බෝධීන් වහන්සේට නොයෙක් ද්‍රව්‍ය පිදීම

බෝධීන් වහන්සේට මල් පිදීම

සේවිතං ධම්මරාජේන

පත්තුං සම්බෝධි මුත්තමං

පූජේමි බෝධිරාජානං

පුප්ඵෙනේතේන සාදරං.

තේරුම :-

ධර්මරාජයන් වහන්සේ විසින් උත්තම සම්‍යක් සම්බෝධියට පැමිණීම පිණිස සේවනය කරන ලද්දා වූ බෝධිරාජයන් වහන්සේට මේ මලින් සාදරයෙන් පුදමි.

බෝධීන් වහන්සේට පහන් පිදීම

සේවිතං ධම්මරාජේන - පත්තුං සම්බෝධි මුත්තමං

පූජේමි බෝධිරාජානං - දීපේනේතේන සාදරං.

තේරුම :-

ධර්මරාජයන් වහන්සේ විසින් සම්‍යක් සම්බෝධියට පැමිණෙනු පිණිස සේවනය කළා වූ බෝධිරාජයන් වහන්සේට මේ පහනින් සාදරයෙන් පුදමි.

බෝධීන් වහන්සේට සුවඳ දුම් පිදීම

සේවිතං ධම්මරාජේන පත්තුං සම්බෝධි මුත්තමං

පූජේමි බෝධිරාජානං ධූපේනේතේන සාදරං.

තේරුම :-

ධර්ම රාජයන් වහන්සේ විසින් සම්‍යක් සම්බෝධියට පැමිණීම සඳහා සෙවුනා ලද බෝධිරාජයන් වහන්සේට මේ ධූපය සාදරයෙන් පුදමි.

බෝධීන් වහන්සේට පැන් පිදීම

සේවිතං ධම්මරාජේන පත්තුං සම්බෝධි මුත්තමං

පූජේමි බෝධිරාජානං උදකේනේතේන සාදරං.

තේරුම :-

ධර්ම රාජයන් වහන්සේ විසින් සම්‍යක් සම්බෝධියට පැමිණීම සඳහා සේවනය කළ බෝධි රාජයන් වහන්සේට මේ පැන් සාදරයෙන් පුදමි.