සිංහල දීපවංශය

10 වන පරිච්ඡේදය

ජම්බුදීපයේ පණ්ඩු ශාක්‍යගේ කච්චානා නම් දුවක වූවාය. ඇය ක්‍ෂත්‍රිය වංශය ආරක්‍ෂා කිරීම පිණිස ජම්බුදීපයේ සිට මෙහි පැමිණියාය. මෙසේ මෙහි පැමිණියා වූ ඇය පණ්ඩුවාසුදේව රජුගේ අභිෂේක[1] දිනයේ ඔහුගේ මෙහෙසිය වශයෙන් අභිෂේක ලැබුවාය. ඇය පණ්ඩුවාසු දේව හා එක්ව සිටීම නිසා දරුවන් එකළොස් දෙනෙකු වැදුවාය. ඔවුන්ගේ නම් මෙසේය. අභය: තිස්ස: උත්තිය: තිස්ස: අසේල යන පස් දෙනාත් විභාත: රාම: ශිව: මන්තකලෙන: මත්ත: යන කුමාරවරුද වෙති. මොවුන්ට චිත්‍රා නම් බාල දුවකද වූවාය. ඇය ඉතා ඥාණවන්ත තැනැත්තියකි. ඇය දුටු ජනයා රාගයෙන් වෙළී ගියේය. එබැවින් ඇයට උම්මාදචිත්‍රා යයි කියනු ලබයි. මෙම කුමරිය ගැන ඇසූ දීඝායුගේ[2] පුතු (දීඝගාමිණී) කුමාරයා උපතිස්ස ගම්හි පිහිටි මාළිගාවේ පදිංචියට ආවේය.

පණ්ඩුවාසුදේව සම්පූර්ණයෙන්ම තිස් වසක් රාජ්‍ය කළේය. මේ කාලයේ දමිතෝදන ගේ මුණුබුරු වූ ශාක්‍යයෝ සත්දෙනෙක් වූහ. මොවුන් ගේ නම් මෙසේය. රාම: තිස්ස: අනුරාධ: මහාලී: දීඝායු: රෝහණ: ගාමිණී: යන සත්දෙනාය. මොවුන් ලෝකනාථයාණන් වහන්සේගේ ශාක්‍යය වංශයේය. පණ්ඩුවාසුදේව රජුගෙන් පසු ඔහුගේ පුත් ක්‍ෂත්‍රිය වංශික අභය[3] රජවිය. එතැන් සිට ඔහු අවුරුදු විස්සක් රාජ්‍යය කළේය. දීඝායුගේ පුත්‍රයෙක් විය. පණ්ඩිතවූ ඔහු ධීරගාමිණී[4] නමින් සඳහන් විය. ඔහු පඬුවස් දෙව් රජුට උපස්ථාන කරමින් සිටින්නේ චිත්‍රා කුමරිය සමග (රහසින්) එක්ව විසීය. එසේ ඇය සමග එක්ව සිට පණ්ඩුකාභය බිහි කළේය. තමා පණ්ඩුකාභය රකිමින් ද්වාරමණ්ඩලයෙහි විසීය[5]

  1. මෑ: ඔහු බිසොවකගෙන් තොරව පළමුව රජවූ බව පවසයි. පසුව ඇය ඉංදියාවේ සිට පැමිණ ගොණගංතොටට පැමිණි බවත් එයින් පසු පණ්ඩුවාසුදේවගේ දෙවන අභිෂේකය පැවැත්වූ බවත් සඳහන්වේ. තවද පණ්ඩුවාසුදේවගේ පැමිණීම පිළිබඳ මෙහි නොදැක්වෙන අතර මෑ: 8 වන පරිච්ඡේදයේ දැක්වේ. ↑

  2. භද්දකච්චායනාගේ මව ඇය ලක්දිවට පැමිණිබව දැනගත් පසු භද්දකච්චායනාගේ සොහොයුරන් ස දෙනෙක් රාම: උරුවේල: අනුරාධ: විජිත දීඝායු: රෝහණ. යන හයදෙනා ලක්දිවට යාමට පෙළඹවූ බව මෑ: 9වන පරිච්ඡේදයේ දැක්වේ. ඔවුන් පැමිණ ජනපද ඉදිකර ගෙන මෙහි ජීවත්වූ බවද සඳහන්වේ. ↑

  3. දි. ව. පාලි පිටපතෙහි දීඝ ගාමිණීගේ නම සඳහන් වන්නේ ධීරොගාමිණී යනුවෙනි. දීඝගාමිණී තමාගේ ඥාතියා නිසා ආරක්‍ෂාකරගත යුතු බවත් ඔහුට චිත්‍රා පාවාදිය යුතු බවද පණ්ඩුවාසුදේව ආරක්‍ෂාකරගතයුතු බවත් ඔහුට චිත්‍රා පාවාදිය යුතු බවද පන්ඩුවාසුදේව කී බව ම: ව: දැක්වේ. ↑

  4. මෙයින් පෙනෙන්නේ දීඝගාමිණී ද්වාරමණ්ඩල හෙවත් දෙරමඩලගම දරුවා ආරක්‍ෂා කරමින් සිටි බවයි. ↑

  5. මොහු ක්‍රි. පූ. 474 සිට 454 දක්වා බව පෙනේ. මෙම අවදියේ ග්‍රීසියේ සොක්‍රටීස් දාර්ශනික අදහස් පහළ කිරීම නිසා ග්‍රීක් පාලකයා ඔහු මාරා දමන ලදී. ඔහුගේ කාලය ක්‍රි. පූ. 469-399 වේ. ↑