1 ධර්මාශෝක රජතුමාගේ රාජ්‍ය කාලයෙන් දහඅට වන අවුරුද්දේදී මහමෙවුනා උයනෙහි 2 ශ්‍රී මහා බෝධිය පිහිටුවන ලදී. එතැන් සිට දොළොස් වන අවුරුද්දේදී, ඒ ධර්මාශෝක රජතුමාගේ අගමෙහෙසිය වූ, තෙරුවන් කෙරෙහි දැඩි සේ බැඳුනු ‘අසන්ධි මිත්‍රා’ නම් බිසව කාලක්‍රියා 3 කළාය. ඉන් හතර වන අවුරුද්දේදී ධර්මාශෝක රජතුමා විෂම අදහස් 4 ඇති ‘තිස්සාරක්ඛා’ නම් කුමරියක් අගමෙහෙසි තනතුරේ තැබුවේය.
ඉන් හතර වන අවුරුද්දේදී රූපයෙන් මත් වූ ඒ බාල බිසව, “මේ රජතුමා මටත් වඩා 5 මහා බෝධිය තමාගේ කරගෙන ඊට ආදරය කරන්නේය” යැයි සිතා, ක්‍රෝධයට පැමිණ තමාටම අවැඩ කරගනිමින්, මඩු කටු විෂ යෙදීමෙන් මහා බෝධිය මැරවීය. ඉන් 6 හතර වන අවුරුද්දේදී මහා යසස් ඇති ධර්මාශෝක රජතුමා අනිත්‍යභාවයට (මරණයට) පත් විය. මේ ධර්මාශෝක රජතුමාගේ මුළු රාජ්‍ය කාලය අවුරුදු තිස් හතකි.
7 දහම් ගුණෙහි ඇලුණු දෙවන පෑතිස් රජතුමා මහා විහාරයේ 8 නවකම් ද, එසේම සෑගිරියේ (මිහින්තලයේ) නවකම් ද, ථූපාරාමයේ නවකම් ද සුදුසු පරිදි නිමවා, යමක් විචාරණ ලද්දට පිළිතුරු දීමෙහි දක්ෂ වූ දීපප්පසාදක (ලක්දිව පහදවන) තෙරුන් වහන්සේගෙන් මෙසේ විචාළේය.
“ස්වාමීනි! මම මෙහි බොහෝ විහාරයන් 9 කරවන්නෙමි. ඒ විහාරවල ඇති දාගැබ්වල තැන්පත් කිරීම පිණිස ධාතූන් වහන්සේලා කෙසේ ලබාගනිම් ද?” යි විමසුවේය.
10 එවිට තෙරුන් වහන්සේ, “මහරජතුමනි! සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය පුරා සුමණ සාමණේරයන් විසින් මෙහි ගෙනෙන ලද්දා වූ ධාතූන් වහන්සේලා සෑගිරියෙහි (මිහින්තලයේ) තබා ඇත. 11 ඇත් කඳ මත තබා ඒ ධාතූන් වහන්සේලා මෙහි වඩාගෙන එන්න” යැයි වදාළ සේක. තෙරුන් වහන්සේ විසින් වදාරන ලද්දේ, එසේම ධාතූන් වඩා හිඳුවා, යොදුනෙන් යොදුන තැන්හි විහාර කරවා 12 ඒ දාගැබ්වල සුදුසු පරිදි ධාතු නිධන් කරවීය.
13 බුදුරජාණන් වහන්සේ විසින් වළඳන ලද පාත්‍රය වනාහි යහපත් රාජ මාළිගාවෙහි තබාගෙන නානා 14 පූජාවන්ගෙන් සෑම කල්හි පිදුවේය. 15 පන්සියයක් ඊශ්වරයන් (ප්‍රභූවරුන්) මහා තෙරුන් වහන්සේ වෙත පැවිදි වී විසූ තැන්හි කළ වෙහෙර “ඉසුරුමුනි” නම් විය. එසේම 16 පන්සියයක් වෛශ්‍යයන් තෙරුන් වහන්සේ වෙත පැවිදි වී විසූ තැන කළ වෙහෙර “වෙස්සගිරි” නම් විය. මිහිඳු මහ රහතන් වහන්සේ විසින් යම් යම් 17 ගුහාවක වසන ලද නම්, පර්වත විහාරයන්හි පිහිටි ඒ ඒ ගුහා “මිහිඳු ගුහා” නම් විය.
18 පළමු කොට මහා විහාරය ද, දෙවනුව සෑගිරිය ද, තුන් වැනිව ථූපය පෙරටු කරගත් යහපත් ථූපාරාමය ද, හතර වැනිව ශ්‍රී මහා බෝධිය පිහිටුවීම ද, පස් වැනිව මහා සෑය ඉදිවන ස්ථානයේ සෑ මළුවෙහි යහපත් ගල් ටැඹක් 19 මැනවින් පිහිටුවීම ද, බුදුරජාණන් වහන්සේගේ ග්‍රීවා ධාතුව පිහිටුවීම ද, හය වැනිව ඉසුරුමුනි 20 විහාරය පිහිටුවීම ද, හත්වැනිව තිසා වැව ද, අටවැනිව පළමු සෑය ද, නව වැනිව වෙස්සගිරි විහාරය ද, භික්ෂුණීන් වහන්සේලාගේ පහසුව පිණිස රම්‍ය වූ 21 උපාසිකා වෙහෙර හා එසේම හත්ථාල්හකය යන මේ මෙහෙණවර දෙක ද කරවීය.
හත්ථාල්හක නම් මෙහෙණවරට බැස භික්ෂු සංඝයා සමඟ 22 භික්ෂුණීන්ට බත් ගන්නා පිණිස මනා වූ උපහාර ඇති, සියලු 23 උපකරණයෙන් යුත්, පිරිවර ජනයා සිටින “මහා පාලී” නම් 24 බත්හල (දාන ශාලාව) ද කරවීය. එසේම භික්ෂූන් වහන්සේලා දහසකට අවුරුදු පතා පිරිකර සහිත වූ උතුම් 25 පවාරණ දානය ද, නාග දීපයේ දඹකොළ වෙහෙර ද, එම පටුනෙහි තිස්ස 26 මහා විහාරය ද, පාචීනාරාමය ද යන මේ කර්මාන්තයන් ලංකාවාසී ජනයාට වැඩ කැමැත්තා වූ, පින් ඇති නුවණ ඇති ගුණ ඇති ලංකේන්ද්‍ර වූ ඒ 27 දෙවන පෑතිස් රජතුමා පළමු වැනි අවුරුද්දේ දීම කරවීය.
ගුණයෙහි ප්‍රිය වූ ඒ රජතුමා දිවි ඇති තෙක් නොයෙක් පින්කම් කළේය. ඒ 28 රජතුමාගේ පාලනයට යටත් වූ මේ දිවයින සතුටින් පිනා ගියේය. ඒ රජතුමා හතළිස් අවුරුද්දක් රාජ්‍යය කළේය.
29 ඒ රජතුමාගේ ඇවෑමෙන් ඔහුගේ මලණුවන් වූ “උත්තිය” යැයි ප්‍රසිද්ධ වූ රාජ කුමාරයා 30 දරුවන් නොමැති හෙයින් ඒ රාජ්‍යය මැනවින් කරවීය. ඒ මහා මහේන්ද්‍ර ස්ථවිරයන් වහන්සේ වනාහි පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ යන උතුම් වූ බුදු සසුන මැනවින් ලක්දිවෙහි 31 බබළවා, ලංකාවට ප්‍රදීපයක් බඳු වී, මහා ශ්‍රාවක සමූහයක් ඇතිව, ලක්දිවට බුදුරජාණන් වහන්සේ වැනි වී, බොහෝ ලෝක වැඩ සලසා, ඒ උත්තිය රජතුමාගේ 32 රාජ්‍යාභිෂේකයෙන් අට වැනි ජය වර්ෂයෙහි හැට වසක් පිරුණු සේක්, වස්සාන මාසයන්හි සෑගිරියෙහි (මිහින්තලයේ) වැඩ විසූ සේක.
එහි වැඩ වෙසෙමින් වප් මස පුර 33 අටවක දවස්හි දී ද්වීප වර්ධනයට හේතු වූ මහේන්ද්‍ර ස්ථවිරයන් වහන්සේ 34 පිරිනිවන් පෑ සේක. අට වක දවස්හි මහේන්ද්‍ර ස්ථවිරයන් වහන්සේ 35 පිරිනිවන් පෑ කරුණෙන් ඒ දිනය ද “අටවකදා” යැයි සම්මත විය.
36 ඒ පුවත අසා උත්තිය රජතුමා ශෝක නමැති හුලින් පහර දෙන ලද්දේ, සෑගිරියට ගොස් තෙරුන් වහන්සේ වැඳ, නොයෙක් වර නොයෙක් පරිද්දෙන් හඬා වැළපුණේය. 37 සුවඳ තෙල් පුරවන ලද රන් දෙණක මහා ස්ථවිර දේහය වහා තබා, මැනවින් වසන ලද ඒ දේහය අලංකාරවත් රුවන් කූටාගාරයක් (කුළු ගෙයක්) තුළ තැබ්බවීය.
38 කුළු ගෙය ඔසවා ගෙන්වා ගෙන, සාධු ක්‍රීඩා කරවමින්, ඒ ඒ දිශාවෙන් පැමිණි මහත් ජන සමූහයා සමඟ එක්ව, මහත් වූ භට පිරිස ලවා පූජා විධි කරවමින්, 39 සරසන ලද මාර්ගයෙන් නොයෙක් ආකාරයෙන් අලංකාර කරන ලද නුවරට ගෙනැවිත්, 40 රාජ වීථි ඔස්සේ ගමන් කරවා, මහා විහාරයට ගෙනැවිත් මෙහි “පැණඹ මළුවෙහි” 41 කුළු ගෙය තැබ්බවීය.
ඒ රජතුමා සත් දිනක් මුළුල්ලෙහි තොරණ, කොඩි, මල් දම් හා සුවඳ පිරවූ කළවලින් විහාරයත්, ඒ අවට තුන් 42 යොදුනකුත් රජතුමාගේ ආනුභාවයෙන් සරසන ලද්දේ විය. එසේම මුළු 43 ලක්දිව දෙවියන්ගේ ආනුභාවයෙන් සරසන ලද්දේ විය. ඒ රජතුමා 44 සත් දවසක් මුළුල්ලෙහි නානාප්‍රකාර පූජා සත්කාර කරවා, නැගෙනහිර 45 දිශා භාගයෙහි තෙරුන් වහන්සේගේ “බද්ධමාලක” නම් ස්ථානයෙහි සුවඳ දර සෑයක් 46 කරවා, මහා සෑය වටා පැදකුණු කරමින් මනරම් කුළු ගෙය එහි පමුණුවා දර සෑය මත තබ්බවා අවසන් සත්කාරය කළේය.
ඉන්පසු ධාතූන් වහන්සේලා ගෙන්වාගෙන මෙහි චෛත්‍යයක් ද කරවීය. ක්ෂත්‍රිය තෙමේ ධාතු භාගයක් ගෙන්වා 47 සෑගිරි වෙහෙර ද, සියලු විහාරයන් හි ද සෑ බැඳවීය. සෘෂිවරයන් වහන්සේගේ ශරීරය 48 දැවූ හෙයින්, එතැන් පටන් ඒ ස්ථානය “ඉසිභූමංගන” නමැයි කියන ලදී. එතැන් පටන් එය හාත්පස තුන් යොදුන් මානයෙහි කාලක්‍රියා 49 කළ ආර්යයන් වහන්සේලාගේ ශරීර ගෙනැවිත් ඒ ප්‍රදේශයේදී දවනු ලැබේ.
50 එසේම මහත් අභිඥා හා ප්‍රඥා ඇති සංඝමිත්‍රා නම් මහා ස්ථවිරයන් වහන්සේ ශාසනික කෘත්‍යයන් ද බොහෝ වූ ලෝක වැඩ ද කොට, පනස් නව වසක් ඇත්තී, උත්තිය නම් එම රජතුමාගේ නව වැනි 51 ඛේම නම් අවුරුද්දේදී හත්ථාල්හක නම් මෙහෙණවරෙහි වැඩ වසද්දී පිරිනිවන් පෑ සේක.
රජතුමා ඒ 52 මෙහෙණින් වහන්සේට ද තෙරුන් වහන්සේට මෙන් සත් දවසක් මුළුල්ලෙහි උතුම් වූ පූජා සත්කාර කළේය. මහ තෙරුන් වහන්සේට මෙන්ම සකල ලංකාද්වීපය 53 අලංකාර කරන ලද්දේ විය. කුළු ගෙයෙහි නගන ලද තෙරණියගේ ශරීරය සත් දවසක් ඇවෑමෙන් නුවරින් පිටතට ගෙන, ථූපාරාමයට නැගෙනහිරින් 54 චිත්‍ර ශාලාව සමීපයෙහි මහා බෝධිය පෙනෙන මානයෙහි (උපාශ්‍රයෙහි) තෙරණිය විසූ තැන ආදාහන කෘත්‍යය කරවීය. 55 ඒ උත්තිය රජතුමා එහි සෑයක් ද කරවීය.
56 මහේන්ද්‍ර ස්ථවිරයන් වහන්සේ ඇතුළු ඒ පස් මහා තෙරුන් වහන්සේලා ද, අරිට්ඨ ස්ථවිරයන් වහන්සේ ඇතුළු පිරිස ද, එසේම නොයෙක් දහස් ගණන් භික්ෂූන් වහන්සේලා ද, සංඝමිත්‍රා තෙරණිය ප්‍රධාන කොට 57 ඇති ඒ දොළොස් තෙරණිවරු ද, බොහෝ දහස් ගණන් රහත් භික්ෂුණීහු ද, 58 බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තාහු, මහා ප්‍රඥා ඇත්තාහු, විනය ආදී බුද්ධාගම බබළවා සුදුසු කල අනිත්‍යතාවට (මරණයට) යටත් වූහ.
ඒ උත්තිය රජතුමා දස අවුරුද්දක් රජකම් කළේය. මෙසේ මේ අනිත්‍යතාව 59 තොමෝ සකල ලෝකය නසන්නීය.
අතිශයින් ලාභාලාභ (ඉතා චපල) ක්‍රියා කරන්නා වූ, ඉතා බල ඇති, වළකාලිය නොහැකි වූ ඒ මේ අනිත්‍යතාව යම් මිනිසෙක් දකින්නේ ද, දැක 60 සසර ගමනෙහි කලකිරීමක් ඇති කර නොගනී ද, කලකිරුණේ වී නමුත් පාපයෙන් තොර වීමත් පින් හා ඇල්මත් ඇති කර නොගනී ද, හෙතෙම මේ කරුණු දනිමින් ම දැඩි සේ මුළා වේ යයි යන මෙය ඔහුගේ අධික මෝහ රාශියෙහි බලය මැයි.
මෙතෙකින් හුදී ජනයා පහන් සංවේගය පිණිස කළ මහාවංශයේ “ථේර පරිනිබ්බාණ” නම් වූ විසි වෙනි පරිච්ඡේදය නිමියේය.