පැරණි බෝධි වන්දනා ගාථා

යස්ස මූලේ නිසින්නෝව

සබ්බාරි විජයං අකා

පත්තෝ සබ්බඤ්ඤුතං සත්ථා

වන්දේ තං බෝධිපාදපං.

තේරුම :-

යම් බෝධි මූලයක වැඩ හුන්නා වූ ශාස්තෘන් වහන්සේ සියලු සතුරන් දිනූ සේක් ද උතුම් වූ සියල්ල දන්නා පුද්ගලයා බවට පැමිණි සේක් ද ඒ බෝධීන් වහන්සේ වඳිමි.

ඉන්දනීල වණ්ණ පත්ත සේත ඛන්ධ භාසුරං

සත්ථු නෙත්ත පංකජාහි පූජිතග්ග සාතදං

අග්ග බෝධි නාම වාම දේවරුක්ඛ වණ්ණිතං

තං විසාල බෝධීපාදපං නමාමි සබ්බදා.

තේරුම :-

ඉඳුනිල් මිණි වැනි පත්වලින් ද, සුදු පැහැති කඳින් ද බබලන්නා වූ ශාස්තෘන් වහන්සේ විසින් නෙත් පියුම්වලින් පුදන ලද්දා වූ ද අග්‍ර‍ මිහිර ගෙන දෙන්නා වූ ද අග්‍රබෝධි නම් වූ සුන්දර වූ දෙව් රුකක් වශයෙන් වර්ණිත වූ විශාල වූ ඒ බෝධි වෘක්‍ෂයන් වහන්සේට සෑම කල්හි වඳිමි.