අපාය දුක්ඛය

නරකය, තිරිසන් අපාය, ප්‍රේත අපාය, අසුර අපාය යයි අපාය සතරෙකි. අපාය දුක් බව ප්‍ර‍සිද්ධ කාරණයකි. එසේ ම සියල්ලන් විසින් ම පිළිගන්නා වූ ද කාරණයකි. එබැවින් මෙහි අපාය දුඃඛය පිළිබඳ සංක්ෂේප විස්තරයක් ම කරනු ලැබේ. ආපායිකසත්ත්වයන්ගේ ස්කන්ධයෝ අකුශල කර්මයන්ගෙන් නිර්මිත ය. පෘථග්ජන සත්ත්වයන්ගේ සිත ස්වභාවයෙන් ම පවෙහි ඇලෙන්නේ ය. එබැවින් පෘථග්ජන සත්ත්වයා හට පව මිහිරි දෙයකි. එබැවින් ආපායික ස්කන්ධ පඤ්චකය පිළිබඳ මනුෂ්‍ය දිව්‍ය බ්‍ර‍හ්මයන්ගේ ස්කන්ධයන් පිළිබඳව මෙන් සංඛත්වය පිළිබඳ දුඃඛයාගේ මහත් බවෙක් නො කිව හැකිය. සංඛත දුඃඛය මහත් නුවූයේ ය. ආපායික ස්කන්ධ විෂයෙහි සන්තාප දුඃඛය ඉතා මහත් ය.

අනු මාතෘකා
keyboard_arrow_rightතිරිසන් අපාය
keyboard_arrow_rightප්‍රේත අපාය
keyboard_arrow_rightඅසුර අපාය
keyboard_arrow_rightනරකය