| රජුගේ නම | පාලන වර්ෂය | වෙනත් සිදුවීම්. |
| බු:ව: | ක්‍රි. පූ. |
| විජය රජතුමා | 1 | 543 | රජකලේ තම්මැන්නාව කීවද මහාත්ථි අසල විය හැකිය. විජය යක්ෂ ගෝත්‍රික රාජ්‍ය ක්‍රමය මත රජවූ බව පෙනේ. ක්‍රි. පූ. 483 රජවූ බව සමහර ඉතිහාසඥයන් පෙන්වා දෙයි. මෙකල මගධයේ අජාසත් රජකල බව පෙනේ. සමහරු බිම්බිසාර ක්‍රි. පූ. 560 රජවූ බව කියන අතර ක්‍රි. පූ. 545 රජවූ බවද කියති. |
| පණ්ඩුවාසුදේව රජතුමා | 39 | 504 | ක්‍රි. පූ. 503-504 උපතිස්ස බ්‍රාහ්මණයා රාජ්‍ය මෙහෙයවූ බව වංශ කථා කියයි. මොහු රාජ්‍ය මෙහෙයවන ලද්දේ උපතිස්සගාමයේ සිටය. පණ්ඩුවාසුදේව පැමිණ උපතිස්සගාමයේ සිට රාජ්‍ය මෙහෙයවීය. මෙකල පර්ශියාවේ ඩේරියස්ගේ පුත් සර්සීස් රජකරන ලදී. ඉංදියාවේ පීතෘඝාතක රජ පරපුර සිටිබව පෙනේ. |
| අභය රජතුමා | 70 | 474 | මොහු අවු:20 රජ කිරීමෙන් පසු සහෝදරයන්ගේ තර්ජන නිසා ඉවත් වූ බවත් එයින් පසු තිස්ස ඇතුළු පිරිස රජවූ බවත් පෙනේ. මෙකල ඉංදියාවට පර්සියන් ආක්‍රමණ එල්ලවිය. |
| තිස්ස ඇතුළු සහෝදරයන් රජකල බව | 90 | 464 | මෙය අරාජක කාලයක් ලෙස සමහර ඉතිහාසඥයන් සලකයි. මොවුන් රාජ්‍ය කලේද උපතිස්ස නුවරය. |
| පණ්ඩුකාභය රජතුමා | 107 | 437 | ම: ව: අනුව 70 වසක් රජකර ඇත. මෙය ග්‍රීසියේ සොක්‍රටීස් පඬිවරයාගේ කාලයයි. |
| මුටශීව රජතුමා | 177 | 367 | ග්‍රීසියේ ඇරිස්ටෝටල් පඬිවරයාගේ යුගය. (ක්‍රි. පූ. 427-347) මොහු සොක්‍රටීස්ගේ දක්ෂතම ශිෂ්‍යයාය. රාජ්‍ය පාලකයා රන්මය හෝ රිදීමය විය යුතුබව මොහු කියා ඇත. |
| දේවානම්පියතිස්ස රජතුමා | 237 | 307 | බොහෝ ග්‍රන්ථවල අශෝකගේ රාජ්‍ය කාලය ක්‍රි. පූ. 300-232 ලෙස දක්වා ඇත. ම:ව: හා දී:ව: අනුව ක්‍රි. පූ. 324 සිට 249 දක්වා විය යුතුය. |
| උත්තිය රජතුමා | 277 | 267 | මෙම අවදියේ මිහිඳු මහ රහතුන් වහන්සේ පිරිනිවන් පෑ බව සඳහන් වේ. |
| මහාශිව රජතුමා | 287 | 257 | |
| සූරතිස්ස රජතුමා | 297 | 247 | මෙකල අස්වෙළෙඳුන් දෙදෙනෙකු බලය ගැනීම. |
| සේන - ගුත්තික | 309 | 235 | ම: ව: අවු: 22 පාලනය කළ බව දැක්වේ. |
| අසේල රජතුමා | 329 | 215 | මෙකල ඉංදියාවේ පූෂ්‍ය මිත්‍රගේ රාජ්‍ය කාලය වන අතර මිණැන්ඩර් හෙවත් මිළිඳු රජු ඉංදියාව ආක්‍රමණය කර පාඨලිපුත්‍රයද අල්ලාගත් බව පෙනේ. මැදපෙරදිග ලෝකයේ මිලිඳු නාගසේන වාදය මොහු හා පැවති බව දැක්වේ. ඉංග්‍රීසි ග්‍රන්ථ අනුව මෙම වාදය ක්‍රි. පූ. 187-151 අතර සිදු වන්නට ඇතිබව පෙනේ. |
| එළාර රජතුමා | 339 | 205 | |
| අභය (දුටුගැමුණු) රජතුමා | 383 | 161 | රෝම අධිරාජ්‍යට ග්‍රීසිය මෙම අවදියේදී යටත් විය. |
| සද්ධාතිස්ස රජතුමා (මහාතිස්ස) | 407 | 137 | මෙකල චීන මහා ප්‍රාකාරය කරවූ බව දැක්වේ. මෙය කරවන ලද්දේ යුවේච්චරුන්ගෙන් චීනයේ දේශ සීමා රැකගැනීමටය. මෙය චීන අධිරාජ්‍ය, සිංහුවං ටිගේ කාර්‍ය්‍යක් බවද ක්‍රි. පූ. 3 සියවසේ කල බවද දැක්වේ. |
| ථුලත්ථන රජතුමා | 425 | 119 | |
| ලජ්ජිතිස්ස රජතුමා | 425 | 109 | |
| බල්ලාටනාග රජතුමා | 434 | 110 | මේ කාලයේ උ. ඉංදියාව ශකක්‍ෂත්‍රපයන් පාලනය කලබව සඳහන්වේ. |
| වට්ටගාමිණී අභය (වලගම්බා) | 440 | 104 | මහාරක්ථක නම් සෙනෙවියෙක් බල්ලාටනාග මරා රජවූ බවත් 5 මසකින් ම වලගම්බා ඔහු මරා රජවූ බවත් දැක්වේ. |
| පුලහත්ථ | 443 | 101 | වලගම්බා පළමුවර රජවීමේදී මොවුන් පැමිණ බලය ගන්නා ලදී. මොවුන් සමඟ පැමිණි අනික් දෙදෙනා සෝමාදේවියත් පාත්‍රා ධාතුවත් ගෙන එයින් සෑහීමට පත්ව ඉංදියාවට ගිය බව පෙනේ. |
| බාහිය | 445 | 99 |
| පනයමාර | 452 | 92 |
| ධාඨිය | 454 | 90 | මේ කාලයේ ‘මෝජ්ජ’ හෙවත් ‘මෝග’ නම් ශක පාලකයා ඉංදියාවේ මථුරාපුරයේ බලය අල්ලාගත් බව පෙනේ. |
| වට්ටගාමිණී අභය (වලගම්බා) රජු (දෙවනවර රජවීම) | 455 | 88 | සමහර ග්‍රන්ථවල මෙම දෙමළ රජුන් අවුරුදු 14ක් රජ කල බව දක්වතත් දී. ව. දැක්වෙන්නේ අවු:12 මාස 5ක් බවය. වලගම්බා වනයේ සැඟවී සිටි කාලය අවු 14 ලෙස දැක්වේ. |
| මහාචූලී මහාතිස්ස රජතුමා | 467 | 76 | මෙකල සකවරු මධ්‍යම ආසියාවේ බලයට පත්වූ බව පෙනේ. |
| චෝරනාග රජතුමා | 481 | 62 | මෙකල ජුලියස් සීසර් බ්‍රිතාන්‍යය ආක්‍රමණය කෙරින. එසේම මෙකල ඉංදියාවේ සාතවාහනයන් විශාල කොටසක් පාලනය කෙරින. ඉ. මාල්වා ප්‍රදේශය සකවරු යටතේ විය. |
| තිස්ස (කුඩ්ඩතිස්) | 493 | 50 | චෝරනාගගේ බිසොව වන අනුලා චෝරනාගද වසදී මරා මොහු රජකමේ තබාගත් බව කියයි. |
| ශිව රජවීම | 494 | 53 | අනුලා මොහුද අවු 1 මා.2 රජකරවීය. මෙය ම: ව: සඳහන් නොවන අතර මකලන්තිස්ස නැමැත්තෙක් රජකල බව කියයි. |
| අනුලා යටතේ වටුක රජ | 495 | 52 | |
| ,, ,, දරුභාතියතිස්ස | 496 | 50 | ම: ව: මේවා සඳහන් නොවේ. |
| ,, ,, නිලිය | 497 | 49 | රාජ්‍ය කාලය මාස 6කින් අනුලා මොහු මැරවීය. |
| අනුලා | 497 | 47 | |
| කුඨකණ්ණතිස්ස රජතුමා | 502 | 42 | මොහු අනුලා මරා රජකම ගෙන අවු: 22ක් රජ කල බව කියයි. මෙකල රාජ්‍ය නාමාවලිය අවුල් සහගත බව පෙනේ. ම: ව: මොහු මකලන්තිස්ස නමින් දක්වයි. |
| අභය රජු (භාතිකාභයතිස්ස) | 524 | 20 | කුජුල කැඩ් ෆයිසස් කාඹුල් හා කාශ්මීරය අල්ලා ගැනීම. මෙකල යේසුස් වහන්සේ උපන්නේය. |
| නාග රජු (මහාදාඨික මහානාග) | | ක්‍රි.ව. | |
| (මහාදැලියාමාන-ආමණ්ඩගාමිණී අභය) | 525 | 9 | |
| ආමණ්ඩගාමිණී අභය | 564 | 21 | |
| කණිරජාණුතිස්ස රජු | 573 | 30 | මොහු මැරීමට භික්ෂූන් වහන්සේලා තැත් කළ බව දැක්වේ. |
| චූලාභය රජු | 574 | 31 | |
| සීවලී රැජින | 577 | 34 | |
| ඉලනාග | 580 | 37 | පළමුවෙන්ම ලංකාවට අගම්පඩි හමුදාක් ගෙනාවේ මොහුය. |
| චන්ද්‍රමුඛ ශිවරජු | 586 | 43 | මෙම යුගයේ ඉංදියාවේ සිටි කණිෂ්ක රජු බෞද්ධ ධර්ම කටයුතු දියුණු කළ බවත් බෞද්ධ දූතයන් මධ්‍යාසියාවටද චීනයටද යැවින. |
| යසලාලකතිස්ස රජු | 595 | 52 | මොහු සුභ නම් දොරටුපාලයා සමඟ කළ ක්‍රීඩාව නිසා මළ බවත් එයින් පසු සුභ රජවූ බවත් පෙනේ. |
| සුභ රජු | 602 | 59 | මෙකල රෝමයේ නීරෝ රජ කළ අතර ඔහු රෝමය ගිනිගනිද්දී වීණා වාදනය කරමින් සිටි බව දැක්වේ. |
| වසභ | 608 | 65 | මොහු ලම්බකරණවංශිකයෙකි. මොහුගෙන් පසුව මෙම රාජ වංශය අවුරුදුසිය ගණනක් පාලනය කෙරින. වැව් හා ඇළ නිර්මාණය මෙකල වැදගත්ය. |
| වංකනාසිකතිස්ස රජු | 652 | 109 | නැවතත් ශකවරුන්ගේ පාලනය උ. ඉ. ගොඩනැගුණ අතර මෙය නහපානගේ පාලන අවදිය බව පෙනේ. මිංචි චීන අධිරාජයා ඉංදියාවෙන් චීනයට බුදුදහම ගෙන ගියේය. |
| ගජබාහු ගාමිණී (1ගජබා) රජු | 655 | 112 | මෙම රජු හා නිල යෝධයා ඉංදියාවට ගොස් තම පියාගේ යුගයේ ඉංදියාවට ගෙනයන ලද සෙනඟ මෙන් දෙගුණයක් ගෙනා බව සඳහන් වේ. මෙකල චෝලදේශයේ සිටි චෝල රජු පත්තිනි සලඹ පූජා භාණ්ඩයක් වශයෙන් දුන්බව දැක්වේ. ගජබාගේ මෙම ජයග්‍රහණය සිහිවීමට පෙරහැරක් පැවැත්වූ බවත් දැනට ඇසල මාසයේ පැවැත්වෙන දළදා පෙරහැර එය බවත් සඳහන්වේ. |
| මහල්ලකනාග රජු | 677 | 134 | ඉංදියාවේ රුද්‍රදාමන්ගේ පාලන කාලය බව පෙනේ. |
| භාතික තිස්ස රජු | 683 | 140 | ශ්‍රී යඥශ්‍රී සාතකරණී මෙකල ඉංදියාව පාලනය කෙරින. ආන්ද්‍රදේශයත් මහා රාෂ්ට්‍රයත් මොහුගේ පාලනයට අයත්විය. |
| කණිට්ඨතිස්ස රජු | 707 | 164 | මෙකල දකුණු ඉංදියාව හා රෝමය අතර දියුණු වෙළඳාමක් පැවති බව පෙනේ. |
| ඛුජ්ජනාග රජු (චූලනාග ම:ව.) | 735 | 192 | |
| කුඤ්චනාග (කුඩ්ඪනාග) | 737 | 194 | මෙකල කාලිංගයේ ඛාරවේල මහා මේඝවාහන නම් රජු රජව සිටියේය. ද. ඉංදියාවේ චෝල පාණ්ඩ්‍ය, කේරළ: රාජ්‍යද වෙනම පිහිටියේය. |
| සිරිනාග I | 738 | 195 | |
| අභයනාග | 757 | 214 | ම: ව: සඳහන් වන්නේ වෝහාර තිස්සට පසු අභයනාග රජවූ බවය. |
| වෝහාරතිස්ස රජු | 765 | 222 | මෙකල ඉංදියාවේ මහායානවාදය පැතිරගිය අතර එය ලංකාවටද බලපෑ බව පෙනේ. |
| සිරිනාග II | 787 | 244 | |
| විජය කුමාර රජු | 789 | 246 | මහියංගනයේ සිට රජගෙදර සේවයට පැමිණි සංඝතිස්ස මොහු මරා රජවූ බව ම:ව: දැක්වේ. |
| සංඝතිස්ස | 790 | 247 | ඉංදීය ඉතිහාසය දක්වා ඇති ඉතිහාස ග්‍රන්ථවලට ම: ව: කාල නිර්ණයන් නොගැලපේ. ඉංග්‍රීසි ඉතිහාසඥයන් ඉංදීය ඉතිහාසය සැකසීමේදී එම කාලනිර්ණයන් ගෙන ඇත. එසේ වුවත් ම: ව: හා දී. ව. කාලනිර්ණයන් අනුව මෙකල ඉංදියාවේ ගුප්ත යුගය බව පෙනේ. |
| සංඝබෝධි (සිරිසංඝබෝධි ම.ව.) | 794 | 251 |
| මේඝවණ්ණ-අභය රජ (ගෝඨාභය - ම:ව:) | 796 | 253 | |
| ජෙට්ඨතිස්ස රජ | 809 | 266 | |
| මහසෙන් රජ | 819 | 276 | මහසෙන් වැනි යහපත් රජෙකු සංඝමිත්‍ර වැනි දුෂ්ට භික්ෂුවක ඇසුරු කිරීම නිසා දී:ව: කතුවරයා දක්වන අයුරු අවසන් පරිච්ඡේදයේ දක්නට ලැබේ. අසත්පුරුෂයන් හා එක්වීම විෂ ඇති නයින් ළඟ තබා ගන්නා සේ යයි කියයි. |