1 බුද්ධ ශාසනය බබළවන්නා වූ ඒ මොග්ගලිපුත්ත තිස්ස මහා ස්ථවිරයන් වහන්සේ, 2 තුන්වන ධර්ම සංගායනාව නිමවා මතු කාලය දෙස බලන සේක්, පිටිසර ජනපදයන්හි බුදු සසුන් පිහිටුවිය යුතු බව දැක, වප් මාසයේදී ඒ ඒ තෙරුන් වහන්සේලා ඒ ඒ 3 ජනපදයන්ට යැවූ සේක. කාශ්මීර සහ ගන්ධාර රටට මජ්ඣන්තික නම් මහා තෙරුන් වහන්සේ යැවූ සේක. මහිස මණ්ඩලයට මහා දේව නම් මහා තෙරුන් වහන්සේ යැවූ සේක.
4 වනවාසී දේශයට රක්ඛිත නම් මහා තෙරුන් වහන්සේ යැවූ සේක. තවද, අපරන්ත දේශයට යෝණක ධර්ම රක්ෂිත ස්ථවිර නම් මහා තෙරුන් වහන්සේ යැවූ සේක. 5 මහාරාෂ්ට්‍ර ජනපදයට මහා ධර්ම රක්ෂිත ස්ථවිර නම් තෙරුන් වහන්සේ යැවූ සේක. 6 මහා රක්ෂිත මහා තෙරුන් වහන්සේ වනාහි යවන ලෝකයට (ග්‍රීක රටට) යැවූ සේක. හිමවත් 7 පෙදෙසට මධ්‍යම නම් මහා තෙරුන් වහන්සේ යැවූ සේක. ස්වර්ණ භූමි නම් දේශයට ශෝණය, උත්තරය යන මහා තෙරුන් වහන්සේලා දෙදෙනා යැවූ සේක.
8 ප්‍රසිද්ධ වූ මහින්ද ස්ථවිරයන් වහන්සේ, ඉට්ඨිය ස්ථවිරයන් වහන්සේ, උත්තිය ස්ථවිරයන් වහන්සේ, සම්බල ස්ථවිරයන් වහන්සේ සහ භද්දසාල ස්ථවිරයන් වහන්සේ යන තමන් වහන්සේගේ සද්ධිවිහාරික ස්ථවිරවරුන් පස් දෙනා අමතා, “තෙපි ගොස් මනෝඥ වූ ලක්දිවෙහි මනෝඥ වූ බුදු සසුන් පිහිටුවව්” යැයි පවසා පිටත් කර හැරිය සේක.
9 එකල්හි මහා සෘද්ධි ඇති ආරවාල නම් භයංකාර නාග රාජයා ධාරාණිපාත වැසි වස්වා, කාශ්මීර ගන්ධාර යන දෙරටෙහි පැසුණු සියලු සස්‍ය වර්ග (බෝග වගාවන්) මුහුදට හෙළයි (විනාශ කරයි). මජ්ඣන්තික නම් මහා ස්ථවිර තෙමේ වහා 10 අහසින් එහි වැඩම කර, ආරවාල විලෙහි දිය මත සක්මන් කිරීම ආදිය කළ සේක. 11 නාගයෝ ඒ දැක කෝප වූවෝ නා රජුට දැන්වූහ. තවද කිපුණු ඒ නා රජ 12 තෙමේ අනේක ප්‍රකාර භයංකාර ක්‍රියා කළේ ය; එනම් මහා වාතයෝ හමති, මේඝයෝ ගර්ජනා කෙරෙති. එසේම වැසි වසිති; ඉන්ද්‍රාසනීහු (අකුණු) පුපුරති; ඒ ඒ දිශාවෙන් විදුලි ගසති; වෘක්ෂයෝ ද පර්වතයන්ගේ මුදුන් 13 ද ඇද වැටෙති; විකෘත රූප ඇති නාගයෝ ද හැම පැත්තෙන් පැමිණ බිය 14 ගන්වති. නා රජ තෙමේත් තමා දුවයයි නොයෙක් පරිද්දෙන් ආක්‍රෝශ (තර්ජන) කෙරෙමින් ගිනි ගත්තාක් මෙන් දිලිසෙයි.
15 ස්ථවිරයන් වහන්සේ ඒ සියලු භීෂණයන් සෘද්ධි බලයෙන් මැඩපවත්වා තමන් වහන්සේගේ උතුම් බලය දක්වන සේක්, 16 “ඉදින් දෙවියන් සහිත මුළු ලෝකවාසී සත්වයාම පැමිණ මා බිය ගන්වන්නේ නමුත්, මට භය භීතියක් 17 උපදවන්නට හැකි නොවන්නේ ය. මහා නාගය! තෙපි ඉදින් සමුද්‍රය සහ පර්වත සහිත සියලු පොළොව ඔසවා මා මතුයෙහි දැමුව ද මට 18 කිසිදු භය භීතියක් උපදවන්නට හැකි නොවන්නෙහිය. නාග රාජය, එය හුදෙක් 19 තොපටම වෙහෙසක් වන්නේය” යැයි වදාළ සේක.
ඒ අසා මඳක් සිත් බිඳුණු (මානය දුරු වූ) නා රජු හට ස්ථවිරයන් වහන්සේ ධර්ම දේශනා කළ සේක. ඉක්බිති නා රජ 20 තෙමේ තිසරණ පන්සිල්හි පිහිටියේ ය. එසේම අසූ හාර දහසක් නාගයෝ ද, හිමවත්හි වසන බොහෝ ගන්ධර්වයෝ ද, යක්ෂයෝ ද, 21 කුම්භාණ්ඩයෝ ද යන මොවුහු තිසරණ පන්සිල්හි පිහිටියෝ ය. පංචක නම් යක්ෂ තෙමේ වනාහි හාරිත නම් යකින්න සහ පන්සියයක් පුතුන් යන මොවුන් සමඟ සෝවාන් ඵලයට පැමිණියේ ය.
ඉක්බිති ඒ 22 මහා තෙරණුවන් විසින්, “දැන් මෙයින් මතු පෙර සේ ක්‍රෝධය නූපදවව්; 23 සස්‍ය හානිය ද නොකරව්. සත්වයෝ සැපයම කැමැත්තාහ. එනිසා සතුන් කෙරෙහි මෙත් කරව්; මනුෂ්‍යයෝ සුවසේ වසත්වා” යි මෙසේ අනුශාසනා කරන ලද්දා වූ ඔව්හු එසේම පිළිපැද්දෝ ය.
24 ඉක්බිති ඒ නා රජ, තෙරණුවන්ව රුවන් පලඟක හිඳුවා පවන් සලමින් උන්වහන්සේ වෙත සිටියේ ය. එකල කාශ්මීර සහ ගන්ධාර රට වැසි 25 මිනිස්සු නා රජු හට පූජා පිණිස පැමිණියාහු, මහා සෘද්ධි ඇති තෙරුන් වෙත 26 ගොස්, තෙරුන්ට අභිවාදනය කොට එකත්පස්ව හුන්නාහ (වාඩි වූහ).
27 ස්ථවිර තෙමේ ඒ මිනිසුන්ට ‘ආශීර්විෂෝපම සූත්‍රය’ දේශනා කළ සේක. 28 අසූ දහසක් ප්‍රාණීන්ට ධර්ම අවබෝධය ලැබුණි. ලක්ෂයක් මිනිසුන් තෙරුන් වෙත පැවිදි වූහ. එතැන් පටන් ඒ කාශ්මීර ගන්ධාර වැසියෝ මේ දක්වාම තෙරුවන් සරණ ගියා වූ, කසාවත් දරමින් බබළන්නෝ වූහ.
29 ඒ මහා දේව ස්ථවිර තෙමේ මහිස මණ්ඩල දේශයට වැඩම කර, ජනයා මැදට 30 පැමිණි සේක් ‘දේව දූත සූත්‍රාන්තය’ වදාළ සේක. සතළිස් දහසක් ප්‍රාණීහු මාර්ග ඵල ලැබුවෝ ය. සතළිස් දහසක් පුරුෂයෝ උන්වහන්සේ වෙත පැවිදි වූහ.
31 තවද රක්ෂිත නම් මහා ස්ථවිර තෙමේ වනවාසී දනව්වට පැමිණ, අහසෙහි වැඩ සිටිමින් ජනයා මධ්‍යගත වූ සේක්, ‘අනවරග්‍ර සංයුක්තය’ (අනමතග්ග සංයුක්තය) 32 වදාළ සේක. සැට දහසක් ප්‍රාණීන්ට ධර්ම අවබෝධය ලැබුණි. තිස් හත් 33 දහසක් මිනිස්සු උන්වහන්සේ වෙත පැවිදි වූහ. ඒ දේශයෙහි විහාර පන් සියයක් පිහිටියේ ය. ඒ මහා ස්ථවිර තෙමේ ඒ ජනපදයෙහි 34 බුදු සසුන් පිහිට වූ සේක.
ධර්මාධර්ම දැනීමෙහි පණ්ඩිත වූ යෝණක ධර්මරක්ෂිත නම් මහා ස්ථවිර තෙමේ අපරන්තක දනව්වට වැඩම කර, ජනයා 35 මැදට පැමිණි සේක් ‘අග්ගික්ඛන්ධූපම සූත්‍රය’ වදාරා, එහි පැමිණි තිස් හත් දහසක් ප්‍රාණීන්ට දහම් අමා පැන් පෙවූ සේක. පුරුෂයන් දහසක් ද, ඊට වැඩියෙන් 36 ස්ත්‍රීහු ද රාජ කුලයෙන්ම නික්ම පැවිදි වූහ.
මහා ධර්මරක්ෂිත නම් 37 මහර්ෂි තෙමේ මහාරාෂ්ට්‍රයට වැඩම කර, එහි දී ‘මහා නාරද කාශ්‍යප ජාතකය’ 38 වදාළ සේක. අසූ හාර දහසක් ප්‍රාණීහු මාර්ග ඵලයට පැමිණියෝ ය. දහතුන් දහසක් මිනිස්සු උන්වහන්සේ වෙත පැවිදි වූහ.
39 ඒ මහාරක්ෂිත නම් මහා ඍෂි තෙමේ යොන් රටට (යවන දේශයට) වැඩම කර, ජනයා මැදට පැමිණි සේක් ‘කාලකාරාම සූත්‍රාන්තය’ වදාළ සේක. එක් ලක්ෂ 40 සැත්තෑ දහසක් ප්‍රාණීහු මාර්ග ඵලයට පැමිණියෝ ය. දස දහසක් දෙනා පැවිදි වූහ.
41 මධ්‍යම නම් මහා ඍෂි තෙමේ තවත් තෙරුන් වහන්සේලා සිව් දෙනෙකු සමඟ හිමවත් පෙදෙසට වැඩම කර ‘දම්සක් පැවතුම් සූත්‍රය’ වදාළ සේක. අසූ 42 කෙළක් ප්‍රාණීහු මාර්ග ඵලයට පැමිණියෝ ය. ඒ ස්ථවිරවරුන් පස් දෙනා වෙන වෙනම රටවල් පහක් පැහැදවූහ. 43 එක් එක් තෙරුන් වහන්සේ කෙනෙකු වෙත ලක්ෂයක් ලක්ෂයක් මිනිස්සු සම්මා සම්බුදු සසුන්හි පැහැදීමෙන් පැවිදි වූහ.
44 මහා සෘද්ධි ඇති ශෝණ ස්ථවිර තෙමේ උත්තර තෙරුන් 45 සමඟ ස්වර්ණ භූමියට වැඩි සේක. එකල ජල රාක්ෂසියක් තොමෝ මුහුදෙන් නික්ම අවුත්, රජ ගෙදර උපනුපන් දරුවන් භක්ෂණය කොට පෙරළා 46 මුහුදට වදින්නීය. එකෙණෙහි රජ ගෙදර දරුවෙක් ද උපන්නේ ය. මිනිස්සු 47 තෙරුන් දැක, “මේ රකුසන්ගේ යහළුවෝය” යි සිතා මරන්ට ආයුධ අතින් ගෙන පැමිණියහ. ඒ තෙරුන් වහන්සේලා, “මේ කිමෙක්දැ” යි විචාරා 48 ඒ මිනිසුන්ට, “අපි සිල්වත් ශ්‍රමණයෝ වෙමු; රාක්ෂසියකගේ යහළුවෝ නොවෙමු” යි වදාළෝ ය.
පිරිස් සහිත ඒ රාක්ෂසී තොමෝත් 49 සාගරයෙන් නික්මුණා ය. ඒ දැක මහා ජනයෝ මහ හඬින් හැඬූහ. ස්ථවිර තෙමේ භයංකාර වූ රකුසන් පිරිසක් දෙගුණයක් කොට මවා පා, පිරිස් 50 සහිත ඒ රකුසිය හාත්පසින් වට ලූ සේක. ඕ තොමෝ “මොවුන් විසින් 51 මේ ස්ථානය අත්පත් කරගන්නා ලද්දේය” යි සිතා බිය වැද පලා ගියාය. හාත් පසින් ඒ 52 දේශයට ආරක්ෂාව ලබා දී, ස්ථවිර තෙමේ ඒ රැස් වූ පිරිසට ‘බ්‍රහ්ම ජාල සූත්‍රය’ 53 දේශනා කළ සේක. බොහෝ මිනිස්සු සරණ සිල්හි පිහිටියෝ ය. සැට 54 දහසක් ප්‍රාණීන්ට ධර්ම අවබෝධය විය. තුන් දහස් පන් සියයක් කුල දරුවෝ පැවිදි වූහ. එක් දහස් පන්සියයක් කුල කුමාරිකාවෝ පැවිදි වූහ. එවක් පටන් පාලකයෝ රජ ගෙදර උපන් කුමරුවන්ට ශෝණ, උත්තර තෙරණුවන් හා සමාන නම් තැබූහ.
55 උන් වහන්සේලා වනාහි මහා කරුණා ඇති බුදුන්ගේ පවා චිත්තාකර්ෂණය කළ හැකි වූ, තමන් විසින් අධිගමනය කළ අමෘත වූ නිවන් සැපය පවා තනිව අනුභව කෙරෙමින් නොසිට, ඒ ඒ දනව්වල සැරිසරා ලෝකවාසීන්ට යහපතක්ම කළෝ ය. එහෙයින් ලෝ වැඩෙහි කවර නම් නුවණැත්තෙක් පමා වන්නේ ද? නොවන්නේ මැයි.
මෙතෙකින් හුදී ජනයාගේ පහන් සංවේගය පිණිස කළ මහාවංශයේ ‘නානාදෙසප්පසාදක’ නම් වූ දොළොස්වන අදියර නිමි.