පහංකර හිමි පෙර ජිවිතයක දැව කාර්මිකයෙකු ලෙස සිටි මෙතුමා කැලේ යන විට පියුමතුර බුදු සමිඳුගේ ධාතු නිදන් කොට සාදා ඇති චෛත්‍යයෙහි කැලේ වැවී වන ග්‍රහණයට හසුව තිබෙනවා දැක පිරිසිදු කොට අට වරක් චෛත්‍යයට වැඳ පිටුනොපා ගිය කුසලයෙන් තව්තිසා දෙව්ලොව ඉපදුනි. මහා රන් විමනක් ද පහල වුනි. තුන්සිය වතාවක් සක් දෙවිඳු වී උපන්නේ ය. විසිපස් වතාවක් සක්විති රජවිය. මනුලොව දී මේ විපාක ලැබුනා හ.
- මහත් භෝග සම්පත් හැම විට ම ලැබීම.
- වනයට ගියේ ද, ඒ වනය තමාට පිහිට ලෙස පැවතී ම.
- වනයේ කණු, කටු ආදිය මාර්ගයෙන් ඉවත් වීම.
- කුෂ්ඨ රෝගය ද, ගණ්ඩ, කිලෙස, මීමැස්මොර, විතච්ජිකා නම් කුෂ්ඨ රෝගය ද, දද, කැසිලි ආදිය ද නො වීම.
- ස්වල්ප මාත්‍ර ද පිළිකාවක් ශරීරයේ හට නො ගැනීම.
- රන්පැහැපත් සිරුරක් ලැබීම.
- අකමැති දෑ බැහැර වේ. කැමති දෑ එළඹේ.
- සිත එකඟ වේ. මනාව සමාධි වේ.
- කල්ප ලක්ෂයක් තුළ දුගතියට නො වැටෙයි.
අවසානයේ ශාන්ත නිවන් සුව ලැබීමට ද මේ පින උපනිශ්‍රය වී ඇතිබව 336 වන අපදානයේ දැක්වේ.