තණ්හා

22. කාමතණ්හා

23. භවතණ්හා

24. විභවතණ්හා

මනාප රූප ශබ්දාදි පඤ්ච කාමයන්ට ආශාව කාම තණ්හාව ය. රූපාරූප භවයන්ට රූපාරූප ධ්‍යානයන්ට ආශාව භවතණ්හාව ය. ජීවත් වන තාක් හැකි තාක් සැප විඳිය යුතු ය යි සිතන්නවුන්ගේ උච්ඡේද දෘෂ්ටි සහගත ආශාව විභව තණ්හාව ය.

අපරා‘පි තිස්සෝ තණ්හා

25. කාමතණ්හා

26. රූපතණ්හා

27. අරූපතණ්හා

සතර අපාය මනුෂ්‍ය ලෝකය දිව්‍ය ලෝක සය යන මේ එකොළොස් භූමියට අයත් ස්කන්ධයන්ට ආශාව, කාම තණ්හාව ය. සොළොසක් වූ රූපාවචර භූමින්ට අයත් ස්කන්ධයන්ට ආශාව, රූපතණ්හාව ය. අරූප භූමි සතරට අයත් සතර නාමස්කන්ධයන්ට ආශාව, අරූප තණ්හාව ය.

අපරාපි තිස්සෝ තණ්හා

28. රූපතණ්හා

29. අරූපතණ්හා

30. නිරෝධතණ්හා

රූපධාතුව පිළිබඳ ආශාව රූප තණ්හාව ය. අරූප ධාතුව පිළිබඳ ආශාව අරූප තණ්හාව ය. උච්ඡේද දෘෂ්ටි සහගත තණ්හාව නිරෝධ තණ්හාව ය.