්ත ඉක්මවීමේදී යම් හෙයකින් ඒ වරපට කැඩී ගියේ ද, 8 එහෙයින් ඔහු ‘නන්දිමිත්‍ර’ යැයි ප්‍රසිද්ධ විය. පසු කලෙක ඇතුන් දස දෙනෙකුගේ කායික බල ඇත්තෙක් ද විය. 9 වැඩුණු ශරීර ඇති ඒ තෙමේ නුවරට අවුත් තම මාමාට උපස්ථාන කළේය.
එකල දාගැබ් ආදියට අගෞරව කරන දෙමළුන් දැක, ශක්ති සම්පන්න වූ හෙතෙම, එක් පයකින් කලවය පාගාගෙන, අනෙක් අතින් අනිත් කලවය ගෙන දෙපළු කොට පිටතට විසි කරයි. 10 ඔහු විසින් දමන ලද ඒ ශරීර දෙවියන් විසින් අතුරුදහන් කරනු ලබයි. 11 දෙමළුන්ගේ අඩු වීම දැක නිලධාරීහු ඒ පුවත රජුට දැන්වූහ. “ස්වකීය යෝධයෝ මොහු අල්ලා ගනිව්” යැයි රජුගෙන් නියෝග ලැබූවද, 12 ඔවුන්ට එසේ කිරීමට නොහැකි විය. ඒ නන්දිමිත්‍ර තෙමේ, “මා මෙසේ කරද්දීත් හුදෙක් ජනඝාතනයක් පමණක් සිදු වෙයි; ශාසනය බැබළීමක් සිදු නොවන්නේය. රුහුණු 13 රටෙහි තෙරුවන් කෙරෙහි පැහැදුණු රජ දරුවෝ වෙසෙති. එහි ගොස් රාජ සේවය කොට, සියලු දෙමළුන් අල්ලාගෙන, ඒ ක්ෂත්‍රියයන්ට රාජ්‍යය ලබා දී බුදු 14 සසුන් බබළවන්නෙමි” යි සිතීය. හෙතෙම මේ අදහසින් යුතුව (රුහුණට) ගොස් ගැමුණු කුමරුට ඒ බව දැන්වීය. ඒ ගැමුණු කුමාර තෙමේ මෑණියන් හා සාකච්ඡා 15 කොට ඔහුට සත්කාර කළේය. එසේ සත්කාර කරන ලද නන්දිමිත්‍ර යෝධ තෙමේ කුමරු වෙත විසීය.
16 කාවන්තිස්ස රජතුමා දෙමළුන් වැළැක්වීම පිණිස මහවැලි ගඟේ සියලු තොටුපළවල් හැම කල්හිම ආරක්ෂා කරවීය. 17 රජුගේ අන් බිසවකගේ පුත් වූ දීඝාභය නම් කුමාරයෙක් විය. රජතුමා ඔහු ලවා ගංගාවෙහි කසාතොට ආරක්ෂා කරවීය. 18 ඒ තෙමේ ආරක්ෂාව පිණිස හාත්පස යොදුන් දෙකක් ඇතුළත වූ මහා කුලවලින් 19 එක් එක් පුතෙකු බැගින් එහි කඳවුරට ගෙන්වා ගත්තේය. කොට්ඨවා දනව්වෙහි ඛණ්ඩකවිට්ඨික (කඩවිටි) නම් ගමෙහි පුතුන් සත් දෙනෙකු සිටි සංඝ නම් වූ ප්‍රධාන කුලපතියෙක් 20 විය. රජ කුමරුවා පුතෙකු ගෙන්වා ගැනීමට කැමතිව ඔහු වෙත ද දූතයෙක් යැවීය.
21 නිමල නම් වූ ඔහුගේ සත් වැනි පුත්‍ර තෙමේ ඇතුන් දස දෙනෙකුගේ බල ඇත්තේ විය. ඔහු කම්මැලි ස්වභාව ඇත්තෙකු බැවින්, ඔහුගේ සහෝදරයෝ සය දෙනාම ඔහු පහත් කොට සලකා, ඔහුගේ යාම කැමති වූහ. එහෙත් මව්පියෝ එසේ ඔහු යැවීමට කැමති නොවූහ. 22 ඒ නිමිල තෙමේ සෙසු සහෝදරයන් කෙරෙහි කෝප වී, ඉතා වේලාසනින් නික්ම යොදුන් තුනක මග ගෙවා හිරු 23 නැගෙන කල්හි රජ කුමරුවා දුටුවේය. ඒ රජ කුමරුවා ඔහු විමසා බැලීම සඳහා දුර බැහැර 24 කටයුත්තක යෙදවූයේය. “චේතියගිරිය (මිහින්තලය) අසල ද්වාරමණ්ඩල (දොරමඬලා) නම් ගමෙහි මාගේ මිත්‍ර වූ කුණ්ඩල නම් බමුණෙක් වෙසෙයි. ඔහු වෙත මුහුදෙන් එතෙරින් ගෙනෙන ලද වටිනා බඩු ඇත්තේය. නුඹ එහි ගොස් ඔහු විසින් දෙන ලද්දා වූ බඩු 25 මෙහි රැගෙන එව” යි මෙසේ කියා, බත් කවා, ලිපියක් දී පිටත් කර යැවීය. මේ අනුරාධපුරය 26 වනාහි ඒ කසා තොටින් නව යොදුනක් දුරින් පිහිටියේය.
ඒ තෙමේ 27 පෙරවරුවේම ගොස් බමුණා දුටුවේය. බමුණා, “දරුව, වැවෙන් නාගෙන එව” යි කීය. 28 මෙහි පෙර නුපුරුදු බැවින්, හෙතෙම තිසා වැවෙන් නාගෙන, මහා බෝධිය ද, ථූපාරාමයෙහි 29 චෛත්‍යය ද පුදා, මුළු නගරයම දැක බලා ගැනීම සඳහා නුවරට ද ඇතුළු වී, වෙළෙඳ සැල්පිලකින් සුවඳ 30 ද්‍රව්‍ය ගෙන, එහි උතුරු දොරින් නික්ම, උපුල් කෙතින් උපුල් මල් ද ගෙන ඒ බමුණා වෙත පැමිණියේය.
බමුණා විසින් තොරතුරු විචාරණ ලද්දා වූ ඒ 31 තෙමේ තමාගේ ගමන ගැන කීවේය. ඒ බමුණු තෙමේ ඔහුගේ පළමු පැමිණීමත්, නැවත මෙහි පැමිණීමත් අසා විස්මිත වූයේ, “මේ තෙමේ උතුම් පුරුෂයෙකි; ඉදින් එළාල රජු මොහු ගැන දැනගතහොත් මොහු තමාගේ අතට ගන්නේය. එහෙයින් මේ තෙමේ 32 දෙමළුන් සමීපයෙහි වාසය කිරීමට නුසුදුස්සේය; රජ පුතුගේ පියාණන් (කාවන්තිස්ස රජු) වෙත 33 වාසය කිරීම සුදුසුය” යි මෙසේ සිතීය. මෙසේ සිතා ලියුම ලියා ඔහුට දී, පූර්ණවර්ධන නම් (වටිනා) වස්ත්‍ර ද, 34 බොහෝ පඬුරු ද දී, ඔහුට බත් කවා, තම මිතුරු කුමරු වෙත පිටත් කර යැවූයේය. ඒ තෙමේ සවස් කාලයෙහි රජ කුමරු වෙත ගොස් ලියුම ද, පඬුරු ද රජ කුමරහට දුන්නේය.
තුටු වූ ඒ කුමර තෙමේ, “දහසකින් 35 මොහු සතුටු කරව්” යි කීයේය. රජ කුමරහුගේ ඉතිරි සේවකයෝ ඔහුට ඊර්ෂ්‍යා කළෝය. 36 එවිට ඒ කුමර තෙමේ දස දහසකින් ඒ නිමිලයා සතුටු කරවීය. ඔහු 37 ලවා කෙස් කරවා, ගඟෙන්ම නහවා, පූර්ණවර්ධන වස්ත්‍ර යුගලයක් ද, මනා 38 ගඳමල් ද දී, දුහුල් පටකින් හිස වෙළවා තමා වෙත ගෙන්වා ගත්තේය. කුමාර 39 තෙමේම තමාගේ පිඟානෙන් ඔහුට බත් කැවීය. තමාගේ දස දහසක් අගනා 40 යහපත් ඇඳ, ඒ යෝධයාට සැතපීම පිණිස දුන්නේය. ඒ තෙමේ ඒ සියල්ල 41 එකතු කොටගෙන මව්පියන් කරා ගෙන ගොස්, මෑණියන්ට දස දහස ද, පියාණන්ට ඇඳ ද දුන්නේය. එම රාත්‍රියේම ආපසු අවුත් රක්ෂා ස්ථානයෙහි තමා සිටින බව දැක්වීය.
42 උදෑසන රජ කුමර තෙමේ ඒ පුවත අසා සතුටු සිත් ඇතිව, ඔහුට වස්ත්‍රාභරණ ආදිය ද, 43 එසේම පරිවාර ජනයා ද, දස දහසක ධනයක් ද දී පිය රජු වෙත යැවූයේය. 44 යෝධ තෙමේ දස දහස මව්පියන් වෙත ගෙන ගොස් ඔවුනට දී, කාවන්තිස්ස රජු වෙත එළඹියේය. ඒ රජු ගැමුණු කුමරුට ඔහුව භාර කළේය. සත්කාර කරන ලද සුරනිමිල යෝධ තෙමේ ඒ කුමරු වෙත විසුවේය.
45 කුළුම්බරි දනව්වෙහි හුන්දිරිවාපි නම් ගම තිස්ස නම් වූ (කෙළඹියාට) 46 සෝණ නම් අටවැනි පුතෙක් විය. හෙතෙම සත් හැවිරිදි කල්හි තල් පැළ ඉදිරුවේය; දස හැවිරිදි කල්හි මහත් බල ඇත්තේ තල් ගස් 47 ඉදිරුවේය. කල් යෑමෙන් ඒ මහාසෝණ තෙමේ දස ඇත් බල ඇත්තෙක් විය. රජ 48 තෙමේ එබඳු වූ ඔහු ගැන අසා පියා වෙතින් ගෙන්වාගෙන පෝෂණය කරනු කැමැත්තේ ගැමුණු කුමරහට දුන්නේය. ඉන්පසු ලබන ලද සත්කාර ඇති ඒ යෝධ තෙමේ ගැමුණු කුමරු වෙත විසීය.
49 ගිරි නම් දනව්වෙහි නිසෙල්විටි (නිට්ටුලවිට්ඨික) නම් ගම මහානාග නම් 50 තැනැත්තාගේ පුත් වූ දස ඇත් බල ඇතියෙක් විය. මිටි සිරුරක් ඇති බැවින් හෙතෙම ‘ගෝඨක’ නම් විය. වැඩිමහල් සහෝදරයෝ ඔහුට විහිළු තහළු කරමින් සිනාසෙති. 51 ඔවුහු ගොස් උඳු වැපිරීම පිණිස මහ වනය කොටා, ඔහුගේ කොටස ඉතිරි කොට තබා ගොස් ඔහුට (වනය කෙටීමට) දැන්වූහ. ඒ තෙමේ එකෙණෙහිම ගොස් ඉඹුරු නම් ගස් 52 උදුරා බිම සමතලා කොට ගොස් ඒ බව දැන්වීය. සහෝදරයෝ ගොස් ඔහුගේ ඒ පුදුම සහගත 53 ක්‍රියාව දැක, ඔහුගේ වැඩ ගැන ප්‍රශංසා කරමින් ඔහු වෙත ගොස් (සතුට) දැන්වූහ. 54 ඒ නිමිත්ත කොටගෙන ඒ තෙමේ ‘ගෝඨයිම්බර’ නම් විය. රජ තෙමේ ඔහුව ද යට කී පරිද්දෙන් (ගෙන්වාගෙන) ගැමුණු කුමරු වෙත යැවීය.
55 කොටගල් (කොටපබ්බත) අසල කිත්ති (කත්ති) නම් ගමෙහි ඊශ්වර වූ රෝහණ නම් 56 ගෘහපතියෙක් විය. ඔහුට දාව උපන් පුතෙක් ගෝඨාභය රජුට සමාන නමක් ඇත්තේ (ගෝඨාභය නම්) විය. ඒ දරුවා බල ඇත්තෙක් වී. එකල්හි ඒ 57 තෙමේ දස දොළොස් හැවිරිදි වූයේ, හතර පස් දෙනෙකුට ඔසවා ගත නොහැකි ගල්, ක්‍රීඩා සඳහා ගන්නා ගුලියක් මෙන් කෙළිමින් විසි කළේය. 58 සොළොස් හැවිරිදි ඔහුට පියාණන් විසින් සොළොස් රියන් දිගැති, වට ප්‍රමාණය අටතිස් අඟුලක් ඇති 59 ගදාවක් (මුගුරක්) කරවන ලදී. ඒ තෙමේ එයින් තල් හා පොල් කඳන්වලට පහර දී බිම හෙළයි. 60 එයින් ඒ යෝධ තෙමේ ප්‍රකට වී. එසේම රජ තෙමේ ඔහුව ද ගැමුණු කුමරු වෙත යැවීය.
ඔහුගේ පියා වනාහි මහාසුම්ම ස්ථවිරයන්ගේ උපස්ථායකයා ය. ඒ කෙළඹි තෙමේ මහාසුම්ම ස්ථවිරයන්ගෙන් බණ 61 අසා කොටගල් වෙහෙරදී සෝවාන් ඵලයට පැමිණියේය. හටගත් 62 සසර කලකිරීම් ඇති ඒ තෙමේ රජුට දන්වා, සම්පත් පුතුට දී තෙරුන් 63 වෙත පැවිදි විය. භාවනාවෙහි යෙදී රහත් බවට පැමිණියේය. ඒ හේතුවෙන් මේ තෙරුන්ගේ පුත්‍ර තෙමේ “ථේරපුත්තාභය” (තෙරුන්ගේ පුත් අභය) යැයි ප්‍රසිද්ධ විය.
64 කප්කඳුරු (කප්පකන්දර) නම් ගමෙහි කුමාරයාගේ භරණ නම් පුතෙක් විය. ඒ 65 තෙමේ කල් යෑමෙන් දස දොළොස් හැවිරිදි වූයේ, ගම් දරුවන් හා වනයට ගොස් බොහෝ සාවුන් ලුහුබැඳ පයින් පහර දී දෙකට කඩා 66 බිම ගැසීය. සොළොස් හැවිරිදි වූයේ වනාහි ගම් වැසියන් හා වනයට ගොස් එසේම මුවන්, ගෝනුන් හා ඌරන් වහා බිම හෙළීය. භරණ නම් ඒ මහ 67 යෝධ තෙමේ එයින්ම ප්‍රකට විය. රජ තෙමේ ඔහු ද යට කී පරිද්දෙන් ගැමුණු කුමරු වෙත වැස්වීය.
68 ගිරි නම් දනව්වෙහි කුටුම්බියංගන නම් ගමෙහි ප්‍රසිද්ධ වූ කුටුම්බිවසභ නම් කෙළඹියෙක් විය. එහි දනව් වැසි වේළ නම් වූ ද, ගිරි නම් 69 රට පාලනය කරන්නා වූ සුමන නම් වූ ද යහළුවෝ දෙදෙනෙක් වූහ. කෙළඹියාට පුතෙක් උපන් කල්හි පඬුරු පෙරටු කොටගෙන ඒ දෙදෙනා ගොස් 70 තමන්ගේ නම් ඒ දරුවාට (වේළුසුමන යැයි) තැබූහ. ගිරි භෝජක (ගිරි ජනපද පාලක) තෙමේ ඒ පුතු තමාගේ නිවසෙහි වාසය කරවීය.
ඔහුගේ එක් සෛන්ධව (අශ්ව) වර්ගයේ අශ්වයෙක් කිසිම පුරුෂයෙකුට තමාගේ පිටට නැගීමට 71 ඉඩ නොදුන්නේය. ඒ අශ්ව තෙම වේළුසුමනයා දැක, “මේ තෙමේ මට සුදුසු වූ අසරුවා ය” යි සිතා සන්තුෂ්ට වූයේ හේෂාරව (ප්‍රීති ඝෝෂා) කළේය. 72 ඒ බව දැන ගිරි භෝජක තෙමේ අසු පිට නැගෙව යි ඔහුට කීය. වේළුසුමනයා අසු පිට නැගී 73 ඒ අසු රවුමට වහා මෙහෙයවීය. ඒ අශ්වයා සකල මණ්ඩලයෙහි (රවුමෙහි) එකට ඈඳුණාක් මෙන් 74 පෙනිණි. දුවන්නා වූ ද මේ අසු පිට හෙතෙම පුරුෂ දාමයක් (වැල් පොටක්) මෙන් සිටියේය. 75 බිය නැත්තේ උතුරු සළුව මුදයි, නැවත බඳියි. ඒ දැක සියලු පිරිස ඔල්වර හඬ ගැසූහ. ඒ ගිරි භෝජක තෙමේ ඔහුට දස දහසක් දී, 76 “මේ තෙමේ රජුට සුදුසු ය” යි සතුටු වූයේ රජුට දුන්නේය. රජ තෙමේ ඔහුට සත්කාර කරවා වේළුසුමන බුහුමන් කරමින් තමන් වෙතම වැස්වීය (පසුව ගැමුණු කුමරුට දුන්නේය).
77 නකුගල් (නකුලනග) දනව්වෙහි මහිසදෝණික නම් ගම අභය නම් 78 තැනැත්තාගේ අන්තිම පුත්‍ර වූ, ශක්ති සම්පන්න දේව නම් තැනැත්තෙක් විය. මඳක් කොර ගසා යන බැවින් ‘ඛඤ්ජදේව’ (බංඡදේව) යයි ඔහු හැඳින්වූහ. එකල්හි 79 ඒ මානවක තෙමේ ගම් වැසියන් හා මුවන් දඩයමේ ගොස් මහත් උස් වූ මීවුන් 80 ලුහුබැඳ, අතින් උන්ගේ පාද අල්වාගෙන, හිස වටා කරකවා බිම ගසා උන්ගේ 81 ඇට පොඩි කරයි. මීපල් (මහිසංසක) තෙමේ එපුවත් අසාම ඛඤ්ජදේවයා ගෙන්වාගෙන ගැමුණු කුමරු වෙත රැඳවීය.
82 සිතුල්පව් (චිත්තලපබ්බත) අසල ගාවිඨ නම් ගම උප්පල නම් තැනැත්තාගේ 83 ඵුස්සදේව යැයි නම් ඇති පුතෙක් විය. ඒ කුමාර තෙමේ ගම් දරුවන් හා විහාරයට ගොස් බෝධියට පුදන ලද සක් ගෙඩියක් ගෙන බලවත් ලෙස පිම්බේය. 84 එහි ශබ්දය අකුණු හඬක් මෙන් මහත් විය. ඒ (හඬ ඇසූ) සියලු ගම් දරුවෝ 85 බිය වී උමතු වූවන් මෙන් වූහ. ඒ තෙමේ ඒ හේතුවෙන් ‘උන්මාද ඵුස්ස’ යයි ප්‍රසිද්ධ විය.
ඔහුගේ පියා තෙමේ වංශයෙහි පැවත ආ 86 ධනුශ්ශිල්පය ඉගැන්වීය. ඒ තෙමේ ශබ්දය අනුව විදින සුළු (සද්දවේධී) වූයේ, 87 විදුලි එළියෙන් විදින සුළු (විජ්ජුවේධී) වූයේ ද, (කරබටු ආදී කිසි ලකුණකින්) වාලවේධී (කෙස් ගසක් විදීම) කරන්නා වූ ද විය. 88 වැලි පිරුණු ගැලක් ද, එසේම බැඳි සම් සියයක් ද, අඟල් අටක් ගන ඇති පියා (දිඹුල්) ලෑල්ල ද, සොළොස් අඟුලක් ඝන ඇති දිඹුල් ලෑල්ල ද, එසේම දෙඅඟුලක් ඝන යකඩ පට ද, සිව් අඟුලක් ඝන ලෝහ පට ද හීයෙන් විදින්නේය; හීය ද එකී දෑ විනිවිද යවයි. ගොඩබිමෙහි අට ඉස්බක් දුර (හී) යයි. දියෙහි ඉස්බක් දුර යයි. මහරජ තෙමේ 89 එපුවත් අසා, ඔහු ද පියා වෙතින් ගෙන්වාගෙන ගැමුණු කුමරු වෙත වැස්වීය.
90 තුලාධාර පර්වතය සමීපයෙහි වෙහෙරවෑගම (විහාරවාපි ගම) මත්ත නම් කෙළඹියාගේ පුත් වසභ නම් ඇත්තෙක් විය. මනා කොට හටගත් ශරීර 91 ඇති බැවින් ඔහු ‘ලභියවසභ’ යයි දත්හ. හේ තෙමේ විසි වස් පමණ කාලයෙහි මහත් කාය ශක්ති ඇත්තේ විය. කෙතෙක් (කර්මාන්ත) කැමති මහත් බල 92 ඇති ඒ තෙමේ, මහ වැවක් කරන්නේ මිනිසුන් කීප දෙනෙකුම ගෙන ඒ වැව (තැනීම) පටන් ගත්තේය. දස දොළොස් දෙනෙකු විසින් ඉසිලිය යුතු 93 මහත් පස් ගුලි උසුලන්නා වූ ඒ තෙමේ වහාම වැව තනා 94 නිම කළේය. ඒ කරුණෙන් ඒ තෙමේ ප්‍රකට විය. රජ තෙමේ ඔහු ද ගෙන්වාගෙන ඔහුට සත්කාර දී ගැමුණු කුමරු වෙත වැස්වීය. ඒ කෙත (වැව) “වසභ අමුණ” යයි ප්‍රකට විය. 95 ඒ ලභියවසභ තෙමේ ගැමුණු කුමරු වෙත විසීය.
96 එකල්හි මිහිපල් (කාවන්තිස්ස රජ) තෙමේ මේ දස මහ යෝධයන්ට පුතුන්ට සමාන සත්කාර 97 කරවීය. දික්පති රජ තෙමේ මහා යෝධයන් දස දෙනා කැඳවා, “තොපි එක එකා යෝධයන් දස දස දෙනා සොයව්” යි කීවේය. ඔවුහු එසේම 98 යෝධයන් ගෙනාවෝය. නැවතත් මිහිපල් තෙමේ ඒ (ගෙනා) යෝධයන් සියයට ද එසේම යෝධයන් සෙවීම (පර්යේෂණය) පිණිස කීවේය. 99 ඒ යෝධයන් දහසටත් 100 එසේම (තව දස දෙනෙකු බැගින්) පර්යේෂණයට කීවේය. ඔවුහු ද එසේම යෝධයන් ගෙනාවෝය. කැටි කරන ලද ඒ සියලු යෝධයෝ එකොළොස් දහස් එක්සිය දස 101 දෙනෙකි. ඒ සියල්ලෝ මිහිපල්හු වෙතින් නිතර පවත්වන ලද සත්කාර ඇත්තෝ ගැමුණු රජ පුතු පිරිවරා විසූහ.
102 සැප කැමති නුවණැති මිනිස් තෙමේ, අද්භූත වූ සුචරිත පරම්පරාව මෙසේ අසා, අකුසල් මාර්ගයෙන් පිටුපා හැම කල්හි කුසල් මඟෙහි ඇලෙන්නේය.
මෙතෙකින් හුදී ජනයාගේ පහන් සංවේගය පිණිස කළ මහාවංශයෙහි ‘යෝධලාභ’ නම් වූ තෙවිසි වන පරිච්ඡේදය නිමි.