එකල උපසම්පදාවෙන් වසර දොළහක් ගත කළ, මහා ප්‍රඥාවන්ත වූ ඒ මහේන්ද්‍ර මහා ස්ථවිරයන් වහන්සේ, තම උපාධ්‍යායයන් වහන්සේ වූ මොග්ගලීපුත්ත තිස්ස 2 තෙරුන් වහන්සේ විසින් සහ මහා සංඝයා විසින් (ලක්දිවට වැඩම කරන ලෙස) අණවන ලදුව, ලංකාද්වීපයට වැඩම කිරීමට සුදුසු කාලය දෙස බලමින් සිටි සේක. උන්වහන්සේ, “මුටසීව රජතුමා දැන් මහළු ය. එතුමාගේ පුත්‍රයා රජ වේවා” යැයි සිතූ සේක.
මේ අතරතුර කාලයේදී තම ඥාති පිරිස දැක බලා ගැනීමට සිතූ උන්වහන්සේ, 3 උපාධ්‍යායයන් වහන්සේට ද සංඝයා වහන්සේලාට ද වැඳ නමස්කාර කොට තම පිය රජතුමාගෙන් (අශෝක අධිරාජයාගෙන්) අවසර විමසූ සේක. (අවසර ලැබීමෙන් පසු) ඉහත සඳහන් කළ (ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන) තෙරුන් වහන්සේලා සතර දෙනා 4 ද කැටුව, සංඝමිත්තා තෙරණියගේ පුත්‍ර වූ, ෂට් අභිඥා සහ මහා සෘද්ධි බල ඇති සුමන 5 සාමණේරයන් වහන්සේ ද කැටුව, නෑදයිනට සංග්‍රහ කරනු පිණිස දක්‍ෂිණාගිරි ජනපදයට වැඩම කළ සේක. ඉක්බිතිව එහි චාරිකාවේ යෙදෙන උන්වහන්සේට මාස හයක් ගත විය.
6 ක්‍රමයෙන් තම මව් බිසවුන් වාසය කරන වේදිසගිරි නුවරට පැමිණ තම මෑණියන්ව දුටු සේක. ඒ දේවිය තොමෝ තම ආදරණීය පුතණුවන් දැක, පිරිස සහිත වූ උන්වහන්සේට දන් පිළිගන්වා, තමා 7 විසින් කරවන ලද ඉතා අලංකාර වූ වේදිසගිරි විහාරයට (උන්වහන්සේ ඇතුළු පිරිස) වැඩම කරවූවා ය.
8 ඒ අශෝක රජතුමා කුමාර අවධියේදී, තම පියාණන් විසින් පවරා දෙන 9 ලද අවන්ති රට පාලනය කරමින් සිටින අතරතුර, පෙර උදේනි නුවරට යන ගමනේදී වේදිස නම් නුවර නවාතැන් ගත්තේ ය. එහිදී මනා රූප සම්පත්තියෙන් යුතු සිටු කුලයක 10 උපන් ‘දේවි’ නම් කුමරියක මුණගැසී ඇය ලබාගෙන ඇය හා සමග වාසය කළේ ය. ඇය එම සංවාසයෙන් ගැබ්ගෙන උදේනි නුවර දී යහපත් රූ ඇති ‘මහින්ද’ 11 නම් ඒ කුමරුවා බිහි කළා ය. ඉන් දෙවසරක් ඉක්ම ගිය තැන ‘සංඝමිත්‍රා’ නම් දියණිය ද බිහි කළා ය.
12 මේ කාලයෙහි ඒ බිසව වේදිස නුවර වාසය කරන්නී ය.
කාලය පිළිබඳ මනා වැටහීමක් ඇති මහේන්ද්‍ර 13 ස්ථවිරයන් වහන්සේ එහි වැඩ හිඳ මෙසේ සිතූ සේක: “මාගේ පිය රජතුමා විසින් අණවන ලද දෙවන අභිෂේක මහෝත්සවය ඒ දේවානම්පියතිස්ස මහරජතුමා අනුභව කෙරේවා. (එතුමා) දූතයන් මාර්ගයෙන් අසා තෙරුවන් ගුණ දනීවා. පොසොන් 14 මස පුර පසළොස්වක පොහෝ දිනයේ දී රජතුමා මිශ්‍රක පර්වතයට (මිහින්තලයට) නැගගනීවා. එකල්හි අපි ප්‍රකට වූ ලක්දිවට යන්නෙමු.”
15 එකල මහේන්ද්‍ර තෙමේ (ශක්‍ර දේවේන්ද්‍රයා), උතුම් වූ මහේන්ද්‍ර මහා ස්ථවිරයන් වහන්සේ වෙත පැමිණ, 16 “ලක්දිව පහන් කරවනු පිණිස එහි වැඩම කළ මැනව. මේ බව බුදුරජාණන් වහන්සේ විසින් ද වරක් ප්‍රකාශ කරන ලද්දේ ය. අපි ද ඊට උපකාර වන්නෙමු” යැයි පැවසීය. (වේදිස දේවියගේ) නැගණියගේ පුත්‍ර වූ භණ්ඩුක නම් කුමාරයා, තෙරුන් වහන්සේ විසින් මව් බිසවුන්ට 17 දේශනා කළ ධර්මය අසා අනාගාමී ඵලයට පැමිණියේ, තෙරුන් වහන්සේ වෙත 18 විසීය.
එහි මසක් පමණ කාලයක් රැඳී සිටි මහේන්ද්‍ර ස්ථවිරයන් වහන්සේ, පොසොන් පුර පසළොස්වක පොහෝ දින පැමිණි කල්හි, 19 තෙරුන් වහන්සේලා සතර දෙනා ද, සුමන සාමණේරයන් වහන්සේ ද, භණ්ඩුක නම් ඒ අනාගාමී කුමාරයා ද යන මොවුන් හා කැටිව, නෑදයින් දෙස බලා එහි නොඇළුණු සිත් ඇතිව, 20 ඒ විහාරයෙන් අහසට නැඟී මහා සෘද්ධි ඇති සේක්, ක්ෂණයකින් ම මෙහි (ලක්දිව) වැඩම කොට, සිත්කළු වූ මිශ්‍රක පර්වතයෙහි පියල් කුල වැනි වූ උතුම් රුචිර අම්බස්ථලයෙහි (අඹතලයෙහි) වැඩ සිටි සේක.
21 පිරිනිවන් මංචකයේ වැඩ සිටි මුනි රාජයාණන් වහන්සේ (බුදුරජාණන් වහන්සේ) විසින් ලක්දිව අභිවෘද්ධිය පිණිසත්, ලක්දිව පහන් කරවීම පිණිසත් ගුණ කියා ප්‍රකාශ කරන ලද්දා වූ ලංකාද්වීපයෙහි, බුදුරජාණන් වහන්සේ හා සමාන වූ ඒ මහා ස්ථවිරයන් වහන්සේ ලක්දිවට යහපත සලසනු වස් දෙවිවරුන්ගේ පූජාවන්ට පාත්‍ර වෙමින් එහි වැඩ සිටි සේක.
මෙසෙකින් සාදු ජනයාගේ පහන් සංවේගය පිණිස කළ මහාවංශයෙහි ‘මහින්දාගමනය’ නම් වූ දහතුන් වන පරිච්ඡේදය නිම විය.