බෝමලුයෙහි වැලි අතුළ පුලින පූජක රහතන් වහන්සේ ගේ අපදානය.

1. විපස්සිස්ස භගවතෝ බෝධියා පාදමුත්තමේ,

පුරාණ පුලිනං හිත්වා සුද්ධ පුලිනමාකිරිං.

.

2. ඒකනවුතියෝ කප්පේ යං පුලිනමදාසහං,

දුග්ගතිං නාභිජානාමි පුලින දානස්සිදං ඵලං.

.

3. තිංසතිමේ ඉතෝ කප්පේ රාජා ආසිං ජනාධිභුං,

මහා පුලින නාමෙන චක්කවත්ති මහබ්බලො.

.

4. පටිසම්භිදා චතස්සෝ විමොක්ඛා චාපි අට්ඨිමෙ,

ඡලභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.

ඉත්ථං සුදං ආයස්මා පුලින පූජකෝ ථෙරෝ ඉමා ගාථායෝ අභාසිත්ථාති.

තේරුම :-

  1. උත්තම වෘක්‍ෂයක් වන විපස්සී බුදුරජාණන් වහන්සේගේ බෝධිවෘක්‍ෂ මූලයෙහි පරණ වැලි ඉවත් කොට පිරිසිදු වැලි අතුළෙමි.
  2. මෙයින් එක් අනූවන කපෙහි යම් වැලි ඇතිරීමක් කෙළෙම් ද එතැන් පටන් දුර්ගතියකට නොගියෙමි. මේ වැලි දීමේ ඵලය ය.
  3. මෙයින් තිස් වන කපෙහි මහාපුලින යන නමින් ජනයන්ට අධිපති මහ බලැති සක්විති රජෙක් වීමි.
  4. පිළිසිඹියා සතර ද විමෝක්‍ෂ අට ද අභිඥා සය ද ලැබුයෙමි. බුදුන් වහන්සේගේ අනුශාසනය කෙළෙමි.